කඩා වැටුනු යානාවලින් ලැබුණු පිටසක්වල තාක්ෂණය කෝ?

අරුම පුදුම දේවල් බලා ගැනිමට සැරි සරන්න .සයිබර් ලොකයේ

අභ්‍යවකාශයේදී විදුලිය නිපදවා පොලොවට සම්ප්‍රේශණය කිරීමට සැරසේ

අරුම පුදුම දේවල් බලා ගැනිමට සැරි සරන්න .සයිබර් ලොකයේ

Screens දෙකක් සහිත device එකකට Samsung patent අයිතිය ලබා ගනී

අරුම පුදුම දේවල් බලා ගැනිමට සැරි සරන්න .සයිබර් ලොකයේ

පිටසක්වල ජීවීන් හා යානා පිලිබඳ අමෙරිකානු රජයේ මෙහෙයුම්

අරුම පුදුම දේවල් බලා ගැනිමට සැරි සරන්න .සයිබර් ලොකයේ

බර්මියුඩා ත්‍රිකෝණයේ අබිරහස

බර්මියුඩා ත්‍රිකෝණයේ අබිරහස 

බර්මියුඩා ත්‍රිකෝනය තියෙන්නෙ බටහිර අත්ලාන්තික් මුහුදෙ ඇමරිකාවෙ ෆ්ලොරිඩා හා බ්‍රසීල මුහුදෙ හැතපුම් 200ක් උතුරෙන් තියන ලක්ෂ්‍ය තුනක් යා කරන වර්ල කිලෝ මීටර් දහස් ගනනත් අයත් වෙන ප්‍රදේශයයක,ෆොටො එක බැලුවනම් හරියටම තැන බලාගන්න පුලුවන්. මේක මේකාලෙ විතරක් නෙවේ අතීතයෙත් කුතුහලය ඇතිකරපු තැනක්.
එදා ඉදල ගොඩක් අය එක එක කතා කියනව, ඒත් හරියටම කියන්න බැරිවෙලයි තියෙන්නෙ, බර්මියුඩා ත්‍රිකෝනයේ වෙන දේවල් අරුම පුදුම වීමයි. 1945 ඉදල බර්මියුඩා ත්‍රිකෝනය තියන ප්‍රදේශයේ දී අතුරුදහන් වුනු දේවල් අතරට ගුවන් යානා 300ක්,නෟකාවන් 250 සහ මිනිස්සු දහස් ගනනක් වෙනව. හැවැයි පුදුම වැඩේ කියන්නෙ මේ අතුරුදහන් වුනු කිසිම දෙයක සුන්බුන් ටිකක්වත් හොයාගන්න බැරිවුනාලු, අඩුගනනෙ කඩාවැටුන් ගුවන් යානයකින් වැටුනු තෙල් බින්දුවක් වත් හොයාගන්න බැරි වෙලා.
මේ ගැන පරීක්ෂන පවත්වපු අයනම් කියන්නෙ මේ ප්‍රදේශයේ තියනන අසාමාන්‍ය ගුරුත්වාකර්ශණන නිසාලු මෙහෙම වෙලා තියෙන්නෙ. ඒත් ඒ මතයත් එක්ක එකඟවෙන් බැරිවෙලා තියෙන්නෙ අසාමාන්‍ය ගුරුත්වාකර්ශණනයක් තිබුනත් මෙ කඩා වැඩුනු දේවල් වැටුනු තැනක් හොයාගන්න බැරිවුනු නිසා. තවත් දෙයක් තමයි ගුරුත්වාකර්ශණනයකින් එහෙම වුනානම් හැම ගුවන් යානකටම බලපාන්න ඕනනෙ. ඒත් මෙතන එහෙම දෙයක් වෙලා නැහැනෙ, සමහර ඒවට විතරයි මෙහෙම වුනෙ.
1945.12.05 නෙිද ඇමරිකානු නාවික හමුදාවෙ බෝම්බ දාන ගුවන් යානා 5ක් මේ ප්‍රදේෂයක උඩින් ගමන් කරමින් තියෙනව. මේවා ගුවන් ගත වුනු වෙලාවෙ ඉදල සාමාන්‍ය විදියට පාලක මැදිරියත් එක්ක රේඩියො සම්බන්දතා පවත්වල තියනව, එත් එක පාරටම ඒව නැවතිල තියනව. රේඩියො උපාංගවල වරදක් කියල හිතාගෙන ඒ අය යානා කුවන් තොටුපලට එනකම් බලාගෙන ඉදල තියනව. ඒත් ඇවිලිල නැහැ. බර්මියුඩා ත්‍රිකෝනය කිට්ටුව ප්‍රදේශයේ රේඩාර් සිග්නල් වැඩකරමින් ගමයි තිබිල තියෙන්නෙ, ඒත් ගුවන් යානා ගැන කිසිම හෝඩුවාවක් ලැබිල නැහැ.
පස්සෙ මේව හොයන්න තවත් ගුවන් යානයක් යවල තියනව ඒ වෙලාවෙ හරිම පුදුම දෙයක් තමයි වෙලා තියෙන්නෙ. මේ ගුවන් යානය පිටත්වෙලා විනාඩි 10කට පස්සෙ පාලක මැදිරියත් එක්ක තිබුනු රේඩියො සම්බන්දතා ටික ටික නැවතිල තියනව. හෙයන්න ගිය යානයේ ගුවන් නියමුව එකපාරටම පාලක මැදිරියට පනිවිඩක් එවල තියනව මෙහෙමයි ඒකෙ කියවිලා තියෙන්නෙ
“ මගේ ගුවන් යානයට උඩින් අහසෙ අමුතු හැඩයේ විශාල යමක් මට පේනව. දැන් ගුවන් යානය මට පාලනය කරන්න බැහැ. ගුවන් යානය ඒ පැත්තට…”
මේක තමයි ගුවන් නියමුව අන්තිම පණිවිඩය. පස්සෙ මේ ගැන විශා පරීෂන පවත්වල තියනව ඒත් ගුවන් යානාවල ගිය ගුවන් නියමුවන් 15 දෙනා ගැනවත් ගුවන් යානා 6 ට මොකද වුනේ කියලවත් හොයා ගන්න බැරිවෙලා තියනව. හරිම පුදුමයි‍ නේද?

කලින් කියුව ගුවන් යාන වගේම අඩි 400 විතර දිග භාණ්ඩ පුවාහනය කරන්න යෙදවල තිබුනු, නැවක් එකෙ නැවියන් සහ සේවකයොත් එක්ක අතුරුදහන් වෙලා තියනව. මේ නැව අතුරුදහන් වීම ගැන පරීක්ෂන පවත්වත්වපු කට්ටිය කියල අන්තිමට කියල තියෙන්නෙ ඒ නැව මුහුදුබත් වෙලා නැහැ කියල. එතකොට ඒ නැවට මොකද වුනේ? ඒ කාලෙම ටොන් 19000ක් බර මගී ප්‍රවාහන නැවක් අතුරුදහන් වෙලා තියනව.
එ නැවේ මගීන්309 අරගෙන යමින් තිබුනු මේ නැව ඊට කි.මී 72ක් දුරින් යමින් තිබුනු නැවක් එක්ක රේඩියො පනිවිඩ හුවමාරු කරගත්තත් එක පාරටම ඒව නැවතිල තියනව. ඒ ගැන හොයා බැලුවත් කිසිම වැඩක් වෙලා නැහැ. 1982 අගොස්තු 13දා බර්මියුඩා ත්‍රිකෝණයේදී තවත් පුදුම දෙයක් වෙලා තියනව. ඒ තමයි බෝට්ටුවකින් මිනිස්සු 6 දෙනෙකුයි බල්ලෙකුයි ගිහින් තියනව ඒ කට්ටිය අතුරු දහන්වෙලා තියනව ඒත් ඒ කට්ටිය එක්ක හිටිය ගිරවෙක් මැරිල ඉදල අහුවෙලා තියනව. ඌ ගැන පරීක්ෂන කරපු දොස්තරල කියල තියනව ඌ මැරිල තියෙන්නෙ අධික කම්පනයකින්ය කියල.
ඒ බෝට්ටුව කිට්ටුව තිබුනු නාවික හමුදා කදවුරක රේඩාර් තිරයෙ සටහන් වුනු වෙලාවෙ බෝට්ටුව විතරයි පෙනෙන්න තිබිල තියෙන්නෙ එතකොට හිටිය මිනිස්සුන්න,බල්ලට මොකද වුනේ? ගිරව මැරුනෙ කොහොමද? ඒව නම් ඉතිං උත්තර නැති ප්‍රශ්න.
බර්මියුඩා ත්‍රිකෝණයේදී අතුරුදහන් වුන් නැවු, ගුවන් යානා අතුරුදහන් වෙන වෙලාව වෙනකම්ම ගොඩබිමත් එක්ක රේඩියො සම්බන්දතා පවත්වල තියනව. මෙසේ ඒ නැවියන්,ගුවන් නියමුවන් එවපු පනිවිඩ වලින් මේ ප්‍රශ්න වලට යම් ‍මතයක් ඉදිරිපත් කරන්න පුලුවන්ලු. 1995 වෙද්දි අතුරුදහන් වුනු ගුවන් යානා 1000කට වැඩිලු.එයින් 35%ක් ඒව හැම එකක්ම තම ගුවන් යානා කිට්ටුව අහසෙ තිබුනු යම් දෙයක් ගැන ගුවන් නියමුවන් කියල තියනව. 25%ක් විතර ගුවන් යානා පාලනයෙන් ගිලිහිලා කියල තියනව‍. අනික් ඒව එකපාරටම අතුරුදහන් වෙලා.
බර්මියුඩා ත්‍රිකෝණයේදී අතුරුදහන් වුනු දේවල් අතර 1967දී අධිවේගී රේස් බොට්ටුවක් ‍කිට්ටුව වෙරලෙ හිටිය අය බලාගෙන ඉදිද්දිම අතුරුදහන් වෙලා තියනව. තව 1973 මාර්තුවල ටොන් 20,000ක් බර භාණ්ඩ පුවාහන නැවක්,1924 දි ජපාන නැවක්. ඊටත් වඩා පුදුම දෙයක් තමයි 1932දී නැවු දෙකක් අතුරුදහන් වෙලා පස්සෙ හොයාගෙන තියනව, ඒත් ඒවයෙ සේවය කරපු කෙනෙක්වත්. ගියපු මගියෙක්වත් හොයාගන්න බැරිවෙලා තියනව. පුදුම වැඩක් තමයි නේද?
මේ ගැන තවදුරටත් පරීක්ෂන කරපු පර්යෙෂකයින් නම් කියන්නෙ අර යුරෝපයෙ පර්යෙෂකයින් මොකක්හරි එකක් උනේ කොහොමද, නැත්තං හැදුවෙ කොහොමද කියල (ඊජිප්තුවෙ හදල තියන පිරමීඩ වගේ) ඒ අයට හොයාගන් බැරි උනාම කියන එක (කට්ටිය සමහර විට දන්නවත් ඇති), ඒ තමයි මේ සිදුවීම් එක්ක පිටසක්වල ජීවීන්ගෙ සම්බන්දයක් තියනවය, ඒ පිටසක්වල ජීවීන් ඔවුන්ගෙ පර්යේෂන සදහා පෘථිවියේ තොරාගනපු ප්‍රදේශ වලින් එකක් මේ ප්‍රදේශය වෙන්න ඇති කියලයි.
ගුවන් යානයට සිදූවූ දේ දැනගන්න - BBC වීඩියෝව


පුළුවන් නම් හොයන්න





මේ තියෙන්නේ ලෝකේ ලොකුම ගිගා පික්සල් පොටෝ වලින් එකක්.
ඒ පොටෝ එකට මේ link එකෙන් යන්නhttp://btlondon2012.co.uk/pano.html
ඒ පොටෝ එකේ, අපි මේ රතු පාට ඊ තලයක් ගහල තියෙන්නේ. ඒ ළග පොඩි බට්ටා කාර් එකක් තියනවා ඒක නිල් හා දම් පාට කාර් එකක් . එකේ නම්බර් ප්ලේට් එකට පහලින් සුදු පාට කොලේක 22179 කියල ගහල තියනවා.

ඔන්න දැන් අපි අදාල කාර් ඒක ගැන හොඳින් ඔයාලව දැනුවත් කළා. හොඳටම ලේසි කළා. අභියෝගය තමයි උඩින් තියන link එකට ගිහින් පොටෝ ඒක zoom කරලා ඒ කාර් එකේ නම්බරේ හොයන ඒක. එහෙනම් ඒක හොයලා comment කරමු බලන්න.

ලංකාව ලෝකයේ බලවත්ම ස්ථානය බවට NASA ආයතනය පිළිගනී

ලංකාව ලෝකයේ බලවත්ම ස්ථානය බවට NASA ආයතනය පිළිගනී -------------------------------------------------------------------
ඇමෙරිකාවේ NASA ආයතනය හා ජර්මානු අභ්‍යවකාශ මධ්‍යස්ථානය එක්ව වසර 2002 මාර්තු මස යුගල චන්ද්‍රිකාවක් නිපදවා කක්ෂගත කෙරුණි එහි අරමුණ වුයේ පොලව මතුපිට තිබෙන ගුර්ත්වාකර්ශනයබලය වඩාත් නිවැරදි ලෙස මැන බලමින් කාලගුණය හා පොළවේ අභ්‍යන්තරව සිදුවෙන වෙනස්කම් අද්‍යනය කිරීමය. මෙම මෙහෙයුම GRACE (Gravity Recovery And Climate Experiment ) ලෙස හැදින්වූ අතර මේ වනතුරු සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.GRACEපොලවට කිලෝමීටර500 ක් ඉහලින් ගමන්කරන මේ චන්ද්‍රිකා යුගල එකම පථයක සමාන්තරව ගමන්කරයි. චන්ද්‍රිකා යුගල අතර දුර කිලෝමීටර 200 ක් වන අතර එහි ඇති සුක්ෂම විද්‍යුත් උපකරණවලින් චන්ද්‍රිකා අතර දුර කෙස් ගසක පමණ (10 microns) වෙනසක් වුවද මැනීමට සමත්ය. එලෙසම එම තොරතුරු පොළවට වාර්තා කිරීමට තාක්ෂණික පහසුකම් වලින් ද සමන්විතය. පොලව මතුපිට ස්ථරය හා අභ්‍යන්තරය ඒකාකාරී නොවේ. විද්ධ මූලද්‍රව්‍ය විවිධ ඝනත්වයන් ගෙන් යුතුව විවිද අනුපාතයන් වලින් පවතී . එලෙසම පොලවේ මතුපිට හා අභ්‍යන්තර ජාල හා ද්‍රව පැතිරීමට එකාකාරි නොවේ. එබැවින් පොලවේ ගුරුත්වාකර්ෂණ බලය සුළු වශයෙන් අඩු හා වැඩි වශයෙන් වෙනස් වේ. මෙය සාමාන්‍ය මිනිසාට බලපාන මුත් එය අපට දැකගැනීමට හෝ මැන ගැනීමට නොහැක . කිලෝමීටර 500 ක් පොළවෙන් ඈත අභ්‍යවකාශයේ ඇති මෙම චන්ද්‍රිකා යුගල ටද මෙය බලපායි . එබැවින් පහල ගුරුත්වය අනුව චද්රිකාවේ වේගය අඩුවැඩි වේ. ඒ අනුව චන්ද්‍රිකා යුගල අතර දුර සියුම් ලෙස වෙනස් වේ. එම වෙනස්කම් ගුරුත්වයට අනුලෝමව සමානුපාතික වන අතර සංකීර්ණ ගනයක කිරීම් තුලින් පොලවේ “ගුරුත්ව” සිතියමක් ලබා ගැනීමට හැකිවී තිබේ.gravityමෙය අප දන්නා සමෝච්ච රේඛා සිතියමට සමානය. මෙහි සම ගුරුත්ව ඇති ස්ථාන සම පාටින් දක්වන අතර අඩුම ගුරුත්වය නිල් පැහැයේ සිට වැඩිම ගුරුත්වය රතු පැහැය ලෙස ගෙන වර්ණ ගන්වා ඇත. මෙම සිතියමේ අඩුම ගුරුත්වය ඇති ස්ථානය තුල ලංකාව පිහිටීම අරුමයක් නොවේද? මෙහි පරාසය දක්වා ඇත්තේ මීටර වලිනි. අඩුම හා වැඩිම තැන අතර දුර මීටර 200ක් පමණ වෙනු ඇත. මෙය මීටර වලින් දැක්වීම ඔබට ගැටළුවක් වෙනු ඇත. අඩු ගුරුත්වය ඇති ලංකාවේ සිට වැඩි ගුරුත්වය ඇති මැලේසියාව ආශ්‍රිත පෙදෙසට නැවක් ගමන් ගනී නම් . එයට මීටර 200 පමණ ඉහලට යාමක් සිදුවේ. සරලව දක්වතොත් අද ලංකාව තිබුනේ තද රතුපාටින් නම්, ඊට අදාල මුහුදු මට්ටම අද තිබෙන ප්‍රමාණයට මීටර 200 ක් පමණ උසකින් වැඩි විය යුතුය. එනම් පහත රට යටවී උඩරට පමණක් ඉතිරි වෙනු ඇත. මෙම ගුරුත්ව වෙනසට අනුව ලෝකයේ උපරිම හා අවම අගයන් ගතහොත් යම් වස්තුවක බර 0.6% කින් පමණ වෙනස්වීමට ඉඩ තිබේ . ලංකාවේ මෙම විශේෂ පිහිටුම මීට වසර තිහ හතළිහකට කලින් ම සිට හදුනාගෙන තිබුණි. ලාංකියන් මේ ගැන වැඩිවශයෙන් දැනුවත් නොසිටි මුත්, අද වනවිට අපට වඩා තාක්ෂණයෙන් දියුණු රටවල් මේ පිලිබදව වැඩි උනන්දුවක් දක්වා ඇත. වසර 1956 දී Arthur C. Clarke මහතා ලංකාවට පැමිණ පදිංචිවීම ඉන් එක කරුණක් ය . පෘතුවි පෘෂ්ට්යේ සිට ඇතුලට යනවිට ගුරුත්වය අඩුවේ , එනම් පෘතුවි කේන්ද්‍රයේ ගුරුත්වාකර්ෂණය ශුන්‍යය. නමුත් පීඩන අධිකය. පෘතුවි තලය මත ගුරුත්වය අඩුම තැන ලංකාව වන බැවින් ලෝක තලයේ කේන්ද්‍රය නොහොත් ලෝකයේ හරිමැද ලංකාව පිහිට්යේ යි කීම නිවැරදිය. මෙම කරුණ අද පමණක් නොව වසර දහස් ගණනක සිට අපේ මුතුන් මිත්තන් දැනසිටි බවට ශාක්ෂි හමුවේ. ත්‍රිපිටකයේ මෙන්ම පුජාවලිය, රාජාවලිය, දඹදෙණි අසන, වන්නි රාජාවලිය හා දොරකොඩ අස්න යන ලේඛණ වල පෘතුවි තලය මත ශ්‍රෙෂ්ඨ හා බලවත් මිනිසුන් බිහිවෙන භූමියක් ඇති බවත් එය මධ්‍ය මණ්ඩලය ලෙසත් දක්වා ඇත . එහි බිහිවන ශ්‍රෙෂ්ඨ හා බලවත් මිනිසුන් ලෙස “සියලු බුදුවරුන්” හා සියලු “සක්විති රජවරුන්” දක්වා ඇත. මෙම මධ්ය මණ්ඩලයෙන් භාහිර රටවල් “පරසම්ය දේශ” වශයෙන් නම් කර විශාල රටවල් ප්‍රමාණක් දක්වා ඇත. ඒවා අතර නේපාලය, බංගලිදේශය, කාශ්මීරය, ලාට රට, සින්ධුර දේශය, කර්ණාටක, ගුජරාට, කාම්බෝජය, යෝනක දේශය, සොලිරට, රෝමය හා ස්පාඤඤය වැනි රටවල් ඇත, ලෝකයේ රටවල පිහිටීමට අනුව විද්‍යාත්මකව අසාමාන්‍ය පිහිටුමක් ඇති එකම රට ලංකාවය.අපට ආසන්නයේ ඇති විශාලම වස්තුව සද ය. එහිගුරුත්වය පොලවේ ගුරුත්වය වඩා අඩුය. දල වශයෙන් 0.16 ක් වේ. පොලවෙ සිට 384,400 km දුරකින්, අඩු ගුරුත්වයක් ඇති සද , වඩදිය හා බාදිය ඇති කරමින් පොලවට බලපෑම් කරනු ලැබේ. සමහර ස්ථානවල, වඩ හා බා දිය අතර වෙනස අඩි 50 ක් පමණ වