ඔබ දැනගතයුතු විද්‍යාත්මක හේතු
ඔබ දැනගතයුතු විද්‍යාත්මක හේතු
*ශ‍්‍රී ලංකාවේ පරිසරය ලෝහ විඛාදනයට හිතකරය.ශ‍්‍රී ලංකාව වටා ඇත්තේ මහා සාගරයයි. එහි ජලය සුර්ය තාපය නිසා වාෂ්ප වේ. මෙම වාෂ්ප වල ලවණ අඩංගු වේ. මෙම ලුණු මිශ‍්‍ර ජල වාෂ්ප ලෝහ සමඟ ගැටීමෙන් ප‍්‍රතික‍්‍රියා කරයි. අධික උෂ්ණත්වයද මෙයට බලපාන බැවින් ලෝහ විඛාදනය හොඳීන් සිදුවේ.
*වවුලා රාති‍්‍රයට බාධක මගහැර පියාසර කරයි.වවුලා පියාසර කිරීමේදී කටින් නිකුත් කරන අතිධ්වනි තරංග බාධකයේ වැදී පරාවර්තනය වීම නිසා ඌට ඇසෙන දෝංකාර හඬ ප‍්‍රතිග‍්‍රහණය කිරීමෙන් එම බාධක හඳුනාගනී.
*විකිණීමට ඇති ඉඳීකටු ඇළුමිනියම් පත‍්‍රවල ඔතා ඇත.ඉඳීකටු තනා ඇත්තේ වානේ වලිනි. ඇළුමිනියම් වානේ වලට වඩා සකි‍්‍රයතාවයෙන් වැඩිය මේ නිසා ඇළුමිනියම් පත‍්‍ර මඟින් ඉඳීකටු මළ බැඳීම වළක්වයි.
*වගාබිමකට පොහොර දැමිම අවශ්‍ය වුවත්.වනාන්තරයක කොළ අතු සියල්ල දිරාපත්වී නැවත පසටම එකතු වන බැවින් පසෙන් ලබා ගන්නා මුලද්‍රව්‍ය නැවත පසට එකතුවේ. වගාබිමක අස්වැන්න නෙළා ගෙන ඉවත් කරන බැවින් පස නිසරුවේ. මෙය දිගින් දිගටම සිදුවන බැවින් පොහොර යෙදීමට සිදුවේ.
* හුමාලයෙන් පිළිස්සීම තදබලය.නටන ජලයට වඩා හුමාලයේ අඩංගු තාප ප‍්‍රමාණය වැඩිය. හුමාලය සමට වැදුණු විට මෙම අතිරේක ගුප්ත තාපයද පිළිස්සීමට දායක වේ. නටන ජලයෙන් මෙම අතිරේක තාපය නොලැබේ.
* හඳේ සිට පණිවුඩ එවීමේදීපෘථිවිය හා චන්ද්‍රයා අතර රික්තක පෙදෙසක් හමුවේ. ධ්වනි තරංග රික්ත තුළින් ගමන් නොකරන නිසා ධ්වනි තරංග වලින් පණිවුඩ හුවමාරු කිරීමට නොහැකි වේ.
*අක්මාවේ ආබාධ ඇති අයට තෙල් ආහාර නුසුදුසුය.අක්මාවේ ඇති පිත් යුෂයෙන් තෙල් සහිත ආහාර තෛලෝදකරණය කරයි. අක්මාවේ ආබාධ ඇතිවිට මෙසේ කි‍්‍රයා කිරීම දුෂ්කර වේ. තවද තෙල් සහිත ආහාර ගැනීමෙන් පිත්යුෂ ස‍්‍රාවයට උත්සාහ කරන නිසා තව තවත් කාර්යයන් වැඩි වීමෙන් අක්මාවේ ආබාධය උත්සන්න වේ.
*අත්තක පොතු වළලු ගැසු විට එහි ඵලදාව වැඩිවේ.ශාකයක ආහාර පරිවහනය සිදු වන්නේ ප්ලෝයම පටක මගිනි. පොතු වළලු ගැසීමේදී එම ස්ථානයෙන් ප්ලෝයම පටකය සම්පුර්ණයෙන්ම ඉවත් වන බැවින් අත්තේ පත‍්‍ර මගින් නිපදවන ආහාර ශාකයේ පහළ කොටස් කරා පරිවහණය නොවී එහි රුස්වේ. අධික ආහාර ප‍්‍රමාණයක් රුස්වෙන බැවින් එහි සෑදෙන ඵල ප‍්‍රමාණයද වැඩිවේ.




ඇමෙරිකාවේ මෙක්සිකෝව නම් ප‍්‍රදේශයට 1947 ජුලි මස 04 වැනිදින මෙවැනි යානාවක් කඩා වැටුණු බවට වාර්තාවක් පල වී ඇත. එම යානාවේ පැමිණි ජීවීන් ද ඇමරිකානුවන් විසින් දුටු බව පැවසෙන අතර හිසට සාපේක්ෂව සිහින් සිරුරක් ඇති අළු පැහැයට හුරු කුඩා ජීවීන් විශේෂයක් ඒ තුළ සිටි බවත් සඳහන් ය. මෙම සිද්ධියත් සමඟ ම පියාඹන පීරිසි නැමති අභිරහස් යානා පිළිබඳව විශාල ආන්දෝලනයක් මිනිස් සමාජය තුළ ඇතිවිය. ඉන් පසුව ද මෙවැනි අත්භූතජනක සිද්ධීන් පිළිබඳව නිශ්චිත නිගමනයකට පැමිණීමට අද වනතුරුත් නොහැකි වී ඇත.ඒ කෙසේ නමුදු මේවා පිළිබඳව සොයා බැලීම සඳහා විද්‍යාඥයන් විසින් මෙහෙයුමක් දියත් කර ඇත. රේඩියෝ දුරේක්ෂ භාවිතයෙන් සිදුකරනු ලබන මෙම මෙහෙයුම සෙටි යන නාමයෙන් හඳුන්වා දී ඇත. මුළු ලොව පුරා ම පිහිටුවා ඇති රේඩියෝ දුරේක්ෂ මගින් ඈත අභ්‍යවකාශය වෙත විහිදුවා හරිනු ලබන සංඥා මගින් පිටසක්වළ ජීවින් පිළිබඳ තොරතුරු ලබාගත හැකි බව ඔවුන් පවසයි. අහසේ විටින් විට දැකගැනීමට ලැබෙන ’පියාඹන පීරිසි’ නම් වූ යානාවන් තුළ පැමිණෙන්නේ කවුරුන් ද යන්න මේ මගින් නිගමනය කළ හැකි බවයි පැවසෙන්නේ.
පියාඹන පීරිසි තුළ පැමිණෙන්නේ පිටසක්වළ ජීවින් යැයි පැවසූ අය අතර පුවත්පත් ප‍්‍රධාන තැනක් ගත්තේය. මේ පිළිබඳ ය පුවත්පත් මගින් අපූරුවට විග‍්‍රහ කර තිබිණි. එම වාර්තා පල කිරීමත් සමඟ ම තම පුවත්පත්වල අලෙවියෙහි ශීඝ‍්‍ර වර්ධනයක් ඇතිකර ගැනීමට පුවත්පත් හිමිකරුවන්ට හැකිවිය. මේවා සම්බන්ධයෙන් සමහර විද්‍යාඥයින් පැවසුවේ සමහර විට වායුගෝල තුය තුළ ඇතිවන කැළඹීම් තුළින් දර්ශනය වන මායාවන් බවයි. ඒ අතර මේවා පිළිබඳව අදහස් දැක්වු අමෙරිකාව පැවසුවේ මේවා විවිධ රටවලින් එවු අභිරහස් යානා විශේෂයක් බවයි. එනම් රහස් ඔත්තු සෙවීමට පැමිණි යානා විශේෂයක් බවයි. එහෙත් පියාඹන පීරිසි දුටු බවට වාර්තා දිගින්් දිගටම ආරංචි විය. ඒ අනුව ඒවා පිළිබඳව පර්යේෂණ කළ විවිධ ආයතන විසින් පියාඹන පීරිසි යන්න කිහිප ආකාරයකින් හඳුන්වා දී ඇත.පියාඹන පීරිසි නමින් ප‍්‍රකටව ඇති මෙය නොහැඳිනුණු මේ පියාසර කරන වස්තූන් විශේෂය අධික වේගයෙන් ගමන් කරන නිසාත් ඒවා මොනවාද යන්න ක්ෂණයෙන් හඳුනාගත නොහැකි නිසාත් අමෙරිකානු ගුවන් හමුදාව විසින් පියාඹන පීරිසි සඳහා ලබාදී ඇත්තේ පහත ආකාරයේ නිර්වචනයකි.
පිහාටු තිබු බවට සැලකෙන නව වර්ගයක ඩයිනෝසරයකුගේ සැකිලි ඉන්දියාවෙන් හමු වී ඇත. දැනට වසර මිලියන 65 ට පෙර සෙසු ඩයිනෝසර වර්ග ආහාරයට ගත් මේ මාංශ භක්ෂක ඩයිනෝසරයාගේ හිස මත අඟක් ද තිබී ඇති අතර ඌ මීටර් 9 ක් (අඩි 30 ක්) පමණ දිගු සතකුද වන බව මේ බව ලොවට හෙළි කරන ඉන්දීය හා අමෙරිකානු විද්‍යාඥයෝ පිරිස පවසති.මේ නව හෙළිදරව්වත් සමඟ ශී‍්‍ර ලංකාවේද ඩයිනෝසරයන් සිටින්නට ඇතැයි යන කුකුසක් මතුවීමට බොහෝ දුරට ඉඩකඩ පවතී.මෙම ඩයිනෝසරයාගේ හිස්කබලේ සැකිලි මඟින් ප‍්‍රති නිර්මාණයක් කිරීමේදී වත්මන් පිහිටීමට තුඩුදෙන පරිදි මහාද්වීප පාවීගියේ කෙසේද යන්න හා ඩයිනෝසරයන් වඳවී යාමට කුමක් හේතුවීද යන්න පිළිබඳ යම් අදහසක් ඇති කැරගත හැකි වෙතැයි සැලකේ.මීට දහඅට වසරකට පෙර ඉන්දීය විද්‍යාඥයන් විසින් එක්රැස් කරන ලද ඩයිනෝසර් ඇටකටු සම්මිශ‍්‍රණයක් අධ්‍යයනය කිරීමට 2001 දී පාෂාණීය ධාතු විද්‍යාඥ පෝල් සෙරීනෝ සහ ජෙෆ් විල්සන් ඉන්දියාවට පැමිණ විට එම ඇටකටු කාර්යාලයක බිම අතුරා තිබෙනු ඔවුනට දක්නට ලැබිණ.එම ඇටකටු තොගය මැනවින් නිරීක්ෂණය කිරීමේදී තෙරෝපොඩ් හෙවත් මාංශ භක්ෂක ඩයිනෝසරයකුගේ ඇටකටු ඒ අතරින් වෙන්කැර ගැනීමට ඔවුනට හැකි විය. උගේ හිස්කබලේ මැද කොටස සොයාගත් විට එහි මැඩගස් කර ඩයිනෝසරයන්ගේ පිහිටා ඇති පරිදි අඟක් තිබෙනු දක්නට ලැබී ඇත. තවදුරටත් සිදුකළ නිරීක්ෂණයේදී වම් උකුල් ඇටය හා දකුණු උකුල් ඇයට ද උකුල් ඇටය පිටුපස කශේරුකා කොටසද ඔවුනට හමුවිය.



.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)


කරන්න. 
එක දෙන්න. 































