කඩා වැටුනු යානාවලින් ලැබුණු පිටසක්වල තාක්ෂණය කෝ?

අරුම පුදුම දේවල් බලා ගැනිමට සැරි සරන්න .සයිබර් ලොකයේ

අභ්‍යවකාශයේදී විදුලිය නිපදවා පොලොවට සම්ප්‍රේශණය කිරීමට සැරසේ

අරුම පුදුම දේවල් බලා ගැනිමට සැරි සරන්න .සයිබර් ලොකයේ

Screens දෙකක් සහිත device එකකට Samsung patent අයිතිය ලබා ගනී

අරුම පුදුම දේවල් බලා ගැනිමට සැරි සරන්න .සයිබර් ලොකයේ

පිටසක්වල ජීවීන් හා යානා පිලිබඳ අමෙරිකානු රජයේ මෙහෙයුම්

අරුම පුදුම දේවල් බලා ගැනිමට සැරි සරන්න .සයිබර් ලොකයේ

ලංකාව ලෝකයේ බලවත්ම ස්ථානය බවට NASA ආයතනය පිළිගනී

ලංකාව ලෝකයේ බලවත්ම ස්ථානය බවට NASA ආයතනය පිළිගනී -------------------------------------------------------------------
ඇමෙරිකාවේ NASA ආයතනය හා ජර්මානු අභ්‍යවකාශ මධ්‍යස්ථානය එක්ව වසර 2002 මාර්තු මස යුගල චන්ද්‍රිකාවක් නිපදවා කක්ෂගත කෙරුණි එහි අරමුණ වුයේ පොලව මතුපිට තිබෙන ගුර්ත්වාකර්ශනයබලය වඩාත් නිවැරදි ලෙස මැන බලමින් කාලගුණය හා පොළවේ අභ්‍යන්තරව සිදුවෙන වෙනස්කම් අද්‍යනය කිරීමය. මෙම මෙහෙයුම GRACE (Gravity Recovery And Climate Experiment ) ලෙස හැදින්වූ අතර මේ වනතුරු සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.GRACEපොලවට කිලෝමීටර500 ක් ඉහලින් ගමන්කරන මේ චන්ද්‍රිකා යුගල එකම පථයක සමාන්තරව ගමන්කරයි. චන්ද්‍රිකා යුගල අතර දුර කිලෝමීටර 200 ක් වන අතර එහි ඇති සුක්ෂම විද්‍යුත් උපකරණවලින් චන්ද්‍රිකා අතර දුර කෙස් ගසක පමණ (10 microns) වෙනසක් වුවද මැනීමට සමත්ය. එලෙසම එම තොරතුරු පොළවට වාර්තා කිරීමට තාක්ෂණික පහසුකම් වලින් ද සමන්විතය. පොලව මතුපිට ස්ථරය හා අභ්‍යන්තරය ඒකාකාරී නොවේ. විද්ධ මූලද්‍රව්‍ය විවිධ ඝනත්වයන් ගෙන් යුතුව විවිද අනුපාතයන් වලින් පවතී . එලෙසම පොලවේ මතුපිට හා අභ්‍යන්තර ජාල හා ද්‍රව පැතිරීමට එකාකාරි නොවේ. එබැවින් පොලවේ ගුරුත්වාකර්ෂණ බලය සුළු වශයෙන් අඩු හා වැඩි වශයෙන් වෙනස් වේ. මෙය සාමාන්‍ය මිනිසාට බලපාන මුත් එය අපට දැකගැනීමට හෝ මැන ගැනීමට නොහැක . කිලෝමීටර 500 ක් පොළවෙන් ඈත අභ්‍යවකාශයේ ඇති මෙම චන්ද්‍රිකා යුගල ටද මෙය බලපායි . එබැවින් පහල ගුරුත්වය අනුව චද්රිකාවේ වේගය අඩුවැඩි වේ. ඒ අනුව චන්ද්‍රිකා යුගල අතර දුර සියුම් ලෙස වෙනස් වේ. එම වෙනස්කම් ගුරුත්වයට අනුලෝමව සමානුපාතික වන අතර සංකීර්ණ ගනයක කිරීම් තුලින් පොලවේ “ගුරුත්ව” සිතියමක් ලබා ගැනීමට හැකිවී තිබේ.gravityමෙය අප දන්නා සමෝච්ච රේඛා සිතියමට සමානය. මෙහි සම ගුරුත්ව ඇති ස්ථාන සම පාටින් දක්වන අතර අඩුම ගුරුත්වය නිල් පැහැයේ සිට වැඩිම ගුරුත්වය රතු පැහැය ලෙස ගෙන වර්ණ ගන්වා ඇත. මෙම සිතියමේ අඩුම ගුරුත්වය ඇති ස්ථානය තුල ලංකාව පිහිටීම අරුමයක් නොවේද? මෙහි පරාසය දක්වා ඇත්තේ මීටර වලිනි. අඩුම හා වැඩිම තැන අතර දුර මීටර 200ක් පමණ වෙනු ඇත. මෙය මීටර වලින් දැක්වීම ඔබට ගැටළුවක් වෙනු ඇත. අඩු ගුරුත්වය ඇති ලංකාවේ සිට වැඩි ගුරුත්වය ඇති මැලේසියාව ආශ්‍රිත පෙදෙසට නැවක් ගමන් ගනී නම් . එයට මීටර 200 පමණ ඉහලට යාමක් සිදුවේ. සරලව දක්වතොත් අද ලංකාව තිබුනේ තද රතුපාටින් නම්, ඊට අදාල මුහුදු මට්ටම අද තිබෙන ප්‍රමාණයට මීටර 200 ක් පමණ උසකින් වැඩි විය යුතුය. එනම් පහත රට යටවී උඩරට පමණක් ඉතිරි වෙනු ඇත. මෙම ගුරුත්ව වෙනසට අනුව ලෝකයේ උපරිම හා අවම අගයන් ගතහොත් යම් වස්තුවක බර 0.6% කින් පමණ වෙනස්වීමට ඉඩ තිබේ . ලංකාවේ මෙම විශේෂ පිහිටුම මීට වසර තිහ හතළිහකට කලින් ම සිට හදුනාගෙන තිබුණි. ලාංකියන් මේ ගැන වැඩිවශයෙන් දැනුවත් නොසිටි මුත්, අද වනවිට අපට වඩා තාක්ෂණයෙන් දියුණු රටවල් මේ පිලිබදව වැඩි උනන්දුවක් දක්වා ඇත. වසර 1956 දී Arthur C. Clarke මහතා ලංකාවට පැමිණ පදිංචිවීම ඉන් එක කරුණක් ය . පෘතුවි පෘෂ්ට්යේ සිට ඇතුලට යනවිට ගුරුත්වය අඩුවේ , එනම් පෘතුවි කේන්ද්‍රයේ ගුරුත්වාකර්ෂණය ශුන්‍යය. නමුත් පීඩන අධිකය. පෘතුවි තලය මත ගුරුත්වය අඩුම තැන ලංකාව වන බැවින් ලෝක තලයේ කේන්ද්‍රය නොහොත් ලෝකයේ හරිමැද ලංකාව පිහිට්යේ යි කීම නිවැරදිය. මෙම කරුණ අද පමණක් නොව වසර දහස් ගණනක සිට අපේ මුතුන් මිත්තන් දැනසිටි බවට ශාක්ෂි හමුවේ. ත්‍රිපිටකයේ මෙන්ම පුජාවලිය, රාජාවලිය, දඹදෙණි අසන, වන්නි රාජාවලිය හා දොරකොඩ අස්න යන ලේඛණ වල පෘතුවි තලය මත ශ්‍රෙෂ්ඨ හා බලවත් මිනිසුන් බිහිවෙන භූමියක් ඇති බවත් එය මධ්‍ය මණ්ඩලය ලෙසත් දක්වා ඇත . එහි බිහිවන ශ්‍රෙෂ්ඨ හා බලවත් මිනිසුන් ලෙස “සියලු බුදුවරුන්” හා සියලු “සක්විති රජවරුන්” දක්වා ඇත. මෙම මධ්ය මණ්ඩලයෙන් භාහිර රටවල් “පරසම්ය දේශ” වශයෙන් නම් කර විශාල රටවල් ප්‍රමාණක් දක්වා ඇත. ඒවා අතර නේපාලය, බංගලිදේශය, කාශ්මීරය, ලාට රට, සින්ධුර දේශය, කර්ණාටක, ගුජරාට, කාම්බෝජය, යෝනක දේශය, සොලිරට, රෝමය හා ස්පාඤඤය වැනි රටවල් ඇත, ලෝකයේ රටවල පිහිටීමට අනුව විද්‍යාත්මකව අසාමාන්‍ය පිහිටුමක් ඇති එකම රට ලංකාවය.අපට ආසන්නයේ ඇති විශාලම වස්තුව සද ය. එහිගුරුත්වය පොලවේ ගුරුත්වය වඩා අඩුය. දල වශයෙන් 0.16 ක් වේ. පොලවෙ සිට 384,400 km දුරකින්, අඩු ගුරුත්වයක් ඇති සද , වඩදිය හා බාදිය ඇති කරමින් පොලවට බලපෑම් කරනු ලැබේ. සමහර ස්ථානවල, වඩ හා බා දිය අතර වෙනස අඩි 50 ක් පමණ වෙන බවට සොයාගෙන ඇත. ඒ හා සමාන බලපෑමක් සුර්යයා ගෙන් ද ඇති වේ. සුර්යයාගේ ගුරුත්වය පොලව මෙන් 28 ගුණයකි එනමුත් 149,600,000 km දුරින් ඇති නිසා එයින් ඇතිවන්නේ සදේ බලපෑම මෙන් අඩකි .සද පොලව වටා යාමට ගතවන කාලය දවස් විසි අටකි එය චන්ද්‍ර මාසය නම් වේ. මුහුදු ජලය මත පමණක් නොව මිනිස් සිරුර තුල ඇති තරල මෙන් ම හෝමෝන සහ මිනිස් මොලයේ කිරියාකරිත්වයට ද සද බලපායි . දින විසි අටකට වරක් සිදුවන කාන්තාවන්ගේ ආර්තවහරණය මෙයට හොදම නිදසුනයි . පොහොය දවසට මනසේ ක්‍රියාකාරිත්වය වැඩිවන බවට පිළිගැනීමක් ඇත. එලෙසම රුධිර ගමනාගමනය වැඩි වී ලේ කැටි ගැසීම අඩු වේයි විශ්වාසයක් පවතින බැවින් සමහර වෙදදුරන් පොහෝ දින ශල්‍යකරම නොකරති . මෙය බුදු දහමින් තවත් පිලිබිබු වේ. පොහොය දින පින්දහම් කිරීමට යොදාගන්නේ එම නිසාය. එලෙසම මෙලොව පහලවූ උසස්ම මිනිසාගේ තෙමගුල මෙන්ම විශේෂ අවස්තාවන්, පොහොය දින සිදුවීම බොද්ධ සාහිත්‍යයේ ඇතුලත්ය . විදේශීය ජනප්‍රවාද සහ ජනකතාවල පොහොදින විශේෂ බව සදහන් කරයි . සුර්යක් ග්‍රහණය යනු මෙහි උපරිම අවස්ථාවයි . එවිට සූර්යය හා චන්ද්‍රයා එකම රෙඛාවක පිහිටන අතර පොලවේ ගුරුත්වාකර්ශනයට ප්‍රතිවිරුද්ධව ක්‍රියාකරමින්. පොලවේ බලය අඩු කරයි. බයිබලය යක්ෂයා ලෙසද, බුදු දහම මාරයා ලෙසද පොලවේ බලය හදුන්වයි. මරණය යනු මාරයාගෙන් ලබාගත් ණය ය. අප කවදාහෝ මරණය ගෙවා, නැවතත් ණය ලබාගනිමින් ඉපදේ. මනුෂ්‍යයා මනසින් මෙන්ම ශරීරයෙන් ද පොලවට බැදී සිටි. මාරයාගේ බලය දස ආකාරයකින් ක්‍රියාත්මකය. ඒවා පොලවට නොහොත් “බ්මට” බරය, දස බිම්බර මාර සෙනග නමින් හදුන්වන්නේ එයය. දැන් මා ඔබෙන් පැනයක් අසමි. පොහොය දිනක දසබිම්බර මාරසෙනග “පසුවෙන්ම” පැරදිය හැකි වන්නේ ලෝකයේ කුමන ස්ථානයක සිටද ? නැතහොත් කුමන රටේ වැසියෙකුටද ? බුද්ධත්වය නම් වූ එම ශ්‍රෙෂ්ඨ මානසික තත්වයට පහසුවෙන් ම පත් විය හැක්කේ කුමන රටේ වැසියෙකුටද? බොහෝ විද්වතුන් මෙන්ම බුද්ධ දේශනාව අනුව ද , මිනිසා ලොව ඇතිවන්නේ. ඕපපාතිකව නොව පිටසක්වල ආගමනයක් නිසාවෙනි. බුදු වදනේ මෙය ආබස්සර බඹ ලොව ලෙස හදුන්වති. දැන් මම ඔබෙන් තවත් ප්‍රශ්නයක් අසමි. පිටසක්වල ජීවියෙකු හට පෘතුවියට පහසුවෙන් පැමිණිය හැක්කේ හා පිටවිය හැක්කේ ලෝක ගෝලයේ කුමන ස්ථානයෙන් ද ? නොඑසේ නම් කුමන රටින් ද ? ලෝකයේ පලමු ජීවය ඇතිවන්නට පහසු මොන රටේ ද? ලංකාව තුල බාහිර ලෝක හා සම්බධ විය හැකි සක්විති රජවරු මෙන්ම තාක්ෂණයද තිබු බව අපගේ ඉතිහාසය හා පුරා විද්‍යාව කියාපායි . එහි හොදම උදාහරණය වන්නේ අනුරාධපුර රන්මසු උයනේ ඇති තාරකා දොරටු ලාංචනයි. මේ හා සමාන ලාංචන ලොව ඇත්තේ, එකක් ඊජිප්තුවේ හා මැක්සිකෝවේ පමණි. රාවන යනු එවන් සක්විති රජ පරපුරක අවසාන පුරුකය. ලංකාව යනු ඉදිරි අනාගත්දී අඩු ඉන්දන ශක්ති ප්‍රභවයකින් අභ්‍යවකාශයට යා හැකි හොදම ස්ථානය බව දැන් ලෝකයේ සම්මත වී කතාබහ වෙමින් පවතී. අනාගතයේ පමණක් නොව අතීතයෙහි පවා එසේ වන්නට ඇත . උස්සන්ගොඩ යනු එවන් ස්ථානයක් බවට ජනමතයක් පවතී . මෙම තත්වය අයහපත් ආකාරයටද බලපායි. මනසේ ක්‍රියාකාරිත්වය නිසා ගැටුම් වැඩිවීමටද ඉඩ තිබේ. ලෝකයේ වැඩිම මානසික ක්‍රියාකාරී පිරිසක් ඇති ලංකාව, දිවිනසා ගැනීම් වලින් පළමු තැනට පත්වන්නේ එම නිසාය. බුදුන් කොහේ සිටියත් එම ස්ථානයේ දෙවදත්තද සිටියේය. එලෙසම ලාංකිකයන් පාලනය කිරීම අපහසුය. දේශපාලනයේ නිතර ගැටුම් ඇතිවේ, යුධ ඇතිවේ. සුර අසුර, රාම රාවන, ශාක්‍ය කෝලිය, එළාර දුටුගැමුණු ආදී කාලයේ සිට අද දක්වා එය පැවතෙන බව ඕනෑම කෙනෙකුට පෙනී යනු ඇත. ලාංකිකයන් ඇත්තටම දක්ෂ වන්නේ මේ ගුරුත්ව පිහිටුම නිසාය. ලෝකයේ ජනගහන අනුපාතය ගත්කල ලංන්කිකයන් ලොවපුරා ඉහල තනතුරුවල සිටින්නේ එම නිසාය. ලංකාවේ මේ විශේෂ පිහිටුම ගැන, විදේශ වෙබ් අඩවි කිහිපයකම කතාකරනු දක්නට ලැබේ. මනා කලමනාකරණයක් හරහා ලොව දිවුනුම රට බවට මේ රට පත්කිරීමට මෙන්ම, මෙම පිහිටුම නිසා සංචාරකයන් වැඩි කරගැනීමටත් හැකිවෙනු ඇත. කෙසේ වෙතත් ලංකා සංචාරක මණ්ඩලය මේය දන්නා බවක් දක්නට නොලැබුණි. ඔවුන් උනන්දු වන්නේ හනුමන් හා සීතා කෝවිල් ඉදිකර ඉන්දියානු සංචාරකයන් ගෙන්වීම වැනි පසුකාලීනව ප්‍රශ්න ඇතිවන වියාපාරන් කෙරෙහි බව අසන්නට ලැබුණි. අවසාන වශයෙන් තවත් වැදගත් දෙයක් පෙන්වාදෙනු කැමැත්තෙමි. අද ලෝකයේ බෞද්ධ , මුස්ලිම්, හා කතෝලික වශයෙන් ප්‍රධාන ආගම් තුනක් ඇත. මෙම ආගම තුනෙහිම බැතිමතුන් එකට වන්දනා කරන ලොව එකම ස්තානය ඇත්තේ ලංකාවේය, විදේශ පොතපතෙහි මීට වසර දහස් ගණනකට පෙර මහා ඇලෙක්සැන්ඩර් රජු වැදපුදාගත් බව ලියවෙන, ලොව ප්‍රථම මිනිස් වාසය බිහිවූ ස්ථානය ලෙස අන්‍ය ආගමිකයන් අදත් සලකන ස්තානය තියෙන්නේ අප උපන් හෙළබිම තුලය.

