කඩා වැටුනු යානාවලින් ලැබුණු පිටසක්වල තාක්ෂණය කෝ?

අරුම පුදුම දේවල් බලා ගැනිමට සැරි සරන්න .සයිබර් ලොකයේ

අභ්‍යවකාශයේදී විදුලිය නිපදවා පොලොවට සම්ප්‍රේශණය කිරීමට සැරසේ

අරුම පුදුම දේවල් බලා ගැනිමට සැරි සරන්න .සයිබර් ලොකයේ

Screens දෙකක් සහිත device එකකට Samsung patent අයිතිය ලබා ගනී

අරුම පුදුම දේවල් බලා ගැනිමට සැරි සරන්න .සයිබර් ලොකයේ

පිටසක්වල ජීවීන් හා යානා පිලිබඳ අමෙරිකානු රජයේ මෙහෙයුම්

අරුම පුදුම දේවල් බලා ගැනිමට සැරි සරන්න .සයිබර් ලොකයේ

ඔබ දැනගතයුතු විද්‍යාත්මක හේතු


ඔබ දැනගතයුතු විද්‍යාත්මක හේතු



ඔබ දැනගතයුතු විද්‍යාත්මක හේතු

*ශ‍්‍රී ලංකාවේ පරිසරය ලෝහ විඛාදනයට හිතකරය.ශ‍්‍රී ලංකාව වටා ඇත්තේ මහා සාගරයයි. එහි ජලය සුර්ය තාපය නිසා වාෂ්ප වේ. මෙම වාෂ්ප වල ලවණ අඩංගු වේ. මෙම ලුණු මිශ‍්‍ර ජල වාෂ්ප ලෝහ සමඟ ගැටීමෙන් ප‍්‍රතික‍්‍රියා කරයි. අධික උෂ්ණත්වයද මෙයට බලපාන බැවින් ලෝහ විඛාදනය හොඳීන් සිදුවේ.


*වවුලා රාති‍්‍රයට බාධක මගහැර පියාසර කරයි.වවුලා පියාසර කිරීමේදී කටින් නිකුත් කරන අතිධ්වනි තරංග බාධකයේ වැදී පරාවර්තනය වීම නිසා ඌට ඇසෙන දෝංකාර හඬ ප‍්‍රතිග‍්‍රහණය කිරීමෙන් එම බාධක හඳුනාගනී.


*විකිණීමට ඇති ඉඳීකටු ඇළුමිනියම් පත‍්‍රවල ඔතා ඇත.ඉඳීකටු තනා ඇත්තේ වානේ වලිනි. ඇළුමිනියම් වානේ වලට වඩා සකි‍්‍රයතාවයෙන් වැඩිය මේ නිසා ඇළුමිනියම් පත‍්‍ර මඟින් ඉඳීකටු මළ බැඳීම වළක්වයි.


*වගාබිමකට පොහොර දැමිම අවශ්‍ය වුවත්.වනාන්තරයක කොළ අතු සියල්ල දිරාපත්වී නැවත පසටම එකතු වන බැවින් පසෙන් ලබා ගන්නා මුලද්‍රව්‍ය නැවත පසට එකතුවේ. වගාබිමක අස්වැන්න නෙළා ගෙන ඉවත් කරන බැවින් පස නිසරුවේ. මෙය දිගින් දිගටම සිදුවන බැවින් පොහොර යෙදීමට සිදුවේ.


* හුමාලයෙන් පිළිස්සීම තදබලය.නටන ජලයට වඩා හුමාලයේ අඩංගු තාප ප‍්‍රමාණය වැඩිය. හුමාලය සමට වැදුණු විට මෙම අතිරේක ගුප්ත තාපයද පිළිස්සීමට දායක වේ. නටන ජලයෙන් මෙම අතිරේක තාපය නොලැබේ.


* හ‍ඳේ සිට පණිවුඩ එවීමේදීපෘථිවිය හා චන්ද්‍රයා අතර රික්තක පෙදෙසක් හමුවේ. ධ්වනි තරංග රික්ත තුළින් ගමන් නොකරන නිසා ධ්වනි තරංග වලින් පණිවුඩ හුවමාරු කිරීමට නොහැකි වේ.


*අක්මාවේ ආබාධ ඇති අයට තෙල් ආහාර නුසුදුසුය.අක්මාවේ ඇති පිත් යුෂයෙන් තෙල් සහිත ආහාර තෛලෝදකරණය කරයි. අක්මාවේ ආබාධ ඇතිවිට මෙසේ කි‍්‍රයා කිරීම දුෂ්කර වේ. තවද තෙල් සහිත ආහාර ගැනීමෙන් පිත්යුෂ ස‍්‍රාවයට උත්සාහ කරන නිසා තව තවත් කාර්යයන් වැඩි වීමෙන් අක්මාවේ ආබාධය උත්සන්න වේ.


*අත්තක පොතු වළලු ගැසු විට එහි ඵලදාව වැඩිවේ.ශාකයක ආහාර පරිවහනය සිදු වන්නේ ප්ලෝයම පටක මගිනි. පොතු වළලු ගැසීමේදී එම ස්ථානයෙන් ප්ලෝයම පටකය සම්පුර්ණයෙන්ම ඉවත් වන බැවින් අත්තේ පත‍්‍ර මගින් නිපදවන ආහාර ශාකයේ පහළ කොටස් කරා පරිවහණය නොවී එහි රුස්වේ. අධික ආහාර ප‍්‍රමාණයක් රුස්වෙන බැවින් එහි සෑදෙන ඵල ප‍්‍රමාණයද වැඩිවේ.

සක්වළ කැළඹූ පිටසක්වළ අමුත්තෝ


සක්වළ කැළඹූ පිටසක්වළ අමුත්තෝ 





                                සක්වළ කැළඹූ පිටසක්වළ අමුත්තෝ



අසීමිත වූත්, අනන්ත වූත් මේ මහා විශ්වයේ නිශ්චිතව ම ජීවින් සිටිනවා යැයි දැනට පිළිගනු ලබන්නේ අප වාසස්ථානය වන පෘථිවිය මත පමණි. පෘථිවිය මත හැර වෙනත් ග‍්‍රහලෝක තුළ ද ජීවින් සිටිනවා ද යන්න සොයා බැලීමට මිනිසා යොමු වී සිටින්නේ විශාල වූ ධනස්කන්ධයක් ඒ සඳහා වැය කරමිනි. එතරම් විශාල වූ කැපකිරීමක් කරමින් ඔවුන් ඒ පිළිබඳව සොයා බැලීමට යොමු වී සිටින්නේ පෘථිවිවැසියා විශ්වය තුළ සිටින්නේ තනිව ම ද යන්න සැක සහිත නිසා ය. එම සැකයට ප‍්‍රධානතම හේතුව වී ඇත්තේ ’පියාඹන පීරිසි’ නම් වූ පිටසක්වළ සිට පැමිණෙනවා යයි කියන යානා පිළිබඳව වූ ගුප්ත ආරංචියන් ය. මේ වනවිට ’පියාඹන පීරිසි’ සිය නෙතින් ම දැක ගැනීමට තරම් වාසනාවන්තයෝ මේ පොළෝ තලය මත සිට ඇත. මෙම අත්භූතජනක යානා විශේෂය වර්තමාන සමාජය තුළ කලබලකාරී ස්වභාවයක් ඇති කිරීමට සමත් වී ඇත. මේවායේ පැමිණෙන්නේ පිටසක්වළ ජීවින් ද නැතහොත් මෙය වෙනත් යම්කිසි බලපෑමක්් නිසා දර්ශනය වනවාද යන්න තවමත් ප‍්‍රශ්නයකි.

පීරිසියක් අහසේ පියාසර කරන බව යමෙක් පැවසුවහොත් ඔබ එය විශ්වාස නොකරනු ඇත. එය විශ්වාස කළ නොහැක්කක් වුව ද ’පියාඹන පීරිසි’ නමින් හඳුන්වනු ලබන අහසේ පියාසර කරන පීරිසි වර්ගයක් පිළිබඳව කටකතා විටින් විට වර්තමාන සමාජය තුළ පැතිර යයි. මෙලෙස පියාඹන පීරිසි නමින් අහසේ දර්ශනය වන්නේ මොනවාදැයි යන්න සොයා බැලීම විද්‍යාඥයන් විසින් පර්යේෂණ සිදුකරයි. මේවා පෘථිවියෙන් එපිට ලෝකයක ජීවත්වන ජීවින් විසින් නිර්මාණකරණ ලද ඒවා බවට විශ්වාස කෙරේ. සාමාන්‍යයෙන් පීරිසියක හැඩයට හුරු හැඩයක් ගන්නා නිසාත් අධික වේගයකින් යුතුව අහසේ පියාසර කරන නිසාත් මේවා ’පියාඹන පීරිසි’ ලෙසට හඳුන්වා දී ඇත. ’පියාඹන පීරිසි’ නමින් හඳුන්වනු ලබන මේවා ලෝකයේ විවිධ වූ ප‍්‍රදේශවල ජීවත්වන මිනිසුන්ගේ නෙතට දර්ශනය වී ඇති බවට සාක්ෂි ලැබී ඇත. ශී‍්‍ර ලංකාවේ ද මේවා දර්ශනය වූ බවට වාර්තා ලැබී ඇත.

