කඩා වැටුනු යානාවලින් ලැබුණු පිටසක්වල තාක්ෂණය කෝ?

අරුම පුදුම දේවල් බලා ගැනිමට සැරි සරන්න .සයිබර් ලොකයේ

අභ්‍යවකාශයේදී විදුලිය නිපදවා පොලොවට සම්ප්‍රේශණය කිරීමට සැරසේ

අරුම පුදුම දේවල් බලා ගැනිමට සැරි සරන්න .සයිබර් ලොකයේ

Screens දෙකක් සහිත device එකකට Samsung patent අයිතිය ලබා ගනී

අරුම පුදුම දේවල් බලා ගැනිමට සැරි සරන්න .සයිබර් ලොකයේ

පිටසක්වල ජීවීන් හා යානා පිලිබඳ අමෙරිකානු රජයේ මෙහෙයුම්

අරුම පුදුම දේවල් බලා ගැනිමට සැරි සරන්න .සයිබර් ලොකයේ

ලෝකය වෙනස් කල දුරකථන 12



ලෝකය වෙනස් කල දුරකථන 12.







ආයුබෝවන් යාලුවනේ මෙන්න තවත් අලුත්ම පුවතක්.



දැන් කියන්න යන්නේ ඉතාම වැදගත් අපේ ගාව දැන් නැතිවම බැරි දෙයක් ගැනයි. ජංගම දුරකථනය තමා එකේ ආරම්භක මාතෘකාව වන්නේ. දැන් ලෝකෙම හොලවලා ඉවරයි නේ මේ මාතෘකාව. හැබැයි මේ කියන්නේ විශේෂ දෙයක් දැනගන්න නම් කියවන්නම වෙනවා. කියවීම හොද ගති ලක්ෂණයක්නේ...

වර්තමානය වෙනකොට ජංගම දුරකථන ලෝකය ඉතාම වේගයෙන් දියුණු වෙනවා. ආරම්භ කාලයේදී සිදු උනේ Call ගැනීම හා පණිවිඩ යවිමනේ. නමුත් දැන් ඒ දේවල් ඇතුලත්ව තවත් විශේෂාංග රාශියක් එකතු කරලා තියෙනවා.. සමහර දේවල් ගැන හිතද්දී අපටම පුදුමයි. අද කියන්න යන්නේ මම "ලෝකය වෙනස් කල දුරකථන 12" ගැනයි.





මේ තමා ලෝකය වෙනස් කල පලවෙනි ජංගම දුරකතය. මේක නමින් StarTec වන අතර මෙය 1996 දී තමා මහජනයාට දීල තියෙන්නේ. මේක බරින් ග්‍රෑම් 88 වෙනවා. මේක ගැන තවත් විස්තර ඕනේ නම් ඔබන්න - Click Here







මේ දුරකතනයේ නම වෙනුවෙ Nokia 9000 නම් වේ. එක පලවෙනි සම්පුර්ණ Keyboard එකක් සහිත දුරකතනයකි. මෙය හැදුවේ 1996 ස්මාර්ට් ෆෝන් වල මුලික අදියර තමා මේ. මේක ගැන තවත් විස්තර මෙන්න - Click Here





මේ දුරකථනය නමින් Nokia 5110 වේ. පහසුවෙන් භාවිතා කරන්නට හැකියාව තිබ්බ වගේම හොද බැටරි ආයු කාලයක්ද තියෙන ෆොනේ එකකි. මේක හැදුවේ 1998 දිය. "everyone had one" කියන පරමාර්ථයක් ඇතුවයි මේක හදල තියෙන්නේ.මේක ගැන වැඩි විස්තර මෙන්න -Click Here





2000 වසරේදී නිර්මාණය කරන ලද මෙම දුරකතනය නමින් Sharp J-SH04 වේ. පළමු කැමරා ෆෝන් එකයි.මේකෙන් ගන්න පුළුවන් උනේ මෙගා පිස්කල් 0.1 චායාරුප පමණි. මේක ගනී වැඩි විස්තර මෙන්න - Click Here





මේ දුරකථනය නමින් Blackberry 6210 වේ. මේ තමා ස්මාර්ට් දුරකථන පෙරළියේ ආරම්භය.