Android දුරකතනයේ තත්වය බලන secret code


Android දුරකතනයේ තත්වය බලන secret code


ඔයා අලුතෙන් Android phone එකක් Tab එකක් ගන්න ඉන්නවද ? නැත්තම් ඔයාලග තියෙන්න Android Device එක කොහොමද කියලා බලා ගන්න හොදම විදිය :)



මේ පහත code ගහලා බලන්න

මූලික Codes:
*#*#7780#*#* - මිලදී ගන්නා විට තිබුනු settings(factory restore setting) වලට දුරකතනය පත් කිරීමට භාවිතා කරයි. මෙමගින් Google account settings හා System and application data සහ settings ද ඉවත් වනු ඇත.

*2767*3855# - දුරකතනය Format කිරීම සදහා භාවිතා කරයි. මෙමගින් Internal memory storage එකේ ඇති සියල්ලම සමග සියලුම files and settingsද ඉවත් වනු ඇති අතර firmware එක නැවතත් Install වීම සිදු වනු ඇත.

*#*#4636#*#* - දුරකතනය සහ බැටරිය පිලිබද විස්තර පෙන්වයි.

*#*#273283*255*663282*#*#* - media files (e.g. Images, Sound, Video and Voice memo) backup කිරීම සදහා වන File copy screen එකක් පෙන්වයි.

*#*#197328640#*#* - විවිධ ආකාරයේ tests සිදු කල හැකි සහ settings වෙනස් කල හකි අවස්ථාවකට(service mode) දුරකතනය පත් කිරීමට භාවිතා කරයි.

*#*#7594#*#* - "End call / Power" button එබූ විට වෙනත් options(silent mode, aero plane and power-off) පිලිබදව ඇසීමකින් තොරව කෙලින්ම phone එක power off වෙන ආකාරයට දුරකතනය පත් කෙරේ.

*#*#8255#*#* - G Talk Service Monitor launch කිරීමට භාවිතා කරයි.

*#*#34971539#*#* - camera එක පිලිබද විස්තර පෙන්වයි. මෙහිදි update camera firmware යන option එක තේරීමෙන් වලකින්න.

W-LAN, GPS සහ Bluetooth Test Codes:

*#*#232339#*#* OR *#*#526#*#* OR *#*#528#*#* - W-LAN test (Use “Menu” button to start various tests).

*#*#232338#*#* - WiFi MAC address එක පෙන්වයි

*#*#1472365#*#* - GPS test එකක්.

*#*#1575#*#* - තවත් GPS test එකක්.

*#*#232331#*#* - Bluetooth test එකක්.

*#*#232337#*# - Bluetooth device address එක පෙන්වයි.


විවිධ Factory Tests සදහා Codes:

*#*#0842#*#* - Device test (Vibration test and BackLight test).

*#*#0588#*#* - Proximity sensor test.

*#*#0*#*#* - LCD test.

*#*#2664#*#* - Touch screen test.

*#*#2663#*#* - Touch screen version එක .

*#*#0283#*#* - Packet Loopback.

*#*#0673#*#* OR *#*#0289#*#* - Melody test.

*#*#3264#*#* - RAM version එක.


Firmware version එක පිලිබද විස්තර ලබා ගැනීම සදහා Codes :

*#*#1111#*#* - FTA Software Version.

*#*#2222#*#* - FTA Hardware Version.

*#*#44336#*#* - PDA, Phone, CSC, Build Time, Changelist number.

*#*#4986*2650468#*#* - PDA, Phone, H/W, RFCallDate.

*#*#1234#*#* - PDA and Phone.

windows 7 රහස් පදය software නැතුව hack කරමුද ..?



windows 7 රහස් පදය software නැතුව hack කරමුද ..?


අවශ්‍ය කරන උපකරණ :- බය වෙන්න එපා ලොකු ලොකු මුකුත් උවමනා නැහැ ඕනි කරන්නේ windows7 DVD එකක් විතරයි.. windows7 DVD එකක් නැති කෙනෙක් ඉන්න විදියක් නැහැනේ ;-) ... හරි එහෙමනං දැන් අපි මේක කරන විදිය බලමුකෝ..

මුලින්ම ඔයා ගාව තියන windows7 DVD එක CD Rom එකට දාලා DVD එක boot device එක විදියට දීලා format කරනකොට කරන්න වගේ DVD එක boot
කරගන්නකො... ඊට පස්සේ ඉතින් මෙන්න මේ වගේ තැනකට එයි ...



මෙතන next කරන්න ... ඊට පස්සේ ඒ මෙන්න මේ වගේ window එකක් අන්න එතන වම් අත පැත්තේ යට තියනවා "Repair Your Computer" කියල කොටසක්.. අන්න එතන ක්ලික් කරන්න ....


දැන් ඔයාලට System Recovery Window එක පෙනේවි.. එතනින් window7 කියන එක ක්ලික් කරලා next කරන්න...


දැන් ඔයාලට තවත් window එකක් දිස් වේවි මේ window එකේ පහලට වෙන්න තියනවා "Command Prompt" කියල එකක් අන්න එක ක්ලික් කරන්නකෝ...




ඊට පස්සේ cmd prompt එක දිස් වෙනවා..




ඔන්න දැන් තමයි අපිට වැඩ පටන්ගන්න තියෙන්නේ... පටන් ගමු නේද...

cmd prompt එකේ මේ පහල දාල තියන code එක type කරලා enter කරන්න .

copy C:\windows\system32\sethc.exe C:\

ඊට පස්සේ 1 file<s> copied කියල වැටෙනවා



ඊට පස්සේ ආයෙම පහත සඳහන් code එක ඔතන type කරන්න ..

copy C:\windows\system32\cmd.exe C:\windows\system32\sethc.exe

type කරලා enter කරාම replace කරන්නද කියල msg එකක් පෙනේවි . එකට YES දීලා enter කරන්න..
ඊට පස්සේ ඔයාලට "1 File(s) Copied " කියල වැටිලා තියනවා පෙනේවි....




දැන් ඉතින් ඔන්න පලවෙනි අදියර සහ අමාරුම කොටස ඉවරයි.. දැන් ඉතින් cmd prompt එක close කරලා DVD එක එලියට අරගෙන PC එක restar කරන්න (hard disk එක boot වෙන්න දාල )

දැන් ඉතින් සාමාන්‍ය පරිදි windows loging window එකට ඒවි...

දැන් shift key එක 5ස් පාරක් press කරන්න ..

ඊට පස්සේ අපිට හුරු පුරුදු .. cmd prompt එක මතුවේවි. අන්න එතන පහත සඳහන් code එක ඊට යටින් තියන උපදෙස් අනුව type කරන්න

net user username newpassword

username කියන තැනට ඔයා දැන් LOG වෙලා ඉන්න user account එකේ නම (hack කිරීමට බලාපොරොත්තුවන account එකේ UN එක ) දාන්න

newpassword කියන තැනට ඔබ කැමති ඕනෑම රහස්‍ය පදයක් ඇතුලත් කරන්න ..

ex :-



net user cyberlokaya 12345


දාලා enter කරන්න ;-) ඊට පස්සේ "The Command Completed Successfully " කියලා වැටේවි...

දැන් ඉතින් වැඩි දෙයක් නැහැ cmd prompt එක close කරලා ඔයා අලුතෙන් දුන්නු PW එක ඇතුලත් කරලා log වෙන්න/////...

සදකඩ පහණක කැටයම් ඔපලා

                  සදකඩ පහණක කැටයම් ඔපලා 


සදකඩ පහණ කියන්නේ කලාකරුවෙක් අතින් නිර්මාණය වෙන අපුරු නිර්මාණයක්... මේකේ සදකඩ පහණකට ආරෝපණය කරලා තියෙන්නේ සැමියා නැති, කුඩා දියණියක් සිටින රූමත් කාන්තාවක්...

සදකඩ පහණක කැටයම් ඔපලා පාවෙන දේදුණු ලැගුම් ගනී.....
තනිව සිටින මේ කාන්තාවගේ ඇසුරට මිනිස්සු එනවා. පාවෙන දේදුණු කියලා උපමා කරන්නේ ඒ මිනිස්සුන්ට,

කැලතුන රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියවී...
මේ තහනම් ඇසුරේ කැලතුන රසය ගැන දන්නේ පැමිණෙන මිනිසාත් ගැහැණියත් පමණි.

සදකඩ පහණ කොපමණ අනගි නිර්මාණයක් උනත් ඒක පයට පෑගෙනවා,
ඒ වගේම මේ කාන්තාව කොච්චර ලස්සන උනත් සමාජයේ ගැරහුමට ලක් වෙනවා


යුගයෙන් යුගයට නොමියෙන දහනක දිවියක පදනම මතු වෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙනයනවා සියුමැලි කැකුලක් මැල වෙද්දී....
මේ විදියට දිගින් දිගටම මිනිසුන් ඇසුරුකරන මේ කාන්තාව ගණිකාවක් බවට පත් වෙනවා.. එතකොට ගැහැණියගේ දරුවා නිවසේ තනි වෙනවා. කැකුලකට උපමා කරලා තියෙන්නේ ඒ දියණිය,

දහසක් පෙති මත රහසක් සගවා තුඩින් තුඩට ගෙනයන බින්දු...
ඇයව ඇසුරු කරන මිනිස්සු ඇය ගැන තමන්ගේ යාළුවන්ටත් කියනවා.ඇය ගැන ආරංචිය රහසක් විදියට පැතිරෙනවා,

අහසක් ගුගුරා කළුවක් වපුරා ඒ හා මුසුවුණු වැහි බින්දු...
මේ කාන්තාව මේ කටයුත්ත කරන්නේ කැමැත්තෙන් නෙවේ... තම දරුවාගේ ජීවිතය වෙනුවෙන්,

ඈ ගෙන යද්දී නටබුන් අතරින් තවකෙකු ඈ වෙත හද රැන්දූ...
පැමිණෙන පුද්ගලයා අසුරුකරලා ඉවර උන ගමන් ඈ ඇසුරු කරන්න තව පුද්ගලයෙක් එනවා. මේ විදියට ඈට තම ජීවිතය ගැටගහා ගන්න මිනිස්සු රාශියකගේ ආශාවන් පිරිමහන්න වෙනවා,

හදවිල ඉපදුන කැකුලක් නොකලට නටුවෙන් ගලවා ඉවත යවා....
තමන්ගේ රැකියාවෙන් දියණියට සිදුවන අවමානය නැතිකර ගන්න තමන්ගේ දියණියව ඈතකට යවන්න මේ කාන්තාවට සිදු වෙනවා.දියණියට සිදුවන්නේ අකාලයේ අම්මව අතහැරලා යන්න,

මිහිලිය තෙත්කොට ගිලිහුන කදුලක් සත් සමුදුරකට මුහුව ගියා...
මේ කාන්තාව දියණියව වෙන තැනකට යවන්නේ ගොඩක් දුකෙන්.. ඒත ඇයට ඒක තවත් එක දුකක් පමණි,

ඔබට උරුම වූ රිදුනු තැවුණු හද එක්ටැම් මැදුරක කවුරු අරා
රුවන් විමානෙන් පියබා එනතුරු පොපියන හදවත සිටි බලා....
මේ කාන්තාව තමන්ගේ දියණිය ඉගෙනගෙන ලොකු තැනකට ගිහින් තමන්ගේ අම්මව දුක්බර ජිවිතයෙන් මුදව ගන්න එනකන් ඇගිලි ගනිමින් බලන් ඉන්නවා

අහස සූරන මැඳුරු දෙගුණයකින් උස යයිද?

මේ සෝපානය නිසා අහස සූරන මැඳුරු දෙගුණයකින් උස යයිද?

තාක්ෂණයේ පෙරළිකාර නව සොයා ගැනීමක් නිසා අහස් කුස සිසාරා යන මැඳුරු නුදුරු අනාගතයේ දී දැන් මෙන් දෙගුණයක් උසින් තැනීමට හැකි වෙතැයි විද්‍යාඥයන් කියනවා.
මෙයට හේතු වී ඇත්තේ සුපිරි සවි ඇති කාබන් තන්තුවලින් තැනුනු රැහැනක් අලූතින් නිර්මාණය කිරීමට විද්‍යාඥයන්ට හැකි වීමයි.

දැනට මෙවන් උස ඇති විදුලි සෝපානවලට භාවිත කරනු ලබන්නේ වැඩිම සවිමත් බවත් ඇති වානේ කේබලයි. ඒ කේබලවල ශක්තිය අනුව උපරිම උස දැන් ඉදි කරන ගොඩනැගිලි ලබා තියෙනවා.

දැනට භාවිතයේ පවතින කේබලයට වඩා බොහෝ සේ සවිමත් මේ නව කේබලය නිර්මාණය කිරීමේ ගෞරවය හිමි කර ගෙන ඇත්තේ පින්ලන්ත සෝපාන නිෂ්පාදන ආයතනයක් වූ කෝන් (Kone) සමාගමයි. මේ නව කේබලය නිසා විදුලි සෝපානයක් එකවරම කිලෝමීටරයක් ඉහළට එසවිය හැකියි. එය අද ඇති ලොව උසම ගොඩනැගිල්ල වූ මීටර 828ක් (අඩි 2,716ක්) උස ඩුබායිහී බර්ජ් ඛලීෆාවට වඩා උසයි.