ඇමෙරිකාවේ මෙක්සිකෝව නම් ප‍්‍රදේශයට 1947 ජුලි මස 04 වැනිදින මෙවැනි යානාවක් කඩා වැටුණු බවට වාර්තාවක් පල වී ඇත. එම යානාවේ පැමිණි ජීවීන් ද ඇමරිකානුවන් විසින් දුටු බව පැවසෙන අතර හිසට සාපේක්ෂව සිහින් සිරුරක් ඇති අළු පැහැයට හුරු කුඩා ජීවීන් විශේෂයක් ඒ තුළ සිටි බවත් සඳහන් ය. මෙම සිද්ධියත් සමඟ ම පියාඹන පීරිසි නැමති අභිරහස් යානා පිළිබඳව විශාල ආන්දෝලනයක් මිනිස් සමාජය තුළ ඇතිවිය. ඉන් පසුව ද මෙවැනි අත්භූතජනක සිද්ධීන් පිළිබඳව නිශ්චිත නිගමනයකට පැමිණීමට අද වනතුරුත් නොහැකි වී ඇත.ඒ කෙසේ නමුදු මේවා පිළිබඳව සොයා බැලීම සඳහා විද්‍යාඥයන් විසින් මෙහෙයුමක් දියත් කර ඇත. රේඩියෝ දුරේක්ෂ භාවිතයෙන් සිදුකරනු ලබන මෙම මෙහෙයුම සෙටි යන නාමයෙන් හඳුන්වා දී ඇත. මුළු ලොව පුරා ම පිහිටුවා ඇති රේඩියෝ දුරේක්ෂ මගින් ඈත අභ්‍යවකාශය වෙත විහිදුවා හරිනු ලබන සංඥා මගින් පිටසක්වළ ජීවින් පිළිබඳ තොරතුරු ලබාගත හැකි බව ඔවුන් පවසයි. අහසේ විටින් විට දැකගැනීමට ලැබෙන ’පියාඹන පීරිසි’ නම් වූ යානාවන් තුළ පැමිණෙන්නේ කවුරුන් ද යන්න මේ මගින් නිගමනය කළ හැකි බවයි පැවසෙන්නේ.

පියාඹන පීරිසි නමින් හඳුන්වනු ලබන යානා විශේෂය පිළිබඳව වර්තමාන තත්ත්වය එසේ වුවද කටකතා හා ආරංචියන් මත පදනම් වූ මිනිස් සමාජය තුළ මේ පිළිබඳව විවිධ වූ විශ්වාසයන් බිහි විය. පියාඹන පීරිසි වල පැමිණෙන්නේ පිටසක්වළ ජීවින් බවට අයෙක් විශ්වාස කළ අතර අයෙක් එය අසත්‍යයක් බව පැවසුවේ ය. මේ අතර මෙම අදහස් දෙක අතර තනි වූ මිනිසුන් ද මේ සමාජය තුළ අනන්තවත් සිටිති. සමහර අයෙක් තම පෞද්ගලික වාසිය තකා මෙය සත්‍යයක් බව පැවසූහ. එවැනි සිද්ධියක් පිළිබඳ ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාව දෙසින් වාර්තා වේ. එම ප‍්‍රදේශයේ ජීවත් වූ ඇඩම්ස්කි නැමති පුද්ගලයා විසින් පිටසක්වළ යානයකින් පැමිණි ජීවියකු දුටු බවත් තමා ඔහුත් සමග යානාවේ නැගී සෞරග‍්‍රහ මණ්ඩලය තුළ සංචාරය කළ බවත් පැවසීය. ඔහු පැවසූූ සිද්ධිය එසේ වුව ද කල් ගතවත්ම ඔහු කළ ප‍්‍රකාශය අසත්‍ය එකක් බව සොයාගන්නා ලදී. මුළු ලෝකයාටම තම නම ජනපි‍්‍රය කරවා ගැනීමේ අදහසින් මෙය ඉදිරිපත් කරන්නට ඇතැයි සමහරෙක් පවසති.

පියාඹන පීරිසි තුළ පැමිණෙන්නේ පිටසක්වළ ජීවින් යැයි පැවසූ අය අතර පුවත්පත් ප‍්‍රධාන තැනක් ගත්තේය. මේ පිළිබඳ ය පුවත්පත් මගින් අපූරුවට විග‍්‍රහ කර තිබිණි. එම වාර්තා පල කිරීමත් සමඟ ම තම පුවත්පත්වල අලෙවියෙහි ශීඝ‍්‍ර වර්ධනයක් ඇතිකර ගැනීමට පුවත්පත් හිමිකරුවන්ට හැකිවිය. මේවා සම්බන්ධයෙන් සමහර විද්‍යාඥයින් පැවසුවේ සමහර විට වායුගෝල තුය තුළ ඇතිවන කැළඹීම් තුළින් දර්ශනය වන මායාවන් බවයි. ඒ අතර මේවා පිළිබඳව අදහස් දැක්වු අමෙරිකාව පැවසුවේ මේවා විවිධ රටවලින් එවු අභිරහස් යානා විශේෂයක් බවයි. එනම් රහස් ඔත්තු සෙවීමට පැමිණි යානා විශේෂයක් බවයි. එහෙත් පියාඹන පීරිසි දුටු බවට වාර්තා දිගින්් දිගටම ආරංචි විය. ඒ අනුව ඒවා පිළිබඳව පර්යේෂණ කළ විවිධ ආයතන විසින් පියාඹන පීරිසි යන්න කිහිප ආකාරයකින් හඳුන්වා දී ඇත.පියාඹන පීරිසි නමින් ප‍්‍රකටව ඇති මෙය නොහැඳිනුණු මේ පියාසර කරන වස්තූන් විශේෂය අධික වේගයෙන් ගමන් කරන නිසාත් ඒවා මොනවාද යන්න ක්ෂණයෙන් හඳුනාගත නොහැකි නිසාත් අමෙරිකානු ගුවන් හමුදාව විසින් පියාඹන පීරිසි සඳහා ලබාදී ඇත්තේ පහත ආකාරයේ නිර්වචනයකි.

’අහසේ විටින් විට දර්ශනය වන්නා වූ කුමක්දැයි හඳුන්වා ගැනීමට අපහසු වස්තූන් පියාඹන පීරිසි නම් වේ’.මෙම යානා විශේෂය තම නෙතින් දුටු සමහර පුද්ගලයන් ඒ පිළිබඳව පොලීසියට ද දැනුම් දුන්නේ ය. එමෙන් ම මෙය කුමන ආකාරයක් දැයි තේරුම් ගැනීමට නොහැකි බව ද ඔවුන් පැවසූ අතර ඔවුන් ගේ මෙම කි‍්‍රයා කලාපයන් හා සාක්ෂි අනුව ’කොලරාඩෝ ’ විශ්වවිද්‍යාලය පහත දැක්වෙන ආකාරයේ නිර්වචනයක් පියාඹන පීරිසි සඳහා ලබාදී ඇත.’’සමාජයේ වගකිව යුතු පුද්ගලයන්ට පැමිණිලි කිරීමට තරම් චකිතයක් මිනිස් සිතෙහි ඇති කරමින් මොනවාදැයි තේරුම් ගත නොහැකි. මීට පෙර දැක නොතිබූ යම් වස්තුවක් අහසේ පියාසර කරනු දැකීම පියාඹන පීරිසියකි’’.පියාඹන පීරිසිත් දර්ශනය වන මෙම අත්භූතජනක යානා විශේෂය පොළොව මත සිටි අයට පමණක් ම නොව ගුවන් යානා යොදා ගනිමින් ඉහළ අහසේ ගමන් කරමින් සිටි අයට ද දර්ශනය වී ඇති බව පැවසෙයි. පුදුමය වන්නේ එය නොවේ. සඳ මතට ගිය සඳගාමීන්ට පවා සඳ මත දී එවැනි දර්ශන දැක ගන්නට ලැබුණු බව ඔවුන් පවසා ඇත. රාති‍්‍රය හා දහවල යන දෙකෙහි වෙනසක් නොමැතිව දර්ශනය වන පියාඹන පීරිසි දහවල් කාලයේදී එක් ආකාරයකටත් රාතී‍්‍ර කාලයේදී තවත් ආකාරයකටත් දිස්වන බව ඇසින් දුටුවෝ පැවසූ තොරතුරු අනුව ආනාවරණය වී ඇත. දහවල් කාලයේදී රිදී පැහැයට හුරු පැහැයක් ගත් මේවා රාතී‍්‍ර කාලයේ දී දර්ශනය වී ඇත්තේ කිසියම් දිලිසෙන ආලෝක කදම්බයක් ලෙසිනි. එමෙන් ම ඒවා එකම ප‍්‍රමාණයකින් නොව විවිධ ප‍්‍රමාණයන්ගෙන් යුතුව දිස් වී ඇති බව පැවසෙන අතර දැනට දැක ඇති පියාඹන පීරිසියේ විශාලත්වය මීටර් විස්සක් පමණ වන බව ගණන් බලා තිබේ.

ඉන්දියාවෙත් ඩයිනෝසරයෝ



ඉන්දියාවෙත් ඩයිනෝසරයෝ

ඉන්දියාවෙත් ඩයිනෝසරයෝ


පිහාටු තිබු බවට සැලකෙන නව වර්ගයක ඩයිනෝසරයකුගේ සැකිලි ඉන්දියාවෙන් හමු වී ඇත. දැනට වසර මිලියන 65 ට පෙර සෙසු ඩයිනෝසර වර්ග ආහාරයට ගත් මේ මාංශ භක්ෂක ඩයිනෝසරයාගේ හිස මත අඟක් ද තිබී ඇති අතර ඌ මීටර් 9 ක් (අඩි 30 ක්) පමණ දිගු සතකුද වන බව මේ බව ලොවට හෙළි කරන ඉන්දීය හා අමෙරිකානු විද්‍යාඥයෝ පිරිස පවසති.මේ නව හෙළිදරව්වත් සමඟ ශී‍්‍ර ලංකාවේද ඩයිනෝසරයන් සිටින්නට ඇතැයි යන කුකුසක් මතුවීමට බොහෝ දුරට ඉඩකඩ පවතී.මෙම ඩයිනෝසරයාගේ හිස්කබලේ සැකිලි මඟින් ප‍්‍රති නිර්මාණයක් කිරීමේදී වත්මන් පිහිටීමට තුඩුදෙන පරිදි මහාද්වීප පාවීගියේ කෙසේද යන්න හා ඩයිනෝසරයන් වඳවී යාමට කුමක් හේතුවීද යන්න පිළිබඳ යම් අදහසක් ඇති කැරගත හැකි වෙතැයි සැලකේ.මීට දහඅට වසරකට පෙර ඉන්දීය විද්‍යාඥයන් විසින් එක්රැස් කරන ලද ඩයිනෝසර් ඇටකටු සම්මිශ‍්‍රණයක් අධ්‍යයනය කිරීමට 2001 දී පාෂාණීය ධාතු විද්‍යාඥ පෝල් සෙරීනෝ සහ ජෙෆ් විල්සන් ඉන්දියාවට පැමිණ විට එම ඇටකටු කාර්යාලයක බිම අතුරා තිබෙනු ඔවුනට දක්නට ලැබිණ.එම ඇටකටු තොගය මැනවින් නිරීක්ෂණය කිරීමේදී තෙරෝපොඩ් හෙවත් මාංශ භක්ෂක ඩයිනෝසරයකුගේ ඇටකටු ඒ අතරින් වෙන්කැර ගැනීමට ඔවුනට හැකි විය. උගේ හිස්කබලේ මැද කොටස සොයාගත් විට එහි මැඩගස් කර ඩයිනෝසරයන්ගේ පිහිටා ඇති පරිදි අඟක් තිබෙනු දක්නට ලැබී ඇත. තවදුරටත් සිදුකළ නිරීක්ෂණයේදී වම් උකුල් ඇටය හා දකුණු උකුල් ඇයට ද උකුල් ඇටය පිටුපස කශේරුකා කොටසද ඔවුනට හමුවිය.

මෙහිදී ඔවුන්ගේ ඉන්දීය සමගාමීන් විසින් සවිස්තරාත්මකව අතින් අඳිනලද සිතියම් විමසා බැලූ ඔවුහු මෙම ඇටකටු එකිනෙකට බැඳී තිබෙන අයුරක් පිළිබිඹු කරමින් එක ළඟ වැළලී තිබී ඇති බව අනාවරණය කැර ගත්හ.මෙම අවස්ථාවේ මෙතෙක් ලොව සොයා ගෙන නැති ඩයිනෝසර් වර්ගයක ලොව සැකිලි කොටස් එහි ඇති බව අනාවරණය වූ විට ආකිමිඩීස්ගේ “යුරේකා” මොහොතක වාතාවරණය එහි ඇති වූ බව සෙරිනෝ ප‍්‍රකාශ කැර තිබේ. සෙරීනෝ, චිකාගෝ සරසවියේ පාෂාණීය ධාතු විද්‍යාව පිළිබඳ මහැදුරු මෙන් ම ජාතික භූගෝලවිද්‍යා ගවේෂකයකු ද වන්නේ ය.මෙම වසර මිලියන 65 ක් පැරැණි ඇටකටු සොයාගනු ලැබ ඇත්තේ 1983 ඩයිනෝසර බිත්තර හා කූඩු සොයාගිය ගමනකදී ඉන්දීය භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ සුරේශ් ශී‍්‍රවස්තවා සහ පන්ජාබ් සරසවියේ පාෂාණධාතු විද්‍යාඥ අශෝක් සහිනි විසිනි.එම පාෂාණය ඇටකටු කණින ලද බිම් කඩෙහි පිහිටි අයුරු ශි‍්‍රවස්තා විසින් සවිස්තරාත්මකව සිතියම් ගත කරනු ලැබ ඇත. ඉන්පසු මෙම ඇටකටු ඉන්දීය භූ විද්‍යා සමීක්ෂණ ආයතන කාර්යාලයක ගබඩා කෙරිණි. සෙරිනෝ හා විල්සන් පැමිණෙන තුරුම ඒවා එහි පැවතිණි.ඉන්දියානු විද්‍යාඥයන් හා එක් වූ මේ දෙදෙනා මීටර් 9 (අඩි 30) ක්්දිග මෙම නව ඩයිනෝසරයාගේ හිස් කබල ප‍්‍රතිනිර්මාණය කළහ. මේ මාංශ භක්ෂකයා “ රජසෝරස් - නර්මදේන්සිස්” ලෙස නම් කෙරිණ. එහි අරුත “නර්මදා වේ රාජකීය ඩයිනෝසරයා” යන්නයි. එම ඩයිනෝසරයා එසේ නම් කෙරුණේ ඇටකටු සොයා ගැනුණු බටහිර ඉන්දීය නදී කලාපය අනුව යමිනි. මෙම කි‍්‍රයාවලියට ජාතික භූගෝලවිද්‍යා සංගමයෙන්ද සහාය ලැබී ඇත.ලෝකයේ මහාද්වීප පහේදීම නව ඩයිනෝසර් වර්ග සොයාගෙන ඇති සෙරිනෝ මෙම ඉන්දීය ඩයිනෝසර් ඇටකටු හා සැකිලි මැනවින් හඳුනා ගත්තද හිස්කබල ප‍්‍රති නිර්මාණයෙන් පසු මෙම අහිමි ඉන්දීය ඩයිනෝසරයා පිළිබඳ ඡායා මාත‍්‍රගත අවබෝධයක් ලැබූ බව කියා තිබේ. දැනටත් ජුරාසික් යුග ඩයිනෝසර් සැකිලි දෙකක් ඉන්දයාවේ සකස්කොට ඇත. මෙහිදී ඒවා තනි සැකිලි නොව තනි තනි ඇටකටු සංයෝග කිරීමෙන් තනාගත් ඒවාය.

තනි ඇටකටු මඟින්, ඉන්දියාවේ මාංශ භක්ෂක හා ශාක භක්ෂක ඩයිනෝසරයන් සිටි බව වටහාගෙන ඇතත් ඔවුන්ගේ සැබෑ ස්වරූපය කෙබඳු වී දැයි නොදන්නේ කිසිම ඇටකටු දෙකක් එකම ඩයිනෝසරයකුට අයත් බව අනාවරණය නොවීම නිසාය. මෙහිදී රාජසොරස් වර්ගය වැදගත් වන්නේ එය ඇටසැකිල්ලේ විශාල කොටසක් විදහන අතර ඔවුන්ගේ විකාශයීය සබඳතා ඇඟවෙන විස්තර රැසක්ම සුරැකි ඇති බැවිනි.ප‍්‍රතිනිර්මාණික හිස්කබලේ සමහර කොටස් ගිලිහී ගොස් ඇතත්, අත්‍යවශ්‍ය කොටස් එහි පවතී. ඒ අනුව හකුපාඩා හා මොළ කූඩුව ඉතිරි වී ඇත. මේ රාජසෝරස් නම් ඩයිනෝසර් වර්ගය බෙහෙවින් බරය. ශක්තිමත්ය. ඒ සමගම ඌ දෙපාවලින් ඇවිද ගිය සතෙකි. ඌ නව වර්ගයක් බවට පත් කෙරෙන ශාරීරික ලක්ෂණ කීපයක් ම පවතින අතර, එහිදී වඩාත් කැපී පෙනෙන්නේ උගේ හිස මත පිහිටි අඟයි. එය බෙහෙවින් සියුම් විය හැකි අතර ඉතා කොට හා වටකුරු විය හැකිය.මෙම රාජසෝරස් මාංශ භක්ෂකයා ඩයිනෝසර් යුගයේ අවසානයට අයත් කි‍්‍රටේසියස් අවදියට අයත් වූ අතර, නර්මදා කළාපයේ සරිසැරූ ශාක භක්ෂක ඩයිනෝසරයන් වූ දිගු ගෙල සහිත ටයිටැනෝසෝර් වර්ගය ගොදුරු කැර ගත්තේ ය.මෙම ඩයිනෝසර් වර්ග දෙකේ ම ඇටකටු එකට හමු වී තිබේ. ඉන්දිය පාෂණ ධාතු විද්‍යාඥයින්ට මෑතකදී ටයිටැනෝසරයන්ගේ පාෂාණ භූත අපද්‍රව්‍ය හමුවී ඇති අතර එය ඔවුන්ගේ ආහාරය කුමක් වී දැයි ඉගි කරන්නකි.රාජසෝරස් සැකිලි සොයාගත් ප‍්‍රදේශයෙන්ම කෙරොපොඩ් ඩයිනෝසරයන්ගේ බිත්තර කීපයක් සොයගෙන ඇති නමුදු ඒවා රාජසෝරසයන්ට අයත් යැයි නිශ්චිතව කිව නොහැකිව ඇත.විද්‍යාඥයන්ගේ පිළිගැනීම වන්නේ රාජසෝරස්යන් මාංශභක්ෂක ඩයිනෝසර වර්ගයට අයත් බවය. උන්ගෙන් බහුතරයකට අඟක් තිබී ඇති අතර උන් වත්මන් මැඩගස්කරය, අපි‍්‍රකාව හා දකුණු අමෙරිකාව අයත් දක්ෂිණාර්ධ ගෝලීය ගොඩබිම් ස්කන්ධය පුරා සැරිසරා ඇත.