පලවෙනි හිනිම දුරකථනය. මේක හැදුවේ 2003 දිය. මේ දුරකථනය නමින් Motorola Razr V3 වේ. මේක ගැන වැඩි විස්තර මෙන්න.- Click Here





මෙය නමින් Palm Tree 650 වේ. මේක හැදුවේ 2004. මේක බ්ලැක්බෙරි සමාගමේ එකක් නොවන අතර මෙයද ස්මාර්ට් ෆොන් දුරකතයකි. මේකේ තිබ්බා වෙබ් බ්‍රවුසර් එකක්, කැමරාවක්, Music and Video Player එකක්. මේක ගැන වැඩි විස්තර මෙන්න - Click Here





පලවෙනි TouchScreen දුරකතනයයි. මේක නමින් LG KE850 Prada ලෙස හදුන්වයි. මේක ගැන වැඩි විස්තර මෙන්න - Click Here





මේ තමා කවුරුත් දන්නා Apple සමාගමේ Apple iPhone එක. ලෝක විශාල වෙනසක් කරපු දුරකතනයක් තමා මේක. මේක හැදුවේ 2007 දිය. මේක ගැන විස්තර මෙන්න - Click Here







මේ තියෙන්නේ පලවෙනි Android දුරකථනය. මේක හැදුවේ 2008 දිය. මේකේ නම තමා T-Mobile G1 වේ.මේක ගැන වැඩි විස්තර මෙන්න - Click Here





පලවෙනි LTE තාක්ෂණයෙන් යුත් දුරකථනය මෙයයි. මෙය නමින් Samsung SCH-R900 වේ. මේක හැදුවේ 2010 දිය.





වර්තමානයේ ඉතාම වේගයෙන් ජනප්‍රිය වන ගැලැක්සි සීරියස් එකේ ගැලැක්සි 3 දුරකථනය මෙයයි. මේක හැදුවේ 2012 දිය. මේක ගැන වැඩි විස්තර මෙන්න - Click Here

ලිපිය උපුටා ගත්තේ - 12 phones that changed the world

අද ඉතින් ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගත්ත කියලා හිතනවා. එහෙනම් මම ගියා..

බටහිර විද්‍යාව පට්ටපල් බොරු


බටහිර විද්‍යාව පට්ටපල් බොරු


නලීන් ද සිල්වා ඉපදුනු කාලයේ ලංකාවේ වසූරිය රෝගය පැතිරී යාම නිසා අලුත ඉපදුනු ළමුන් බොහෝ දෙනෙකු මිය ගියහ​. බිළිඳු නලීන් ද සිල්වාට එවනි විපතක් නොවූයේ දෙමාපියන් විසින් කලට වෙලාවට එඩ්වඩ් ජෙනර් නම් බටහිරයෙකු විසින් සොයාගත් වසූරිය රෝගය වලක්වන වසූරිය එන්නත ඔහුට ලබා දීම නිසාය​.


නලීන් ද සිල්වා හැදෙන වැඩෙන කාලයේ ලංකාවේ හාල් හිඟයක් ඇති විය​. එම නිසා එඞලන්තයේ නිශ්පාදිත නැව් මගින් බුරුමයේ සිට හාල් ලංකාවට ගෙන එනු ලැබීය​. එම නිසා නලීන් ද සිල්වා මන්ද පෝෂණයට ලක් නොවී හැදුනි වැඩුනි. ඔහු පාසල් ගියේ බටහිරයන් ගේ තාක්ෂණයෙන් නිශ්පාදනය කල බස් රථයකිනි. පසු කාලයක බටහිර තාක්‍ෂණය යොදා නිපදවූ මෝටර් රථයකින් ඔහු ගමන් බිමන් ගියේය​.


තරුණ නලීන් ද සිල්වා වරක් වැස්සට තෙමී බ්‍රොන්කයිටිස් හදා ගත්තේය​. වෙද මහතෙකුගේ කසාය සුමාන දෙකක් බිව් නමුත් බ්‍රොන්කයිටිස් රෝගය වැඩිවී නිව්මෝනියාවට හැරුනේය​. මේ නිසා නලීන් ද සිල්වාගේ පියා ඔහුව බටහිර දොස්තර කෙනෙක් වෙත ගෙන ගියේය​.බටහිර දොස්තර නලීන් ද සිල්වාගේ පෙනහළු ආසාදනය වී තිබෙන බව සොයාගෙන ඔහුට ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං නම් සුද්දා සොයාගත් පෙනිසිලින් නම් ප්‍රතිජීවකය දුන්නේය​. පෙනිසිලින් වලට පින් සිද්ද වන්න නලීන් ද සිල්වාගේ පණ බේරුනේය​.


