කඩා වැටුනු යානාවලින් ලැබුණු පිටසක්වල තාක්ෂණය කෝ?

අරුම පුදුම දේවල් බලා ගැනිමට සැරි සරන්න .සයිබර් ලොකයේ

අභ්‍යවකාශයේදී විදුලිය නිපදවා පොලොවට සම්ප්‍රේශණය කිරීමට සැරසේ

අරුම පුදුම දේවල් බලා ගැනිමට සැරි සරන්න .සයිබර් ලොකයේ

Screens දෙකක් සහිත device එකකට Samsung patent අයිතිය ලබා ගනී

අරුම පුදුම දේවල් බලා ගැනිමට සැරි සරන්න .සයිබර් ලොකයේ

පිටසක්වල ජීවීන් හා යානා පිලිබඳ අමෙරිකානු රජයේ මෙහෙයුම්

අරුම පුදුම දේවල් බලා ගැනිමට සැරි සරන්න .සයිබර් ලොකයේ

සදකඩ පහණක කැටයම් ඔපලා

                  සදකඩ පහණක කැටයම් ඔපලා 


සදකඩ පහණ කියන්නේ කලාකරුවෙක් අතින් නිර්මාණය වෙන අපුරු නිර්මාණයක්... මේකේ සදකඩ පහණකට ආරෝපණය කරලා තියෙන්නේ සැමියා නැති, කුඩා දියණියක් සිටින රූමත් කාන්තාවක්...

සදකඩ පහණක කැටයම් ඔපලා පාවෙන දේදුණු ලැගුම් ගනී.....
තනිව සිටින මේ කාන්තාවගේ ඇසුරට මිනිස්සු එනවා. පාවෙන දේදුණු කියලා උපමා කරන්නේ ඒ මිනිස්සුන්ට,

කැලතුන රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියවී...
මේ තහනම් ඇසුරේ කැලතුන රසය ගැන දන්නේ පැමිණෙන මිනිසාත් ගැහැණියත් පමණි.

සදකඩ පහණ කොපමණ අනගි නිර්මාණයක් උනත් ඒක පයට පෑගෙනවා,
ඒ වගේම මේ කාන්තාව කොච්චර ලස්සන උනත් සමාජයේ ගැරහුමට ලක් වෙනවා


යුගයෙන් යුගයට නොමියෙන දහනක දිවියක පදනම මතු වෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙනයනවා සියුමැලි කැකුලක් මැල වෙද්දී....
මේ විදියට දිගින් දිගටම මිනිසුන් ඇසුරුකරන මේ කාන්තාව ගණිකාවක් බවට පත් වෙනවා.. එතකොට ගැහැණියගේ දරුවා නිවසේ තනි වෙනවා. කැකුලකට උපමා කරලා තියෙන්නේ ඒ දියණිය,

දහසක් පෙති මත රහසක් සගවා තුඩින් තුඩට ගෙනයන බින්දු...
ඇයව ඇසුරු කරන මිනිස්සු ඇය ගැන තමන්ගේ යාළුවන්ටත් කියනවා.ඇය ගැන ආරංචිය රහසක් විදියට පැතිරෙනවා,

අහසක් ගුගුරා කළුවක් වපුරා ඒ හා මුසුවුණු වැහි බින්දු...
මේ කාන්තාව මේ කටයුත්ත කරන්නේ කැමැත්තෙන් නෙවේ... තම දරුවාගේ ජීවිතය වෙනුවෙන්,

ඈ ගෙන යද්දී නටබුන් අතරින් තවකෙකු ඈ වෙත හද රැන්දූ...
පැමිණෙන පුද්ගලයා අසුරුකරලා ඉවර උන ගමන් ඈ ඇසුරු කරන්න තව පුද්ගලයෙක් එනවා. මේ විදියට ඈට තම ජීවිතය ගැටගහා ගන්න මිනිස්සු රාශියකගේ ආශාවන් පිරිමහන්න වෙනවා,

