කඩා වැටුනු යානාවලින් ලැබුණු පිටසක්වල තාක්ෂණය කෝ?

අරුම පුදුම දේවල් බලා ගැනිමට සැරි සරන්න .සයිබර් ලොකයේ

අභ්‍යවකාශයේදී විදුලිය නිපදවා පොලොවට සම්ප්‍රේශණය කිරීමට සැරසේ

අරුම පුදුම දේවල් බලා ගැනිමට සැරි සරන්න .සයිබර් ලොකයේ

Screens දෙකක් සහිත device එකකට Samsung patent අයිතිය ලබා ගනී

අරුම පුදුම දේවල් බලා ගැනිමට සැරි සරන්න .සයිබර් ලොකයේ

පිටසක්වල ජීවීන් හා යානා පිලිබඳ අමෙරිකානු රජයේ මෙහෙයුම්

අරුම පුදුම දේවල් බලා ගැනිමට සැරි සරන්න .සයිබර් ලොකයේ

ඔබ දැනගතයුතු විද්‍යාත්මක හේතු


ඔබ දැනගතයුතු විද්‍යාත්මක හේතු



ඔබ දැනගතයුතු විද්‍යාත්මක හේතු

*ශ‍්‍රී ලංකාවේ පරිසරය ලෝහ විඛාදනයට හිතකරය.ශ‍්‍රී ලංකාව වටා ඇත්තේ මහා සාගරයයි. එහි ජලය සුර්ය තාපය නිසා වාෂ්ප වේ. මෙම වාෂ්ප වල ලවණ අඩංගු වේ. මෙම ලුණු මිශ‍්‍ර ජල වාෂ්ප ලෝහ සමඟ ගැටීමෙන් ප‍්‍රතික‍්‍රියා කරයි. අධික උෂ්ණත්වයද මෙයට බලපාන බැවින් ලෝහ විඛාදනය හොඳීන් සිදුවේ.


*වවුලා රාති‍්‍රයට බාධක මගහැර පියාසර කරයි.වවුලා පියාසර කිරීමේදී කටින් නිකුත් කරන අතිධ්වනි තරංග බාධකයේ වැදී පරාවර්තනය වීම නිසා ඌට ඇසෙන දෝංකාර හඬ ප‍්‍රතිග‍්‍රහණය කිරීමෙන් එම බාධක හඳුනාගනී.


*විකිණීමට ඇති ඉඳීකටු ඇළුමිනියම් පත‍්‍රවල ඔතා ඇත.ඉඳීකටු තනා ඇත්තේ වානේ වලිනි. ඇළුමිනියම් වානේ වලට වඩා සකි‍්‍රයතාවයෙන් වැඩිය මේ නිසා ඇළුමිනියම් පත‍්‍ර මඟින් ඉඳීකටු මළ බැඳීම වළක්වයි.


*වගාබිමකට පොහොර දැමිම අවශ්‍ය වුවත්.වනාන්තරයක කොළ අතු සියල්ල දිරාපත්වී නැවත පසටම එකතු වන බැවින් පසෙන් ලබා ගන්නා මුලද්‍රව්‍ය නැවත පසට එකතුවේ. වගාබිමක අස්වැන්න නෙළා ගෙන ඉවත් කරන බැවින් පස නිසරුවේ. මෙය දිගින් දිගටම සිදුවන බැවින් පොහොර යෙදීමට සිදුවේ.


* හුමාලයෙන් පිළිස්සීම තදබලය.නටන ජලයට වඩා හුමාලයේ අඩංගු තාප ප‍්‍රමාණය වැඩිය. හුමාලය සමට වැදුණු විට මෙම අතිරේක ගුප්ත තාපයද පිළිස්සීමට දායක වේ. නටන ජලයෙන් මෙම අතිරේක තාපය නොලැබේ.


* හ‍ඳේ සිට පණිවුඩ එවීමේදීපෘථිවිය හා චන්ද්‍රයා අතර රික්තක පෙදෙසක් හමුවේ. ධ්වනි තරංග රික්ත තුළින් ගමන් නොකරන නිසා ධ්වනි තරංග වලින් පණිවුඩ හුවමාරු කිරීමට නොහැකි වේ.


*අක්මාවේ ආබාධ ඇති අයට තෙල් ආහාර නුසුදුසුය.අක්මාවේ ඇති පිත් යුෂයෙන් තෙල් සහිත ආහාර තෛලෝදකරණය කරයි. අක්මාවේ ආබාධ ඇතිවිට මෙසේ කි‍්‍රයා කිරීම දුෂ්කර වේ. තවද තෙල් සහිත ආහාර ගැනීමෙන් පිත්යුෂ ස‍්‍රාවයට උත්සාහ කරන නිසා තව තවත් කාර්යයන් වැඩි වීමෙන් අක්මාවේ ආබාධය උත්සන්න වේ.


*අත්තක පොතු වළලු ගැසු විට එහි ඵලදාව වැඩිවේ.ශාකයක ආහාර පරිවහනය සිදු වන්නේ ප්ලෝයම පටක මගිනි. පොතු වළලු ගැසීමේදී එම ස්ථානයෙන් ප්ලෝයම පටකය සම්පුර්ණයෙන්ම ඉවත් වන බැවින් අත්තේ පත‍්‍ර මගින් නිපදවන ආහාර ශාකයේ පහළ කොටස් කරා පරිවහණය නොවී එහි රුස්වේ. අධික ආහාර ප‍්‍රමාණයක් රුස්වෙන බැවින් එහි සෑදෙන ඵල ප‍්‍රමාණයද වැඩිවේ.

සක්වළ කැළඹූ පිටසක්වළ අමුත්තෝ


සක්වළ කැළඹූ පිටසක්වළ අමුත්තෝ 





                                සක්වළ කැළඹූ පිටසක්වළ අමුත්තෝ



අසීමිත වූත්, අනන්ත වූත් මේ මහා විශ්වයේ නිශ්චිතව ම ජීවින් සිටිනවා යැයි දැනට පිළිගනු ලබන්නේ අප වාසස්ථානය වන පෘථිවිය මත පමණි. පෘථිවිය මත හැර වෙනත් ග‍්‍රහලෝක තුළ ද ජීවින් සිටිනවා ද යන්න සොයා බැලීමට මිනිසා යොමු වී සිටින්නේ විශාල වූ ධනස්කන්ධයක් ඒ සඳහා වැය කරමිනි. එතරම් විශාල වූ කැපකිරීමක් කරමින් ඔවුන් ඒ පිළිබඳව සොයා බැලීමට යොමු වී සිටින්නේ පෘථිවිවැසියා විශ්වය තුළ සිටින්නේ තනිව ම ද යන්න සැක සහිත නිසා ය. එම සැකයට ප‍්‍රධානතම හේතුව වී ඇත්තේ ’පියාඹන පීරිසි’ නම් වූ පිටසක්වළ සිට පැමිණෙනවා යයි කියන යානා පිළිබඳව වූ ගුප්ත ආරංචියන් ය. මේ වනවිට ’පියාඹන පීරිසි’ සිය නෙතින් ම දැක ගැනීමට තරම් වාසනාවන්තයෝ මේ පොළෝ තලය මත සිට ඇත. මෙම අත්භූතජනක යානා විශේෂය වර්තමාන සමාජය තුළ කලබලකාරී ස්වභාවයක් ඇති කිරීමට සමත් වී ඇත. මේවායේ පැමිණෙන්නේ පිටසක්වළ ජීවින් ද නැතහොත් මෙය වෙනත් යම්කිසි බලපෑමක්් නිසා දර්ශනය වනවාද යන්න තවමත් ප‍්‍රශ්නයකි.

පීරිසියක් අහසේ පියාසර කරන බව යමෙක් පැවසුවහොත් ඔබ එය විශ්වාස නොකරනු ඇත. එය විශ්වාස කළ නොහැක්කක් වුව ද ’පියාඹන පීරිසි’ නමින් හඳුන්වනු ලබන අහසේ පියාසර කරන පීරිසි වර්ගයක් පිළිබඳව කටකතා විටින් විට වර්තමාන සමාජය තුළ පැතිර යයි. මෙලෙස පියාඹන පීරිසි නමින් අහසේ දර්ශනය වන්නේ මොනවාදැයි යන්න සොයා බැලීම විද්‍යාඥයන් විසින් පර්යේෂණ සිදුකරයි. මේවා පෘථිවියෙන් එපිට ලෝකයක ජීවත්වන ජීවින් විසින් නිර්මාණකරණ ලද ඒවා බවට විශ්වාස කෙරේ. සාමාන්‍යයෙන් පීරිසියක හැඩයට හුරු හැඩයක් ගන්නා නිසාත් අධික වේගයකින් යුතුව අහසේ පියාසර කරන නිසාත් මේවා ’පියාඹන පීරිසි’ ලෙසට හඳුන්වා දී ඇත. ’පියාඹන පීරිසි’ නමින් හඳුන්වනු ලබන මේවා ලෝකයේ විවිධ වූ ප‍්‍රදේශවල ජීවත්වන මිනිසුන්ගේ නෙතට දර්ශනය වී ඇති බවට සාක්ෂි ලැබී ඇත. ශී‍්‍ර ලංකාවේ ද මේවා දර්ශනය වූ බවට වාර්තා ලැබී ඇත.

ඇමෙරිකාවේ මෙක්සිකෝව නම් ප‍්‍රදේශයට 1947 ජුලි මස 04 වැනිදින මෙවැනි යානාවක් කඩා වැටුණු බවට වාර්තාවක් පල වී ඇත. එම යානාවේ පැමිණි ජීවීන් ද ඇමරිකානුවන් විසින් දුටු බව පැවසෙන අතර හිසට සාපේක්ෂව සිහින් සිරුරක් ඇති අළු පැහැයට හුරු කුඩා ජීවීන් විශේෂයක් ඒ තුළ සිටි බවත් සඳහන් ය. මෙම සිද්ධියත් සමඟ ම පියාඹන පීරිසි නැමති අභිරහස් යානා පිළිබඳව විශාල ආන්දෝලනයක් මිනිස් සමාජය තුළ ඇතිවිය. ඉන් පසුව ද මෙවැනි අත්භූතජනක සිද්ධීන් පිළිබඳව නිශ්චිත නිගමනයකට පැමිණීමට අද වනතුරුත් නොහැකි වී ඇත.ඒ කෙසේ නමුදු මේවා පිළිබඳව සොයා බැලීම සඳහා විද්‍යාඥයන් විසින් මෙහෙයුමක් දියත් කර ඇත. රේඩියෝ දුරේක්ෂ භාවිතයෙන් සිදුකරනු ලබන මෙම මෙහෙයුම සෙටි යන නාමයෙන් හඳුන්වා දී ඇත. මුළු ලොව පුරා ම පිහිටුවා ඇති රේඩියෝ දුරේක්ෂ මගින් ඈත අභ්‍යවකාශය වෙත විහිදුවා හරිනු ලබන සංඥා මගින් පිටසක්වළ ජීවින් පිළිබඳ තොරතුරු ලබාගත හැකි බව ඔවුන් පවසයි. අහසේ විටින් විට දැකගැනීමට ලැබෙන ’පියාඹන පීරිසි’ නම් වූ යානාවන් තුළ පැමිණෙන්නේ කවුරුන් ද යන්න මේ මගින් නිගමනය කළ හැකි බවයි පැවසෙන්නේ.

පියාඹන පීරිසි නමින් හඳුන්වනු ලබන යානා විශේෂය පිළිබඳව වර්තමාන තත්ත්වය එසේ වුවද කටකතා හා ආරංචියන් මත පදනම් වූ මිනිස් සමාජය තුළ මේ පිළිබඳව විවිධ වූ විශ්වාසයන් බිහි විය. පියාඹන පීරිසි වල පැමිණෙන්නේ පිටසක්වළ ජීවින් බවට අයෙක් විශ්වාස කළ අතර අයෙක් එය අසත්‍යයක් බව පැවසුවේ ය. මේ අතර මෙම අදහස් දෙක අතර තනි වූ මිනිසුන් ද මේ සමාජය තුළ අනන්තවත් සිටිති. සමහර අයෙක් තම පෞද්ගලික වාසිය තකා මෙය සත්‍යයක් බව පැවසූහ. එවැනි සිද්ධියක් පිළිබඳ ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාව දෙසින් වාර්තා වේ. එම ප‍්‍රදේශයේ ජීවත් වූ ඇඩම්ස්කි නැමති පුද්ගලයා විසින් පිටසක්වළ යානයකින් පැමිණි ජීවියකු දුටු බවත් තමා ඔහුත් සමග යානාවේ නැගී සෞරග‍්‍රහ මණ්ඩලය තුළ සංචාරය කළ බවත් පැවසීය. ඔහු පැවසූූ සිද්ධිය එසේ වුව ද කල් ගතවත්ම ඔහු කළ ප‍්‍රකාශය අසත්‍ය එකක් බව සොයාගන්නා ලදී. මුළු ලෝකයාටම තම නම ජනපි‍්‍රය කරවා ගැනීමේ අදහසින් මෙය ඉදිරිපත් කරන්නට ඇතැයි සමහරෙක් පවසති.

පියාඹන පීරිසි තුළ පැමිණෙන්නේ පිටසක්වළ ජීවින් යැයි පැවසූ අය අතර පුවත්පත් ප‍්‍රධාන තැනක් ගත්තේය. මේ පිළිබඳ ය පුවත්පත් මගින් අපූරුවට විග‍්‍රහ කර තිබිණි. එම වාර්තා පල කිරීමත් සමඟ ම තම පුවත්පත්වල අලෙවියෙහි ශීඝ‍්‍ර වර්ධනයක් ඇතිකර ගැනීමට පුවත්පත් හිමිකරුවන්ට හැකිවිය. මේවා සම්බන්ධයෙන් සමහර විද්‍යාඥයින් පැවසුවේ සමහර විට වායුගෝල තුය තුළ ඇතිවන කැළඹීම් තුළින් දර්ශනය වන මායාවන් බවයි. ඒ අතර මේවා පිළිබඳව අදහස් දැක්වු අමෙරිකාව පැවසුවේ මේවා විවිධ රටවලින් එවු අභිරහස් යානා විශේෂයක් බවයි. එනම් රහස් ඔත්තු සෙවීමට පැමිණි යානා විශේෂයක් බවයි. එහෙත් පියාඹන පීරිසි දුටු බවට වාර්තා දිගින්් දිගටම ආරංචි විය. ඒ අනුව ඒවා පිළිබඳව පර්යේෂණ කළ විවිධ ආයතන විසින් පියාඹන පීරිසි යන්න කිහිප ආකාරයකින් හඳුන්වා දී ඇත.පියාඹන පීරිසි නමින් ප‍්‍රකටව ඇති මෙය නොහැඳිනුණු මේ පියාසර කරන වස්තූන් විශේෂය අධික වේගයෙන් ගමන් කරන නිසාත් ඒවා මොනවාද යන්න ක්ෂණයෙන් හඳුනාගත නොහැකි නිසාත් අමෙරිකානු ගුවන් හමුදාව විසින් පියාඹන පීරිසි සඳහා ලබාදී ඇත්තේ පහත ආකාරයේ නිර්වචනයකි.

’අහසේ විටින් විට දර්ශනය වන්නා වූ කුමක්දැයි හඳුන්වා ගැනීමට අපහසු වස්තූන් පියාඹන පීරිසි නම් වේ’.මෙම යානා විශේෂය තම නෙතින් දුටු සමහර පුද්ගලයන් ඒ පිළිබඳව පොලීසියට ද දැනුම් දුන්නේ ය. එමෙන් ම මෙය කුමන ආකාරයක් දැයි තේරුම් ගැනීමට නොහැකි බව ද ඔවුන් පැවසූ අතර ඔවුන් ගේ මෙම කි‍්‍රයා කලාපයන් හා සාක්ෂි අනුව ’කොලරාඩෝ ’ විශ්වවිද්‍යාලය පහත දැක්වෙන ආකාරයේ නිර්වචනයක් පියාඹන පීරිසි සඳහා ලබාදී ඇත.’’සමාජයේ වගකිව යුතු පුද්ගලයන්ට පැමිණිලි කිරීමට තරම් චකිතයක් මිනිස් සිතෙහි ඇති කරමින් මොනවාදැයි තේරුම් ගත නොහැකි. මීට පෙර දැක නොතිබූ යම් වස්තුවක් අහසේ පියාසර කරනු දැකීම පියාඹන පීරිසියකි’’.පියාඹන පීරිසිත් දර්ශනය වන මෙම අත්භූතජනක යානා විශේෂය පොළොව මත සිටි අයට පමණක් ම නොව ගුවන් යානා යොදා ගනිමින් ඉහළ අහසේ ගමන් කරමින් සිටි අයට ද දර්ශනය වී ඇති බව පැවසෙයි. පුදුමය වන්නේ එය නොවේ. සඳ මතට ගිය සඳගාමීන්ට පවා සඳ මත දී එවැනි දර්ශන දැක ගන්නට ලැබුණු බව ඔවුන් පවසා ඇත. රාති‍්‍රය හා දහවල යන දෙකෙහි වෙනසක් නොමැතිව දර්ශනය වන පියාඹන පීරිසි දහවල් කාලයේදී එක් ආකාරයකටත් රාතී‍්‍ර කාලයේදී තවත් ආකාරයකටත් දිස්වන බව ඇසින් දුටුවෝ පැවසූ තොරතුරු අනුව ආනාවරණය වී ඇත. දහවල් කාලයේදී රිදී පැහැයට හුරු පැහැයක් ගත් මේවා රාතී‍්‍ර කාලයේ දී දර්ශනය වී ඇත්තේ කිසියම් දිලිසෙන ආලෝක කදම්බයක් ලෙසිනි. එමෙන් ම ඒවා එකම ප‍්‍රමාණයකින් නොව විවිධ ප‍්‍රමාණයන්ගෙන් යුතුව දිස් වී ඇති බව පැවසෙන අතර දැනට දැක ඇති පියාඹන පීරිසියේ විශාලත්වය මීටර් විස්සක් පමණ වන බව ගණන් බලා තිබේ.