මහාද්වීප සියල්ල එකට එක්ව තිබුණු සමයේ ජීවත්වෙමින් පරිණාමයට ලක්ව මියගිය එකම සුවිශාල සත්වයා ඩයිනෝසරයා බවට මිනිසුන් බොහෝ දෙනකු අවබෝධ කැරගෙන නැතැයි සෙරීනෝ පවසයි.වසර මිලියන 65 කට පමණ පෙර මහා විනාශයක් සිදුවීමට මත්තෙන් විසූ අවසන් වර්ගට අයත් තත්කාලීන ටයිරැනෝ සොරස් රෙක්ස් වර්ගයට රාජසොරස් වර්ගය බෙහෙවින් සමාන වී තිබේ.ඩයිනෝසරයන් වඳ වි යාමට හේතුව මහත් විවාදයට ලක්වූවකි. එහෙත් ඉන්දියාවේ ඇටසැකිලි හමු වූ උන් වැළලුණු බිම් ප‍්‍රදේශ ඊට ඉඟියක් සපයනු වැනිය. මෙම ඩයිනෝසර සැකිලි හමු වූ අවසාධිත පාෂාණයන් ඇත්තේ පෘථිවියේ ඉකුත් වසර මිලියන 500 ක ඉතිහාසයේ වාර්තා වී ඇති විශාලම ගිනිකඳු කි‍්‍රයාවලියක් සිදුවූ ප‍්‍රදේශයක බව ෂානි කියා තිබේ.ඉන්දීය භූමියෙන් 1/3ක්ම ලාවා වලින් වැසී ඇති හෙයින් ඩයිනෝසර් ඇටකටු සොයා ගැන්ම බෙහෙවින් දුෂ්කර බවත්, අනිත් අතට ඉන්දියාව ජනාකීර්ණ රටක් වීමද ඊට බලපාන බවත්්දක්වන සෙරීනෝ පාෂාණධාතු විද්‍යාඥයකුගේ කැණීම් වලට පහසුම ස්ථානය පාළු කාන්තාර බවද පවසයි.ඩයිනෝසර පාෂාණය ධාතු සොයා ගැන්මෙන් ඉන්දියාව සෙසු මහාද්විපයන්ගෙන් වෙන්වූ ආකාරය පිළිබඳ ඇති මඳ අවබෝධය පුළුල් කරනු ඇතැයි සැලකේ. ඉන්දීය උපමහාද්වීපය පාවී ගිය කාල වකවානු මනා නිශ්චය කිරීමකට ලක්ව නැතත්, ඩයිනෝසරයන් මහාද්වීප හරහා ගමන් කළ සත්ව වර්ගයක් බැවින් මහාද්වීප ප්ලාවිතය (පාවීයාම) පිළිබඳ අධ්‍යයනයට උන් බෙහෙවින් උපකාරි වනු ඇති බව විල්සන්ගේ මතය වී තිබේ.මේ අනුව ඉන්දියාවත් ශී‍්‍ර ලංකාවත් කලෙකදී යා වී පැවතුණ බවට ඇති භූවිද්‍යාත්මක සාක්ෂි මැද ඩයිනෝසරයන් වර්ගයක් මෙහිද නොසිටියේ යැයි කිව හැකිද?

අහසෙන් පොළවට වැටෙන උල්කාපාත



අහසෙන් පොළවට වැටෙන උල්කාපාත



අහසෙන් පොළවට වැටෙන උල්කාපාත


පීතන්' යනු අභ්‍යවකාශ යානයක් මගින් සොයා ගන්නා ලද පළමු ග‍්‍රාහකයයි. 1983 වර්ෂයේ දී සොයා ගන්නා ලද මෙම ග‍්‍රාහකයා 3200 ලෙසින් අංකනය කර තිබුණි. මෙය ද ප‍්‍රමාණයෙන් තරමක් විශාල වූ ග‍්‍රාහකයකි. අභ්‍යවකාශයෙ හි අයාලයේ සැරිසරමින් පවතින මෙම ග‍්‍රාහක සමහර අවස්ථාවල පෘථිවියට ඉතා ආසන්නව ගමන් කරයි. එසේ පාථිවියට ආසන්නව ගමන් කළ ග‍්‍රාහක විශාල ප‍්‍රමාණයක් සොයා ගැනීමට තාරකා විද්‍යාඥයෝ සමත් වී ඇත. එහි ප‍්‍රමාණය 433 ක් පමණ බවයි පැවසෙන්නේ.පෘථිවියට ආසන්න ව ගමන් කරන ග‍්‍රාහක අනාගතයේ දී පෘථිවි වැසියාට විශාල අභියෝගයක් වනු ඇත. ඉහළ අහසේ අයාලයේ සැරිසරමින් පවතින මේවා යම් හෙයකින් පෘථිවි ගුරුත්වාකර්ශණයට හසු වුවහොත් මේ මුළු පෘථිවිතලය ම විනාශ වී යනු නොඅනුමාන. එවැනි ව්‍යසනයක් 2029 වර්ෂයේ දී සිදු වීමට ඉඩ ඇති බවට තාරකා විද්‍යාඥයින් විසින් අනතුරු අඟවා ඇත. තත්ත්වය එසේ වුවහොත් ඈත අතීතයේ සිට පැවත ආ මිනිස් ශිෂ්ටාචාරය එතැනින් ම විනාශ වී යාම පුදුමයක් නොවේ. මෙසේ පෘථිවිය මතට කඩා වැටීමට නියමිතව ඇත්තේ මිටර් තුන්සිය විස්සක නිරක්ෂිය විශ්කම්භයකින් යුතු 2004 ථ. ද. 4 නැමැති කුඩා ග‍්‍රාහකයයි. මෙය පෘථිවිය වෙත පැමිණීමේ දී පෘථිවි වායුගෝලය මගින් එහි විශාල කොටසක් පුළුස්සා දැමුව ද අඩකටත් වඩා වැඩි කොටසක් පෘථිවිය මතට ඇද හැලෙන බව තාරකා විද්‍යාඥයින් ගේ මතයයි.2029 වර්ෂයේ අපෙ‍්‍ර්ල් මස 13 වැනි දින මෙම පෘථිවි හා ග‍්‍රාහක ගැටුම් ඇති විය හැකි යැයි අමෙරිකානු නාසා ආයතනය පවසයි. මීට අවුරුදු දහස් ගණනකට පෙර ඈත අතීතයේ දී අප පෘථිවියේ ජීවත් වූ විශාල උරග විශේෂයක් වූ ඩයනෝසර් නැමැති විශාල සත්වයා වඳවී යාමට ද බලපා ඇත්තේ ඈත අභ්‍යවකාශයේ සිට පැමිණි මෙවැනි ග‍්‍රාහකයන් ය. ඈත අතීතයේ දී පෘථිවි වායු ගෝලයට ඇතුළු වූ සුවිශාල වූ ග‍්‍රාහකයක් පෘථිවි වායු ගෝලය තුළ දී විනාශයට පත් නොවී පෘථිවි පෘෂ්ඨයට ඇද වැටුණි. එමගින් විසිරුනු දූවිලි අංශු මගින් පෘථිවි පෘෂ්ඨයට සූර්යාලෝකය වැටීම අවහිර වීම නිසා ඇති වූ පාරිසරික විපර්යාස නිසා ඒ යෝධ දැවැන්ත සත්වයන් වඳ වීගිය බවට විශ්වාසයක් පවතී.2029 වර්ෂයේ දී පෘථිවිය මතට කඩා වැටේ යැයි මතයක් පවතින 2004 ර්. ව්. 4 නමැති ග‍්‍රාහකය පෘථිවියේ කුමන ස්ථානයකට ඇද හැලේදැයි තවමත් නිශ්චිත නිගමනයකට පැමිණීමට නොහැකි වී ඇත. මෙය බොහෝ විට සාගරය මතට වැටීමට ඉඩ ඇති බවට විශ්වාසයක් පවතී. එසේ වුවහොත් විශාල සුනාමි තත්ත්වයකට මුහුණ දීමට මිනිසාට සිදු වනු ඇත. 2029 වර්ෂයේ දී ඇති වේ යැයි විශ්වාස කරනු ලබන මෙම සුනාමි තත්ත්වය ලෝකයේ ඇති වනු ලබන විශාලතම සුනාමි තත්ත්වය වීමට ඉඩ ඇති බව පැවසෙයි. එසේ වුවහොත් පෘථිවි මිනිසුන් විශාල ප‍්‍රමාණයක් රුදුරු ජලකඳ මගින් මරුවා හමුවට ගෙන යනු ඇත. කෙසේ වුවත් 2004 M. N. 4 ග‍්‍රාහකය පෘථිවියේ කුමන ස්ථානයකට ඇද හැලේදැයි නිශ්චිතවම නිගමනය කර නොමැත.පරක් තෙරක් නෙැමැති මහා විශ්වයෙහි විවිධ ප‍්‍රමාණයේ ග‍්‍රහකයා ප‍්‍රකෝටි ගණනින් පිහිටා ඇත. එයින් සමහරක් ඉතා කුඩා ඒවා වෙයි. අභ්‍යවකාශය තුළ රවුම් ගසමින් පවතින මෙම කුඩා ග‍්‍රාහක කැබලි වරෙක පෘථිවියට ආසන්නව ගමන් කරනු ලබයි. මේවා පෘථිවියට ආසන්නව ගමන් කරන අවස්ථාවේ දී පෘථිවි ගුරුත්වාකර්ශණයට හසු වී පෘථිවි වායුගෝලය හා ගැටීම නිසා පිලිස්සී විනාශ වී යයි. එවිට ඒවායේ උෂ්ණත්වය විශාල වශයෙන් ඉහළ යන අතර පෘථිවියේ සිටින අයට අධික දීප්තියකින් යුතුව දිස් වේ. වළාකුළු නැති පැහැදිලි අහසක් දෙස සුපරීක්ෂාකාරීව බලා සිටින විට තරු කඩා වැටෙන ලෙස දිස්වන්නේ මෙවැනි කුඩා ග‍්‍රාහක කැබලි පෘථිවි වායුගෝලයට ඇතුළු වූ විට ය. 