හදවිල ඉපදුන කැකුලක් නොකලට නටුවෙන් ගලවා ඉවත යවා....
තමන්ගේ රැකියාවෙන් දියණියට සිදුවන අවමානය නැතිකර ගන්න තමන්ගේ දියණියව ඈතකට යවන්න මේ කාන්තාවට සිදු වෙනවා.දියණියට සිදුවන්නේ අකාලයේ අම්මව අතහැරලා යන්න,

මිහිලිය තෙත්කොට ගිලිහුන කදුලක් සත් සමුදුරකට මුහුව ගියා...
මේ කාන්තාව දියණියව වෙන තැනකට යවන්නේ ගොඩක් දුකෙන්.. ඒත ඇයට ඒක තවත් එක දුකක් පමණි,

ඔබට උරුම වූ රිදුනු තැවුණු හද එක්ටැම් මැදුරක කවුරු අරා
රුවන් විමානෙන් පියබා එනතුරු පොපියන හදවත සිටි බලා....
මේ කාන්තාව තමන්ගේ දියණිය ඉගෙනගෙන ලොකු තැනකට ගිහින් තමන්ගේ අම්මව දුක්බර ජිවිතයෙන් මුදව ගන්න එනකන් ඇගිලි ගනිමින් බලන් ඉන්නවා

අහස සූරන මැඳුරු දෙගුණයකින් උස යයිද?

මේ සෝපානය නිසා අහස සූරන මැඳුරු දෙගුණයකින් උස යයිද?

තාක්ෂණයේ පෙරළිකාර නව සොයා ගැනීමක් නිසා අහස් කුස සිසාරා යන මැඳුරු නුදුරු අනාගතයේ දී දැන් මෙන් දෙගුණයක් උසින් තැනීමට හැකි වෙතැයි විද්‍යාඥයන් කියනවා.
මෙයට හේතු වී ඇත්තේ සුපිරි සවි ඇති කාබන් තන්තුවලින් තැනුනු රැහැනක් අලූතින් නිර්මාණය කිරීමට විද්‍යාඥයන්ට හැකි වීමයි.

දැනට මෙවන් උස ඇති විදුලි සෝපානවලට භාවිත කරනු ලබන්නේ වැඩිම සවිමත් බවත් ඇති වානේ කේබලයි. ඒ කේබලවල ශක්තිය අනුව උපරිම උස දැන් ඉදි කරන ගොඩනැගිලි ලබා තියෙනවා.

දැනට භාවිතයේ පවතින කේබලයට වඩා බොහෝ සේ සවිමත් මේ නව කේබලය නිර්මාණය කිරීමේ ගෞරවය හිමි කර ගෙන ඇත්තේ පින්ලන්ත සෝපාන නිෂ්පාදන ආයතනයක් වූ කෝන් (Kone) සමාගමයි. මේ නව කේබලය නිසා විදුලි සෝපානයක් එකවරම කිලෝමීටරයක් ඉහළට එසවිය හැකියි. එය අද ඇති ලොව උසම ගොඩනැගිල්ල වූ මීටර 828ක් (අඩි 2,716ක්) උස ඩුබායිහී බර්ජ් ඛලීෆාවට වඩා උසයි.

 
කාබන් තන්තු රැහැන් නිපදෙව්වාට පසු සැතැපුමකට වැඩි උසැති ගොඩනැගිලි ඉදි කිරීමේ සිහිනය සැබෑ වනු ඇති. එය දැනට භාවිත කෙරෙන වානේ කේබලවලට වඩා සැහැල්ලූයි. ඒත් සෝපානයක් වැඩි උසකට ඔසවන්න එයට පුළුවන්.