ඉන්දියාවෙත් ඩයිනෝසරයෝ



ඉන්දියාවෙත් ඩයිනෝසරයෝ

ඉන්දියාවෙත් ඩයිනෝසරයෝ


පිහාටු තිබු බවට සැලකෙන නව වර්ගයක ඩයිනෝසරයකුගේ සැකිලි ඉන්දියාවෙන් හමු වී ඇත. දැනට වසර මිලියන 65 ට පෙර සෙසු ඩයිනෝසර වර්ග ආහාරයට ගත් මේ මාංශ භක්ෂක ඩයිනෝසරයාගේ හිස මත අඟක් ද තිබී ඇති අතර ඌ මීටර් 9 ක් (අඩි 30 ක්) පමණ දිගු සතකුද වන බව මේ බව ලොවට හෙළි කරන ඉන්දීය හා අමෙරිකානු විද්‍යාඥයෝ පිරිස පවසති.මේ නව හෙළිදරව්වත් සමඟ ශී‍්‍ර ලංකාවේද ඩයිනෝසරයන් සිටින්නට ඇතැයි යන කුකුසක් මතුවීමට බොහෝ දුරට ඉඩකඩ පවතී.මෙම ඩයිනෝසරයාගේ හිස්කබලේ සැකිලි මඟින් ප‍්‍රති නිර්මාණයක් කිරීමේදී වත්මන් පිහිටීමට තුඩුදෙන පරිදි මහාද්වීප පාවීගියේ කෙසේද යන්න හා ඩයිනෝසරයන් වඳවී යාමට කුමක් හේතුවීද යන්න පිළිබඳ යම් අදහසක් ඇති කැරගත හැකි වෙතැයි සැලකේ.මීට දහඅට වසරකට පෙර ඉන්දීය විද්‍යාඥයන් විසින් එක්රැස් කරන ලද ඩයිනෝසර් ඇටකටු සම්මිශ‍්‍රණයක් අධ්‍යයනය කිරීමට 2001 දී පාෂාණීය ධාතු විද්‍යාඥ පෝල් සෙරීනෝ සහ ජෙෆ් විල්සන් ඉන්දියාවට පැමිණ විට එම ඇටකටු කාර්යාලයක බිම අතුරා තිබෙනු ඔවුනට දක්නට ලැබිණ.එම ඇටකටු තොගය මැනවින් නිරීක්ෂණය කිරීමේදී තෙරෝපොඩ් හෙවත් මාංශ භක්ෂක ඩයිනෝසරයකුගේ ඇටකටු ඒ අතරින් වෙන්කැර ගැනීමට ඔවුනට හැකි විය. උගේ හිස්කබලේ මැද කොටස සොයාගත් විට එහි මැඩගස් කර ඩයිනෝසරයන්ගේ පිහිටා ඇති පරිදි අඟක් තිබෙනු දක්නට ලැබී ඇත. තවදුරටත් සිදුකළ නිරීක්ෂණයේදී වම් උකුල් ඇටය හා දකුණු උකුල් ඇයට ද උකුල් ඇටය පිටුපස කශේරුකා කොටසද ඔවුනට හමුවිය.

මෙහිදී ඔවුන්ගේ ඉන්දීය සමගාමීන් විසින් සවිස්තරාත්මකව අතින් අඳිනලද සිතියම් විමසා බැලූ ඔවුහු මෙම ඇටකටු එකිනෙකට බැඳී තිබෙන අයුරක් පිළිබිඹු කරමින් එක ළඟ වැළලී තිබී ඇති බව අනාවරණය කැර ගත්හ.මෙම අවස්ථාවේ මෙතෙක් ලොව සොයා ගෙන නැති ඩයිනෝසර් වර්ගයක ලොව සැකිලි කොටස් එහි ඇති බව අනාවරණය වූ විට ආකිමිඩීස්ගේ “යුරේකා” මොහොතක වාතාවරණය එහි ඇති වූ බව සෙරිනෝ ප‍්‍රකාශ කැර තිබේ. සෙරීනෝ, චිකාගෝ සරසවියේ පාෂාණීය ධාතු විද්‍යාව පිළිබඳ මහැදුරු මෙන් ම ජාතික භූගෝලවිද්‍යා ගවේෂකයකු ද වන්නේ ය.මෙම වසර මිලියන 65 ක් පැරැණි ඇටකටු සොයාගනු ලැබ ඇත්තේ 1983 ඩයිනෝසර බිත්තර හා කූඩු සොයාගිය ගමනකදී ඉන්දීය භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ සුරේශ් ශී‍්‍රවස්තවා සහ පන්ජාබ් සරසවියේ පාෂාණධාතු විද්‍යාඥ අශෝක් සහිනි විසිනි.එම පාෂාණය ඇටකටු කණින ලද බිම් කඩෙහි පිහිටි අයුරු ශි‍්‍රවස්තා විසින් සවිස්තරාත්මකව සිතියම් ගත කරනු ලැබ ඇත. ඉන්පසු මෙම ඇටකටු ඉන්දීය භූ විද්‍යා සමීක්ෂණ ආයතන කාර්යාලයක ගබඩා කෙරිණි. සෙරිනෝ හා විල්සන් පැමිණෙන තුරුම ඒවා එහි පැවතිණි.ඉන්දියානු විද්‍යාඥයන් හා එක් වූ මේ දෙදෙනා මීටර් 9 (අඩි 30) ක්්දිග මෙම නව ඩයිනෝසරයාගේ හිස් කබල ප‍්‍රතිනිර්මාණය කළහ. මේ මාංශ භක්ෂකයා “ රජසෝරස් - නර්මදේන්සිස්” ලෙස නම් කෙරිණ. එහි අරුත “නර්මදා වේ රාජකීය ඩයිනෝසරයා” යන්නයි. එම ඩයිනෝසරයා එසේ නම් කෙරුණේ ඇටකටු සොයා ගැනුණු බටහිර ඉන්දීය නදී කලාපය අනුව යමිනි. මෙම කි‍්‍රයාවලියට ජාතික භූගෝලවිද්‍යා සංගමයෙන්ද සහාය ලැබී ඇත.ලෝකයේ මහාද්වීප පහේදීම නව ඩයිනෝසර් වර්ග සොයාගෙන ඇති සෙරිනෝ මෙම ඉන්දීය ඩයිනෝසර් ඇටකටු හා සැකිලි මැනවින් හඳුනා ගත්තද හිස්කබල ප‍්‍රති නිර්මාණයෙන් පසු මෙම අහිමි ඉන්දීය ඩයිනෝසරයා පිළිබඳ ඡායා මාත‍්‍රගත අවබෝධයක් ලැබූ බව කියා තිබේ. දැනටත් ජුරාසික් යුග ඩයිනෝසර් සැකිලි දෙකක් ඉන්දයාවේ සකස්කොට ඇත. මෙහිදී ඒවා තනි සැකිලි නොව තනි තනි ඇටකටු සංයෝග කිරීමෙන් තනාගත් ඒවාය.

තනි ඇටකටු මඟින්, ඉන්දියාවේ මාංශ භක්ෂක හා ශාක භක්ෂක ඩයිනෝසරයන් සිටි බව වටහාගෙන ඇතත් ඔවුන්ගේ සැබෑ ස්වරූපය කෙබඳු වී දැයි නොදන්නේ කිසිම ඇටකටු දෙකක් එකම ඩයිනෝසරයකුට අයත් බව අනාවරණය නොවීම නිසාය. මෙහිදී රාජසොරස් වර්ගය වැදගත් වන්නේ එය ඇටසැකිල්ලේ විශාල කොටසක් විදහන අතර ඔවුන්ගේ විකාශයීය සබඳතා ඇඟවෙන විස්තර රැසක්ම සුරැකි ඇති බැවිනි.ප‍්‍රතිනිර්මාණික හිස්කබලේ සමහර කොටස් ගිලිහී ගොස් ඇතත්, අත්‍යවශ්‍ය කොටස් එහි පවතී. ඒ අනුව හකුපාඩා හා මොළ කූඩුව ඉතිරි වී ඇත. මේ රාජසෝරස් නම් ඩයිනෝසර් වර්ගය බෙහෙවින් බරය. ශක්තිමත්ය. ඒ සමගම ඌ දෙපාවලින් ඇවිද ගිය සතෙකි. ඌ නව වර්ගයක් බවට පත් කෙරෙන ශාරීරික ලක්ෂණ කීපයක් ම පවතින අතර, එහිදී වඩාත් කැපී පෙනෙන්නේ උගේ හිස මත පිහිටි අඟයි. එය බෙහෙවින් සියුම් විය හැකි අතර ඉතා කොට හා වටකුරු විය හැකිය.මෙම රාජසෝරස් මාංශ භක්ෂකයා ඩයිනෝසර් යුගයේ අවසානයට අයත් කි‍්‍රටේසියස් අවදියට අයත් වූ අතර, නර්මදා කළාපයේ සරිසැරූ ශාක භක්ෂක ඩයිනෝසරයන් වූ දිගු ගෙල සහිත ටයිටැනෝසෝර් වර්ගය ගොදුරු කැර ගත්තේ ය.මෙම ඩයිනෝසර් වර්ග දෙකේ ම ඇටකටු එකට හමු වී තිබේ. ඉන්දිය පාෂණ ධාතු විද්‍යාඥයින්ට මෑතකදී ටයිටැනෝසරයන්ගේ පාෂාණ භූත අපද්‍රව්‍ය හමුවී ඇති අතර එය ඔවුන්ගේ ආහාරය කුමක් වී දැයි ඉගි කරන්නකි.රාජසෝරස් සැකිලි සොයාගත් ප‍්‍රදේශයෙන්ම කෙරොපොඩ් ඩයිනෝසරයන්ගේ බිත්තර කීපයක් සොයගෙන ඇති නමුදු ඒවා රාජසෝරසයන්ට අයත් යැයි නිශ්චිතව කිව නොහැකිව ඇත.විද්‍යාඥයන්ගේ පිළිගැනීම වන්නේ රාජසෝරස්යන් මාංශභක්ෂක ඩයිනෝසර වර්ගයට අයත් බවය. උන්ගෙන් බහුතරයකට අඟක් තිබී ඇති අතර උන් වත්මන් මැඩගස්කරය, අපි‍්‍රකාව හා දකුණු අමෙරිකාව අයත් දක්ෂිණාර්ධ ගෝලීය ගොඩබිම් ස්කන්ධය පුරා සැරිසරා ඇත.




මහාද්වීප සියල්ල එකට එක්ව තිබුණු සමයේ ජීවත්වෙමින් පරිණාමයට ලක්ව මියගිය එකම සුවිශාල සත්වයා ඩයිනෝසරයා බවට මිනිසුන් බොහෝ දෙනකු අවබෝධ කැරගෙන නැතැයි සෙරීනෝ පවසයි.වසර මිලියන 65 කට පමණ පෙර මහා විනාශයක් සිදුවීමට මත්තෙන් විසූ අවසන් වර්ගට අයත් තත්කාලීන ටයිරැනෝ සොරස් රෙක්ස් වර්ගයට රාජසොරස් වර්ගය බෙහෙවින් සමාන වී තිබේ.ඩයිනෝසරයන් වඳ වි යාමට හේතුව මහත් විවාදයට ලක්වූවකි. එහෙත් ඉන්දියාවේ ඇටසැකිලි හමු වූ උන් වැළලුණු බිම් ප‍්‍රදේශ ඊට ඉඟියක් සපයනු වැනිය. මෙම ඩයිනෝසර සැකිලි හමු වූ අවසාධිත පාෂාණයන් ඇත්තේ පෘථිවියේ ඉකුත් වසර මිලියන 500 ක ඉතිහාසයේ වාර්තා වී ඇති විශාලම ගිනිකඳු කි‍්‍රයාවලියක් සිදුවූ ප‍්‍රදේශයක බව ෂානි කියා තිබේ.ඉන්දීය භූමියෙන් 1/3ක්ම ලාවා වලින් වැසී ඇති හෙයින් ඩයිනෝසර් ඇටකටු සොයා ගැන්ම බෙහෙවින් දුෂ්කර බවත්, අනිත් අතට ඉන්දියාව ජනාකීර්ණ රටක් වීමද ඊට බලපාන බවත්්දක්වන සෙරීනෝ පාෂාණධාතු විද්‍යාඥයකුගේ කැණීම් වලට පහසුම ස්ථානය පාළු කාන්තාර බවද පවසයි.ඩයිනෝසර පාෂාණය ධාතු සොයා ගැන්මෙන් ඉන්දියාව සෙසු මහාද්විපයන්ගෙන් වෙන්වූ ආකාරය පිළිබඳ ඇති මඳ අවබෝධය පුළුල් කරනු ඇතැයි සැලකේ. ඉන්දීය උපමහාද්වීපය පාවී ගිය කාල වකවානු මනා නිශ්චය කිරීමකට ලක්ව නැතත්, ඩයිනෝසරයන් මහාද්වීප හරහා ගමන් කළ සත්ව වර්ගයක් බැවින් මහාද්වීප ප්ලාවිතය (පාවීයාම) පිළිබඳ අධ්‍යයනයට උන් බෙහෙවින් උපකාරි වනු ඇති බව විල්සන්ගේ මතය වී තිබේ.මේ අනුව ඉන්දියාවත් ශී‍්‍ර ලංකාවත් කලෙකදී යා වී පැවතුණ බවට ඇති භූවිද්‍යාත්මක සාක්ෂි මැද ඩයිනෝසරයන් වර්ගයක් මෙහිද නොසිටියේ යැයි කිව හැකිද?

අහසෙන් පොළවට වැටෙන උල්කාපාත



අහසෙන් පොළවට වැටෙන උල්කාපාත



අහසෙන් පොළවට වැටෙන උල්කාපාත


පීතන්' යනු අභ්‍යවකාශ යානයක් මගින් සොයා ගන්නා ලද පළමු ග‍්‍රාහකයයි. 1983 වර්ෂයේ දී සොයා ගන්නා ලද මෙම ග‍්‍රාහකයා 3200 ලෙසින් අංකනය කර තිබුණි. මෙය ද ප‍්‍රමාණයෙන් තරමක් විශාල වූ ග‍්‍රාහකයකි. අභ්‍යවකාශයෙ හි අයාලයේ සැරිසරමින් පවතින මෙම ග‍්‍රාහක සමහර අවස්ථාවල පෘථිවියට ඉතා ආසන්නව ගමන් කරයි. එසේ පාථිවියට ආසන්නව ගමන් කළ ග‍්‍රාහක විශාල ප‍්‍රමාණයක් සොයා ගැනීමට තාරකා විද්‍යාඥයෝ සමත් වී ඇත. එහි ප‍්‍රමාණය 433 ක් පමණ බවයි පැවසෙන්නේ.පෘථිවියට ආසන්න ව ගමන් කරන ග‍්‍රාහක අනාගතයේ දී පෘථිවි වැසියාට විශාල අභියෝගයක් වනු ඇත. ඉහළ අහසේ අයාලයේ සැරිසරමින් පවතින මේවා යම් හෙයකින් පෘථිවි ගුරුත්වාකර්ශණයට හසු වුවහොත් මේ මුළු පෘථිවිතලය ම විනාශ වී යනු නොඅනුමාන. එවැනි ව්‍යසනයක් 2029 වර්ෂයේ දී සිදු වීමට ඉඩ ඇති බවට තාරකා විද්‍යාඥයින් විසින් අනතුරු අඟවා ඇත. තත්ත්වය එසේ වුවහොත් ඈත අතීතයේ සිට පැවත ආ මිනිස් ශිෂ්ටාචාරය එතැනින් ම විනාශ වී යාම පුදුමයක් නොවේ. මෙසේ පෘථිවිය මතට කඩා වැටීමට නියමිතව ඇත්තේ මිටර් තුන්සිය විස්සක නිරක්ෂිය විශ්කම්භයකින් යුතු 2004 ථ. ද. 4 නැමැති කුඩා ග‍්‍රාහකයයි. මෙය පෘථිවිය වෙත පැමිණීමේ දී පෘථිවි වායුගෝලය මගින් එහි විශාල කොටසක් පුළුස්සා දැමුව ද අඩකටත් වඩා වැඩි කොටසක් පෘථිවිය මතට ඇද හැලෙන බව තාරකා විද්‍යාඥයින් ගේ මතයයි.2029 වර්ෂයේ අපෙ‍්‍ර්ල් මස 13 වැනි දින මෙම පෘථිවි හා ග‍්‍රාහක ගැටුම් ඇති විය හැකි යැයි අමෙරිකානු නාසා ආයතනය පවසයි. මීට අවුරුදු දහස් ගණනකට පෙර ඈත අතීතයේ දී අප පෘථිවියේ ජීවත් වූ විශාල උරග විශේෂයක් වූ ඩයනෝසර් නැමැති විශාල සත්වයා වඳවී යාමට ද බලපා ඇත්තේ ඈත අභ්‍යවකාශයේ සිට පැමිණි මෙවැනි ග‍්‍රාහකයන් ය. ඈත අතීතයේ දී පෘථිවි වායු ගෝලයට ඇතුළු වූ සුවිශාල වූ ග‍්‍රාහකයක් පෘථිවි වායු ගෝලය තුළ දී විනාශයට පත් නොවී පෘථිවි පෘෂ්ඨයට ඇද වැටුණි. එමගින් විසිරුනු දූවිලි අංශු මගින් පෘථිවි පෘෂ්ඨයට සූර්යාලෝකය වැටීම අවහිර වීම නිසා ඇති වූ පාරිසරික විපර්යාස නිසා ඒ යෝධ දැවැන්ත සත්වයන් වඳ වීගිය බවට විශ්වාසයක් පවතී.2029 වර්ෂයේ දී පෘථිවිය මතට කඩා වැටේ යැයි මතයක් පවතින 2004 ර්. ව්. 4 නමැති ග‍්‍රාහකය පෘථිවියේ කුමන ස්ථානයකට ඇද හැලේදැයි තවමත් නිශ්චිත නිගමනයකට පැමිණීමට නොහැකි වී ඇත. මෙය බොහෝ විට සාගරය මතට වැටීමට ඉඩ ඇති බවට විශ්වාසයක් පවතී. එසේ වුවහොත් විශාල සුනාමි තත්ත්වයකට මුහුණ දීමට මිනිසාට සිදු වනු ඇත. 2029 වර්ෂයේ දී ඇති වේ යැයි විශ්වාස කරනු ලබන මෙම සුනාමි තත්ත්වය ලෝකයේ ඇති වනු ලබන විශාලතම සුනාමි තත්ත්වය වීමට ඉඩ ඇති බව පැවසෙයි. එසේ වුවහොත් පෘථිවි මිනිසුන් විශාල ප‍්‍රමාණයක් රුදුරු ජලකඳ මගින් මරුවා හමුවට ගෙන යනු ඇත. කෙසේ වුවත් 2004 M. N. 4 ග‍්‍රාහකය පෘථිවියේ කුමන ස්ථානයකට ඇද හැලේදැයි නිශ්චිතවම නිගමනය කර නොමැත.පරක් තෙරක් නෙැමැති මහා විශ්වයෙහි විවිධ ප‍්‍රමාණයේ ග‍්‍රහකයා ප‍්‍රකෝටි ගණනින් පිහිටා ඇත. එයින් සමහරක් ඉතා කුඩා ඒවා වෙයි. අභ්‍යවකාශය තුළ රවුම් ගසමින් පවතින මෙම කුඩා ග‍්‍රාහක කැබලි වරෙක පෘථිවියට ආසන්නව ගමන් කරනු ලබයි. මේවා පෘථිවියට ආසන්නව ගමන් කරන අවස්ථාවේ දී පෘථිවි ගුරුත්වාකර්ශණයට හසු වී පෘථිවි වායුගෝලය හා ගැටීම නිසා පිලිස්සී විනාශ වී යයි. එවිට ඒවායේ උෂ්ණත්වය විශාල වශයෙන් ඉහළ යන අතර පෘථිවියේ සිටින අයට අධික දීප්තියකින් යුතුව දිස් වේ. වළාකුළු නැති පැහැදිලි අහසක් දෙස සුපරීක්ෂාකාරීව බලා සිටින විට තරු කඩා වැටෙන ලෙස දිස්වන්නේ මෙවැනි කුඩා ග‍්‍රාහක කැබලි පෘථිවි වායුගෝලයට ඇතුළු වූ විට ය. 


මෙසේ පෘථිවි වායුගෝලය හා ගැටෙන කුඩා ග‍්‍රාහක කැබලි විශේෂිතනාමයකින් හඳුන්වනු ලබයි. "උල්කාපාත" යනුවෙන් හදුන්වනු ලබන්නේ මේවා ය. රාතී‍්‍ර අහස දෙස ටික වේලාවක් බලා සිටිය හොත් මෙවැනි උල්කාපාත දැක ගැනීමට ඔබටත් හැකි වනු ඇත. මුළු රැයක් පුරාවට අහස දෙස බලා සිටියහොත් එක් උල්කාපාතයක් නොව උල්කාපාත රාශියක් දැක ගත හැකි ය. මෙහි ප‍්‍රමාණය පැයකට 5-10 අතර ප‍්‍රමාණයක් ගනී. එනමුත් මේවා අහසේ කුමන දෙසින් කුමන වේලාවක දර්ශනය වේදැයි කීම අපහසු ය. මෙවැනි උල්කාපාත අහඹු උල්කාපාත යනුවෙන් හඳුන්වනු ලබයි. මේවාට නිශ්චිත කාලසටහනක් හෝ ගමන් මාර්ගයක් නොමැත. මේවායේ විශේෂිත ලක්ෂණයක් වන්නේ රාතී‍්‍ර අහසේ ඕනෑම ස්ථානයකින් ඕනෑ ම අවස්ථාවක නිරීක්‍ෂණය කළ හැකි වීමයි. මෙම අහඹු උල්කාපාතවලට නිශ්චිත කාල සීමාවක්් නොමැති වුණත් එකවර ඇද හැලෙන උල්කාපාත විශාල සංඛ්‍යාවක් රැගත් උල්කාපාත වර්ෂා සඳහා නිශ්චිත කාල සීමාවක් ඇත. වසරේ සමහර කාලවලදී උල්කාපාත විශාල සංඛ්‍යාවක් එකවර පෘථිවි වායුගෝලයට ඇතුළු වේ. උල්කාපාත වර්ෂාවක් යනුවෙන් හඳුන්වනු ලබන්නේ මෙයයි. සූර්යයා වටා ගමන් කරමින් පවතින ධූමකේතුවකින් ඉවත්ව ගිය පාෂාණ හා දුවිලි කැටියක් හරහා පෘථිවිය ගමන් කිරීමේ දී එම පාෂාණ කැබලි පෘථිවි ගුරුත්වාකර්ශනයට හසු වීම තුළින් උල්කාපාත වර්ෂාවක් නිර්මාණය වේ. "ලියෝනිඩ්ස්" මෙවැනි උල්කාපාත වර්ෂාවකි.වායුගෝලයක් නොමැති චන්ද්‍රයා ගේ පස් පිටි වගෙයි" යන කියමනට මූූලික වී ඇත්තේ අභ්‍යවකාශයේ සිට පැමිණෙන මේ ආගන්තුක වස්තුන් ය. එනම් උල්කාපාතයන්ය. ස‍ඳෙ හි වායුගෝලයක් නොමැත. සඳ වෙත ළං වන්නා වූ උල්කාපාත ඒ වෙත ඇදී ඒමේ දී ඒවා දවාලීමට තරම් ප‍්‍රමාණවත් වායු ගෝලයක් නොමැති නිසා ඒවා කෙලින්ම සඳ පෘෂ්ඨය හා ගැටේ. මෙලෙස සඳ වෙත පැමිණෙන සෑම උල්කාපාතයක් ම එහි පෘෂ්ඨය හා ගැටීම නිසා සඳේ පස් නිරන්තරයෙන් ම කෙටීමකට ලක් වේ. ඒ හේතුව නිසා සඳේ පස් ඉතා සිහින්ව පිටි ආකාරයෙන් පවතී. වායුගෝලයකට හිමිකම් නොකියන වෙනත් ග‍්‍රහලෝකවලට ද උල්කාපතවල බලපෑම මේ ආකාරයෙන් ම පවතී.

පිට සක්වල යනා ආවාද? උල්කාපාත වැ‍ටුනද?

2012 දෙසැම්බර් පිට  සක්වල  යනා ආවාද?උල්කාපාත  වැ‍ටුනද?



මේ දිනවල හිරු බැස යාමෙන් අනතුරුව බටහිර අහස් ගැබ තුළ ධනු තාරකා රටාව පසුබිම් කරගනිමින් සුළු මොහොතකට අඟහරු ග්‍රහයා දිස්වනු ඇත. එමෙන්ම රාත්‍රී 7.00 පමණ නැගෙනහිර ක්ෂිතිජය දෙසින් බ්‍රහස්පති ග්‍රහයා නිරීක්ෂණය කළ හැකි අතර රාත්‍රිය කෙමෙන් කෙමෙන් ගෙවී යන විට බ්‍රහස්පති ග්‍රහයාද අහස් ගැබ ඉහළට ගමන් කරනු ඇත. මේ මස උදය කාලයේදී හිරු නැඟීමට ප්‍රථම ගිණිකොන දිග ක්ෂිතිජය අසල අහසේ බුධ ග්‍රහයා ,සිකුරු ග්‍රහයා හා සෙනසුරු ග්‍රහයා නිරීක්ෂණය කළ හැක. තවද දෙසැම්බර් මස 3වන දින බ්‍රහස්පතී ග්‍රහයා පෘථිවියට ඉතාමත් ආසන්න වන අතර ඉතා දීප්තිමත්ව දිස්වනුඇත.මෙම අවස්ථාව බ්‍රහස්පතී ග්‍රහයා නිරීක්ෂණයට හා ඡායාරුපගත කිරීමට මහගු අවස්ථාවකි.

අතීත ග්‍රීක විශ්වාස වලට අනුව එන Medusaගේ හිස අතින් ගෙන සිටින Perseusගේ තරු රටාවද දෙසැම්බර් අහස අලංකාර කරනු ඇත.ආලෝක වර්ෂ 1400ක් පමණ දුරින් පිහිටි M34 නම් විවෘත තරුකා පොකුරද මෙම තරු රටාව තුළ පිහිටා ඇත.මෙය පියවි ඇසින් සහ දූරදක්නයක ආධාරයෙන් නිරීක්ෂණය කළ හැක.එමෙන්ම තම අහංකාරකම සහ අධිමානය නිසා දඬුවම් ලෙස තම සිංහාසනයටම බැඳ තැබූ Cassiopeia රැජින දක්වන තරු රටාවද අහස් ගැබ නිරීක්ෂණය කළ හැක. "M" හෝ "W" අකුරු ආකාරයට පිහිටා ඇති හෙයින් මෙය හඳුනා ගැනීම වඩාත් පහසු වේ. මෙම තරු රටාව තුළම Eta Cassiopeia නම් සුන්දර හා විචිත්‍රවත් වූ ද්විත්ව තරුකාව පිහිටා ඇත. දුරදක්නයක් හො කුඩා දුරදක්නයක් ආධාරයෙන් මෙහි රන්වන් හා නීල පැහැයන් වඩාත් පැහැදිලිව නිරීක්ෂණය කළ හැක.එමෙන්ම Cassiopeiaහිම පිහිටා ඇති M103, විවෘත තරු පොකුරක් වන අතර මෙහි පිහිටා ඇති රක්ත වර්ණයෙන් යුතු තාරුකාවද, දුරදක්නයකින් නිරීක්ෂණයේදී දැකිය හැකි අවාන් හැඩයද මෙය හඳුනාගැනීම වඩාත් උපකරී වනු ඇත.Perseus හා Cassiopeia අතර තරු පොකුරු යුගලක් නිරික්ෂණය කළ හැකි අතර මේවා දුර දක්නයකින් පහසුවෙන් දැකිය හැක.
දෙසැම්බර් මස මැද සමයේදී Geminids උල්කාපාත වර්ෂාව අහස් ගැබ අලංකෘත කරනු ඇති අතර දෙසැම්බර් 13 හා 14 අතර කාල සීමාවේදී දීප්තිමත් හා වේගවත් වූ උල්කාපාත අහස් ගැබ තුළ දිස්වනු ඇත. මධ්‍යම රාත්‍රියෙන් පසු මිථුන රාශියේ සිට ඈතට මේවා ගමන් කරනු ඇති අතර පැයකට උල්කාපාත 60ක් පමණ දිස්වනු ඇත.