විශ්ව විද්‍යාලයට ගිය නලීන් ද සිල්වා ලංකාවේ බොහෝ ප්‍රදේශ වල සංචාරය කලේය​. ඔහු බොහෝ විට ගමන් කලේ ජෝජ් ස්ටීවන්සන් නම් ඇමරිකන්කාරයා සොයා ගත් දුම්රියේය​. මෙයට නලීන් ද සිල්වලා කිව්වේ රේල්ලුව කියාය​.


විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කොට නලීන් ද සිල්වා බටහිර තාක්‍ෂණය මගින් නිපදවූ ගුවන් යානයකින් එංලන්තයට ගියේ ආචාර්‍ය උපාධිය කිරීමටය​එඞලන්තයේ සිටි කාලයේ ඔහු පණ ගැට ගසා ගත්තේ දේශීය කොස් දෙල් කා නොව බටහිර කෑම මගිනි. ආචාර්‍ය උපාධිය කිරීමෙන් පසුව නලීන් ද සිල්වා ලංකාවට පැමිණි විගස ඔහුට රැකියාවක් ලැබුනි. ඒ එඞගලන්ත ආචාර්‍ය උපාධිය නිසාය​.


මේ කාලයේ ඔහු පෙළවහක් කර ගත්තේය​. ඔහුට දරුවන් ලැබුණි. නලීන් ද සිල්වා ගේ දරුවා කුඩා කාලයේ පෝලියෝ රෝගය හිස ඔසවා ලමයින් බොහෝ දෙනෙකු අබ්බගාත කරන ලදී. නලීන් ද සිල්වා ගේ දරුවා කුරිරු පෝලියෝ රෝගයෙන් බේරෙන ලද්දේ සුද්දෙකු විසින් සොයාගත් පෝලියෝ එන්නතට පින්සුදු වන්නටය​. එසේම නලීන් ද සිල්වා ගේ දරුවා කාස රෝගය​, වසූරිය​, ගලපටලය , සරම්ප ,කක්කල් කැස්ස වැනි රෝග වලින් බේරා ගත්තේ සුද්දන් ගේ වෛද්‍ය තාක්‍ෂණයේ පිහිට මගිනි. මේ නිසා නිරෝගීව හැදුනු වැඩුනු දරුවා පසු කාලයක බටහිර රටක වැඩිදුර අධ්‍යාපනය සඳහා ගියේය​.


මධ්‍යම වයසේදී නලීන් ද සිල්වාට මැලේරියාව සෑදුනි. ගැට අන්නාසි , පැපොල් යුශ බෙහෙත් වශයෙන් ගත්තද මැලේරියාව සුව නොවීය​. අවසානයේදී මැලේරියාව සුව වන්නේ සුද්දෙකු විසින් සොයා ගත් ක්ලොරොක්වීන් නම් බෙහෙත නිසාය​. මෙලෙස බටහිර තාක්‍ෂණයේ බටහිර විද්‍යාවේ පිහිෙටන් පණනල ගැට ගහගත් නලීන් ද සිල්වා බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් යැයි කීවේය​. මෙයට චූන් ගිය ලංකාවේ මාධ්‍යකාරයෝ රූපාවාහිනී වැඩසටහනක් සඳහා නලීන් ද සිල්වාට දිනයක් සහ වෙලාවක් දුන්හ​.


නියමිත දිනයේදී සුවිස් ඔරලෝසුවෙන් වෙලාව බලා වේලාපහින් නැගිට ගත් නලීන් ද සිල්වා සුද්දන් සොයා ගත් ක්ලෝරීන් මගින් විස නැසූ වතුර වලින් නාගෙන දේශීය අමුඩයක් වෙනුවට සුද්දන් නිපදවූ සස්පෙන්ඩරයක් යටට ඇඳ ඊට උඩින් ජාතික ඇඳුම ඇඳලා බටහිර තාක්‍ෂණයේ මහිමයෙන් නිපදවන ලද මෝටර් රථයකින් ජාතික රූපාවාහිනියට ගියේය​. හෙතෙම ජාතික රූපාවාහිනියට ගොස් බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බව කීවේය​. මේ සිංහ ගර්ජනාව ලංකාවේ සකල හුදී ජනයන්ට මහාචාර්‍ය නලීන් ද සිල්වා සූරීන් ගේ රූප කාය සමග​ ඒ මොහොතේම දැක බලා ගන්නට හැකි වූයේ ජෝන් ලොගී බෙයාඩ් නම් සුද්දා විසින් සොයාගත් රූපාවාහිනී තාක්‍ෂණයට පින්සිදු වන්නට .