 
කාබන් තන්තු රැහැන් නිපදෙව්වාට පසු සැතැපුමකට වැඩි උසැති ගොඩනැගිලි ඉදි කිරීමේ සිහිනය සැබෑ වනු ඇති. එය දැනට භාවිත කෙරෙන වානේ කේබලවලට වඩා සැහැල්ලූයි. ඒත් සෝපානයක් වැඩි උසකට ඔසවන්න එයට පුළුවන්.

අනාගත ලෝකයේ ජනගහනය වැඩි වී ගෙන යන ආකාරය අනුව බිම් ප‍්‍රමාණය ප‍්‍රමාණවත් නො වන නිසා ජීවත් වීම සඳහා තව තවත් අහස උසට විහිදෙන ගොඩනැගිලි තනනවා හැරෙන්නට වෙනත් විකල්පයක් නැති බව දැන් පැහැදිලියි.

ඇමෙරිකාවේ චිකාගෝ නගරයේ ස්ථාපිත කර ඇති උස් ගොඩනැගිලි හා නාගරික ජනාවාස පරිසරය පිළිබඳ ජගත් සංවිධානයේ (Council for Tall Buildings and Urban Habitat) නිර්මාතෘ හා එහි විධායක අධ්‍යක්ෂ ඇන්තනි වුඞ් පවසන හැටියට මේ නව නිපැයුම ගැන විශේෂ අවධානයක් යොමු කර තියෙනවා. ඔහු කියන්නේ මෙහෙමයි: ‘මේ නව කාබන් තන්තු රැහැන නිසා මෙතෙක් උස් ගොඩනැගිලිවලට පැවති සීමාවන් ඉවත් යන බවයි. තනි සෝපානයක් වැඩිම උසක් ගෙන යාමට අවශ්‍ය වානේ රැහැන්වල බර පිළිබඳ ගැටලූව විසඳෙන බවයි.

‘මේ නව රැහැන්වල ඇති සැහැල්ලූ බව නිසා තව තවත් වැඩි උසක් ඇති ගොඩනැගිලි තනා වැඩි වන නාගරික ජනගහනයේ අවශ්‍යතා සපුරා ලීමට අපට හැකි වේවි. ඒ සියල්ලට ම වඩා මගේ සිත් ගත්තේ මේ අල්ට‍්‍රාරෝප් (UltraRope) නම් රැහැනේ ඇති කාර්යක්ෂමතාවයි’ ඔහු වැඩි දුරටත් කියනවා.

උස් ගොඩනැගිලි තනන වාස්තු විද්‍යාඥයන්ට වදයක් වෙලා තිබුණේ මේ සෝපාන උස් පහත් කිරීමට යොදා ගන්නා වානේ කේබලවල ඇති විශාල බර දැරිය නොහැකි වීමයි. ඒ සඳහා විශාල ශක්තියක් සැපයීමට විදුලි බලය විශාල ප‍්‍රමාණයක් අවශ්‍ය වුණා.

මේ කෝන් ආයතනය විසින් නිපදවා ඇති නව අල්ට‍්‍රාරෝප් නම් කාබන් තන්තු රැහැන වානේ කේබලවලට වඩා ශක්තියෙන් වැඩියි. ඒ වගේ ම විශාල ලෙස බරින් අඩුයි. පැරණි වානේ කේබලයට වඩා මේ නව කාබන් රැහැන සියයට 90ක් බරින් අඩුයි.

කෝන් ආයතනයේ නිෂ්පාදන අධ්‍යක්ෂ ජොහැන්නස් ඞී යොන් මේ නව රැුහැන ගැන කියන්නේ මෙහෙමයි: ‘අප පෙර භාවිත කළ මීටර 400ක වානේ කේබල කට්ටලයක් ටොන් 19ක් විතර බවයි. ඒත් එම ප‍්‍රමාණයටම දිග නව කාබන් රැහැන් කට්ටලයක් බරින් ටොන් 10ක් විතරයි වෙන්නේ.’

එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තුවලට අනුව 2050 වන විට මේ ලෝකයේ වෙසෙන 10 දෙනකුගෙන් 7 දෙනකු ජීවත් වනු ඇත්තේ අහස උසට ඉදිවන ගොඩනැගිලිවල බවයි.

අහස් කුස සිසාරන ගොඩනැගිලිවල ස්වරූපය වෙනස් කරන නව රැහැන හඳුන්වා දීම.

 
මෙය කේබල ලෝකයේ විප්ලවයක්. මේ කේබල මගින් වෙනදා නොතිබූ උසකට සෝපාන එසවීමට ඇති හැකියාව නිසා පමණක් නොව මෙය වැඩි බලයක් හා වැඩි ද්‍රව්‍යමය කාර්යක්ෂමතාවක් ඇති එකක් මෙවැන්නකින් අනාගතයේ ගත හැකි ප‍්‍රයෝජන අනන්තයි.

 
ලොව උසම ගොඩනැගිල්ල ලෙස තවමත් වැජඹෙන ඩුබායිහී බර්ජ් ඛාලිෆා (Burj Khalifa) උසින් අඩි 2,716ක්. 1931 ඉදිකළ දා සිට දසක ගණනාවක් උසම ගොනැගිල්ල ලෙස සලකනු ලැබූ ඇමෙරිකාවේ එම්පයර් ස්ටේට්හී උස අඩි 1,250ක්. මේ නව කාබන් තන්තු රැහැන නිසා මේවා අනාගතයේ ඉදි කෙරෙන ගොඩනැගිලි ඉදිරියේ කුරුමිට්ටන් වනු ඇති.


 
මේ පැරණි ක‍්‍රමයේ සෝපානවල තිබූ වානේ කේබල වෙනුවට අනාගතයේ දී කාබන් තන්තුවලින් තැනුනු රැහැන් යොදනු ඇති. ඒවා වානේ කේබලවලට වඩා බරින් අඩු නිසා සෝපාන වඩාත් ඉහළට එසවිය හැකියි. ඒවා කි‍්‍රයා කරවීමට වැය වන ශක්තිය ද සෑහෙන්නට අඩුයි.

 
අනාගතයේ අහස් රේඛාව මේ නව තාක්ෂණ දියුණුව නිසා උස් ගොඩනැගිලිවලින් පිරී යාවි. අඩි 650කට (මීටර 200කට) වැඩි උසක් ඇති ගොඩනැගිලි 600කට වැඩි ගණනක් නුදුරේ දීම ඉදි වෙන බවයි, දැන් කියවෙන්නෙ.

 
එලීෂා ඕටිස් තමයි 1853 දී ඇමෙරිකාවේ නිව්යෝක් නගරයේ පැවති ලෝක ප‍්‍රදර්ශනයේ දී මුල්වරට මේ ආරක්ෂිත සෝපානය ලොවට හඳුන්වා දුන්නේ. ඉන් වසර හතරකට පසු ඔහුගේ සමාගම ඕටිස් සෝපාන තනන්නට පටන් ගත්තා. එහි මුල් ම මගී සෝපානය සවි කළේ නිව්යෝක් නගරයේ මෑන්හැට්න් වෙළඳ සැලෙහි සවි කරනු ලැබුවා. පඩි නැඟීම ගැන වද නොවී උස් ගොඩනැගිලි තනන්නට මිනිසුන් පෙලඹුණේ එයින් පසුවයි.

හිමාලයේ ‘ඩ්‍රෝපා’ පාෂාණ අබිරහස

හිමාලයේ ‘ඩ්‍රෝපා’ පාෂාණ අබිරහස : නොවිසඳුණු අබිරහස්

1938 වසරේ චීන පුරාවිද්‍යා මහාචාර්ය චී පූ තෙයි සිසුන් පිරිසක් සමඟ විශේෂ ගවේෂණ චාරිකාවක යෙදුණා. මොවුන් ගවේෂණය කළේ හිමාලය කඳුකරයයි. ගවේෂණය ආරම්භ කරද්දී කිසිවෙක් දැන සිටියේ නැහැ ඔවුන්ට අපූරු සොයා ගැනීමක් කරන්න හැකියාව ලැබේවි කියලා. ඒ සොයා ගැනීම දැන් විද්‍යාවට අභියෝගයක් වෙලා. එය පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් ගැන පාදක කරගත් තර්ක විතර්ක අතරේ වඩාත් කතාබහට ලක්වූ මාතෘකාවක් බවට පත් වුණා. එය තවමත් නොවිසඳුණු අබිරහසක්. එය හැඳින්වෙන්නේ ‘අබිරහස් ඩ්‍රෝපා පාෂාණ’ Mysterious Dropa Stones කියලයි.



මහාචාර්යවරයා සිසුන් පිරිසක් කැටුව හිමාල කඳුකරයට ගියේ එහි ඇති සුප‍්‍රකට ලෙන් ගැන අධ්‍යයනය කරන්නයි. එකිනෙකට යා වූ මේ ලෙන් පිහිටා ඇත්තේ ‘බයංකාර උලා’ BayanKara-Ula නම් කඳුවළල්ලෙයි. අද මේ ලෙන් හරිම ප‍්‍රසිද්ධයි. ඒත් එදා මේ ගැන වැඩි දෙනෙකු දැන ගෙන සිටියේ නැහැ. ඒ ගැන උනන්දුවක් දැක්වුවේ පුරාවිද්‍යාඥයන් විතරයි. මේ ගවේෂණ කණ්ඩායම ඒ ලෙන්වලට ඇතුළු වෙද්දී ම, ඔවුන් ඒවායේ සුන්දරත්වයෙන් උද්දාමයට පත් වුණා.

එහි සුන්දරත්වය අත්විඳිමින් ටිකෙන් ටික අඳුරු ගුහා තුළට යද්දී හිටිහැටියේ එක් ගුහාවක තිබී සොහොනක් හමුවුණා. ඔවුන් කිසිවෙක් මෙවැන්නක් අපේක්ෂා කළේ නැහැ. විමසිලිමත් වූ ඔවුන් දුටුවා එහි සොහොන් වළවල් කිහිපයක් ඇති බව. ඒවා නිර්මාණය කළේ කවරකු වුවත් ඒවා ඉතා නිවැරදිව එක පෙළට සිටින සේ තනා තිබීම ගැන ගවේෂණ පිරිස පුදුම වුණා.

ඒ සොහොන් ගැබ් පිරික්සද්දී ඒවායේ මළ සිරුරු තැන්පත් කර ඇති බව ඔවුන් දුටුවා. ඒවායින් ඉතිරිව තිබුණේ අස්ථි විතරයි. බැලූ බැල්මට ඒවා මිනිස් අස්ථි ලෙස පෙනුනත් හොඳින් පිරික්සද්දී ඔවුනට තේරුණා ඒවා සාමාන්‍ය මිනිස් අස්ථි නො වන බව. ඒ අස්ථිවල ලක්ෂණ සාමාන්‍ය මිනිසුන්ගේ අස්ථිවලට වඩා වෙනස් වුණා. හැම හිස්කබලක්ම ප‍්‍රමාණයෙන් සාමාන්‍ය මනුෂ්‍ය හිස්කබලකට වඩා විශාල වූ අතර සිරුරු ප‍්‍රමාණයෙන් කුඩා ඒවා වුණා. පාදවල සහ අත්වල අස්ථි ඉතා සිහින්. ගවේෂණ කණ්ඩායම එම අවස්ථාවේදී සිතුවේ මේ අස්ථි හිමාල අඩවියේ ජීවත් වූ වෙනස් විධියේ මනුෂ්‍ය විශේෂයකට අයත් වෙන්න ඇතැයි කියලයි.


අස්ථි දිගින් දිගට ම පිරික්සද්දී ඒ අයට හමුවුණා, තවත් අමුතු දෙයක්, ඒ ලෙන ඇතුළෙන්. එක් සිසුවෙක් දුටුවා සාමාන්‍ය ප‍්‍රමාණයට වඩා විශාල රවුම් පාෂාණයක්. අනෙක් සිසුන්ටත් එවැනිම තවත් රවුම් පාෂාණ හමුවුණා. ගවේෂණ කණ්ඩායමට හමුවුණු පළමු පාෂාණ තැටියේ විෂ්කම්භය අඟල් නවයක්. ඝනකම අඟලක්. පාෂාණ තැටියේ මැද ඉතා නිවැරදි සමානුපාතික විදියට සිදුරක් කපා තිබුණා. එම සිදුරේ විෂ්කම්භය අඟලක්. මේ පාෂාණ තැටිවල සර්පිලාකාර රූ රටා කොටා තිබුණා. ඒවා රූපාක්ෂර විශේෂයක්. ඒ කියන්නේ සන්නිවේදනයට යොදා ගත් පැරණි සංකේත.

එදා ගවේෂණ කණ්ඩායම විතරක් නොවේ, පසුව විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්, විද්වතුන් යනාදී කවුරු කවුරුත් උත්සාහ ගත්තා ඩ්‍රෝපා තැටිවල ලියා ඇති කියවන්න. ඒත් හරිගියේ නැහැ. ඩ්‍රෝපා රූපාක්ෂරවලට යම්තාක් දුරට ආලෝකයක් වැටුණේ ඊට දසක දෙකකට පමණ පසුවයි. 1962 වසරේදි මේ රූපාක්ෂරවලින් කියැවෙන දේ අපට තේරෙන බසකට පරිවර්තනය කරන්න චීන විද්‍යාඥයකු සමත් වුණා. ඔහු ආචාර්ය සුම් උම් නුයි. පාෂාණ තැටිවල ඉතිහාසය ඔහු තේරුම් ගත්තා. ඔහු ඒ ගැන පුදුමයෙන් පුදුමයට පත්වුණා. ඔහු හුඟක් උනන්දු වුණා රූපාක්ෂරවලින් කියන්නේ කුමක්දැයි වටහා ගන්න. ඒත් ඒක ලොකු අභියෝගයක් වුණා. ඊට හේතුව එම රූපාක්ෂර කිසිම විධියකින් අපේ පොත්පත්වල හෝ අප දන්නා වෙනත් භාෂාවක හෝ නොතිබීමයි. ඒ විතරක් නොවේ, එම අක්ෂර ඉතා කුඩායි. ඒවා කියවන්න අණ්වීක්ෂයක් අවශ්‍ය වුණා. ඒවා තැටියේ කොටා තිබුණේ සර්පිලාකාරව කිසියම් රටාවකට අනුවයි.

ආචාර්ය සුම් නුම් නුයි, ඩ්‍රෝපා තැටි පරීක්ෂාවට ලක් කළා. ඔහු ඒවායේ කොටා ඇති රූපාක්ෂරවලින් කියැවෙන දේ එසේත් නැතිනම් ඒවායේ සටහන් වී තිබුණු පණිවුඩ පරිවර්තනය කළා. මේ පාෂාණ අවුරුදු 12,000 ක් පැරණි බව ඒ වන විට තහවුරු වී තිබුණා. ඔහු පරිවර්තනය කළ පණිවුඩය එතරම් පැරණි යුගයකට ගැළපෙන්නේ කොහොමදැයි ඔහු පුදුම වුණා. රූපාක්ෂරවලින් කියැවුණේ අපූරු පිටසක්වළ කතාවක්. විශ්වයේ වෙනත් ලොවකින් ආ ගවේෂණ යානයක් අනතුරට පත් වෙලා හිමාල කඳුකරයේ ‘බයංකාර උලා’ ප‍්‍රදේශයට කඩා වැටුණා. තැටිවල සඳහන් වන විධියට යානයේ සිටි ජීවීන් සාමකාමීයි. ඒත් ඒ කාලයේ එම පළාතේ ජීවත් වූ ‘හන්’ නමැති ගෝති‍්‍රකයන්ට ඔවුන්ව වටහා ගැනීමට නොහැකි වුණා. හන් ගෝති‍්‍රකයන් මුලින් සිතුවේ පිටසක්වළයන් ඔවුන්ගේ සතුරන් කියලයි. ඒ නිසා පිටසක්වළින් පැමිණි ඒ අමුත්තන් කීප දෙනෙකු ම ඔවුන් විසින් මරා දමනු ලැබුවා.