මෙසේ පෘථිවි වායුගෝලය හා ගැටෙන කුඩා ග‍්‍රාහක කැබලි විශේෂිතනාමයකින් හඳුන්වනු ලබයි. "උල්කාපාත" යනුවෙන් හදුන්වනු ලබන්නේ මේවා ය. රාතී‍්‍ර අහස දෙස ටික වේලාවක් බලා සිටිය හොත් මෙවැනි උල්කාපාත දැක ගැනීමට ඔබටත් හැකි වනු ඇත. මුළු රැයක් පුරාවට අහස දෙස බලා සිටියහොත් එක් උල්කාපාතයක් නොව උල්කාපාත රාශියක් දැක ගත හැකි ය. මෙහි ප‍්‍රමාණය පැයකට 5-10 අතර ප‍්‍රමාණයක් ගනී. එනමුත් මේවා අහසේ කුමන දෙසින් කුමන වේලාවක දර්ශනය වේදැයි කීම අපහසු ය. මෙවැනි උල්කාපාත අහඹු උල්කාපාත යනුවෙන් හඳුන්වනු ලබයි. මේවාට නිශ්චිත කාලසටහනක් හෝ ගමන් මාර්ගයක් නොමැත. මේවායේ විශේෂිත ලක්ෂණයක් වන්නේ රාතී‍්‍ර අහසේ ඕනෑම ස්ථානයකින් ඕනෑ ම අවස්ථාවක නිරීක්‍ෂණය කළ හැකි වීමයි. මෙම අහඹු උල්කාපාතවලට නිශ්චිත කාල සීමාවක්් නොමැති වුණත් එකවර ඇද හැලෙන උල්කාපාත විශාල සංඛ්‍යාවක් රැගත් උල්කාපාත වර්ෂා සඳහා නිශ්චිත කාල සීමාවක් ඇත. වසරේ සමහර කාලවලදී උල්කාපාත විශාල සංඛ්‍යාවක් එකවර පෘථිවි වායුගෝලයට ඇතුළු වේ. උල්කාපාත වර්ෂාවක් යනුවෙන් හඳුන්වනු ලබන්නේ මෙයයි. සූර්යයා වටා ගමන් කරමින් පවතින ධූමකේතුවකින් ඉවත්ව ගිය පාෂාණ හා දුවිලි කැටියක් හරහා පෘථිවිය ගමන් කිරීමේ දී එම පාෂාණ කැබලි පෘථිවි ගුරුත්වාකර්ශනයට හසු වීම තුළින් උල්කාපාත වර්ෂාවක් නිර්මාණය වේ. "ලියෝනිඩ්ස්" මෙවැනි උල්කාපාත වර්ෂාවකි.වායුගෝලයක් නොමැති චන්ද්‍රයා ගේ පස් පිටි වගෙයි" යන කියමනට මූූලික වී ඇත්තේ අභ්‍යවකාශයේ සිට පැමිණෙන මේ ආගන්තුක වස්තුන් ය. එනම් උල්කාපාතයන්ය. ස‍ඳෙ හි වායුගෝලයක් නොමැත. සඳ වෙත ළං වන්නා වූ උල්කාපාත ඒ වෙත ඇදී ඒමේ දී ඒවා දවාලීමට තරම් ප‍්‍රමාණවත් වායු ගෝලයක් නොමැති නිසා ඒවා කෙලින්ම සඳ පෘෂ්ඨය හා ගැටේ. මෙලෙස සඳ වෙත පැමිණෙන සෑම උල්කාපාතයක් ම එහි පෘෂ්ඨය හා ගැටීම නිසා සඳේ පස් නිරන්තරයෙන් ම කෙටීමකට ලක් වේ. ඒ හේතුව නිසා සඳේ පස් ඉතා සිහින්ව පිටි ආකාරයෙන් පවතී. වායුගෝලයකට හිමිකම් නොකියන වෙනත් ග‍්‍රහලෝකවලට ද උල්කාපතවල බලපෑම මේ ආකාරයෙන් ම පවතී.

පිට සක්වල යනා ආවාද? උල්කාපාත වැ‍ටුනද?

2012 දෙසැම්බර් පිට  සක්වල  යනා ආවාද?උල්කාපාත  වැ‍ටුනද?



මේ දිනවල හිරු බැස යාමෙන් අනතුරුව බටහිර අහස් ගැබ තුළ ධනු තාරකා රටාව පසුබිම් කරගනිමින් සුළු මොහොතකට අඟහරු ග්‍රහයා දිස්වනු ඇත. එමෙන්ම රාත්‍රී 7.00 පමණ නැගෙනහිර ක්ෂිතිජය දෙසින් බ්‍රහස්පති ග්‍රහයා නිරීක්ෂණය කළ හැකි අතර රාත්‍රිය කෙමෙන් කෙමෙන් ගෙවී යන විට බ්‍රහස්පති ග්‍රහයාද අහස් ගැබ ඉහළට ගමන් කරනු ඇත. මේ මස උදය කාලයේදී හිරු නැඟීමට ප්‍රථම ගිණිකොන දිග ක්ෂිතිජය අසල අහසේ බුධ ග්‍රහයා ,සිකුරු ග්‍රහයා හා සෙනසුරු ග්‍රහයා නිරීක්ෂණය කළ හැක. තවද දෙසැම්බර් මස 3වන දින බ්‍රහස්පතී ග්‍රහයා පෘථිවියට ඉතාමත් ආසන්න වන අතර ඉතා දීප්තිමත්ව දිස්වනුඇත.මෙම අවස්ථාව බ්‍රහස්පතී ග්‍රහයා නිරීක්ෂණයට හා ඡායාරුපගත කිරීමට මහගු අවස්ථාවකි.

අතීත ග්‍රීක විශ්වාස වලට අනුව එන Medusaගේ හිස අතින් ගෙන සිටින Perseusගේ තරු රටාවද දෙසැම්බර් අහස අලංකාර කරනු ඇත.ආලෝක වර්ෂ 1400ක් පමණ දුරින් පිහිටි M34 නම් විවෘත තරුකා පොකුරද මෙම තරු රටාව තුළ පිහිටා ඇත.මෙය පියවි ඇසින් සහ දූරදක්නයක ආධාරයෙන් නිරීක්ෂණය කළ හැක.එමෙන්ම තම අහංකාරකම සහ අධිමානය නිසා දඬුවම් ලෙස තම සිංහාසනයටම බැඳ තැබූ Cassiopeia රැජින දක්වන තරු රටාවද අහස් ගැබ නිරීක්ෂණය කළ හැක. "M" හෝ "W" අකුරු ආකාරයට පිහිටා ඇති හෙයින් මෙය හඳුනා ගැනීම වඩාත් පහසු වේ. මෙම තරු රටාව තුළම Eta Cassiopeia නම් සුන්දර හා විචිත්‍රවත් වූ ද්විත්ව තරුකාව පිහිටා ඇත. දුරදක්නයක් හො කුඩා දුරදක්නයක් ආධාරයෙන් මෙහි රන්වන් හා නීල පැහැයන් වඩාත් පැහැදිලිව නිරීක්ෂණය කළ හැක.එමෙන්ම Cassiopeiaහිම පිහිටා ඇති M103, විවෘත තරු පොකුරක් වන අතර මෙහි පිහිටා ඇති රක්ත වර්ණයෙන් යුතු තාරුකාවද, දුරදක්නයකින් නිරීක්ෂණයේදී දැකිය හැකි අවාන් හැඩයද මෙය හඳුනාගැනීම වඩාත් උපකරී වනු ඇත.Perseus හා Cassiopeia අතර තරු පොකුරු යුගලක් නිරික්ෂණය කළ හැකි අතර මේවා දුර දක්නයකින් පහසුවෙන් දැකිය හැක.
දෙසැම්බර් මස මැද සමයේදී Geminids උල්කාපාත වර්ෂාව අහස් ගැබ අලංකෘත කරනු ඇති අතර දෙසැම්බර් 13 හා 14 අතර කාල සීමාවේදී දීප්තිමත් හා වේගවත් වූ උල්කාපාත අහස් ගැබ තුළ දිස්වනු ඇත. මධ්‍යම රාත්‍රියෙන් පසු මිථුන රාශියේ සිට ඈතට මේවා ගමන් කරනු ඇති අතර පැයකට උල්කාපාත 60ක් පමණ දිස්වනු ඇත.

ලංකාවේ පළමු චන්ද්‍රිකාව

ලංකාවේ චන්ද්‍රිකාවක් ගුවන් ගත කිරිමට සැරසෙන අයුරු

රොකට්ටුවක් මාර්ගයෙන් උඩුගුවනට යවන එය 87.5 භූ ස්ථායි කක්ෂයේ (87.5E) රඳවා මිනිත්තු හතකට පසුව ශ්‍රී ලාංකීය මුහුදු තීරයට ඉහල අහසේ කක්ෂගත කිරීමට නියමිතය.මෙම චන්ද්‍රිකාවේ ජීව කාලය වසර පහළොවක් වන අතර ඒ හරහා දකුණු හා මධ්‍යම ආසියාව, නැගෙනහිර අප්‍රිකාව හා ඈත පෙරදිග රටවලට 2013 ජනවාරි මුල සතියේ සිට අදාල සන්නිවේදන සේවා සැපයෙනු ඇත.

මේ අනුව චන්ද්‍රිකාවක් අයත් 45 වන රට ලංකාව වන අතර කලාපයේ 3 වන රටයි
 


නිශ්පාදකයා - චයිනාසැට් 12 / සුප්‍රීම්සැට් 1 චන්ද්‍රිකාව චීනයේ නිපදවන ලද්දක් නොව, තේල්ස් ඇලෙනියා (Thales Alenia) නම් ප්‍රංශ/ඉතාලි/ස්පාඥ්ඥ රටවල්වල ඒකාබද්ධ සමාගමක් විසින් චීනයේ අභ්‍යවකාශ ආයතනය වෙනුවෙන් නිර්මාණය කරන ලද්දකි.

චයිනාසැට් චන්ද්‍රිකා කිසිදු ආකාරයක අමෙරිකානු තාක්ශණයක් අඩංගු නොකොට නිර්මාණය කොට ඇත. ඇමරිකාව විසින් සිය තාක්ශණය අඩංගු කොට නිර්මාණය කොට ඇති චන්ද්‍රිකා චීන රොකට්ටු මගින් අභ්‍යවකාශ ගත කිරීම තහනම් කොට ඇති නිසා (සිය දියුණු චන්ද්‍රිකා තාක්ශණය චීනය මගින් සොරාගනී යයි යන බියෙන්) චීනය වෙනුවෙන් තේල්ස් ඇලෙනියා සමාගම නිර්මාණය කරන චන්ද්‍රිකාවලට අමෙරිකානු තාක්ශණය අඩංගු උපාංග කිසිවක් ඇතුලත් නොකොට නිපදවයි.

පණිවුඩ හුවමාරු ධාරිතාව - පණිවුඩ හුවමාරු කලහැකි අධිබල ට්‍රාන්ස්පොන්ඩර් 56කින් සමන්විතය. ට්‍රාන්ස්පොන්ඩර් යනු රේඩියෝ තරංග ලබාගත හැකි (receiving) හා සම්ප්‍රේශණය (transmitting) කල හැකි ඇන්ටෙනා හා ට්‍රාන්ස්මීටර්/රිසීවර් අඩංගු උපකරණයකි. චයිනාසැට් 12/සුප්‍රීම්සැට් 1 චන්ද්‍රිකාවට මෙවැනි ට්‍රාන්ස්පොන්ඩර් 56ක් ඇත.