උපුටා ගැනීමකි 

කලකට පෙර බර්මියුඩා‬ ත්‍රිකෝණයේ අත්රුදන් වූ ‪Flight‬ 19 බලගණය


කලකට පෙර බර්මියුඩා‬ ත්‍රිකෝණයේ අත්රුදන් වූ ‪Flight‬ 19 බලගණය








කලකට පෙර බර්මියුඩා‬ ත්‍රිකෝණයේ අත්රුදන් වූ ‪Flight‬ 19 බලගණය (Bermuda‬ Triangle Part - 03)
*දිනය: 1945 දෙසැම්බර් 5
*වේලාව: සවස 4.30 ට පමණ
*ස්ථානය: බර්මියුඩා ත්‍රිකෝණය ඉහළ අහස
*මෙහෙයුම: Navigation Problem Number One
*පාලක මැදිරිය: ෆ්ලොරීඩා හි NAS Fort Lauderdale ගුවන් පාලක *මධ්‍යස්‌ථානය

පාලක මැදිරිය, මේ Flight 19 බලගණයේ FT-36 ගුවන් යානය යි. අවසන් බෝම්බය ඉලක්කය වෙත පතිත කිරීමට සූදානම්.
FT-36, ඔබට අවසර ලැබෙනවා.
බෝම්බය සාර්ථකව පතිත වුණා. මෙහෙයුම සාර්ථකයි. Flight 19 බලගණය නැවත මූලස්ථානය වෙත පැමිණෙනවා.

මිනිත්තු 40 කට පමණ පසු.....

Flight 19, මේ පාලක මැදිරිය යි. කරුණාකර ඔබේ පිහිටීම වාර්තා කරන්න.

පිළිතුරක් නැත.....

මේ අතර මීට කිලෝමීටර කිහිපයක් ඈතින් පියාසර කෙරෙමින් ඇති උක්ත මෙහෙයුමේ ම යෙදී සිටින වෙනත් බලගණයක ප්‍රධාන යානාවට (FT-74) අපැහැදිලි පණිවිඩයක් ලැබේ.

මේ FT-28 ගුවන් යානය යි. කරුණාකර උදව් කරන්න..!
මේ FT-74 ගුවන් යානය යි. FT-28, ඔබේ පිහිටීම වාර්තා කරන්න. අප සහායට පැමිණෙනවා.
අපේ ගුවන් යානා පහේම මාලිමා යන්ත්‍ර අක්‍රීය යි. අපට Fort Lauderdale ඇති දිශාව සොයා ගැනීමට බැහැ. කරුණාකර උදව් කරන්න!
අතුරුදහන් වූ TBM Avenger යානා පහ