ඩ්‍රෝපා ජීවීන් කෙසේ හෝ හස්ත සංඥා මගින් ‘හන්’ ගෝති‍්‍රකයන්ට කියා දුන්නා ඔවුන් සතුරන් නොවන බව. කල් ගතවෙද්දී හන් ගෝති‍්‍රකයන් විශ්වාස කළා, ඩ්‍රෝපාවරුන් සතුරන් නොවන බව. ඔවුන්ගෙන් නපුරක් සිදු නොවන බව. කඩා වැටුණු යානය හදා ගෙන ආපහු ඔවුන් ආ ලෝකයට යාමට නොහැකි වීම ඩ්‍රෝපාවරුන්ට ගැටලූවක් වුණා. මේ ඩ්‍රෝපාවරුන් කුරුමිට්ටන් පිරිසක්. ඔවුන් ‘හන්’ ගෝති‍්‍රකයන් සමඟ සාමයෙන් ජීවත් වුණා. ඔවුන් හා විවාහ වුණා. මේ ගෝත‍්‍ර දෙකෙන් පැවැත එන්නන් යැයි සැලකෙන ගෝති‍්‍රක පිරිසක් හිමාල කඳුකරයේ ජීවත් වෙතැයි විශ්වාස කරන අය අදත් ඉන්නවා. මේ ගෝති‍්‍රකයන් ප‍්‍රමාණයෙන් අඩි 4 1/2 ක් පමණ වෙනවා. වැඩුණු අයකුගේ බර රාත්තල් 60 ක්. මොවුන්ගේ මුතුන් මිත්තන් ඩ්‍රෝපාවරුන්ද? ඒක දැනගන්න අපට කවදාවත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසයි ‘ඩ්‍රෝපා’ පාෂාණ ලෝකයේ ඇති නොවිසඳුණු අබිරහස් ඉහළින් තියෙන්නේ.


හිමාලයේ දී හමු වූ මේ පාෂාණ ‘ඩ්‍රෝපා’ කියා හැඳින්වුණේ අතීතයේ ඩ්‍රෝපා නම් කුඩා ගෝති‍්‍රක පිරිසක් එම ප‍්‍රදේශයේ ජීවත් වූ නිසයි. ඇත්තටම ඩ්‍රෝපා කියන්නේ කවුරුන්ද? ඩ්‍රෝපා Dropa ගෝති‍්‍රකයන්, ‘ඩ්‍රොක් පා’, ‘ඞ්සෝපා’ Dropas, Drok-pa or Dzopa කියා ද හැඳින්වෙනවා. ඔවුන් ගැන විවිධ මත පළ වී තිබෙනවා. සමහරුන් කියන විධියට ඩ්‍රෝපා යනු පිටසක්වළින් ආ කුරුමිටි ජීවීන් විශේෂයක්. ඔවුන් වසර 12,000 කට කලින් චීන-ටිබෙට් දේශසීමාවට ගොඩ බැස තිබෙනවා. ඒත් මේ බව සියයට සියයක්ම ඔප්පු කරන්න සාක්ෂි තවමත් නැහැ. ඇති එකම සාක්ෂිය තමා අසාමාන්‍ය මළ සිරුරු සහ ‘ඩ්‍රෝපා පාෂාණ තැටි’. මෙය විසඳීමේ අභියෝගය විද්‍යාඥයන් ඉදිරියේ තියෙනවා. ඒත් ඇතැම් විද්‍යාඥයන් නම් කියන්නේ මේ සියල්ල ලොකුම ලොකු බොරුවක් විය හැකි බවයි.

Apple iphone 5s ස්මාර්ට්ෆෝනය, ජුනි මසදී හදුන්වා දෙනු ඇති බවට කටකතාවක්



අන්තර්ජාලයේ පැතිරයන නවතම කටකතාවකට අනුව කියවෙන්නේ මීලග පරම්පරාවේ Apple iPhone device එක, එනම් iPhone 5S smartphone එක මෙම වසරේ ජුනි මස 20 වැනිදා හදුන්වා දෙනු ඇති බවත්, ජුලි මාසය තුලදී එය වෙළදපලට නිකුත් කරනු ලබන බවයි. මේ බව වාර්තාකර තිබෙන්නේ ජපන් ජාතික වෙබ් අඩවියක් වන Macotakara වෙබ් අඩවිය විසිනුයි. ඒ වගේම iPhone 5S එකට අමතරව මෙම වසර තුල හදුන්වා දෙනු ඇතැයි අපේක්ෂා කරන, මිළ අඩු iPhone device එක, ප්‍රදාන වශයෙන් චීනය හා ඉන්දියාව වැනි රටවල් ඉලක්ක කරගනිමින් නිකුත් කෙරෙනු ඇති බව තවදුරටත් මෙම වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

මීට අමතරව, Apple සමාගම සිය මීලග iPhone 5S smartphone එක මෙම වසරේ ජුනි හා ජූලි මාසයන් අතර තුරදී හදුන්වා දෙනු ඇතැයි තවත් බොහොමයක් වෙබ් අඩවි වාර්තා කර තිබෙනවා. කොහොම නමුත් මේ සම්බන්දයෙන් කිසිදු නිළ ප්‍රකාශයක් Apple සමාගම විසින් තවමත් සිදු කර නැහැ

ලොව වෙසෙන ශක්තිමත්ම ජීවියා

න්‍යෂ්ටික පිපුරුමකට වුවද මුහුණදී නොමැරී ජීවත්විය හැකි සත්වයෙකු ලෙස අප බොහෝ දෙනකු විසින් හඳුනාගෙන සිටින්නේ කැර‍පොත්තන් පමණක් වුවද, න්‍යෂ්ටික පිපුරුමක් මතු නොව ලෝක විනාශයකට වුවද මුහුණදී ඉදිරියටද ජීවත්විය හැකි ලොව වෙසෙන ශක්තිමත් ජීවියා ලෙස අවිවාදයෙන් සැලකෙනුයේ ‘ටාඩිග්‍රේඩ්’ නොහොත් ‘දිය වලසාය’. වලසෙක් ලෙස හැඳින්වුවද මොහු ප්‍රමාණයෙන් මිලිමීටර් එකක පමණ විශාලත්වයකින් යුතු පියවි ඇසට පැහැදිලිව දැකගත නොහැකි සරල ජීවියෙකි.

ලූබැල්මට කිසිදු සිත් ඇදගන්නාසුලු පෙනුමකින් තොර ඛණ්ඩිකා සහිත ශරීරයකට උරුමකම් කියන ‘ටාඩිග්‍රේඩ්’ විශේෂ නවසියයකට අධික සංඛ්‍යාවක් ලෝකයේ උසැතිම කඳුමුදුනේ සිට මුහුදේ ගැඹුරුම අගාධය දක්වාවූ සෑම අස්සක් මුල්ලක් නෑරම ව්‍යාප්තව සිටින්නෝය. සැකෙවින් කිවහොත් ලෝකයේ ඕනෑම ස්ථානයක, ඕනෑම පරිසර තත්ත්වයක් යටතේ ජීවත්වීමේ හැකියාව මොවුන් සතුය.ප්‍රමාණයෙන් ක්ෂුද්‍ර වුවද මොවුන් සතු දරාගැනීමේ හැකියාව ඇත්තෙන්ම මවිත කරවනසුලුය.
උණු වතුරෙන් තම්බා, ජලය මිදෙන උෂ්ණත්වයද ඉක්මවා අධිශීතකොට යළිත් වියළා විකිරණයන්ටද ලක් කළද එකී සියලු උපද්‍රවයන්ට සාර්ථක ලෙස මුහුණදී තවත් වසර දෙසීයක කාලයක් ජීවත්වීමට තරම්
දිය වලසුන් ශක්තිමත්ය. -4570Cක තරම් පහළ උෂ්ණත්වයක්ද 3570C වැනි ඉතා ඉහළ උෂ්ණත්වයක්ද දරාගනිමින් ජීවත්වීමට සමත් මොවුහු ග්‍රේ 10-20 (‘ග්‍රේ’ යනු විකිරණ ප්‍රමාණය මැනීමට භාවිත කරන අන්තර්ජාතික ඒකකයයි) වූ විකිරණ ප්‍රමාණයකට ලක්වීමෙන් ලොව බුද්ධිමත් සත්වයා වන මිනිසා මියයත්දී ග්‍රේ (gray) පන්දහස් හත්සියයක්වූ විකිරණ කදම්බයකට වුවද ලක්වී නොමැරී ජීවත්වීමට තරම් සුවිශේෂී හැකියාවකින් යුතු දිය වලසෙකු හට ආහාර හෝ ජලය හෝ නොමැතිව වසර දහයක් වුවද ජීවත් වීමේ හැකියාව ඇති බව කියැවේ. කිසිදු ජීවියෙකුට ජීවත්විය නොහැකි ලෙසට සැලකෙන අභ්‍යවකාශයේ වුවද කිසිදු අපහසුවකින් තොරව ජීවත්වීමට හැකි දිය වලසුන් සැබැවින්ම ජීවී ලොවේ තවත් එක් ආශ්චර්යයක් නොවන්නේ දැයි සිතා බැලීම වටී.

අන්තර්ජාලය අඩපන කල ලොව විශාලම සයිබර් ප්‍රහාරයේ තතු

ලොව අන්තර්ජාලය අඩපන කල ලොව විශාලම සයිබර් ප්‍රහාරයේ තතු


පසුගිය දවස්වල අන්තර්ජාලය වේගයනම් හරිම අඩු වෙලා තිබුනා..
බොහෝ දෙනාට එහේම වෙන්න ඇති...
දන්නවද??? හේතුව මෙතෙක් කාලෙකට එල්ල වුන විශාලම සයිබර් ප්‍රහාරය වගේ ම අන්තර්ජාලයේ පිටකොන්ද ලෙස සැලකෙන කේබල ජාලය ඊජිප්තුව අසලදී කපා දැමිමට උත්සහා කිරීමලු..
අන්තර්ජාලය භාවිතාකරන්නන් හැටියට ඒ ගැන සොයා බැලිය යුතුයි කියලා හිතුන හින්දා ඒ ගැන තොරතුරු ටිකක් ඔබ වෙත ගෙන එන්න තමා මේ බලාපොරොත්තුව..
තොරතුරු හා ජයාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි..


නෙදර්ලන්තයේ වනගත ප්‍රදේශයක 1955 ශිතල යුධ සමයේ නේටෝවට අයිතිව තිබු අණදෙන මුලස්ථානයක් ලෙස වු බංකරයක සිට(1996 දී වර්ග අඩි 175,000 ඉඩකඩ සහිත වු අඩි 15 පලල කොන්ක්‍රීට් සහිත වු මෙම බංකරය දත්ත මධ්‍යස්ථානයක් ලෙස විකුණා දමන ලදි.) පසුගිය දා ලෝකයේම අන්තර්ජාලය යම් තාක් දුරකට අඩපණ කරන්නට හැකර්කරුවන් කටයුතු කරන ලදි.




1990 පසුව ඇරඹු DDOS (එක විට පරිගණක සිය දහස් ගණනකින් එකම වෙබ් අඩවියකට ඇතුල්වීමට උත්සහ දරා එම වෙබ් අඩවියේ තදබදය වැඩි කොට වෙබ් අඩවිය විසන්දි කිරිම) ලෙස හදුන්වන ක්‍රමයෙන් මේ හැකින් ප්‍රහාරය එල්ල කොට තිබුනේ අන්තර්ජාලය සමඟ කටයුතු කරන සමාගම් දෙකක වු සටනක හේතු නිසයි.


ප්‍රහාරය එල්ල කලායි සැලකෙන Cyberbunker සමාගම පෙනිසිටින්නේ අන්තර්ජාලයේ වෙබ් අඩවි පවත්වා ගෙන යාමට ඉඩකඩ ලබාදෙන (Hosting) සමාගමක් ලෙසයි. එහි මුලස්ථානය නෙදර්ලන්තයේ Kloetinge පිහිටා ඇත.




ප්‍රහාරයට ලක්වී ඇත්තේ ඊ මේල් හරහා යවනු ලබන වැඩකට නැති (Spam) ආකාරයේ ලිපි අන්තර්ජාලය හරහා යවන සමාගම් එලෙස නොකිරීමට අන්තර්ජාලයේදී තහනම් කරවන එහේත් කිසිදු ලාභ අරමුනකින් තොරව කටයුතු කරන ලන්ඩනයේ හා ජීනිවා නුවර තම මුලස්ථානයන් පිහිටවා ඇති ලොව වටා සර්වර් පරිගණක 80 වැඩි ප්‍රමාණයක් ඇති Spamhaus සමාගමට එරෙහිවයි.




ඒ ඔවුන් විසින් Cyberbunker සමාගමද එවැනි ඊ මේල් මගින් කරනු ලබන (Spam) කටයුතු අන්තර්ජාලයේ නවතා දැමීම(Block) සමඟයි.


DNS Changer වෛරසය ගැන දැනුවත් වෙමු - ආරක්ෂා වෙමු..


එය ලොව මෙතෙක් එල්ල වු විශාලම සියබර් ප්‍රහාරයයි..
බොහෝ දෙනා එය හදුන්වන්නේ සයිබර් යුද්ධයකදී එල්ලවු න්‍යෂ්ඨික බෝම්බයක් ලෙසයි.
මක්නිසාද යත් එය මෑත කාලයේ එල්ල වු සයිබර් ප්‍රහාර මෙන් 5ගුණයක විශාලත්වයෙන් යුතු වීමයි.මේ වන විට රටවල් පහකට අයත් සයිබර් ප්‍රහාර පිලිබඳ පිහිටුවා ඇති පොලිස් බලකායන් පරීක්ෂන කටයුතු කරයි.
එමගින් අන්තර්ජාලය හරහා සිදුකරන බැංකු කටයුතු අඩාල වී තිබුනි.
පැවසෙන ආකාරයට Cyberbunker විසින් මෙම ප්‍රහාරයට නැගෙනහිර යුරෝපය,රුසියාවේ කණ්ඩායම්ද එකතු කරගෙන ඇති බවයි.


සාමාන්‍ය DDOS ප්‍රහාරයකට තත්පරයට ගිගාබයිට් 50 ක ප්‍රමාණයක දත්ත ගලා යාමක් සිදුකරත් (50 Gbps) මේ ප්‍රහාරයේදී තත්පරයට ගිගාබයිට් 300 ක ප්‍රමාණයක් ඇවිත් ඇත...
එය මීට පෙර විශාලම ප්‍රහාරය වුයේ 2010 දී Arbor Networks සමාගමට එල්ලවු ගිගාබයිට් 100 ක ප්‍රමාණයක් වු සයිබර් ප්‍රහාරයයි.. මෙය ඒ ආකාරයේ තුන්ගුණයකි.

ලොව කළඹන සයිබර් හැකින් ප්‍රහාර -

සිද්ධිය එසේ වෙද්දී ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ Mediterranean port city අසල මුහුදේදී මසුන් අල්ලන බෝට්ටුවක සිටි කිමිදුම්කරුවන් තිදෙනෙකු ඊජිප්තු වෙරලආරක්ෂකයින් විසින් අත්අඩංගුවට ගෙන තිබුනේ අන්තර්ජාලය ලොව පුරා ගෙන එහි පිටකොන්ද ලෙස සලකන මුලු දිග කි.මී.18800 ක් SEA-ME-WE 4 නම් වු කේබල පද්ධතියට හානි සිදුකිරීම යන චෝදනාවටයි.





අන්තර්ජාලය 90% ටත් වඩා අපට ලැබෙන්නේ ලොව වටා විහිදුනු විශාල කේබල ජාලයකින්..  ඒ ගැන විස්තර දැනගන්න මෙතනින් යමු....

ඊජිප්තු ටෙලිකෝම් සමාගමට අයිතිව තිබු එය ඊජිප්තුව අසලින් ආසියාව, උතුරු අප්‍රිකාව, ඉතාලිය , ප්‍රංශය ආදි රටවල් සම්බන්ද කරමින් ඇදී යන බව දැක්වේ..


කේබලයට සිදුවු හානිය වාර්තා නොවනත් ඊජිප්තුව උතුරු ඇමරිකාව, ඉන්දියාව පාකිස්ථානය වැනි රටවල වගේම ලංකාවේත් අන්තර්ජාලය මන්දගාමී වී තිබුනි.


මෙච්චර දේවල් අපිට දෙන අන්තර්ජාලෙටත් මෙහේම කරන එකනේ වැඩේ කියන්නේ නේද??



රාමා පිට සක්‌වල ජීවියෙක්‌ද?

රාවණා පරාජය කළ රාමා පිට සක්‌වල ජීවියෙක්‌ද? Raama raju pitasakwala jeewiyekda?



ශ්‍රී ලංකාවේ රාවණා රජු සමග යුද වැදි රාවණා රජු ඝාතනය කළ රාම කුමරු උතුරු ඉන්දියාවෙන් පැමිණි ක්‍ෂත්‍රියෙක්‌ නොව සුපිරි ග්‍රහලෝකයක්‌වූ පරනිම්මිත වසවර්ති දෙව් ලොව සිට මනු ලොව ආක්‍රමණය කළ මාර දිව්‍ය පුත්‍රයා යෑයි එක්‌ පැවිදි පඬි හිමි රුවනක්‌ දිගු කලකට පෙර මා සමග පවසා ඇත. එම නාහිමි දැනට අපවත් වී වදාළ ඇති බැවින් එම ශ්‍රේෂ්ඨ පඬිවරයාගේ නම මෙහි සඳහන් නොකරමි.

බෞද්ධාගමේ මාර දිව්‍ය පුත්‍රයා ලෙස හැඳින්වෙන්නේ අන් කිසිවෙක්‌ නොව අද පිට හින්දු බැතිමතුන් රාම නමින් හඳුන්වන පිට සක්‌වල යුද විරුවා බවට සැක නැත.

කිසිදු මිනිසෙක්‌ අතින් සිය මරණය සිදු කළ නොහැකි ලෙස මහා බ්‍රහ්මයාගෙන් වර ලබා ඇති රාවණා රජතුමා උතුරු ඉන්දියාවේ අයෝධ්‍යාහි රාමගෙන් මරණය ලැබූ බැව් පැවැසීම පරස්‌පර විරෝධී කතාවකි.

රාවණා රජතුමා දෙව් ලොවට ගොස්‌ දෙව්වරුන් පරාජය කළ බවත්, දෙවිවරුන්ගේ ප්‍රධානියාවූ ඉන්ද්‍ර රාවණාගේ පුත් මේඝනාද විසින් සිරභාරයට ගත් බැවින් එදා සිට මේඝනාද ඉන්ද්‍රජිත් ලෙස අපර නාමයෙන් හැඳින්වූ බවත් රාමායන කාව්‍යයේ විස්‌තර කර ඇත. රාවණා රජතුමා ග්‍රහ ලෝකවල ජීවීන්ට තදබල තර්ජනයක්‌ වූ බැව් රාමායනය කියයි.

එම නිසා රාම කුමරුන්ගේ ආක්‍රමණය පිටසක්‌වල ජීවීන්ගේ කුමන්ත්‍රණයක්‌ ලෙස උපකල්පනය කළ හැක.

මේ අනුව විමසා බලනවිට රාවණා රජුට විරුද්ධව අප රට ආක්‍රමණය කළේ ඉන්දියානුවෙක්‌ නොව පිටසක්‌වල ජීවියෙක්‌වූ මාර දිව්‍ය පුත්‍රයා ලෙස හඳුනාගෙන ඇත. රාමා සමග පැමිණි හමුදාව වඳුරු හමුදාවක්‌ ලෙස රාමායනය සඳහන් කරන්නේ එම මිනිසුන් වඳුරන් වැනි මිටි සිරුරින් යුක්‌ත නිසාය.

රාම - රාවණා මහා සංග්‍රාමයේදී දෙව් ලොව දෙවිවරුන්ගේ රාමාට සහාය ලැබුණ බැව් රාමායනය පවසයි. එය සත්‍යයක්‌ නම් රාවණා රජු ඝාතනයට පත් කළ රාමා ඉන්දියානුවෙක්‌ නොව පිට සක්‌වල සිට පැමිණි සටන් කාමියෙක්‌ නොවේද? පිට සක්‌වල ජීවියෙක්‌වූ රාමාට මිනිස්‌ වෙසක්‌ දීම පිණිස උතුරු ඉන්දියාවේ දස රථ රජු සහ පරපුර රාමායනයට මහත්a ආයාසයෙන් සම්බන්ධ කර ඇති බැව් රාමායනය බුද්ධිමත් ලෙස විමර්ශනය කරන විට අවබෝධ වනු සැක නැත.

මෙම මහා සංග්‍රාමයේදී රාම කුමරුගේ හමුදාව වානර හමුදාවක්‌ ලෙස වාල්මිකී හඳුන්වාදී ඇත. වාල්මිකී සෘෂිවරයා රාමායනයේ වානර හමුදාව ලෙස හඳුන්වා තිබෙන්නේ වඳුරන් වැනි මිටි මිනිසුන්ගේ හමුදාව විය හැක. පිට සක්‌වල ඇතැම් ග්‍රහලෝකවල මිටි මිනිසුන් සිටින බැව් වත්මන් පර්යේෂණවලදී හෙළිවී ඇත.

මාර දිව්‍යරාජයාගේ නාමය අනිත් අතට පෙරළා රාම නාමය සකස්‌ කර ගෙන ඇත. මේ අනුව සළකා බලන විට ශ්‍රී ලංකාවේ සිදුවුණු රාම රාවණා යුද්ධය පිට සක්‌වලින් පැමිණි රණවිරුවකුගේ සටනක්‌ මිස ඉන්දියානුවෙකුගේ වීරක්‍රියාවක්‌ නොවන බැව් කිවයුතුය.

දැනට ශ්‍රී ලංකාවේ ශේෂවී තිබෙන "නිට්‌ටෑවා" එම වානර හමුදාවේ මෙහි රැඳුන කිහිපදෙනකුගෙන් පැවතෙන බවත් ඔවුන්ට පෘථිවියේ දේශගුණ ඔරොත්තු නොදෙන බැවින් නිට්‌ටෑවා සදහටම වඳවී ඇති බවත් ජුලියස්‌ කැබරේ කියයි. (NITTEWA THE WILD BEAST, PP
26)

රාම - රාවණා යුද්ධයෙන් ලංකාවේදී ජය ලැබූ රාම කුමරු එම ජයග්‍රහණය සෙල් ලිපියකින් සහතික නොකළේ මන්ද යනු තවත් ප්‍රශ්නයකි.

පිට සක්‌වලින් පැමිණි කිසිම පුද්ගලයෙක්‌ පෘථිවියේ සෙල් ලිපි පිහිටුවා නැත. රාම කුමරු දෙවියෙක්‌ යෑයි හින්දූන් පුන පුනා පවසන්නේද ඔහු මනුෂ්‍යයෙක්‌ නොවූ බැවිනි. එය සත්‍යයකි.

ශ්‍රී ලංකාවේ රාවණා රජු පරාජය වූවේ මනුෂ්‍යයෙකුට නොව පිටසක්‌වලින් පැමිණි මාර දිව්‍ය පුත්‍රයාටය.

දුක හිතෙනවා නම් කියවල බලන්න එපා

දුක හිතෙනවා  නම් කියවල බලන්න එපා 


ජීවිතේ හමුවුන හොදම ගුරුතුමිය මෙය වසර ගණනාවකට පෙර පාසලක පහළ පන්තියක ගුරුවරියක් මුහුන දුන් සිද්ධියකි. ඇය 5 වසර පන්ති භාර ගුරුතුමිය වූ අතර නව වසරේ ඇගේ නව පන්තිය ඉදිරියට පැමිනි ඇය ගුරුවරුන් පොදුවේ පවසන බොරුවක් ළමුන් හා පැවසූවාය.එනම් ඇය පන්තියේ ළමුන් සියලු දෙනාටම එක හා සමානව ආදරය කරන බවත් ඔවුන් සියලු දෙනා ඇයට එක හා සමාන බවත්ය...

ඇගේ මෙම වැකිය බොරුවක් වීමට ආසන්නතම හේතුව වූයේ පන්තියේ ඉදිරිපස පේලියේ වාඩි වී සිටි ටෙඩී නම් කුඩා පිරිමි දරුවාය.. සෑම දිනකම තම සිරුරට වඩා විශාල වූ අපිරිසිදු ඇදුම් හැද පාසලට පැමිනෙන ඔහු අසලින් සැර දහඩිය ගදක් පිටවූයේ ඔහු දිනපතා ස්නානය නොකරන නිසා විය යුතුය.. ඔහුට මිතුරන් සිටියේ නැත. විවේක කාලයේ අනෙක් දරුවන් ක්‍රීඩා කරන විට ටෙඩී සිටියේ හුදකලාව බලා ගත් වන බලාගෙනය..ගුරුතුමියගේ සිතේ මුලින් ඔහු පිලිබද මද නොරිස්සුමක් පමනක් තිබුන නමුත් කල් යාමේදී එය වර්ධනය වූ අතර අවසානයේ ටෙඩී පිලිබද සියුම් වෛරයක් දක්වා එය වැඩි දියුණු විය. ඔහුගේ විභාග ප්‍රශ්ණ පත්‍ර පරීක්‍ෂා කිරීම ඇය මහත් උනන් දුවෙන් සිදු කල අතර රතු පෑනකින් ඔහුගේ වැරදි උත්තර විශාල කතිරයකින් කපා ප්‍රශ්ණ පත්‍රයට ඉහලින් විශාල" "F" අකුරක් දැමීමෙන් ඇයට සියුම් සතුටක් දැනුනි.

පන්තියේ සෑම සිසුවෙකුගේම අතීත වාර්තා පරීක්‍ෂා කිරීම පාසලේ නීතියක් වූවත් ගුරුතුමිය සිතා මතාම ටෙඩීගේ වාර්තාව වාර්තා ගොන්නේ පහලටම දැම්මේ ඔහු සමග පැවති වෛරය නිසාමයි. නමුත් අවසානයේ ඇය ටෙඩීගේ වාර්තා පරීක්‍ෂා කල විට ඇය විශ්මයට පත් විය.

ටෙඩීගේ පලමු වසරේ ගුරුවරිය ඔහු පිලිබදව තබා තිබුනේ මේ ආකාරයේ සටහනක්

"නිතරම සිනාමුසුව ඉන්න ටෙඩී අති දක්‍ෂ සිසුවෙක්. තමන්ට පැවරෙන වැඩ කොටස හොදින් පිරිසිදුව නිම කරන ඔහු ඉතාම යහපත් ගතිගුණ සහිත ළමයෙක්,ඔහු වැනි සිසුවෙක් පන්තියේ සිටීම සතුටට කරුණක්"

දෙවන වසරේ ගුරුතුමියගේ සටහන මේ ආකාරයි

"ටෙඩී විශිෂ්ඨ සිසුවෙකි.පන්තියේ අනෙක් ළමුන් අතර ඔහු කැපී පෙනෙයි,අනෙක් සිසුන් ටෙඩීට බෙහෙවින් ප්‍රිය නමුත් වසරේ අවසාන භාගයේදී මවගේ රෝගී තත්වය නිසා ඔහු බෙහෙවින් කම්පාවට පත් වී ඇති බව පෙනී යයි"

තෙවන වසරේ ගුරුතුමියගේ සටහන මෙසේයි

"ඔහුගේ මවගේ මරණය ඔහුට විශාල බලපෑමක් එල්ල කර ඇති අතර සාමාන්‍ය තත්වයට පැමිනීමට ඔහු විශල ලෙස උත්සාහ කලත් ඔහුගේ පියාගෙන් ඊට සහායක් නොමති බව පෙනී යයි. මෙම තත්වයට ඉක්මන් පිලියමක් නොයෙදුවහොත් ඔහුගේ අධ්‍යාපනය කඩාකප්පල් විය හැකි බව මගේ හැගීමයි.

හතර වසරේ ගුරුතුමියගේ සටහන මේ ආකාරයි

"පාසල් කටයුතු පිලිබදව ඔහුගේ උනන්දුව අවම අතර බොහෝ විට පන්ති කාමරයේදී නිදා ගනී.බොහෝ විට හුදකලාව සිටින අතර යහලුවන් නොමැත"

ටෙඩීගේ අතීත වාර්තා කියැවූ ගුරුතුමියට ඔහුගේ තත්වය වැටහුනු අතර ඇයට ඇය පිලිබදව දැනුනේ විශාල ලැජ්ජාවකි.ඒ මුල් පාසල් වාරයේ අවසන් දිනය අතර ඔහුගේ අතීත වාර්තා කියැවීමට මෙතරම් පමා වීම පිලිබදව ඇය පසු තැවුනි.

පාසලේ සම්ප්‍රදායට අනූව මුල් පාසල් වාරයේ අවසන් දිණයේ සෑම සිසුවෙකුම පන්ති භාර ගුරුතුමියට කුඩා ත්‍යාගයක් පරිත්‍යාග කල යුතු අතර ටෙඩී ඇයට පර්ත්‍යාග කල ත්‍යාගය දුටු ඇගේ සිතේ ඔහු පිලිබදව හට ගත් ශෝකය තවත් වැඩි විය..අනෙක් සෑම සිසුවෙක්ම ඉතා ලක්‍ෂණ දවටන කොල වලින් ත්‍යාග ඔතා විසිතුරු ලෙස ඒවා සකසා තිබූ නමුත් ටෙඩීගේ ත්‍යාගය අවලක්‍ෂණ ලෙස ඔතා තිබුනේ රළු බ්‍රවුන් පේපර් කවරයකිනි.

අනෙක් සිසුන් ඉදිරියේ ඇය ටෙඩීගේ පාර්සලය විවෘත කල අතර එහි වූ පරණ තාලයේ ඇට මාලය සහ අඩක් හිස් වූ සුවද විලවුන් බෝතලය දුටු සමහර සිසුන් සිනා සුනේ ටෙඩීට සරදම් කිරීමටයි.ගුරුතුමිය සිසුන් ගේ සිනහව වැලැක්වූයේ ඇට මාලය ඉතා ලස්සන බව පවසා එය පැලදීමෙනි.සුවද විලවුන් ස්වල්පයක් ගල්වා ගැනීමටත් ඇය අමතක කලේ නැත. එය ඇය ජීවිතයේ ලද හොදම ත්‍යාගය බව ඇය පන්තිය ඉදිරියේ පැවසීය.

පාසල අවසානයේ අනෙක් සිසුන් පිට වූ පසු ගුරුතුමිය ලගට පැමිනි ටෙඩී සිහින් ස්වරයෙන් මෙසේ පැවසීය.

"අද මිස් ලග අපේ අම්මාගේ සුවද එන්නේ..."

ඔහු පරිත්‍යාග කර තිබුනේ ඔහුගේ මව පාවිච්චි කරමින් සිටි සුවද විලවුන් කුප්පියක් බව ඇයට වැටහුනේ ඒ මොහොතේයි.

එදින පටන් ගුරුතුමිය ටෙඩීට විශේෂ අවධානයක් යොමු කල අතර මදින් මද ඔහුගේ සුපුරුදු දක්‍ෂතා මතු වන ආකාරයක් පෙනුනි.ඇය ඔහුව වඩ වඩා ධෛර්යමත් කරන විට ඔහුගේ හැකියාවන් වඩ වඩා ඔප මට්ටම් වූ අතර වසර අවසානය වන විට පන්තියේ සිටි දක්‍ෂතම සිසුන් ගෙන් අයෙක් වීමට ටෙඩී සමත් වුනා.

වසර අවසානයේ ඔවුන් වෙන් වූ නමුත් තවත් වසරක් අවසානයේ ඇයට ටෙඩීගෙන් ලැබුනු ලිපියක සටහන්ව තිබුනේ ඔහුගේ ජීවිතයේ ඔහුට හමු වූ හොදම ගුරුතුමිය ඇය බවයි.

තවත් වසර කීපයකින් ඔහු එවා තිබූ තවත් ලිපියකින් ඔහු පවසා තිබුනේ පාසල් අධ්‍යාපනය අවසන් බවයි.ජීවිතයේ ඔහුට හමු වූ හොදම ගුරුතුමිය ඇය බව සටහන් කිරීමටත් ඔහු අමතක කර තිබුනේ නෑ.

කාලය වේගයෙන් ගෙවී ගිය අතර තවත් වසර කීපයකින් ඇයට ඔහුගෙන් තවත් ලිපියක් ලැබුනා,ඔහු දැන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන බව එහි සටහන් කර තිබූ අතර සුපුරුදු ලෙස තවමත් ජීවිතයේ ඔහුට හමු වූ හොදම ගුරුවරිය ඇය බව සදහන් කිරීමටත් ඔහු අමතක කර තිබුනේ නෑ.

තවත් වසර කීපයකින් ඔහුගෙන් තවත් ලිපියක් ලැබුනා.මේ වන විට ඔහු විද්‍යාවේදී උපාධිය අවසන් කර තිබූ අතර තව දුරටත් අධ්‍යාපනය සිදු කරන බව ඔහු දන්වා තිබුනා.
"මගේ ජීවිතේ මට හමුවුන හොදම ගුරුතුමිය ඔබයි" කියා සටහන් කරන්නටත් ඔහු අමතක කලේ නෑ.

තවත් වසර ගණනාවකින් ලැබුනු ලිපියකින් ඔහු දන්වා තිබුනේ ඔහුට හමු වූ ජීවන සහකාරිය පිලිබදවයි,
"මම ඊළග මාසේ ඇයව විවාහ කර ගන්නවා. මගේ තාත්තා ගිය අවුරුද්දේ මිය ගියා. ඔහු මිය යන්න කලින් මගෙන් ඉල්ලා සිටියා විවාහ දිනයේ මගේ දෙමව්පියන් වෙනුවට ඔබව සහභාගි කර ගන්නා ලෙස. මිස් එනවා නේද? මට ජීවිතේ හමු වුන හොද්ම ගුරුතුමිය ඔබයි"
මේ වන විට ඔහු ආචාර්ය ටෙඩී.

ගුරුතුමිය විවාහයට සහභාගි වූ අතර පස් වන වසරේදී ටෙඩී ඇයට තෑගි කල ඉතා පරණ ඇට මාලය පැලදීමටත් ඒ සුවද විලවුන් ගැල්වීමටත් ඇය අමතක කලේ නෑ.ඔහුට වැටහුනේ තම මව පැමින සිටින බවක්,ඇයව වැලද ගත් ඔහු ඇගේ කනට කර මෙසේ මිමිනුවා,

"පස් වෙනි පන්තියේදී මගේ ජීවිතය වෙනස් කලාට ඔබට ගොඩක් ස්තූතියි මිස්...එදා මම අම්මගේ පරණ ඇට මාලෙයි පාවිච්චි කරපු සුවද විලවුන් බෝතලෙයි තෑගි දීපු වෙලාවේ ඒවා පන්තිය ඉස්සරහ අගය කරලා මම වැදගත් පුද්ගලයෙක් බව මට වටහල දුන්නට ඔබට ස්තූතියි, එදා තමා මගේ ජීවිතයේ වැදගත්ම දවස...
ඔබයි මගේ ජීවිතේ මට හමුවුන හොදම ගුරුතුමිය""

ඔබ දැනගතයුතු විද්‍යාත්මක හේතු


ඔබ දැනගතයුතු විද්‍යාත්මක හේතු



ඔබ දැනගතයුතු විද්‍යාත්මක හේතු

*ශ‍්‍රී ලංකාවේ පරිසරය ලෝහ විඛාදනයට හිතකරය.ශ‍්‍රී ලංකාව වටා ඇත්තේ මහා සාගරයයි. එහි ජලය සුර්ය තාපය නිසා වාෂ්ප වේ. මෙම වාෂ්ප වල ලවණ අඩංගු වේ. මෙම ලුණු මිශ‍්‍ර ජල වාෂ්ප ලෝහ සමඟ ගැටීමෙන් ප‍්‍රතික‍්‍රියා කරයි. අධික උෂ්ණත්වයද මෙයට බලපාන බැවින් ලෝහ විඛාදනය හොඳීන් සිදුවේ.


*වවුලා රාති‍්‍රයට බාධක මගහැර පියාසර කරයි.වවුලා පියාසර කිරීමේදී කටින් නිකුත් කරන අතිධ්වනි තරංග බාධකයේ වැදී පරාවර්තනය වීම නිසා ඌට ඇසෙන දෝංකාර හඬ ප‍්‍රතිග‍්‍රහණය කිරීමෙන් එම බාධක හඳුනාගනී.


*විකිණීමට ඇති ඉඳීකටු ඇළුමිනියම් පත‍්‍රවල ඔතා ඇත.ඉඳීකටු තනා ඇත්තේ වානේ වලිනි. ඇළුමිනියම් වානේ වලට වඩා සකි‍්‍රයතාවයෙන් වැඩිය මේ නිසා ඇළුමිනියම් පත‍්‍ර මඟින් ඉඳීකටු මළ බැඳීම වළක්වයි.


*වගාබිමකට පොහොර දැමිම අවශ්‍ය වුවත්.වනාන්තරයක කොළ අතු සියල්ල දිරාපත්වී නැවත පසටම එකතු වන බැවින් පසෙන් ලබා ගන්නා මුලද්‍රව්‍ය නැවත පසට එකතුවේ. වගාබිමක අස්වැන්න නෙළා ගෙන ඉවත් කරන බැවින් පස නිසරුවේ. මෙය දිගින් දිගටම සිදුවන බැවින් පොහොර යෙදීමට සිදුවේ.


* හුමාලයෙන් පිළිස්සීම තදබලය.නටන ජලයට වඩා හුමාලයේ අඩංගු තාප ප‍්‍රමාණය වැඩිය. හුමාලය සමට වැදුණු විට මෙම අතිරේක ගුප්ත තාපයද පිළිස්සීමට දායක වේ. නටන ජලයෙන් මෙම අතිරේක තාපය නොලැබේ.


* හ‍ඳේ සිට පණිවුඩ එවීමේදීපෘථිවිය හා චන්ද්‍රයා අතර රික්තක පෙදෙසක් හමුවේ. ධ්වනි තරංග රික්ත තුළින් ගමන් නොකරන නිසා ධ්වනි තරංග වලින් පණිවුඩ හුවමාරු කිරීමට නොහැකි වේ.


*අක්මාවේ ආබාධ ඇති අයට තෙල් ආහාර නුසුදුසුය.අක්මාවේ ඇති පිත් යුෂයෙන් තෙල් සහිත ආහාර තෛලෝදකරණය කරයි. අක්මාවේ ආබාධ ඇතිවිට මෙසේ කි‍්‍රයා කිරීම දුෂ්කර වේ. තවද තෙල් සහිත ආහාර ගැනීමෙන් පිත්යුෂ ස‍්‍රාවයට උත්සාහ කරන නිසා තව තවත් කාර්යයන් වැඩි වීමෙන් අක්මාවේ ආබාධය උත්සන්න වේ.


*අත්තක පොතු වළලු ගැසු විට එහි ඵලදාව වැඩිවේ.ශාකයක ආහාර පරිවහනය සිදු වන්නේ ප්ලෝයම පටක මගිනි. පොතු වළලු ගැසීමේදී එම ස්ථානයෙන් ප්ලෝයම පටකය සම්පුර්ණයෙන්ම ඉවත් වන බැවින් අත්තේ පත‍්‍ර මගින් නිපදවන ආහාර ශාකයේ පහළ කොටස් කරා පරිවහණය නොවී එහි රුස්වේ. අධික ආහාර ප‍්‍රමාණයක් රුස්වෙන බැවින් එහි සෑදෙන ඵල ප‍්‍රමාණයද වැඩිවේ.

සක්වළ කැළඹූ පිටසක්වළ අමුත්තෝ


සක්වළ කැළඹූ පිටසක්වළ අමුත්තෝ 





                                සක්වළ කැළඹූ පිටසක්වළ අමුත්තෝ



අසීමිත වූත්, අනන්ත වූත් මේ මහා විශ්වයේ නිශ්චිතව ම ජීවින් සිටිනවා යැයි දැනට පිළිගනු ලබන්නේ අප වාසස්ථානය වන පෘථිවිය මත පමණි. පෘථිවිය මත හැර වෙනත් ග‍්‍රහලෝක තුළ ද ජීවින් සිටිනවා ද යන්න සොයා බැලීමට මිනිසා යොමු වී සිටින්නේ විශාල වූ ධනස්කන්ධයක් ඒ සඳහා වැය කරමිනි. එතරම් විශාල වූ කැපකිරීමක් කරමින් ඔවුන් ඒ පිළිබඳව සොයා බැලීමට යොමු වී සිටින්නේ පෘථිවිවැසියා විශ්වය තුළ සිටින්නේ තනිව ම ද යන්න සැක සහිත නිසා ය. එම සැකයට ප‍්‍රධානතම හේතුව වී ඇත්තේ ’පියාඹන පීරිසි’ නම් වූ පිටසක්වළ සිට පැමිණෙනවා යයි කියන යානා පිළිබඳව වූ ගුප්ත ආරංචියන් ය. මේ වනවිට ’පියාඹන පීරිසි’ සිය නෙතින් ම දැක ගැනීමට තරම් වාසනාවන්තයෝ මේ පොළෝ තලය මත සිට ඇත. මෙම අත්භූතජනක යානා විශේෂය වර්තමාන සමාජය තුළ කලබලකාරී ස්වභාවයක් ඇති කිරීමට සමත් වී ඇත. මේවායේ පැමිණෙන්නේ පිටසක්වළ ජීවින් ද නැතහොත් මෙය වෙනත් යම්කිසි බලපෑමක්් නිසා දර්ශනය වනවාද යන්න තවමත් ප‍්‍රශ්නයකි.

පීරිසියක් අහසේ පියාසර කරන බව යමෙක් පැවසුවහොත් ඔබ එය විශ්වාස නොකරනු ඇත. එය විශ්වාස කළ නොහැක්කක් වුව ද ’පියාඹන පීරිසි’ නමින් හඳුන්වනු ලබන අහසේ පියාසර කරන පීරිසි වර්ගයක් පිළිබඳව කටකතා විටින් විට වර්තමාන සමාජය තුළ පැතිර යයි. මෙලෙස පියාඹන පීරිසි නමින් අහසේ දර්ශනය වන්නේ මොනවාදැයි යන්න සොයා බැලීම විද්‍යාඥයන් විසින් පර්යේෂණ සිදුකරයි. මේවා පෘථිවියෙන් එපිට ලෝකයක ජීවත්වන ජීවින් විසින් නිර්මාණකරණ ලද ඒවා බවට විශ්වාස කෙරේ. සාමාන්‍යයෙන් පීරිසියක හැඩයට හුරු හැඩයක් ගන්නා නිසාත් අධික වේගයකින් යුතුව අහසේ පියාසර කරන නිසාත් මේවා ’පියාඹන පීරිසි’ ලෙසට හඳුන්වා දී ඇත. ’පියාඹන පීරිසි’ නමින් හඳුන්වනු ලබන මේවා ලෝකයේ විවිධ වූ ප‍්‍රදේශවල ජීවත්වන මිනිසුන්ගේ නෙතට දර්ශනය වී ඇති බවට සාක්ෂි ලැබී ඇත. ශී‍්‍ර ලංකාවේ ද මේවා දර්ශනය වූ බවට වාර්තා ලැබී ඇත.

ඇමෙරිකාවේ මෙක්සිකෝව නම් ප‍්‍රදේශයට 1947 ජුලි මස 04 වැනිදින මෙවැනි යානාවක් කඩා වැටුණු බවට වාර්තාවක් පල වී ඇත. එම යානාවේ පැමිණි ජීවීන් ද ඇමරිකානුවන් විසින් දුටු බව පැවසෙන අතර හිසට සාපේක්ෂව සිහින් සිරුරක් ඇති අළු පැහැයට හුරු කුඩා ජීවීන් විශේෂයක් ඒ තුළ සිටි බවත් සඳහන් ය. මෙම සිද්ධියත් සමඟ ම පියාඹන පීරිසි නැමති අභිරහස් යානා පිළිබඳව විශාල ආන්දෝලනයක් මිනිස් සමාජය තුළ ඇතිවිය. ඉන් පසුව ද මෙවැනි අත්භූතජනක සිද්ධීන් පිළිබඳව නිශ්චිත නිගමනයකට පැමිණීමට අද වනතුරුත් නොහැකි වී ඇත.ඒ කෙසේ නමුදු මේවා පිළිබඳව සොයා බැලීම සඳහා විද්‍යාඥයන් විසින් මෙහෙයුමක් දියත් කර ඇත. රේඩියෝ දුරේක්ෂ භාවිතයෙන් සිදුකරනු ලබන මෙම මෙහෙයුම සෙටි යන නාමයෙන් හඳුන්වා දී ඇත. මුළු ලොව පුරා ම පිහිටුවා ඇති රේඩියෝ දුරේක්ෂ මගින් ඈත අභ්‍යවකාශය වෙත විහිදුවා හරිනු ලබන සංඥා මගින් පිටසක්වළ ජීවින් පිළිබඳ තොරතුරු ලබාගත හැකි බව ඔවුන් පවසයි. අහසේ විටින් විට දැකගැනීමට ලැබෙන ’පියාඹන පීරිසි’ නම් වූ යානාවන් තුළ පැමිණෙන්නේ කවුරුන් ද යන්න මේ මගින් නිගමනය කළ හැකි බවයි පැවසෙන්නේ.