අනාගත ලෝකයේ ජනගහනය වැඩි වී ගෙන යන ආකාරය අනුව බිම් ප‍්‍රමාණය ප‍්‍රමාණවත් නො වන නිසා ජීවත් වීම සඳහා තව තවත් අහස උසට විහිදෙන ගොඩනැගිලි තනනවා හැරෙන්නට වෙනත් විකල්පයක් නැති බව දැන් පැහැදිලියි.

ඇමෙරිකාවේ චිකාගෝ නගරයේ ස්ථාපිත කර ඇති උස් ගොඩනැගිලි හා නාගරික ජනාවාස පරිසරය පිළිබඳ ජගත් සංවිධානයේ (Council for Tall Buildings and Urban Habitat) නිර්මාතෘ හා එහි විධායක අධ්‍යක්ෂ ඇන්තනි වුඞ් පවසන හැටියට මේ නව නිපැයුම ගැන විශේෂ අවධානයක් යොමු කර තියෙනවා. ඔහු කියන්නේ මෙහෙමයි: ‘මේ නව කාබන් තන්තු රැහැන නිසා මෙතෙක් උස් ගොඩනැගිලිවලට පැවති සීමාවන් ඉවත් යන බවයි. තනි සෝපානයක් වැඩිම උසක් ගෙන යාමට අවශ්‍ය වානේ රැහැන්වල බර පිළිබඳ ගැටලූව විසඳෙන බවයි.

‘මේ නව රැහැන්වල ඇති සැහැල්ලූ බව නිසා තව තවත් වැඩි උසක් ඇති ගොඩනැගිලි තනා වැඩි වන නාගරික ජනගහනයේ අවශ්‍යතා සපුරා ලීමට අපට හැකි වේවි. ඒ සියල්ලට ම වඩා මගේ සිත් ගත්තේ මේ අල්ට‍්‍රාරෝප් (UltraRope) නම් රැහැනේ ඇති කාර්යක්ෂමතාවයි’ ඔහු වැඩි දුරටත් කියනවා.

උස් ගොඩනැගිලි තනන වාස්තු විද්‍යාඥයන්ට වදයක් වෙලා තිබුණේ මේ සෝපාන උස් පහත් කිරීමට යොදා ගන්නා වානේ කේබලවල ඇති විශාල බර දැරිය නොහැකි වීමයි. ඒ සඳහා විශාල ශක්තියක් සැපයීමට විදුලි බලය විශාල ප‍්‍රමාණයක් අවශ්‍ය වුණා.

මේ කෝන් ආයතනය විසින් නිපදවා ඇති නව අල්ට‍්‍රාරෝප් නම් කාබන් තන්තු රැහැන වානේ කේබලවලට වඩා ශක්තියෙන් වැඩියි. ඒ වගේ ම විශාල ලෙස බරින් අඩුයි. පැරණි වානේ කේබලයට වඩා මේ නව කාබන් රැහැන සියයට 90ක් බරින් අඩුයි.

කෝන් ආයතනයේ නිෂ්පාදන අධ්‍යක්ෂ ජොහැන්නස් ඞී යොන් මේ නව රැුහැන ගැන කියන්නේ මෙහෙමයි: ‘අප පෙර භාවිත කළ මීටර 400ක වානේ කේබල කට්ටලයක් ටොන් 19ක් විතර බවයි. ඒත් එම ප‍්‍රමාණයටම දිග නව කාබන් රැහැන් කට්ටලයක් බරින් ටොන් 10ක් විතරයි වෙන්නේ.’

එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තුවලට අනුව 2050 වන විට මේ ලෝකයේ වෙසෙන 10 දෙනකුගෙන් 7 දෙනකු ජීවත් වනු ඇත්තේ අහස උසට ඉදිවන ගොඩනැගිලිවල බවයි.

අහස් කුස සිසාරන ගොඩනැගිලිවල ස්වරූපය වෙනස් කරන නව රැහැන හඳුන්වා දීම.

 
මෙය කේබල ලෝකයේ විප්ලවයක්. මේ කේබල මගින් වෙනදා නොතිබූ උසකට සෝපාන එසවීමට ඇති හැකියාව නිසා පමණක් නොව මෙය වැඩි බලයක් හා වැඩි ද්‍රව්‍යමය කාර්යක්ෂමතාවක් ඇති එකක් මෙවැන්නකින් අනාගතයේ ගත හැකි ප‍්‍රයෝජන අනන්තයි.

 
ලොව උසම ගොඩනැගිල්ල ලෙස තවමත් වැජඹෙන ඩුබායිහී බර්ජ් ඛාලිෆා (Burj Khalifa) උසින් අඩි 2,716ක්. 1931 ඉදිකළ දා සිට දසක ගණනාවක් උසම ගොනැගිල්ල ලෙස සලකනු ලැබූ ඇමෙරිකාවේ එම්පයර් ස්ටේට්හී උස අඩි 1,250ක්. මේ නව කාබන් තන්තු රැහැන නිසා මේවා අනාගතයේ ඉදි කෙරෙන ගොඩනැගිලි ඉදිරියේ කුරුමිට්ටන් වනු ඇති.


 
මේ පැරණි ක‍්‍රමයේ සෝපානවල තිබූ වානේ කේබල වෙනුවට අනාගතයේ දී කාබන් තන්තුවලින් තැනුනු රැහැන් යොදනු ඇති. ඒවා වානේ කේබලවලට වඩා බරින් අඩු නිසා සෝපාන වඩාත් ඉහළට එසවිය හැකියි. ඒවා කි‍්‍රයා කරවීමට වැය වන ශක්තිය ද සෑහෙන්නට අඩුයි.

 
අනාගතයේ අහස් රේඛාව මේ නව තාක්ෂණ දියුණුව නිසා උස් ගොඩනැගිලිවලින් පිරී යාවි. අඩි 650කට (මීටර 200කට) වැඩි උසක් ඇති ගොඩනැගිලි 600කට වැඩි ගණනක් නුදුරේ දීම ඉදි වෙන බවයි, දැන් කියවෙන්නෙ.

 
එලීෂා ඕටිස් තමයි 1853 දී ඇමෙරිකාවේ නිව්යෝක් නගරයේ පැවති ලෝක ප‍්‍රදර්ශනයේ දී මුල්වරට මේ ආරක්ෂිත සෝපානය ලොවට හඳුන්වා දුන්නේ. ඉන් වසර හතරකට පසු ඔහුගේ සමාගම ඕටිස් සෝපාන තනන්නට පටන් ගත්තා. එහි මුල් ම මගී සෝපානය සවි කළේ නිව්යෝක් නගරයේ මෑන්හැට්න් වෙළඳ සැලෙහි සවි කරනු ලැබුවා. පඩි නැඟීම ගැන වද නොවී උස් ගොඩනැගිලි තනන්නට මිනිසුන් පෙලඹුණේ එයින් පසුවයි.

හිමාලයේ ‘ඩ්‍රෝපා’ පාෂාණ අබිරහස

හිමාලයේ ‘ඩ්‍රෝපා’ පාෂාණ අබිරහස : නොවිසඳුණු අබිරහස්

1938 වසරේ චීන පුරාවිද්‍යා මහාචාර්ය චී පූ තෙයි සිසුන් පිරිසක් සමඟ විශේෂ ගවේෂණ චාරිකාවක යෙදුණා. මොවුන් ගවේෂණය කළේ හිමාලය කඳුකරයයි. ගවේෂණය ආරම්භ කරද්දී කිසිවෙක් දැන සිටියේ නැහැ ඔවුන්ට අපූරු සොයා ගැනීමක් කරන්න හැකියාව ලැබේවි කියලා. ඒ සොයා ගැනීම දැන් විද්‍යාවට අභියෝගයක් වෙලා. එය පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් ගැන පාදක කරගත් තර්ක විතර්ක අතරේ වඩාත් කතාබහට ලක්වූ මාතෘකාවක් බවට පත් වුණා. එය තවමත් නොවිසඳුණු අබිරහසක්. එය හැඳින්වෙන්නේ ‘අබිරහස් ඩ්‍රෝපා පාෂාණ’ Mysterious Dropa Stones කියලයි.



මහාචාර්යවරයා සිසුන් පිරිසක් කැටුව හිමාල කඳුකරයට ගියේ එහි ඇති සුප‍්‍රකට ලෙන් ගැන අධ්‍යයනය කරන්නයි. එකිනෙකට යා වූ මේ ලෙන් පිහිටා ඇත්තේ ‘බයංකාර උලා’ BayanKara-Ula නම් කඳුවළල්ලෙයි. අද මේ ලෙන් හරිම ප‍්‍රසිද්ධයි. ඒත් එදා මේ ගැන වැඩි දෙනෙකු දැන ගෙන සිටියේ නැහැ. ඒ ගැන උනන්දුවක් දැක්වුවේ පුරාවිද්‍යාඥයන් විතරයි. මේ ගවේෂණ කණ්ඩායම ඒ ලෙන්වලට ඇතුළු වෙද්දී ම, ඔවුන් ඒවායේ සුන්දරත්වයෙන් උද්දාමයට පත් වුණා.

එහි සුන්දරත්වය අත්විඳිමින් ටිකෙන් ටික අඳුරු ගුහා තුළට යද්දී හිටිහැටියේ එක් ගුහාවක තිබී සොහොනක් හමුවුණා. ඔවුන් කිසිවෙක් මෙවැන්නක් අපේක්ෂා කළේ නැහැ. විමසිලිමත් වූ ඔවුන් දුටුවා එහි සොහොන් වළවල් කිහිපයක් ඇති බව. ඒවා නිර්මාණය කළේ කවරකු වුවත් ඒවා ඉතා නිවැරදිව එක පෙළට සිටින සේ තනා තිබීම ගැන ගවේෂණ පිරිස පුදුම වුණා.

ඒ සොහොන් ගැබ් පිරික්සද්දී ඒවායේ මළ සිරුරු තැන්පත් කර ඇති බව ඔවුන් දුටුවා. ඒවායින් ඉතිරිව තිබුණේ අස්ථි විතරයි. බැලූ බැල්මට ඒවා මිනිස් අස්ථි ලෙස පෙනුනත් හොඳින් පිරික්සද්දී ඔවුනට තේරුණා ඒවා සාමාන්‍ය මිනිස් අස්ථි නො වන බව. ඒ අස්ථිවල ලක්ෂණ සාමාන්‍ය මිනිසුන්ගේ අස්ථිවලට වඩා වෙනස් වුණා. හැම හිස්කබලක්ම ප‍්‍රමාණයෙන් සාමාන්‍ය මනුෂ්‍ය හිස්කබලකට වඩා විශාල වූ අතර සිරුරු ප‍්‍රමාණයෙන් කුඩා ඒවා වුණා. පාදවල සහ අත්වල අස්ථි ඉතා සිහින්. ගවේෂණ කණ්ඩායම එම අවස්ථාවේදී සිතුවේ මේ අස්ථි හිමාල අඩවියේ ජීවත් වූ වෙනස් විධියේ මනුෂ්‍ය විශේෂයකට අයත් වෙන්න ඇතැයි කියලයි.


අස්ථි දිගින් දිගට ම පිරික්සද්දී ඒ අයට හමුවුණා, තවත් අමුතු දෙයක්, ඒ ලෙන ඇතුළෙන්. එක් සිසුවෙක් දුටුවා සාමාන්‍ය ප‍්‍රමාණයට වඩා විශාල රවුම් පාෂාණයක්. අනෙක් සිසුන්ටත් එවැනිම තවත් රවුම් පාෂාණ හමුවුණා. ගවේෂණ කණ්ඩායමට හමුවුණු පළමු පාෂාණ තැටියේ විෂ්කම්භය අඟල් නවයක්. ඝනකම අඟලක්. පාෂාණ තැටියේ මැද ඉතා නිවැරදි සමානුපාතික විදියට සිදුරක් කපා තිබුණා. එම සිදුරේ විෂ්කම්භය අඟලක්. මේ පාෂාණ තැටිවල සර්පිලාකාර රූ රටා කොටා තිබුණා. ඒවා රූපාක්ෂර විශේෂයක්. ඒ කියන්නේ සන්නිවේදනයට යොදා ගත් පැරණි සංකේත.

එදා ගවේෂණ කණ්ඩායම විතරක් නොවේ, පසුව විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්, විද්වතුන් යනාදී කවුරු කවුරුත් උත්සාහ ගත්තා ඩ්‍රෝපා තැටිවල ලියා ඇති කියවන්න. ඒත් හරිගියේ නැහැ. ඩ්‍රෝපා රූපාක්ෂරවලට යම්තාක් දුරට ආලෝකයක් වැටුණේ ඊට දසක දෙකකට පමණ පසුවයි. 1962 වසරේදි මේ රූපාක්ෂරවලින් කියැවෙන දේ අපට තේරෙන බසකට පරිවර්තනය කරන්න චීන විද්‍යාඥයකු සමත් වුණා. ඔහු ආචාර්ය සුම් උම් නුයි. පාෂාණ තැටිවල ඉතිහාසය ඔහු තේරුම් ගත්තා. ඔහු ඒ ගැන පුදුමයෙන් පුදුමයට පත්වුණා. ඔහු හුඟක් උනන්දු වුණා රූපාක්ෂරවලින් කියන්නේ කුමක්දැයි වටහා ගන්න. ඒත් ඒක ලොකු අභියෝගයක් වුණා. ඊට හේතුව එම රූපාක්ෂර කිසිම විධියකින් අපේ පොත්පත්වල හෝ අප දන්නා වෙනත් භාෂාවක හෝ නොතිබීමයි. ඒ විතරක් නොවේ, එම අක්ෂර ඉතා කුඩායි. ඒවා කියවන්න අණ්වීක්ෂයක් අවශ්‍ය වුණා. ඒවා තැටියේ කොටා තිබුණේ සර්පිලාකාරව කිසියම් රටාවකට අනුවයි.

ආචාර්ය සුම් නුම් නුයි, ඩ්‍රෝපා තැටි පරීක්ෂාවට ලක් කළා. ඔහු ඒවායේ කොටා ඇති රූපාක්ෂරවලින් කියැවෙන දේ එසේත් නැතිනම් ඒවායේ සටහන් වී තිබුණු පණිවුඩ පරිවර්තනය කළා. මේ පාෂාණ අවුරුදු 12,000 ක් පැරණි බව ඒ වන විට තහවුරු වී තිබුණා. ඔහු පරිවර්තනය කළ පණිවුඩය එතරම් පැරණි යුගයකට ගැළපෙන්නේ කොහොමදැයි ඔහු පුදුම වුණා. රූපාක්ෂරවලින් කියැවුණේ අපූරු පිටසක්වළ කතාවක්. විශ්වයේ වෙනත් ලොවකින් ආ ගවේෂණ යානයක් අනතුරට පත් වෙලා හිමාල කඳුකරයේ ‘බයංකාර උලා’ ප‍්‍රදේශයට කඩා වැටුණා. තැටිවල සඳහන් වන විධියට යානයේ සිටි ජීවීන් සාමකාමීයි. ඒත් ඒ කාලයේ එම පළාතේ ජීවත් වූ ‘හන්’ නමැති ගෝති‍්‍රකයන්ට ඔවුන්ව වටහා ගැනීමට නොහැකි වුණා. හන් ගෝති‍්‍රකයන් මුලින් සිතුවේ පිටසක්වළයන් ඔවුන්ගේ සතුරන් කියලයි. ඒ නිසා පිටසක්වළින් පැමිණි ඒ අමුත්තන් කීප දෙනෙකු ම ඔවුන් විසින් මරා දමනු ලැබුවා.

ඩ්‍රෝපා ජීවීන් කෙසේ හෝ හස්ත සංඥා මගින් ‘හන්’ ගෝති‍්‍රකයන්ට කියා දුන්නා ඔවුන් සතුරන් නොවන බව. කල් ගතවෙද්දී හන් ගෝති‍්‍රකයන් විශ්වාස කළා, ඩ්‍රෝපාවරුන් සතුරන් නොවන බව. ඔවුන්ගෙන් නපුරක් සිදු නොවන බව. කඩා වැටුණු යානය හදා ගෙන ආපහු ඔවුන් ආ ලෝකයට යාමට නොහැකි වීම ඩ්‍රෝපාවරුන්ට ගැටලූවක් වුණා. මේ ඩ්‍රෝපාවරුන් කුරුමිට්ටන් පිරිසක්. ඔවුන් ‘හන්’ ගෝති‍්‍රකයන් සමඟ සාමයෙන් ජීවත් වුණා. ඔවුන් හා විවාහ වුණා. මේ ගෝත‍්‍ර දෙකෙන් පැවැත එන්නන් යැයි සැලකෙන ගෝති‍්‍රක පිරිසක් හිමාල කඳුකරයේ ජීවත් වෙතැයි විශ්වාස කරන අය අදත් ඉන්නවා. මේ ගෝති‍්‍රකයන් ප‍්‍රමාණයෙන් අඩි 4 1/2 ක් පමණ වෙනවා. වැඩුණු අයකුගේ බර රාත්තල් 60 ක්. මොවුන්ගේ මුතුන් මිත්තන් ඩ්‍රෝපාවරුන්ද? ඒක දැනගන්න අපට කවදාවත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසයි ‘ඩ්‍රෝපා’ පාෂාණ ලෝකයේ ඇති නොවිසඳුණු අබිරහස් ඉහළින් තියෙන්නේ.


හිමාලයේ දී හමු වූ මේ පාෂාණ ‘ඩ්‍රෝපා’ කියා හැඳින්වුණේ අතීතයේ ඩ්‍රෝපා නම් කුඩා ගෝති‍්‍රක පිරිසක් එම ප‍්‍රදේශයේ ජීවත් වූ නිසයි. ඇත්තටම ඩ්‍රෝපා කියන්නේ කවුරුන්ද? ඩ්‍රෝපා Dropa ගෝති‍්‍රකයන්, ‘ඩ්‍රොක් පා’, ‘ඞ්සෝපා’ Dropas, Drok-pa or Dzopa කියා ද හැඳින්වෙනවා. ඔවුන් ගැන විවිධ මත පළ වී තිබෙනවා. සමහරුන් කියන විධියට ඩ්‍රෝපා යනු පිටසක්වළින් ආ කුරුමිටි ජීවීන් විශේෂයක්. ඔවුන් වසර 12,000 කට කලින් චීන-ටිබෙට් දේශසීමාවට ගොඩ බැස තිබෙනවා. ඒත් මේ බව සියයට සියයක්ම ඔප්පු කරන්න සාක්ෂි තවමත් නැහැ. ඇති එකම සාක්ෂිය තමා අසාමාන්‍ය මළ සිරුරු සහ ‘ඩ්‍රෝපා පාෂාණ තැටි’. මෙය විසඳීමේ අභියෝගය විද්‍යාඥයන් ඉදිරියේ තියෙනවා. ඒත් ඇතැම් විද්‍යාඥයන් නම් කියන්නේ මේ සියල්ල ලොකුම ලොකු බොරුවක් විය හැකි බවයි.