දෙසැම්බර් 5 වනදා ෆ්ලොරීඩා හි NAS Fort Lauderdale සිට Navigation Problem Number One පුහුණු මෙහෙයුම ආරම්භ වූයේ ගුවන් බලගණ (ගුවන් යානා සමූහයක්) කිහිපයක සහභාගීත්වයෙනි. සෑම බලගණයකම ප්‍රධානියා ලෙස ජ්‍යෙෂ්ඨ ගුවන් නියමුවෙකු කටයුතු කල අතර මෙහෙයුමේ අරමුණ වූයේ නිශ්චිත ඉලක්කයකට බෝම්බ දැමීම සහ නැවත මූලස්ථානයට පැමිණීම නවක ගුවන් නැවියන්ට පුහුණු කිරීමයි. ඉහත සඳහන් කළ Flight 19 බලගණය TBM Avenger වර්ගයේ බෝම්බ හෙළන යානා පහකින් සමන්විත විය. ලුතිනන් චාල්ස් කැරොල් ටේලර් ගේ ප්‍රධානත්වයෙන් මෙහෙයුම ආරම්භ කල බලගණයේ මුළු සාමාජික සංඛ්‍යාව දහ හතරක් විණි. පස්වරු 2.15 ට NAS Fort Lauderdale වෙතින් පිටත් වූ මෙම යානා සමූහය පුහුණුව සාර්ථකව නිමා කොට නැවත පැමිණෙන අතරවාරයේ බර්මියුඩා ත්‍රිකෝණය ඉහළ අහසේදී කිසිදු සාක්ෂියක් ඉතිරි නොකොට, අත්භූත ලෙස අතුරුදහන් විය ... ඉහත දෙබසින් පසු FT-74 යානාවේ ප්‍රධානියා වූ ලුතිනන් රොබට් කොක්ස් විසින් මේ පිළිබඳව Fort Lauderdale පාලක මැදිරිය දැනුවත් කරන ලද අතර ඒ හරහා Flight 19 බලගණයට තම යානා වල වම් පස තටු හිරු දෙසට එල්ල වන ආකාරයට පියාසර කරන ලෙසට අණ ලැබුණි. ඔවුන් ඒ අනුව පියාසර කිරීම ආරම්භ කළ බව FT-74 යානාවට දැනුම් දුන්හ. කෙසේ හෝ මේ ආකාරයට රාත්‍රී 7 පමණ වන තෙක් Flight 19 හි FT-28 යානාව, FT-74 සමග විටින් විට සම්බන්ධ වූවත්, ඔවුන් ලබා දුන් පණිවිඩ ඉතාමත් අපැහැදිලි විය. පැය කිහිපයක් තිස්සේ පාලක මැදිරිය උපදෙස් දුන් ගමන් මාර්ගය දිගේ පියාසර කළ ද, Flight 19 යළි කිසිදු දිනෙක Fort Lauderdale වෙත පැමිණියේ නැත .
අතුරුදන් වූ යානා සෙවීමේ කටයුතු වහා ආරම්භ විය. බොහෝ වගකිව යුතු නිළධරයන් ගේ අදහස වූයේ අතරමං වුණු යානාවන් පැය කිහිපයක් පුරා ඒ මේ අත පියාසර කොට ඉන්ධන අවසන් වූ පසු මුහුදට කඩා වැටුණු බව යි. සාගරයට ඉහළින් ගමන් ගනිමින් තිබූ යානයක් කුමන හේතුවක් නිසා අනතුරකට ලක් වුවත් එය කඩා වැටිය යුත්තේ සාගරයට ය. එවිට දින කිහිපයකට පසු හෝ අනතුර සිදු වූ ස්ථානයේ ජලය මතුපිට යානයේ සුන්බුන්, තෙල් පැල්ලම් ආදිය දැක ගත හැකි වේ. නමුත් Flight 19 සිදුවීමේ දී එබඳු ද්‍රව්‍යයන් කිසිවක් හමු වූයේ නැත. දැවැන්ත හා බලගතු, බෝම්බ හෙළන යුධ ගුවන් යානා පහක් ගුවන් නැවියන් දහ හතර දෙනෙකු ද සමග සම්පූර්ණයෙන්ම අතුරුදහන් වී තිබිණ.

ඉහළ අහසේදී පුපුරා ගිය PBM Mariner යානාව
මේ අතර Flight 19 සෙවීමට බර්මියුඩා ත්‍රිකෝණයට ඉහළින් පියාසර කළ PBM Mariner වර්ගයේ ගුවන් යානාවක්ද එහි කාර්යමණ්ඩලයේ දහතුන් දෙනෙකු සමග අත්භූත ලෙස අතුරුදහන් විණි! පසුව සොයා ගැනුනේ එම යානාව යම් හේතුවක් නිසා අහසේදී පිපිරී විනාශ වුණු බව යි. එහෙත් එම පිපිරීමට හේතුව හෙළිදරව් වූයේ නැත. පරීක්ෂණ වලදී හෙළි වුණු ආකාරයට පාලක මැදිරිය හා සම්බන්ධතාවය ඇණ හිටි අවස්ථාවේ දී Flight 19 සිටියේ Fort Lauderdale සිට කිලෝමීටර 370 ක් පමණ ඈතිනි. කෙසේ හෝ පරීක්ෂණ කටයුතු අවසානයේ කිසිවෙකුටත් අතුරුදන් වූ බලගණය ගැන නිශ්චිත අදහසක් ඉදිරිපත් කළ හැකි වූයේ නැත. ඉන්ධන අවසන් වීමෙන් යානාවන් සාගරයට කඩා වැටෙන්නට ඇති නමුත් ඒවායේ සුන්බුන් කිසිත් හමු නොවූ බවත්, බලගණ නායක ලුතිනන් චාල්ස් ටේලර් බහමාස් හි දූපත්, ෆ්ලොරීඩාවේ දූපත් යැයි වරදවා වටහා ගෙන නියමිත ගුවන් මාර්ගයෙන් එපිට ට යන්නට ඇති බවත් අනුමාන කිරීම් ලෙස පරීක්ෂණ වාර්තාවේ සටහන් විණි. යානා සෙවීමේ කටයුතු අත්හැර දමන ලදී.

අවසන් පරීක්ෂණ වාර්තාවට අනුව බලගණයේ ගමන් මග

පසු කලෙක, 1986 දී මේ අභිරහස් සිදුවීම නැවතත් කරළියට පැමිණියේය. ඒ එම කාල වකවානුවේදී අභ්‍යවකාශගත වීමක් අතරතුර පිපිරී විනාශ වී ගිය චැලෙන්ජර් අභ්‍යවකාශ ෂටලයේ සුන්බුන් සොයමින් සිටි පරීක්ෂණ කණ්ඩායමකට ෆ්ලොරීඩා වෙරළ තීරය ආසන්නයේ මුහුදු පත්ලේ තිබී TBM Avenger යානයක කැබලි හමු වීමෙනි. පසුව කිමිදුම් කරුවන් ලවා එම යානයේ සුන්බුන් ගොඩ ගෙන පරීක්ෂා කළද, පුදුමය වූයේ එම සුන්බුන් Flight 19 බලගණයේ යානයක කොටස් යැයි ඔප්පු කළ හැකි නොවීමයි! නැවත 1991 දී ෆ්ලොරීඩා වෙරළ තීරයේම වෙනත් දිශාවක මුහුදු පත්ලේ තිබී TBM Avenger වර්ගයේ යානා පහක සුන්බුන් හමු විය. නැවතත් සුන්බුන් හා අතුරුදන් වූ යානා සංසන්දනය කරන ලදී. ඉන් ලැබුණු ප්‍රතිඵලය පරීක්ෂකයන් විශ්මයෙන් විශ්මයටත්, අවුලෙන් අවුලටත් පත් කිරීමට සමත් විණි. මුහුදු පත්ලේ තිබී හමු වූ Avenger යානා පහ කිසිසේත්ම අතුරුදහන් වූ Flight 19 යානා පහ නොවීය!! ඒවායේ එන්ජින් සීරියල් අංක සහ Flight 19 හි එන්ජින් සීරියල් අංක සම්පූර්ණයෙන්ම අසමාන විය. අනෙක් අතට Flight 19 අතුරුදන් වූයේ මදක් ගැඹුරු මුහුදේ මිස වෙරළට මෙතරම් ආසන්නයේ දී නොවේ. එහි තවත් විශේෂත්වයක් වූවේ මුහුදේ කිලෝමීටර 2.4 ක පමණ වපසරියක එකිනෙකට ඉතා ආසන්නව සුන්බුන් විසිරී තිබුණ ද, මෙම යානා පහ කඩා වැටී තිබුණේ විවිධ දිනයන් හිදී වීම යි. (යානා වල සටහන් වී තිබූ දත්ත ආධාරයෙන් සොයා ගන්නා ලදී.)

කෙසේ හෝ Flight 19 අභිරහස වර්තමානය වනවිටත් විසඳී නොමැත. මෙහිදී පැන නැගෙන ගැටළු ගණනාවකි. Flight 19 යානා පහේම දිශාව පෙන්වන උපකරණ එකවර අක්‍රීය වූයේ ඇයි? ගුවන් පැය 2500 ක පළපුරුද්දක් තිබුණු ලුතිනන් චාල්ස් ටේලර් ට පාලක මැදිරියේ මග පෙන්වීම යටතේවත් තම බලගණය මූලස්ථානයට මෙහෙයවිය නොහැකි වූයේ ඇයි? යානා පහ මුහුදට කඩා වැටුනා නම්, ඊට සම්බන්ධ කිසිදු සාක්ෂියක් නොලැබුණේ කුමක් නිසාද? Flight 19 සෙවීමට ගිය PBM Mariner යානය අහසේදී පුපුරා යාමට හේතුව කුමක්ද? එමෙන්ම වසර ගණනාවකට පසු ෆ්ලොරීඩා වෙරළ තීරයේදී හමූ වූ TBM Avenger යානා හය Flight 19 නොවේ නම්, ඒ යානා මොනවාද? ඒවා අනතුරට පත් වූයේ කෙසේද? විවිධ කාල වලදී මුහුදේ එකම ස්ථානයකට ගුවන් යානා පහක් කඩා වැටුනේ කෙලෙසද?

Flight 19 බලගණය අනතුරකට ලක් වී මුහුදුබත් වූවා ද? නැතහොත් සමහරුන් පවසන ආකාරයට බර්මියුඩා ත්‍රිකෝණයේ දී ඔවුන් පිටසක්වළ ජීවීන් විසින් පැහැර ගනු ලැබුවා ද?

All Planes, close up tight. We ll have to ditch unless landfall. When the first plane drops below ten gallons, we all go down together...ඒ Flight 19 ප්‍රධානී ලුතිනන් ටේලර් ගේ අවසන් පණිවිඩය යි...

ලෝකයේ ගැඹුරුතම ලෙන

මේ ඔබ දකින්නේ ලෝකයේ ගැඹුරුතම ලෙනයි.







මේ ඉහත තිබෙන පින්තූරය දෙස බලන්න ඒ ඔබ දකින්නේ දැනට හඳුනාගෙන තිබෙන ආකාරයට ලෝකයේ ගැඹුරුතම ගුහාවයි. එම ගුහාව " Voronya cave" ලෙසත් හඳුන්වනු ලබනවා. ජෝර්ජියාවේ "Abkhazia' වල තමයි එය පිහිටා තිබෙන්නේ. ගුහාවට ඇතුළු වන ස්ථානයේ සිට පතුලටම ඇති ගැඹුර කිලෝමීටර් 2.191 ක් පමණ වෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද?


එම ගුහාව පිළිබඳව අනාවරණය කරගෙන වාර්තාකර තිබෙන්නේ 2004 වර්ෂයේදී යුක්රේනයේ භූ විමර්ශන විද්‍යා සමාගමක් විසිනි. මෙය තමයි භූ විමර්ශන විද්‍යා ඉතිහාසයේ පොලව අභ්‍යන්තරයට මීටර 2000කට වඩා ගමන් කරනු ලැබූ ප්‍රථම අවස්තාව වෙන්නේ. එම වාර්තාවට හිමි කම් කියන ලද්දේ අප විසින් ඉහතදී සඳහන් කරනු ලැබූ එම සමාගමයි.









මේ වෙනතුරුත් කිලෝමීටර් 2 කටත් වඩා වැඩි ගැඹුරකින් යුතු මෙම ගුහාව තමයි ලෝකයේ තිබෙන ගැඹුරුතම ගුහාව ලෙස නම් කර තිබෙන්නේ. නොයෙකුත් රටවල් වල විද්‍යාඥයන් සහ සංචාරකයන් අතර මෙම ගුහාව බෙහෙවින් ජනප්‍රියයි. හැම දවසකම සංචාරකයින් විශාල සංඛ්‍යාවක් මේ වෙත ඇදී එන්නේ එහි තිබෙන සිත්කළු සුන්දර දර්ශනය විඳ ගැනීමටයි. මෙහි පැමිණෙන සංචාරකයින් සඳහා පහසුකම් සැපයීමට සුපිරි පහසුකම් වලින් සමන්විත හෝටල් ගණනාවක් ඒ අවට ඉදිකර තිබෙනවා. මෙම පහත තිබෙන පින්තූර දැකීමෙන් ඔබට දැනගන්න පුළුවන් මේ වෙත සංචාරකයින් ඇදී ඒමේ හේතුව කුමක්ද යන්න පිළිබඳව.

















 ඉදිරියේදීත් ලෝකයේ ඔබ නොදුටු බොහෝ තැන පිළිබඳව ඔබ දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ අදහස් comment එකක් මගින් සඳහන් කරන්නත් අමතක කරන්න එපා.