ක්‍රියාත්මකවීමට බලශක්ති උත්පාදනය - සූර්ය කෝශ පැනල දෙකක් හා බැටරිවලින් සමන්විතය

ශුද්ධ බර - කිලෝ ග්‍රෑම් 5054කි

අපේක්ශිත ආයුකාලය - අවුරුදු 15කි

එම අවස්ථාවේ හා චන්ද්‍රිකාවේ ජායාරූප එකතුවක් පහතින්.

සුප්‍රීම් සැට් සමාගම කක්ෂගත කිරීමට බලාපොරොත්තු වන චන්ද්‍රිකාවේ විස්තර පහත පරිදිය.


SupremeSAT-I

Launch Date :22nd November 2012
Location :87.5° East Longitude
Manufa
cturer :Thales Alenia Space
Bus :SB4000C2
Equivalent Transponder Capacity :24 C-band, 23 Ku-band
Other: This will be a joint launch with China Satcom and will enable us to expand into the regional DTH market with immediate effect












ලොවෙත් නැති google වැඩ කෑලි


ලොවෙත් නැති google වැඩ කෑලි




අපි සාමාන්යයෙන් දැකල තියන google එකට වඩා වෙනස් පට්ට වැඩ කෑලි ටිකක් තියනව.සමහරු මේක දන්නවත් ඇති. මේ ඒවා.

1.Google gravity
google එකට ගිහින් Google gravity කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.
මේකෙන් වෙන්නේ google එක කඩාගෙන වැටීම

2.Epic Google
google එකට ගිහින් Epic Google කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.
මේකෙන් වෙන්නේ google එක ටික ටික විශාල වීම

3.Weenie Google
google එකට ගිහින් Weenie Google කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.
මේකෙන් වෙන්නේ google එක ටික ටික කුඩා වීම

4.Elgoog
google එකට ගිහින් Elgoog කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.
මේකෙන් වෙන්නේ එකේ ඔක්කොම වචන කණපිට හැරවීම

5.Google Hacker
google එකට ගිහින් Google Hacker කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න
මෙන්න google එක hack වෙලෝ

6.Play PacMan on Google
google එකට ගිහින් Play PacMan on Google කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික්
කරන්න
google එකෙන් pacman ප්ලේ කරන්න ඔනෙද?

7.Do a Barrel Roll
google එකට ගිහින් කියල do a barrel roll ටයිප් කරල එන්ටර් කරන්න.එතකොට google එකම වටයක් කැරකෙනව.

8.Tilt
google එකට ගිහින් කියල Tilt ටයිප් කරල එන්ටර් කරන්න.එතකොට google එක පැත්තකට ඇල වෙනව

9. Google Sphere
google එකට ගිහින් Google Sphere කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.ඔක්කොම වටේට කැරකෙනවා.

10. www.googleloco.com
www.googleloco.com එකට යන්න.මෙන්න google එක නටනෝ

11.Annoying Google
google එකට ගිහින් Annoying Google කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.පිස්සු හැදෙන අකුරුනේද?

12.goglogo
www.goglogo.com එකට යන්න enter your name කියනතැන ඔයාගෙ නම type කරන්න දැන් google එක අපේ.

13.Google Gothic
google එකට ගිහින් Google Gothic කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.

14.Google Rainbow
google එකට ගිහින් Google Rainbow කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.google එක දේදුන්නක් වගේ

15.Google 133t
google එකට ගිහින් Google 133t කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.

16.ewmew fudd
google එකට ගිහින් ewmew fudd කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.

17.xx-klingon
google එකට ගිහින් xx-klingon කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.

Facebook Group Multi Post


Facebook Group සියල්ලටම එකවර Post දමු. | Facebook Group Multi Post






තමන්ගේ ලිපි Facebook Group වල දන්න කට්ට කපු කලේ ඉවරයි.මම අද දෙන්න යන්නෙ කොහොමද එකවර තමන්ගේ ලිපිය තමන්ගේ සියලුම Facebook Group දන්නෙ කියලා.මේක ගොඩක් කට්ටිය ඉල්ලපු දෙයක්.
මේක ඇත්තම කියනව නම් facebook application එකක්.



දෙන් කියලා දෙන්නම් කොහොමද කරන්නෙ කියලා.
මුලින්ම මම දිලා තියන ලින්ක් එකට යන්න. මේතනින්
දැන් කරන්න.

දැන් Go to App දෙන්න.
දැන් Allow කරන්න.


දැන් පහල තියන Photo එක පොඩ්ඩක් බලන්න.





Your Message : මේතනට තමගේ පණිවිඩේ පමණක් යොදන්න.(යුනිකොඩ් යෙදිමේන් වලකින්න.)

Post Link (URL) : මේතනට තමන් දෙන්න යන ලිපියේ ලින්ක් එක දෙන්න.
Post Image Link (URL) : මේතනට ගැලපෙන එකක ඉමේජ් ලින්ක් එක දෙන්න.

දැන්

Groups: Select All

කියලා තියන තැනට ටික් එක දන්න.


ඉන් පසුව පහලින් තියන එක දෙන්න.


ඔයට තියන Group ප්‍රමණය අනුව ටිකක් වේලා යනවා.පොඩ්කක් ඉවසන්න.
දැන් ඉතින් වැඩේ ගොඩ.

Internet is 40 years old! - Story of the internet

                               Internet is 40 years old! - Story of the internet















ආලවකයා පිටසක්වලයෙකුද?

බුදුන්වහන්සේ දමනය කළ ආලවකයා පිටසක්වලයෙකුද?

දිනක් බුදුන් වහන්සේ අළුයම් වෙලේ ලොව බලන සේක් අලවූ කුමරුට අනාගාමී වීමේ පිං ඇති බව දැක ආලවක යක්ෂ විමනට වැඩි සේක. ඒවේලේ අලවු යකු යක්ෂ සමාගමයට ගොස් සිටි අතර විමන භාරව සිටි ගද්‍රභයා බුදුන් වහන්සේ පිටත් කිරීමට හැකි හැම උත්සාහයක්ම දැරීය. පසුව ආලවක යක්ෂයාද පැමිණියේය.

"මහණ නිකම යව" බුදුන්ට අණ දුන්නේය.


"මැනවැයි ඇවති" බුදු හිමි කීකරුව එළියට නික්මුණ සේක.


"මහණ මෙහි එව"


බුදුන් වහන්සේ එයටද කීකරුව යළි වැඩි සේක. මෙසේ තෙවරක් සිදු විය. සිවු වෙනි වතාවේදී


"නැත ඇවැත..........නික්ම නොයමි.....කල හැක්කක් කරන්නැ " යි වදාළ සේක.


"මහණ මම නුඹෙන් ප්‍රශ්නයක් විමසමි. එය විසඳන්නට නොහැකි වුව හොත්.... ළය පලන්නෙමි.......සිත පෙලන්නෙමි.....දෙපය ගෙන පර සක්වලට දමන්නෙමි" යි යක්ෂයා ගුගුලේය.


"ඇවැත එය කළ හැක්කෙක් දෙව් මිනිස් බඹ ලොව නැත්තේය..... එහෙත් කැමැත්තක් අසන්න." බුදුන් වහන්සේ වදාළ සේක.


මෙවිට ආලවක යක්ෂයා විසින් විසදිය නොහැකි යැයි පරම්පරාවෙන් හිමිව තිබූ ප්‍රශ්න බුදු හිමිට ඉදිරිපත් කළේය...........


ආලවක සූත්‍රයේ දැක්වෙන්නේ ආලවක යක්ශයා පරම්පරාවෙන් දැනගෙන සිටි ප්‍රශ්ණත්, ඒවාට බුදුන්වහන්සේ ලබාදුන් පිලිතුරුත්ය...


කිංසූධ විත්තං පුරිසස්ස සෙට්ඨං

කිංසූ සුචින්නෝ සුඛමාවහාතී
කිංසූ හවේ සාධු තරං රසානං
කතං ජීවිං ජීවිත මාහු සෙට්ඨං

(ඉතා වැදගත් ධනය කුමක්ද? කවර හැසිරීමක් සැපයට හේතු වේද? ඉතා මිහිරි රසය කුමක්ද? කෙසේ ජීවත් වීම ශ්‍රේෂ්ඨ ද? යනු ඒ ප්‍රශ්න හතරයි. එයට පිළිතුරු දෙන බුදුරජාණන් වහන්සේ


සද්ධී ද විත්තං පුරිසස්ස සෙට්ඨං

ධම්මෝ සුචින්නෝ සුඛමාවහාතී
සච්චං හවේ සාධුතරං රසානං
පඤ්ඤා ජීවිං ජීවිත මාහු සෙට්ඨං

ශ්‍රද්ධාව ඉතා වැදගත් ධනයයි. ධර්මය අනුව හැසිරීම සැපයට හේතු වෙයි. සත්‍යය ඉතාම මිහිරි රසයයි. පඤ්ඤාවෙන් යුතුව ජීවත්වීම ශ්‍රේෂ්ඨ ය.


ආලවකයා යනු කවරෙක් වියහැකිද?


ආලවකයා යක්ශයෙකු බව බණපොතේ සඳහන් වේ. යක්ශයා යනු කවරෙකුද?


ශ්‍රි ලංකාවේද යක්ශයින් සිටි බවත් බුදුන්වහන්සේ ඔවුන්ව ගිරි දිවයිනට පලවා හැරි බවත් සඳහන්වේ. බොහෝ විද්වතුන් විශ්වාසකරන ආකාරයට යක්ශයින් යනු මනුශ්‍ය ගෝත්‍රයකි. සමහරවිට නොදියුණු ගති පැවතුම් ඇති, අභාවයට ගිය පෞරාණික නියැන්ඩර්තාල් වරුන් වැනි මානව වර්ගයක ශේෂවු ගෝත්‍ර විය හැකිය. සමහරවිට ලංකාවේ සිටින්නට ඇත්තේ මෙවැනි නියැන්ඩර්තාල් හෝ එවැනි හෝමෝසැපියන් නොවන අර්ධමානව වර්ගයක් විය හැකිය.


බුද්ධ දේශනාවට සවන්දී, ධර්මය අවබෝධකරගෙන බුදුන් සරණයාමට තරම් මනස දියුණු නොවූ මේ අර්ධ-මානවයින්ගෙන් මනුශ්‍යයන් හට විය හැකි කරදර හිරිහැර මගහරවා ගැනීම පිනිස බුදුන්වහන්සේ මෙම අර්ධ-මානව "යක්ශයින්" පලවා හරින්නට ඇතැයි තර්කයක් ගොඩනැගීමට කැමැත්තෙමි...


එහෙත් ආලවකයා නොදියුණු අර්ධමානවයෙකු විය හැකිද?


ආලවකයා බුදුන්වහන්සේගෙන් ඇසූ ප්‍රශ්ණ දෙස බලනවිට ඔහු බුද්ධි-හීන නොදියුණු මානවයෙකු විය නොහැකි බව පැහැදිලිය. ඔහු බුදුන්වහන්සේගෙන් අසා ඇත්තේ සරල පැනයන් නොව ඉතා ගැඹුරු විග්‍රයක් කලහැකි, තර්ක විතර්ක ගොඩ නැගිය හැකි පැන සතරකි. බණපොතේ දැක්වෙන ආකාරයට අලවක මෙම ප්‍රශ්ණ දැනගෙන ඇත්තේ සිය පරම්පරාවෙනි. ඔහුගේ ගෝත්‍රයේ කිසිවෙකුට තර්කානුකූලව පැහැදිලිකල නොහැකිවූ, පරම්පරාවෙන් පරම්පරාවට ඉදිරියට ගෙනා මෙම පැන ගෞතම බුදුන්ට අභියෝගයක් සමග යොමුකලේ එබැවිනි...


එනම් ආලවක මෙන්ම ආලවකගේ පරම්පරාවම ඉහල බුද්ධි මට්ටමකින් යුතු, විවිධ තර්කවිතර්කයේ යෙදෙන, දැනුම පිපාසයෙන් පෙළුනු අයවලුන් විය නොහැකිද? මෙවැනි ගතිලක්ශණ බුද්ධියෙන් දියුණු හෝමෝසැපියන් මානවයන්ට අමතරව තිබිය හැක්කේ කාටද? ආලවක මනුශ්‍යයෙකු විය නොහැකිය. ඔහු මනුශ්‍යගෝත්‍රයේ නොවන බව බණපොත්වල පැහැදිලිව දක්වා තිබේ.


එසේනම් ආලවක යනු හෝමෝසැපියන්වරුන් තරමටම හෝ ඊටත් වඩා බුද්ධියකින් යුතු ජීවියෙකු විය යුතුය. ඒ අනුව ඔහු පිටසක්වලයෙකු විය නොහැකිද?







බටහිර විද්‍යාඥයින් පිටසක්වල ජීවීන් ප්‍රධාන වර්ග දෙකකට ගොනුකල හැකි බවට අනුමාන කරයි. මේ වර්ග දෙක;



1. Benevolent extraterrestrial [කරුණාවන්ත පිටසක්වයින්]

2. Malevolent extraterrestrials [අනර්ථකාමී පිටසක්වලයින්]


අනර්ථකාමී පිටසක්වලයින් මනුශ්‍ය වර්ගයා පිලිබඳව තැකීමක් නොකරන, එසේත් නැතිනම් විනාශමුඛයට පැමිණවිය හැකි දරුණු ජීවීන්වේ. ඔවුන් මෙලොවට පැමිණියහොත් ඔවුන්ගේ දියුණු තාක්ශණය මිනිස්වර්ගයාගේ විනාශයට යෙදෙවුනු ඇතැයි සිතිය හැකිය.



ආලවකයාට "යක්ශ" යන යෙදුම භාවිතා කෙරුනේ ඔහු Malevolent වර්ගයේ දරුණු පිටසක්වලයෙකු වීම නිසා වන්නට පුලුවන. මිනිස් ජීවිත තුට්ටුවකට මායිම් නොකල ඔහු සමහරවිට විනෝදාංශයක් ලෙස මිනිස්ජීවිත බිලිගන්නටද ඇත. ප්‍රිඩේටර් චිත්‍රපටයේ පිටසක්වලයාද විනෝදාංශයක් ලෙස මිනිසුන් දඩයමේ යෙදෙන අනර්ථකාමී පිටසක්වලයෙකි. අලවකයාද සිය සමාගමයද සමග පෘථිවියට පැමිණෙන්නට ඇත්තේ මිනිස් දඩයමේ යෙදෙන්නට වන්නට පුලුවන. බුදුන්දවස මිනිසුන් "ආලවක" යන නම ඇසූ පමණින් බියවන්නේ එබැවින් විය යුතුය. එවැනි දරුණු ජීවියෙකු දමණය කරන්නට තාක්ශණයක් හෝ අවි ආයුධ එකල නොතුබූ නිසා ආලවකයා ඇතුලු පිරිස සිතැඟි පරිදි සිය දරුණු ක්‍රියා කරමින් වසන්නට ඇත.



ආලවකයා අහසින් පැමිණි අමනුශ්‍යයෙක් (celestial ogre) ලෙස ආලවක සූත්‍රයේ ඉංග්‍රීසි පරිවර්තන හඳුන්වන්නේ ඇයි?



ආලවක දමනය පිලිබඳ තොරතුරු සෙවීම සඳහා ගූගල් සෙවුම් යන්ත්‍රයේ "alavaka" යන්න සඳහන් කොට සෙවීම් සිදුකිරීමේදී හමුවූ සමහර ඉන්ග්‍රීසි ලිපිවල ආලවක "සෙලෙස්ටියල් ඕර්ග" ලෙස හඳුන්වා තිබෙන දක්නට ලැබුනි. සෙලෙස්ටියල් යනු ආකාශයෙන් පැමිනි හෝ ආකාශයේ/අභ්‍යවකාශයේ හටගත් යන තේරුම දෙයි. ඔර්ග යනු දරුණු අමනුශ්‍යයා යන තේරුම දෙයි. ඒ අනුව ආලවකයා අභ්‍යවකාශයෙන් පැමිණි අමනුශ්‍යයෙකු ලෙස යම් මූලික විශ්වාසයක් තිබෙන බවට අනුමාන කල හැකිය. මෙයද ආලවකයා දරුණු පිටසක්වලයෙකු ලෙස හඳුනා ගැනීමට සාක්ශියක් ලෙස ගැනීමට කැමැත්තෙමි.

අන්තර්ජාලය ලොවට බෙදන මුහුදුබත් වු කේබල් ජාලය ගැන ඔබ දැනුවත්ද


අන්තර්ජාලය ලොවට බෙදන මුහුදුබත් වු කේබල් ජාලය ගැන ඔබ දැනුවත්ද ?? What do you know about the hidden cables under the sea feeding the world's internet?   





 
මොකක්ද මේ?? මොනාද මේ කට්ටිය කේබල් එකක් අරන් කරන්නේ?


ආහ්... 

ඒ තමයි ලොව වටා අපි මේ පාවිච්චි කරන අන්තර්ජාලය ලොව වටා විවිධ රටවලට ගෙන යන්නට තියෙන කේබලයට අලුත්ම සහ නවීනතම තාක්ෂණයෙන් යුතු කේබලයක් අලුතින් සවිකරන කට්ටිය..
අපි මේ අන්තර්ජාලය නිතර පාවිච්චි කලාට ඉතින් ඕවා කවුද දෙන්නේ කොහොමද එන්නේ කියාලා හොයනවා අඩුයි නේ...
බොහෝමත් දෙනා හිතාගෙන ඉන්නේ අන්තර්ජාලය අපිට ලැබෙන්නේ ලොව වටා තියෙන චන්ද්‍රිකා මාර්ගයෙන් කියලා.. සමහර අය හිතන්නේ ශ්‍රී ලංකා ටෙලිකෝම් ආයතනයෙන් නේද කියලා...
ඇත්ත කතාව නම් මේ අන්තර්ජාලය 90% ටත් වඩා අපට ලැබෙන්නේ ලොව වටා විහිදුනු විශාල කේබල ජාලයකින්..

ඒක කටයුතු කරගෙන යන්නේ අන්තර්ජාතික දුරකතන සමාගම හෙවත් International Telecom සමාගමයි..

ඔවුන්ගේ නිල වෙබ් අඩවිය මෙතනින් වැඩි විස්තර ඔබට බලාගන්න පුළුවන්..


ඉතින් මේ හදන්නේ මේ සබ්මැරීන කේබල් මාර්ගය ගැනයි..

මේවා ආරක්ෂා කරගන්නේ කෝහොමද කොච්චර දේවල් මේ තුල වෙනවද කියලා පොඩි විස්තරයක් ගේන්න තමා... තොරතුරු හා පින්තුර හා සැබැදි සියල්ල සොයාගත්තේ අන්තර්ජාලයෙන්මයි.. කියවලා බලලා අදහසක් දාලාම යන්න කියලා ඉල්ලා සිටිනවා..

ලොව කාර්ය බහුලම අන්තර්ජාල කේබල් මාර්ගය වන්නේ
ලන්ඩනය හා ඇමරිකාවේ නිව්යෝර්ක් අතරයි. එයට කේබල 09 සවිවී සෑදි ඇති අතර ඉහත ජායාරෑපයෙන් දැක්වෙනුයේ එය ඉවත් කරමින් එම කේබල් 09 වෙනුවට අලුතින්ම වේගවත්ව දත්ත ගෙන යාමට Apollo නැමති සමාගම
විසින් හදුන්වා දුන්


OLAC-4 SPDA නැමති නවතම කේබලයයි.




කේබලයේ වටිනාකම දක්වා ඇත්තේ පවුම් මිලියන 250 ක් වශයෙනි.එය බ්‍රිතාන්‍ය කෝර්නිෂ් වෙරලේ සිට සැතපුම් 3800ක් දුරින් වු නිව්යෝර්ක් නුවර දක්වා මුහුද යටින් දිවෙයි.

මෙහි වෙරලේ ඇති මධ්‍යස්ථානය ඉතා රහසිගතව පිහිටුවා ඇත්තේ ත්‍රස්ත්‍රවාදි ප්‍රහාර ආදිය වැලක්වීම සඳහායි.
ලොව අන්තර්ජාල කේබල් ජාලයේ වැදගත්ම ස්ථානයක්
( Hub ) එකක් ලෙස මෙය හදුන්වයි. මේ තියෙන්නේ ලෝකයේ අන්තර්ජාලය ගෙන යන කේබල පද්ධතිය විහිද ඇති ආකාරයයි.

දන්නවාද ශ්‍රී ලංකාව සම්බන්ධ වෙලා තියෙන කේබලයේ නම ?? මෙන්න නම ටිකක් දිගයි.. SEA-ME-WE- 4 හෙවත්
South East Asia - Middle East-West Europe 4 යන්නයි
.


මෙතනින් ගියොත් එහි නිල වෙබ් අඩවිය හා තවත් විස්තර බලන්න පුළුවන්.. 

ශ්‍රී ලංකා ටෙලිකෝම් සමාගමේ ලාංජනයත් තියෙනවා..
මෙන්න මෙතනින් ගියොත් රට රටවලට යන මේ කේබල හදුන්වන සංකේත නාම ඔක්කෝම බලාගන්න පුළුවන්..


Apollo සමාගම හදුන්වා දුන් මේ නවීන කේබලය නිවසේ පාවිච්චි කරන හෝස් එකක් තරමේ වුවත් ඒ තුල බණ්ඩල 08 ක් තුල වු කෙස් ගසක් පමන ප්‍රමාණයේ කේබල 192 ක් ඇත.




කුඩා වුවත් එහි එකවර මිලියන 20 භාවිත කිරිමේ හැකියාව ඇති දත්ත ප්‍රමාණයක් ගමන් කරයි. ලේසර් කිරණ මගින් මේ හරහා දත්ත ගමන් කිරීම සිදුවන අතර තත්පරයට මෙහි 3.2 Tbps ගමන් කරන අතර නැවත පැමිනි දුරත් සමඟ සැතපුම් 7600 ක් වු සැතපුම් ගණන සම්පුර්ණ කිරීමට

ගතවන්නේ තත්පර 0.00072 පමණි.

මේ මධ්‍යස්ථානයට මාසික විදුලි බිල පවුම් 25,000 පමණ වේ.
 
සැතපුම් 30 කට එකක් වන ලෙස ගෙන යන දත්ත ප්‍රමාණයේ
ශක්තිය වැඩි කර පවත්වා ගෙන යාමට විද්යුත් රිපිටර්
(Electrical Repeaters) යොදා ඇති අතර එකක සාමාන්‍ය
මිල ඩො.මි.01 වන බව පැවසේ.. මේවා ක්‍රියාකිරිමට 10000 වෝල්ටීයතාවයෙන් යුතු විදුලි බලයක්
මේ කේබලය තුලින්ම ගමන් කරනු ලැබේ. විද්යුත් රිපිටරයේ තවත් වාසියක් වන්නේ පැය 24 පුරා මේ කේබලයේ ආරක්ෂාව හා අලුත්වැඩියා කටයුතු කරන්නා වු ඉංජිනේරුවන් හට කේබලයේ අනතුර වුයේ කොතන ද යන්න
හදුනා ගත හැකි වන බැවිනි. 10000 වෝල්ටීයතාවයෙන් වගේම ලේසර් ගමන් කරන නිසා ක්ෂණීකව ශරීරයට හානි සිදුවන බැවින් මේවායේ අලුත්වැඩියාවන් කිරීමේදි ඉතාමත් පරිස්සම් විය යුතු බව ඔවුන්ගේ අදහසයි. 19 සියවසේ සිටම බ්‍රිතාන්‍ය හා ඇමරිකාව අතර මෙවැනි සරල කේබල ක්‍රමයක් පැවත ඇති අතර 1956 වන තුරු ඒවායේ භාවිත වී ඇත්තේ මෝස් කෝඩ් (Morse code )වලිනි.
එකල එමගින් එකවර දුරකතන ඇමතුම් 36 ක් ගත හැකිව තිබු අතර 1988 දි ඒ සඳහා පයිබර් කවරයක් සහිත කේබල පද්ධතියක් සවිකරන ලද අතර එමගින් එකවර ඇමතුම් 2500 ලබාගත හැකිව ඇත.
පසුව එය දියුණු කරමින් මිලියන 60 දක්වාද අලුතින් හදුන්වා දෙන මේ Apollo සමාගමේ කේබලය මගින් එකවර දුරකතන ඇමතුම් මිලියන 200 දක්වා වැඩිකර තිබේ.

මෙහි දියුණුව කොතෙකුත්ද යත් අවුරුදු 20 ක් වු කාලය තුල එක කේබලයකින් රැගෙන යන ප්‍රමාණය 80000 ගුණයකින් වැඩිවී ඇත. 


මෙම වැඩසටහනේ දැනට ගෙන යන දත්ත ප්‍රමාණය 39Tbps දක්වා 2014 වන විට වැඩි කිරීමට බ්‍රිතාන්‍ය ආණ්ඩුව අදහස් කර සිටියි. 
2013 වන විට බ්‍රිතාන්‍ය යේ තවත් ඉලක්කයක් වන්නේ 10Mbps වු බෝඩ්බ්‍රෑන්ඩ් අන්තර්ජාලයක් රට තුල ලබාදීමයි. 
එහේම තිබුනොත් නම් තත්පර 30-40 යනකොට සාමාන්‍ය පිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් වේවි..
මේ විදිහට අන්තර්ජාලය තුල , කේබල තුල වෙනස් කරමින් දියුණු කරාට හදිස්සියෙන් හරි මේ කේබලයක් කැඩිලා ගියාම
මේ ඔක්කෝම ඉවරයි.. 

2008 වසරේ සැතපුම් 24500 ක් දිග වු මෙවැනි අන්තර්ජාලය ගෙන යන කේබලයක් නැවක නැංගුරමක පැටලී කැපී යාම නිසා ඉන්දියාව හා ආසියාවේ බොහෝ රටවල මිලියන ගණනාවක් භාවිතා කරන අන්තර්ජාලය ඇනහිටියා...

බෝට්ටු හා නෞකා වල නැංගුරම් , දැල් නිසා වගේම භු කම්පන හා දිය යට ගිනි කදු නිසා මෙවැනි කේබල වලට හානි සිදුවෙනවා...
මෙන්න මේ ප්‍රශ්ණය නවත්වන්න Telegeography නැමති සමාගම නෞකා සඳහා කේබල පද්ධතිය දැක්වෙන සිතියමක් ලබා දීලා තියෙනවා..


පැහැදිලිව බලන්න මෙතනින් යන්න...


     

මෙය වලක්වා ගැනීමට Wave Senihel නම් ටොන් 12 බර වු නෞකාව

වගේම තවත් නෞකා රාශියක් පැය 24 පුරාම වර්ග සැතපුම් මිලියන 40 ක් වු අත්ලාන්තික් සාගරයේ රැදී සිටිනවා.. 
මේ මතුපිට ටොන් 09 පමණ බර කේබල රදවා තැබිය හැකිය.
මේ සබ්මැරීන කේබලයන් හි දෝෂ හදුනා ගැනීම හා හැකි ඉක්මනින් ඒවායේ අලුත්වැඩියාවන් කිරීම මොවුන්ගේ රාජකාරියයි.

සාමාන්‍ය යෙන් මෙවැනි අලුත්වැඩියාවක් සඳහා

පවුම් 500,000 ක් පමණ
වියදම් වන අතර Wave Senihel නෞකාවේ
කපිතාන් රිචර්ඩ් කර්න්ස් මහතා


කියන විදියට අන්තර්ජාලය පවතින විට විනාඩි කිහිපයක් තුල උපදන ආදායම අනුව එය ඉතා කුඩා මුදලක් බවයි. එම නෞකාව ගිය වසර තුල අලුත්වැඩියා
කටයුතු 30 පමණ සිදුකර ඇත.

ගැඹුරු මුහුදේ සිදුකරන්නා වු මේ අලුත් වැඩියා කටයුතු සඳහා ROV
(Remote Operated Vehicle ) භාවිතා කරන අතර ඒවා විදුලි බල්බ,කැමරා හා රේඩාර් යන්ත්‍ර වලින් සමන්විත වේ..


රිපිටර් වල සංඥා හා මෘදුකාංගයක් මගින් දෝෂය පවතින ප්‍රදේශය හදුනා ගන්නා අතර පවුම් මිලියන 4.5 මිල වන මෙම ROV යන්ත්‍ර යොදා ගනිමින් කේබලය නැව තට්ටුව මතට ගෙන අලුත්වැඩියා කටයුතු සිදුකර නැවතත් ROV යන්ත්‍රය
මගින්ම මුහුද යට ස්ථාන ගත කරනු ලබයි. මුහුදේ සැතපුම් 04 යටට මෙම යන්ත්‍රය මගින් කටයුතු සිදුකල
හැකි අතර නැවේ සිට ROV යන්ත්‍රය හැසිරවීම සිදුකරනු ලැබේ.

ඊටත් වඩා ගැඹුරේ ඇති කේබල අලුත් වැඩියාවන්
සඳහා Grapnel යන්ත්‍ර යොදා ගනු ලබයි.

එයත් ඉහත ආකාරයටම පාලනය කරනු ලැබේ.
අන්තර්ජාලය ගෙදරට ගෙනත් දෙන එකත්
සෙල්ලම් වැඩක් නෙවේ නේද?? 
අපිට නම් ඉතින් මොන දේ වුනත් අවුලක් නෑ ඉන්ටර් නෙට් එක
හරියට වැඩකරනවා නම්... 
එහේම නේද??
කොහෝම වුනත් මේ වෙලාවෙත් කපිතාන් රිචර්ඩ් කර්න්ස් මහත්තයා
නැවේ කට්ටියත් එක්ක මුහුදේ ඉදන් කේබල් වල දෝෂ හොයනවා ඇති.