පියාඹන පීරිසි නමින් හඳුන්වනු ලබන යානා විශේෂය පිළිබඳව වර්තමාන තත්ත්වය එසේ වුවද කටකතා හා ආරංචියන් මත පදනම් වූ මිනිස් සමාජය තුළ මේ පිළිබඳව විවිධ වූ විශ්වාසයන් බිහි විය. පියාඹන පීරිසි වල පැමිණෙන්නේ පිටසක්වළ ජීවින් බවට අයෙක් විශ්වාස කළ අතර අයෙක් එය අසත්‍යයක් බව පැවසුවේ ය. මේ අතර මෙම අදහස් දෙක අතර තනි වූ මිනිසුන් ද මේ සමාජය තුළ අනන්තවත් සිටිති. සමහර අයෙක් තම පෞද්ගලික වාසිය තකා මෙය සත්‍යයක් බව පැවසූහ. එවැනි සිද්ධියක් පිළිබඳ ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාව දෙසින් වාර්තා වේ. එම ප‍්‍රදේශයේ ජීවත් වූ ඇඩම්ස්කි නැමති පුද්ගලයා විසින් පිටසක්වළ යානයකින් පැමිණි ජීවියකු දුටු බවත් තමා ඔහුත් සමග යානාවේ නැගී සෞරග‍්‍රහ මණ්ඩලය තුළ සංචාරය කළ බවත් පැවසීය. ඔහු පැවසූූ සිද්ධිය එසේ වුව ද කල් ගතවත්ම ඔහු කළ ප‍්‍රකාශය අසත්‍ය එකක් බව සොයාගන්නා ලදී. මුළු ලෝකයාටම තම නම ජනපි‍්‍රය කරවා ගැනීමේ අදහසින් මෙය ඉදිරිපත් කරන්නට ඇතැයි සමහරෙක් පවසති.

පියාඹන පීරිසි තුළ පැමිණෙන්නේ පිටසක්වළ ජීවින් යැයි පැවසූ අය අතර පුවත්පත් ප‍්‍රධාන තැනක් ගත්තේය. මේ පිළිබඳ ය පුවත්පත් මගින් අපූරුවට විග‍්‍රහ කර තිබිණි. එම වාර්තා පල කිරීමත් සමඟ ම තම පුවත්පත්වල අලෙවියෙහි ශීඝ‍්‍ර වර්ධනයක් ඇතිකර ගැනීමට පුවත්පත් හිමිකරුවන්ට හැකිවිය. මේවා සම්බන්ධයෙන් සමහර විද්‍යාඥයින් පැවසුවේ සමහර විට වායුගෝල තුය තුළ ඇතිවන කැළඹීම් තුළින් දර්ශනය වන මායාවන් බවයි. ඒ අතර මේවා පිළිබඳව අදහස් දැක්වු අමෙරිකාව පැවසුවේ මේවා විවිධ රටවලින් එවු අභිරහස් යානා විශේෂයක් බවයි. එනම් රහස් ඔත්තු සෙවීමට පැමිණි යානා විශේෂයක් බවයි. එහෙත් පියාඹන පීරිසි දුටු බවට වාර්තා දිගින්් දිගටම ආරංචි විය. ඒ අනුව ඒවා පිළිබඳව පර්යේෂණ කළ විවිධ ආයතන විසින් පියාඹන පීරිසි යන්න කිහිප ආකාරයකින් හඳුන්වා දී ඇත.පියාඹන පීරිසි නමින් ප‍්‍රකටව ඇති මෙය නොහැඳිනුණු මේ පියාසර කරන වස්තූන් විශේෂය අධික වේගයෙන් ගමන් කරන නිසාත් ඒවා මොනවාද යන්න ක්ෂණයෙන් හඳුනාගත නොහැකි නිසාත් අමෙරිකානු ගුවන් හමුදාව විසින් පියාඹන පීරිසි සඳහා ලබාදී ඇත්තේ පහත ආකාරයේ නිර්වචනයකි.

’අහසේ විටින් විට දර්ශනය වන්නා වූ කුමක්දැයි හඳුන්වා ගැනීමට අපහසු වස්තූන් පියාඹන පීරිසි නම් වේ’.මෙම යානා විශේෂය තම නෙතින් දුටු සමහර පුද්ගලයන් ඒ පිළිබඳව පොලීසියට ද දැනුම් දුන්නේ ය. එමෙන් ම මෙය කුමන ආකාරයක් දැයි තේරුම් ගැනීමට නොහැකි බව ද ඔවුන් පැවසූ අතර ඔවුන් ගේ මෙම කි‍්‍රයා කලාපයන් හා සාක්ෂි අනුව ’කොලරාඩෝ ’ විශ්වවිද්‍යාලය පහත දැක්වෙන ආකාරයේ නිර්වචනයක් පියාඹන පීරිසි සඳහා ලබාදී ඇත.’’සමාජයේ වගකිව යුතු පුද්ගලයන්ට පැමිණිලි කිරීමට තරම් චකිතයක් මිනිස් සිතෙහි ඇති කරමින් මොනවාදැයි තේරුම් ගත නොහැකි. මීට පෙර දැක නොතිබූ යම් වස්තුවක් අහසේ පියාසර කරනු දැකීම පියාඹන පීරිසියකි’’.පියාඹන පීරිසිත් දර්ශනය වන මෙම අත්භූතජනක යානා විශේෂය පොළොව මත සිටි අයට පමණක් ම නොව ගුවන් යානා යොදා ගනිමින් ඉහළ අහසේ ගමන් කරමින් සිටි අයට ද දර්ශනය වී ඇති බව පැවසෙයි. පුදුමය වන්නේ එය නොවේ. සඳ මතට ගිය සඳගාමීන්ට පවා සඳ මත දී එවැනි දර්ශන දැක ගන්නට ලැබුණු බව ඔවුන් පවසා ඇත. රාති‍්‍රය හා දහවල යන දෙකෙහි වෙනසක් නොමැතිව දර්ශනය වන පියාඹන පීරිසි දහවල් කාලයේදී එක් ආකාරයකටත් රාතී‍්‍ර කාලයේදී තවත් ආකාරයකටත් දිස්වන බව ඇසින් දුටුවෝ පැවසූ තොරතුරු අනුව ආනාවරණය වී ඇත. දහවල් කාලයේදී රිදී පැහැයට හුරු පැහැයක් ගත් මේවා රාතී‍්‍ර කාලයේ දී දර්ශනය වී ඇත්තේ කිසියම් දිලිසෙන ආලෝක කදම්බයක් ලෙසිනි. එමෙන් ම ඒවා එකම ප‍්‍රමාණයකින් නොව විවිධ ප‍්‍රමාණයන්ගෙන් යුතුව දිස් වී ඇති බව පැවසෙන අතර දැනට දැක ඇති පියාඹන පීරිසියේ විශාලත්වය මීටර් විස්සක් පමණ වන බව ගණන් බලා තිබේ.

ඉන්දියාවෙත් ඩයිනෝසරයෝ



ඉන්දියාවෙත් ඩයිනෝසරයෝ

ඉන්දියාවෙත් ඩයිනෝසරයෝ


පිහාටු තිබු බවට සැලකෙන නව වර්ගයක ඩයිනෝසරයකුගේ සැකිලි ඉන්දියාවෙන් හමු වී ඇත. දැනට වසර මිලියන 65 ට පෙර සෙසු ඩයිනෝසර වර්ග ආහාරයට ගත් මේ මාංශ භක්ෂක ඩයිනෝසරයාගේ හිස මත අඟක් ද තිබී ඇති අතර ඌ මීටර් 9 ක් (අඩි 30 ක්) පමණ දිගු සතකුද වන බව මේ බව ලොවට හෙළි කරන ඉන්දීය හා අමෙරිකානු විද්‍යාඥයෝ පිරිස පවසති.මේ නව හෙළිදරව්වත් සමඟ ශී‍්‍ර ලංකාවේද ඩයිනෝසරයන් සිටින්නට ඇතැයි යන කුකුසක් මතුවීමට බොහෝ දුරට ඉඩකඩ පවතී.මෙම ඩයිනෝසරයාගේ හිස්කබලේ සැකිලි මඟින් ප‍්‍රති නිර්මාණයක් කිරීමේදී වත්මන් පිහිටීමට තුඩුදෙන පරිදි මහාද්වීප පාවීගියේ කෙසේද යන්න හා ඩයිනෝසරයන් වඳවී යාමට කුමක් හේතුවීද යන්න පිළිබඳ යම් අදහසක් ඇති කැරගත හැකි වෙතැයි සැලකේ.මීට දහඅට වසරකට පෙර ඉන්දීය විද්‍යාඥයන් විසින් එක්රැස් කරන ලද ඩයිනෝසර් ඇටකටු සම්මිශ‍්‍රණයක් අධ්‍යයනය කිරීමට 2001 දී පාෂාණීය ධාතු විද්‍යාඥ පෝල් සෙරීනෝ සහ ජෙෆ් විල්සන් ඉන්දියාවට පැමිණ විට එම ඇටකටු කාර්යාලයක බිම අතුරා තිබෙනු ඔවුනට දක්නට ලැබිණ.එම ඇටකටු තොගය මැනවින් නිරීක්ෂණය කිරීමේදී තෙරෝපොඩ් හෙවත් මාංශ භක්ෂක ඩයිනෝසරයකුගේ ඇටකටු ඒ අතරින් වෙන්කැර ගැනීමට ඔවුනට හැකි විය. උගේ හිස්කබලේ මැද කොටස සොයාගත් විට එහි මැඩගස් කර ඩයිනෝසරයන්ගේ පිහිටා ඇති පරිදි අඟක් තිබෙනු දක්නට ලැබී ඇත. තවදුරටත් සිදුකළ නිරීක්ෂණයේදී වම් උකුල් ඇටය හා දකුණු උකුල් ඇයට ද උකුල් ඇටය පිටුපස කශේරුකා කොටසද ඔවුනට හමුවිය.

මෙහිදී ඔවුන්ගේ ඉන්දීය සමගාමීන් විසින් සවිස්තරාත්මකව අතින් අඳිනලද සිතියම් විමසා බැලූ ඔවුහු මෙම ඇටකටු එකිනෙකට බැඳී තිබෙන අයුරක් පිළිබිඹු කරමින් එක ළඟ වැළලී තිබී ඇති බව අනාවරණය කැර ගත්හ.මෙම අවස්ථාවේ මෙතෙක් ලොව සොයා ගෙන නැති ඩයිනෝසර් වර්ගයක ලොව සැකිලි කොටස් එහි ඇති බව අනාවරණය වූ විට ආකිමිඩීස්ගේ “යුරේකා” මොහොතක වාතාවරණය එහි ඇති වූ බව සෙරිනෝ ප‍්‍රකාශ කැර තිබේ. සෙරීනෝ, චිකාගෝ සරසවියේ පාෂාණීය ධාතු විද්‍යාව පිළිබඳ මහැදුරු මෙන් ම ජාතික භූගෝලවිද්‍යා ගවේෂකයකු ද වන්නේ ය.මෙම වසර මිලියන 65 ක් පැරැණි ඇටකටු සොයාගනු ලැබ ඇත්තේ 1983 ඩයිනෝසර බිත්තර හා කූඩු සොයාගිය ගමනකදී ඉන්දීය භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ සුරේශ් ශී‍්‍රවස්තවා සහ පන්ජාබ් සරසවියේ පාෂාණධාතු විද්‍යාඥ අශෝක් සහිනි විසිනි.එම පාෂාණය ඇටකටු කණින ලද බිම් කඩෙහි පිහිටි අයුරු ශි‍්‍රවස්තා විසින් සවිස්තරාත්මකව සිතියම් ගත කරනු ලැබ ඇත. ඉන්පසු මෙම ඇටකටු ඉන්දීය භූ විද්‍යා සමීක්ෂණ ආයතන කාර්යාලයක ගබඩා කෙරිණි. සෙරිනෝ හා විල්සන් පැමිණෙන තුරුම ඒවා එහි පැවතිණි.ඉන්දියානු විද්‍යාඥයන් හා එක් වූ මේ දෙදෙනා මීටර් 9 (අඩි 30) ක්්දිග මෙම නව ඩයිනෝසරයාගේ හිස් කබල ප‍්‍රතිනිර්මාණය කළහ. මේ මාංශ භක්ෂකයා “ රජසෝරස් - නර්මදේන්සිස්” ලෙස නම් කෙරිණ. එහි අරුත “නර්මදා වේ රාජකීය ඩයිනෝසරයා” යන්නයි. එම ඩයිනෝසරයා එසේ නම් කෙරුණේ ඇටකටු සොයා ගැනුණු බටහිර ඉන්දීය නදී කලාපය අනුව යමිනි. මෙම කි‍්‍රයාවලියට ජාතික භූගෝලවිද්‍යා සංගමයෙන්ද සහාය ලැබී ඇත.ලෝකයේ මහාද්වීප පහේදීම නව ඩයිනෝසර් වර්ග සොයාගෙන ඇති සෙරිනෝ මෙම ඉන්දීය ඩයිනෝසර් ඇටකටු හා සැකිලි මැනවින් හඳුනා ගත්තද හිස්කබල ප‍්‍රති නිර්මාණයෙන් පසු මෙම අහිමි ඉන්දීය ඩයිනෝසරයා පිළිබඳ ඡායා මාත‍්‍රගත අවබෝධයක් ලැබූ බව කියා තිබේ. දැනටත් ජුරාසික් යුග ඩයිනෝසර් සැකිලි දෙකක් ඉන්දයාවේ සකස්කොට ඇත. මෙහිදී ඒවා තනි සැකිලි නොව තනි තනි ඇටකටු සංයෝග කිරීමෙන් තනාගත් ඒවාය.

තනි ඇටකටු මඟින්, ඉන්දියාවේ මාංශ භක්ෂක හා ශාක භක්ෂක ඩයිනෝසරයන් සිටි බව වටහාගෙන ඇතත් ඔවුන්ගේ සැබෑ ස්වරූපය කෙබඳු වී දැයි නොදන්නේ කිසිම ඇටකටු දෙකක් එකම ඩයිනෝසරයකුට අයත් බව අනාවරණය නොවීම නිසාය. මෙහිදී රාජසොරස් වර්ගය වැදගත් වන්නේ එය ඇටසැකිල්ලේ විශාල කොටසක් විදහන අතර ඔවුන්ගේ විකාශයීය සබඳතා ඇඟවෙන විස්තර රැසක්ම සුරැකි ඇති බැවිනි.ප‍්‍රතිනිර්මාණික හිස්කබලේ සමහර කොටස් ගිලිහී ගොස් ඇතත්, අත්‍යවශ්‍ය කොටස් එහි පවතී. ඒ අනුව හකුපාඩා හා මොළ කූඩුව ඉතිරි වී ඇත. මේ රාජසෝරස් නම් ඩයිනෝසර් වර්ගය බෙහෙවින් බරය. ශක්තිමත්ය. ඒ සමගම ඌ දෙපාවලින් ඇවිද ගිය සතෙකි. ඌ නව වර්ගයක් බවට පත් කෙරෙන ශාරීරික ලක්ෂණ කීපයක් ම පවතින අතර, එහිදී වඩාත් කැපී පෙනෙන්නේ උගේ හිස මත පිහිටි අඟයි. එය බෙහෙවින් සියුම් විය හැකි අතර ඉතා කොට හා වටකුරු විය හැකිය.මෙම රාජසෝරස් මාංශ භක්ෂකයා ඩයිනෝසර් යුගයේ අවසානයට අයත් කි‍්‍රටේසියස් අවදියට අයත් වූ අතර, නර්මදා කළාපයේ සරිසැරූ ශාක භක්ෂක ඩයිනෝසරයන් වූ දිගු ගෙල සහිත ටයිටැනෝසෝර් වර්ගය ගොදුරු කැර ගත්තේ ය.මෙම ඩයිනෝසර් වර්ග දෙකේ ම ඇටකටු එකට හමු වී තිබේ. ඉන්දිය පාෂණ ධාතු විද්‍යාඥයින්ට මෑතකදී ටයිටැනෝසරයන්ගේ පාෂාණ භූත අපද්‍රව්‍ය හමුවී ඇති අතර එය ඔවුන්ගේ ආහාරය කුමක් වී දැයි ඉගි කරන්නකි.රාජසෝරස් සැකිලි සොයාගත් ප‍්‍රදේශයෙන්ම කෙරොපොඩ් ඩයිනෝසරයන්ගේ බිත්තර කීපයක් සොයගෙන ඇති නමුදු ඒවා රාජසෝරසයන්ට අයත් යැයි නිශ්චිතව කිව නොහැකිව ඇත.විද්‍යාඥයන්ගේ පිළිගැනීම වන්නේ රාජසෝරස්යන් මාංශභක්ෂක ඩයිනෝසර වර්ගයට අයත් බවය. උන්ගෙන් බහුතරයකට අඟක් තිබී ඇති අතර උන් වත්මන් මැඩගස්කරය, අපි‍්‍රකාව හා දකුණු අමෙරිකාව අයත් දක්ෂිණාර්ධ ගෝලීය ගොඩබිම් ස්කන්ධය පුරා සැරිසරා ඇත.




මහාද්වීප සියල්ල එකට එක්ව තිබුණු සමයේ ජීවත්වෙමින් පරිණාමයට ලක්ව මියගිය එකම සුවිශාල සත්වයා ඩයිනෝසරයා බවට මිනිසුන් බොහෝ දෙනකු අවබෝධ කැරගෙන නැතැයි සෙරීනෝ පවසයි.වසර මිලියන 65 කට පමණ පෙර මහා විනාශයක් සිදුවීමට මත්තෙන් විසූ අවසන් වර්ගට අයත් තත්කාලීන ටයිරැනෝ සොරස් රෙක්ස් වර්ගයට රාජසොරස් වර්ගය බෙහෙවින් සමාන වී තිබේ.ඩයිනෝසරයන් වඳ වි යාමට හේතුව මහත් විවාදයට ලක්වූවකි. එහෙත් ඉන්දියාවේ ඇටසැකිලි හමු වූ උන් වැළලුණු බිම් ප‍්‍රදේශ ඊට ඉඟියක් සපයනු වැනිය. මෙම ඩයිනෝසර සැකිලි හමු වූ අවසාධිත පාෂාණයන් ඇත්තේ පෘථිවියේ ඉකුත් වසර මිලියන 500 ක ඉතිහාසයේ වාර්තා වී ඇති විශාලම ගිනිකඳු කි‍්‍රයාවලියක් සිදුවූ ප‍්‍රදේශයක බව ෂානි කියා තිබේ.ඉන්දීය භූමියෙන් 1/3ක්ම ලාවා වලින් වැසී ඇති හෙයින් ඩයිනෝසර් ඇටකටු සොයා ගැන්ම බෙහෙවින් දුෂ්කර බවත්, අනිත් අතට ඉන්දියාව ජනාකීර්ණ රටක් වීමද ඊට බලපාන බවත්්දක්වන සෙරීනෝ පාෂාණධාතු විද්‍යාඥයකුගේ කැණීම් වලට පහසුම ස්ථානය පාළු කාන්තාර බවද පවසයි.ඩයිනෝසර පාෂාණය ධාතු සොයා ගැන්මෙන් ඉන්දියාව සෙසු මහාද්විපයන්ගෙන් වෙන්වූ ආකාරය පිළිබඳ ඇති මඳ අවබෝධය පුළුල් කරනු ඇතැයි සැලකේ. ඉන්දීය උපමහාද්වීපය පාවී ගිය කාල වකවානු මනා නිශ්චය කිරීමකට ලක්ව නැතත්, ඩයිනෝසරයන් මහාද්වීප හරහා ගමන් කළ සත්ව වර්ගයක් බැවින් මහාද්වීප ප්ලාවිතය (පාවීයාම) පිළිබඳ අධ්‍යයනයට උන් බෙහෙවින් උපකාරි වනු ඇති බව විල්සන්ගේ මතය වී තිබේ.මේ අනුව ඉන්දියාවත් ශී‍්‍ර ලංකාවත් කලෙකදී යා වී පැවතුණ බවට ඇති භූවිද්‍යාත්මක සාක්ෂි මැද ඩයිනෝසරයන් වර්ගයක් මෙහිද නොසිටියේ යැයි කිව හැකිද?

අහසෙන් පොළවට වැටෙන උල්කාපාත



අහසෙන් පොළවට වැටෙන උල්කාපාත



අහසෙන් පොළවට වැටෙන උල්කාපාත


පීතන්' යනු අභ්‍යවකාශ යානයක් මගින් සොයා ගන්නා ලද පළමු ග‍්‍රාහකයයි. 1983 වර්ෂයේ දී සොයා ගන්නා ලද මෙම ග‍්‍රාහකයා 3200 ලෙසින් අංකනය කර තිබුණි. මෙය ද ප‍්‍රමාණයෙන් තරමක් විශාල වූ ග‍්‍රාහකයකි. අභ්‍යවකාශයෙ හි අයාලයේ සැරිසරමින් පවතින මෙම ග‍්‍රාහක සමහර අවස්ථාවල පෘථිවියට ඉතා ආසන්නව ගමන් කරයි. එසේ පාථිවියට ආසන්නව ගමන් කළ ග‍්‍රාහක විශාල ප‍්‍රමාණයක් සොයා ගැනීමට තාරකා විද්‍යාඥයෝ සමත් වී ඇත. එහි ප‍්‍රමාණය 433 ක් පමණ බවයි පැවසෙන්නේ.පෘථිවියට ආසන්න ව ගමන් කරන ග‍්‍රාහක අනාගතයේ දී පෘථිවි වැසියාට විශාල අභියෝගයක් වනු ඇත. ඉහළ අහසේ අයාලයේ සැරිසරමින් පවතින මේවා යම් හෙයකින් පෘථිවි ගුරුත්වාකර්ශණයට හසු වුවහොත් මේ මුළු පෘථිවිතලය ම විනාශ වී යනු නොඅනුමාන. එවැනි ව්‍යසනයක් 2029 වර්ෂයේ දී සිදු වීමට ඉඩ ඇති බවට තාරකා විද්‍යාඥයින් විසින් අනතුරු අඟවා ඇත. තත්ත්වය එසේ වුවහොත් ඈත අතීතයේ සිට පැවත ආ මිනිස් ශිෂ්ටාචාරය එතැනින් ම විනාශ වී යාම පුදුමයක් නොවේ. මෙසේ පෘථිවිය මතට කඩා වැටීමට නියමිතව ඇත්තේ මිටර් තුන්සිය විස්සක නිරක්ෂිය විශ්කම්භයකින් යුතු 2004 ථ. ද. 4 නැමැති කුඩා ග‍්‍රාහකයයි. මෙය පෘථිවිය වෙත පැමිණීමේ දී පෘථිවි වායුගෝලය මගින් එහි විශාල කොටසක් පුළුස්සා දැමුව ද අඩකටත් වඩා වැඩි කොටසක් පෘථිවිය මතට ඇද හැලෙන බව තාරකා විද්‍යාඥයින් ගේ මතයයි.2029 වර්ෂයේ අපෙ‍්‍ර්ල් මස 13 වැනි දින මෙම පෘථිවි හා ග‍්‍රාහක ගැටුම් ඇති විය හැකි යැයි අමෙරිකානු නාසා ආයතනය පවසයි. මීට අවුරුදු දහස් ගණනකට පෙර ඈත අතීතයේ දී අප පෘථිවියේ ජීවත් වූ විශාල උරග විශේෂයක් වූ ඩයනෝසර් නැමැති විශාල සත්වයා වඳවී යාමට ද බලපා ඇත්තේ ඈත අභ්‍යවකාශයේ සිට පැමිණි මෙවැනි ග‍්‍රාහකයන් ය. ඈත අතීතයේ දී පෘථිවි වායු ගෝලයට ඇතුළු වූ සුවිශාල වූ ග‍්‍රාහකයක් පෘථිවි වායු ගෝලය තුළ දී විනාශයට පත් නොවී පෘථිවි පෘෂ්ඨයට ඇද වැටුණි. එමගින් විසිරුනු දූවිලි අංශු මගින් පෘථිවි පෘෂ්ඨයට සූර්යාලෝකය වැටීම අවහිර වීම නිසා ඇති වූ පාරිසරික විපර්යාස නිසා ඒ යෝධ දැවැන්ත සත්වයන් වඳ වීගිය බවට විශ්වාසයක් පවතී.2029 වර්ෂයේ දී පෘථිවිය මතට කඩා වැටේ යැයි මතයක් පවතින 2004 ර්. ව්. 4 නමැති ග‍්‍රාහකය පෘථිවියේ කුමන ස්ථානයකට ඇද හැලේදැයි තවමත් නිශ්චිත නිගමනයකට පැමිණීමට නොහැකි වී ඇත. මෙය බොහෝ විට සාගරය මතට වැටීමට ඉඩ ඇති බවට විශ්වාසයක් පවතී. එසේ වුවහොත් විශාල සුනාමි තත්ත්වයකට මුහුණ දීමට මිනිසාට සිදු වනු ඇත. 2029 වර්ෂයේ දී ඇති වේ යැයි විශ්වාස කරනු ලබන මෙම සුනාමි තත්ත්වය ලෝකයේ ඇති වනු ලබන විශාලතම සුනාමි තත්ත්වය වීමට ඉඩ ඇති බව පැවසෙයි. එසේ වුවහොත් පෘථිවි මිනිසුන් විශාල ප‍්‍රමාණයක් රුදුරු ජලකඳ මගින් මරුවා හමුවට ගෙන යනු ඇත. කෙසේ වුවත් 2004 M. N. 4 ග‍්‍රාහකය පෘථිවියේ කුමන ස්ථානයකට ඇද හැලේදැයි නිශ්චිතවම නිගමනය කර නොමැත.පරක් තෙරක් නෙැමැති මහා විශ්වයෙහි විවිධ ප‍්‍රමාණයේ ග‍්‍රහකයා ප‍්‍රකෝටි ගණනින් පිහිටා ඇත. එයින් සමහරක් ඉතා කුඩා ඒවා වෙයි. අභ්‍යවකාශය තුළ රවුම් ගසමින් පවතින මෙම කුඩා ග‍්‍රාහක කැබලි වරෙක පෘථිවියට ආසන්නව ගමන් කරනු ලබයි. මේවා පෘථිවියට ආසන්නව ගමන් කරන අවස්ථාවේ දී පෘථිවි ගුරුත්වාකර්ශණයට හසු වී පෘථිවි වායුගෝලය හා ගැටීම නිසා පිලිස්සී විනාශ වී යයි. එවිට ඒවායේ උෂ්ණත්වය විශාල වශයෙන් ඉහළ යන අතර පෘථිවියේ සිටින අයට අධික දීප්තියකින් යුතුව දිස් වේ. වළාකුළු නැති පැහැදිලි අහසක් දෙස සුපරීක්ෂාකාරීව බලා සිටින විට තරු කඩා වැටෙන ලෙස දිස්වන්නේ මෙවැනි කුඩා ග‍්‍රාහක කැබලි පෘථිවි වායුගෝලයට ඇතුළු වූ විට ය. 


මෙසේ පෘථිවි වායුගෝලය හා ගැටෙන කුඩා ග‍්‍රාහක කැබලි විශේෂිතනාමයකින් හඳුන්වනු ලබයි. "උල්කාපාත" යනුවෙන් හදුන්වනු ලබන්නේ මේවා ය. රාතී‍්‍ර අහස දෙස ටික වේලාවක් බලා සිටිය හොත් මෙවැනි උල්කාපාත දැක ගැනීමට ඔබටත් හැකි වනු ඇත. මුළු රැයක් පුරාවට අහස දෙස බලා සිටියහොත් එක් උල්කාපාතයක් නොව උල්කාපාත රාශියක් දැක ගත හැකි ය. මෙහි ප‍්‍රමාණය පැයකට 5-10 අතර ප‍්‍රමාණයක් ගනී. එනමුත් මේවා අහසේ කුමන දෙසින් කුමන වේලාවක දර්ශනය වේදැයි කීම අපහසු ය. මෙවැනි උල්කාපාත අහඹු උල්කාපාත යනුවෙන් හඳුන්වනු ලබයි. මේවාට නිශ්චිත කාලසටහනක් හෝ ගමන් මාර්ගයක් නොමැත. මේවායේ විශේෂිත ලක්ෂණයක් වන්නේ රාතී‍්‍ර අහසේ ඕනෑම ස්ථානයකින් ඕනෑ ම අවස්ථාවක නිරීක්‍ෂණය කළ හැකි වීමයි. මෙම අහඹු උල්කාපාතවලට නිශ්චිත කාල සීමාවක්් නොමැති වුණත් එකවර ඇද හැලෙන උල්කාපාත විශාල සංඛ්‍යාවක් රැගත් උල්කාපාත වර්ෂා සඳහා නිශ්චිත කාල සීමාවක් ඇත. වසරේ සමහර කාලවලදී උල්කාපාත විශාල සංඛ්‍යාවක් එකවර පෘථිවි වායුගෝලයට ඇතුළු වේ. උල්කාපාත වර්ෂාවක් යනුවෙන් හඳුන්වනු ලබන්නේ මෙයයි. සූර්යයා වටා ගමන් කරමින් පවතින ධූමකේතුවකින් ඉවත්ව ගිය පාෂාණ හා දුවිලි කැටියක් හරහා පෘථිවිය ගමන් කිරීමේ දී එම පාෂාණ කැබලි පෘථිවි ගුරුත්වාකර්ශනයට හසු වීම තුළින් උල්කාපාත වර්ෂාවක් නිර්මාණය වේ. "ලියෝනිඩ්ස්" මෙවැනි උල්කාපාත වර්ෂාවකි.වායුගෝලයක් නොමැති චන්ද්‍රයා ගේ පස් පිටි වගෙයි" යන කියමනට මූූලික වී ඇත්තේ අභ්‍යවකාශයේ සිට පැමිණෙන මේ ආගන්තුක වස්තුන් ය. එනම් උල්කාපාතයන්ය. ස‍ඳෙ හි වායුගෝලයක් නොමැත. සඳ වෙත ළං වන්නා වූ උල්කාපාත ඒ වෙත ඇදී ඒමේ දී ඒවා දවාලීමට තරම් ප‍්‍රමාණවත් වායු ගෝලයක් නොමැති නිසා ඒවා කෙලින්ම සඳ පෘෂ්ඨය හා ගැටේ. මෙලෙස සඳ වෙත පැමිණෙන සෑම උල්කාපාතයක් ම එහි පෘෂ්ඨය හා ගැටීම නිසා සඳේ පස් නිරන්තරයෙන් ම කෙටීමකට ලක් වේ. ඒ හේතුව නිසා සඳේ පස් ඉතා සිහින්ව පිටි ආකාරයෙන් පවතී. වායුගෝලයකට හිමිකම් නොකියන වෙනත් ග‍්‍රහලෝකවලට ද උල්කාපතවල බලපෑම මේ ආකාරයෙන් ම පවතී.