පැයට කිලෝමීටර් 21,000ක වේගයෙන් ගමන්ගත් අමෙරිකානු පර්යේශණ ගුවන්යානයක් පුපුරා යයි








පැයට සැතපුම් 13000ක (පැයට කිලෝමීටර් 21,000) වේගයක් යනු ශබ්දයේ වේගය මෙන් 20ගුණයක වේගයකි! මෙවැනි වේගයකින් ගමන්කල හැකි වෙනත් කිසිදු යනාවක් නැත. අමෙරිකානු ආරක්ශක දෙපාර්තමේන්තුවේ අධිතාක්ශණික පර්යේශණ කටයුතු මෙහෙයවන ඩාර්පා (DARPA) ආයතනය  මගින් මෙහෙයවනු ලැබූ මේ පර්යේශණ ගුවන්යානා ව්‍යාපෘතිය හඳුන්වනු ලැබුවේ ෆෝල්කන් HTV-2 (Falcon HTV-2) යනුවෙනි.

අමෙරිකානු ආරක්ශක දෙපාර්ථමේන්තුවේ Prompt Global Strike උපායමාර්ගික වැඩසටහන

මෙම උපායමාර්ගික වැඩසටහනේ ඉලක්කය අමෙරිකානු ආරක්ශක හමුදාවන්හට (විශේෂයෙන්ම ගුවන් හමුදාවට) ලොව ඕනෑම ස්ථානයකට පැයක් වැනි කෙටි කාලයක් තුලදී ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාව ලබා දීමයි. මේ සඳහා ඉතා ඉක්මණින් ගුවන්ගතකල හැකි, සුපිරි වේගයෙන් ගමන්කල හැකි ගුවන්යානා, මිසයිල හෝ රොකට්ටු නිර්මාණය කිරිමේ ව්‍යාපෘති ඩාර්පා ආයතනය මගින් ආරම්භ කර තිබෙනවා. ෆෝල්කන් ව්‍යාපෘතිය ග්ලෝබල් ප්‍රොම්ප්ට් ස්ට්‍රයික් වැඩසටහනට අනුබද්ධ ගුවන්හමුදා ව්‍යාපෘතිය වනවා.

ෆෝල්කන් HTV-2  



HTV යනු Hypersonic Test Vehicle හෙවත් අධිද්වනික පර්යේශණ යානය යන්නයි. රොකට්ටුවක් මාර්ගයෙන් උඩු ගුවනට විදිනු ලැබූ මේ පර්යේශණ යානයේ එන්ජින් ක්‍රියාත්මක කරනු ලබන්නේ පෘථිවි කක්ශයේදීය. පෘථිවි කක්ශයේදී එන්ජින් දල්වාගෙන නැවත වායුගෝලයට ඇතුලුවන යානය වායුගෝලයේදී උපරිම වේගයට ලඟාවී ඉන්ධන අවසන්වුනු පසු ඉලක්ක කරන ලද මුහුදු ප්‍රදේශයකට වැටෙන්නට සැලැස්වීම පර්යේශකයින්ගේ අරමුණ වුනා. 

මෙතරම් වේගයකින් ගමන් කිරීමේදී යානය හසුරුවාගැනීමේ හා පාලනය කරගැනීමේ හැකියාව, යානය වායුගෝලය හා සිදුවන ඝර්ශණය නිසා ඇතිවන අධික තාපයෙන් (2000C පමණ) යානය ආරක්ශාකරගැනීමේ තාපභාදක තාක්ශණයන්, යානයේ ඉලෙක්ට්‍රොනික පාලන පද්ධති හා පරිගණක යනාදී පද්ධති ගණනාවක ක්‍රියාකාරිත්වය පිලිබඳව දත්ත එකතුකිරීම මෙම පර්යේශණ පියාසැරියේ අරමුණ වුනා.



ෆෝල්කන් HTV-2 පර්යේශණ යානය පුපුරා විනාශවී ගියේ ඇයි?

යානයේ පර්යේශණ පියෑසැරිය පාලනය කල විද්‍යාඥයින් පවසන අන්දමට යානය විනාශවීමට හේතූන්  පහත දැක්විය හැකිය

1] යානයේ වේගය පැයට කිලෝමීටර් 20,000 පසුකරද්දී එය අධික ලෙස රත්වීම. මෙම රත්වීම කොතරම්ද යත් යානයේ පිටත පෘශ්ඨය සෙන්ටිග්‍රේඩ් අංශක 2000ක උශ්ණත්වයක් වාර්තාකලේය.

2] මෙම අධික තාපය නිසා යානයේ පිටත පෘශ්ඨය දියවී ගැලවී යාම

3] පිටත පෘශ්ඨය අහිමිවීමත් සමග යානයේ වායුගති ස්වභාවය (aerodynamic properties) අහිමිවීම නිසා එය වේගයෙන්  දෝලයන වෙමින් පාලනයෙන් මිදී යාම

4] පිටත පෘශ්ඨයේ තාප බාධක ගැලවීයාමෙන් යානයේ ඇතුලත අධික ලෙස රත්වීමත්, පාලනයකින් තොරව දෝලනයවීමත් නිසා යානය පුපුරා විනාශවීම.

ෆෝල්කන් සුපිරිවේග ගුවන්යානා ව්‍යාපෘතියේ අනාගතය.

ඩාර්පා ආයතනය හා අමෙරිකානු ගුවන් හමුදාව පවසන ආකාරයට යානය විනාශවුවද ඔවුන් එම පියාසැරියෙන් අතිවිශාල දැනුම් සම්භාරයක් ලබාගත් අතර මීලඟට නිපැදවෙන ෆෝල්කන් පර්යේශණ යානය මේ සියලු දැනුම මගින් වඩාත් ස්ථාවර පියාසැරිය යෙදිය හැකි යානයක් වනු ඇති බවට විශ්වාසය පලකරයි.

0 ඔබගේ අදහස් දක්වන්න: