අහසෙන් පොළවට වැටෙන උල්කාපාත
අහසෙන් පොළවට වැටෙන උල්කාපාත
පීතන්' යනු අභ්‍යවකාශ යානයක් මගින් සොයා ගන්නා ලද පළමු ග‍්‍රාහකයයි. 1983 වර්ෂයේ දී සොයා ගන්නා ලද මෙම ග‍්‍රාහකයා 3200 ලෙසින් අංකනය කර තිබුණි. මෙය ද ප‍්‍රමාණයෙන් තරමක් විශාල වූ ග‍්‍රාහකයකි. අභ්‍යවකාශයෙ හි අයාලයේ සැරිසරමින් පවතින මෙම ග‍්‍රාහක සමහර අවස්ථාවල පෘථිවියට ඉතා ආසන්නව ගමන් කරයි. එසේ පාථිවියට ආසන්නව ගමන් කළ ග‍්‍රාහක විශාල ප‍්‍රමාණයක් සොයා ගැනීමට තාරකා විද්‍යාඥයෝ සමත් වී ඇත. එහි ප‍්‍රමාණය 433 ක් පමණ බවයි පැවසෙන්නේ.පෘථිවියට ආසන්න ව ගමන් කරන ග‍්‍රාහක අනාගතයේ දී පෘථිවි වැසියාට විශාල අභියෝගයක් වනු ඇත. ඉහළ අහසේ අයාලයේ සැරිසරමින් පවතින මේවා යම් හෙයකින් පෘථිවි ගුරුත්වාකර්ශණයට හසු වුවහොත් මේ මුළු පෘථිවිතලය ම විනාශ වී යනු නොඅනුමාන. එවැනි ව්‍යසනයක් 2029 වර්ෂයේ දී සිදු වීමට ඉඩ ඇති බවට තාරකා විද්‍යාඥයින් විසින් අනතුරු අඟවා ඇත. තත්ත්වය එසේ වුවහොත් ඈත අතීතයේ සිට පැවත ආ මිනිස් ශිෂ්ටාචාරය එතැනින් ම විනාශ වී යාම පුදුමයක් නොවේ. මෙසේ පෘථිවිය මතට කඩා වැටීමට නියමිතව ඇත්තේ මිටර් තුන්සිය විස්සක නිරක්ෂිය විශ්කම්භයකින් යුතු 2004 ථ. ද. 4 නැමැති කුඩා ග‍්‍රාහකයයි. මෙය පෘථිවිය වෙත පැමිණීමේ දී පෘථිවි වායුගෝලය මගින් එහි විශාල කොටසක් පුළුස්සා දැමුව ද අඩකටත් වඩා වැඩි කොටසක් පෘථිවිය මතට ඇද හැලෙන බව තාරකා විද්‍යාඥයින් ගේ මතයයි.2029 වර්ෂයේ අපේර්ල් මස 13 වැනි දින මෙම පෘථිවි හා ග‍්‍රාහක ගැටුම් ඇති විය හැකි යැයි අමෙරිකානු නාසා ආයතනය පවසයි. මීට අවුරුදු දහස් ගණනකට පෙර ඈත අතීතයේ දී අප පෘථිවියේ ජීවත් වූ විශාල උරග විශේෂයක් වූ ඩයනෝසර් නැමැති විශාල සත්වයා වඳවී යාමට ද බලපා ඇත්තේ ඈත අභ්‍යවකාශයේ සිට පැමිණි මෙවැනි ග‍්‍රාහකයන් ය. ඈත අතීතයේ දී පෘථිවි වායු ගෝලයට ඇතුළු වූ සුවිශාල වූ ග‍්‍රාහකයක් පෘථිවි වායු ගෝලය තුළ දී විනාශයට පත් නොවී පෘථිවි පෘෂ්ඨයට ඇද වැටුණි. එමගින් විසිරුනු දූවිලි අංශු මගින් පෘථිවි පෘෂ්ඨයට සූර්යාලෝකය වැටීම අවහිර වීම නිසා ඇති වූ පාරිසරික විපර්යාස නිසා ඒ යෝධ දැවැන්ත සත්වයන් වඳ වීගිය බවට විශ්වාසයක් පවතී.2029 වර්ෂයේ දී පෘථිවිය මතට කඩා වැටේ යැයි මතයක් පවතින 2004 ර්. ව්. 4 නමැති ග‍්‍රාහකය පෘථිවියේ කුමන ස්ථානයකට ඇද හැලේදැයි තවමත් නිශ්චිත නිගමනයකට පැමිණීමට නොහැකි වී ඇත. මෙය බොහෝ විට සාගරය මතට වැටීමට ඉඩ ඇති බවට විශ්වාසයක් පවතී. එසේ වුවහොත් විශාල සුනාමි තත්ත්වයකට මුහුණ දීමට මිනිසාට සිදු වනු ඇත. 2029 වර්ෂයේ දී ඇති වේ යැයි විශ්වාස කරනු ලබන මෙම සුනාමි තත්ත්වය ලෝකයේ ඇති වනු ලබන විශාලතම සුනාමි තත්ත්වය වීමට ඉඩ ඇති බව පැවසෙයි. එසේ වුවහොත් පෘථිවි මිනිසුන් විශාල ප‍්‍රමාණයක් රුදුරු ජලකඳ මගින් මරුවා හමුවට ගෙන යනු ඇත. කෙසේ වුවත් 2004 M. N. 4 ග‍්‍රාහකය පෘථිවියේ කුමන ස්ථානයකට ඇද හැලේදැයි නිශ්චිතවම නිගමනය කර නොමැත.පරක් තෙරක් නෙැමැති මහා විශ්වයෙහි විවිධ ප‍්‍රමාණයේ ග‍්‍රහකයා ප‍්‍රකෝටි ගණනින් පිහිටා ඇත. එයින් සමහරක් ඉතා කුඩා ඒවා වෙයි. අභ්‍යවකාශය තුළ රවුම් ගසමින් පවතින මෙම කුඩා ග‍්‍රාහක කැබලි වරෙක පෘථිවියට ආසන්නව ගමන් කරනු ලබයි. මේවා පෘථිවියට ආසන්නව ගමන් කරන අවස්ථාවේ දී පෘථිවි ගුරුත්වාකර්ශණයට හසු වී පෘථිවි වායුගෝලය හා ගැටීම නිසා පිලිස්සී විනාශ වී යයි. එවිට ඒවායේ උෂ්ණත්වය විශාල වශයෙන් ඉහළ යන අතර පෘථිවියේ සිටින අයට අධික දීප්තියකින් යුතුව දිස් වේ. වළාකුළු නැති පැහැදිලි අහසක් දෙස සුපරීක්ෂාකාරීව බලා සිටින විට තරු කඩා වැටෙන ලෙස දිස්වන්නේ මෙවැනි කුඩා ග‍්‍රාහක කැබලි පෘථිවි වායුගෝලයට ඇතුළු වූ විට ය.
මෙසේ පෘථිවි වායුගෝලය හා ගැටෙන කුඩා ග‍්‍රාහක කැබලි විශේෂිතනාමයකින් හඳුන්වනු ලබයි. "උල්කාපාත" යනුවෙන් හදුන්වනු ලබන්නේ මේවා ය. රාතී‍්‍ර අහස දෙස ටික වේලාවක් බලා සිටිය හොත් මෙවැනි උල්කාපාත දැක ගැනීමට ඔබටත් හැකි වනු ඇත. මුළු රැයක් පුරාවට අහස දෙස බලා සිටියහොත් එක් උල්කාපාතයක් නොව උල්කාපාත රාශියක් දැක ගත හැකි ය. මෙහි ප‍්‍රමාණය පැයකට 5-10 අතර ප‍්‍රමාණයක් ගනී. එනමුත් මේවා අහසේ කුමන දෙසින් කුමන වේලාවක දර්ශනය වේදැයි කීම අපහසු ය. මෙවැනි උල්කාපාත අහඹු උල්කාපාත යනුවෙන් හඳුන්වනු ලබයි. මේවාට නිශ්චිත කාලසටහනක් හෝ ගමන් මාර්ගයක් නොමැත. මේවායේ විශේෂිත ලක්ෂණයක් වන්නේ රාතී‍්‍ර අහසේ ඕනෑම ස්ථානයකින් ඕනෑ ම අවස්ථාවක නිරීක්‍ෂණය කළ හැකි වීමයි. මෙම අහඹු උල්කාපාතවලට නිශ්චිත කාල සීමාවක්් නොමැති වුණත් එකවර ඇද හැලෙන උල්කාපාත විශාල සංඛ්‍යාවක් රැගත් උල්කාපාත වර්ෂා සඳහා නිශ්චිත කාල සීමාවක් ඇත. වසරේ සමහර කාලවලදී උල්කාපාත විශාල සංඛ්‍යාවක් එකවර පෘථිවි වායුගෝලයට ඇතුළු වේ. උල්කාපාත වර්ෂාවක් යනුවෙන් හඳුන්වනු ලබන්නේ මෙයයි. සූර්යයා වටා ගමන් කරමින් පවතින ධූමකේතුවකින් ඉවත්ව ගිය පාෂාණ හා දුවිලි කැටියක් හරහා පෘථිවිය ගමන් කිරීමේ දී එම පාෂාණ කැබලි පෘථිවි ගුරුත්වාකර්ශනයට හසු වීම තුළින් උල්කාපාත වර්ෂාවක් නිර්මාණය වේ. "ලියෝනිඩ්ස්" මෙවැනි උල්කාපාත වර්ෂාවකි.වායුගෝලයක් නොමැති චන්ද්‍රයා ගේ පස් පිටි වගෙයි" යන කියමනට මූූලික වී ඇත්තේ අභ්‍යවකාශයේ සිට පැමිණෙන මේ ආගන්තුක වස්තුන් ය. එනම් උල්කාපාතයන්ය. සඳෙ හි වායුගෝලයක් නොමැත. සඳ වෙත ළං වන්නා වූ උල්කාපාත ඒ වෙත ඇදී ඒමේ දී ඒවා දවාලීමට තරම් ප‍්‍රමාණවත් වායු ගෝලයක් නොමැති නිසා ඒවා කෙලින්ම සඳ පෘෂ්ඨය හා ගැටේ. මෙලෙස සඳ වෙත පැමිණෙන සෑම උල්කාපාතයක් ම එහි පෘෂ්ඨය හා ගැටීම නිසා සඳේ පස් නිරන්තරයෙන් ම කෙටීමකට ලක් වේ. ඒ හේතුව නිසා සඳේ පස් ඉතා සිහින්ව පිටි ආකාරයෙන් පවතී. වායුගෝලයකට හිමිකම් නොකියන වෙනත් ග‍්‍රහලෝකවලට ද උල්කාපතවල බලපෑම මේ ආකාරයෙන් ම පවතී.
0 ඔබගේ අදහස් දක්වන්න:
Post a Comment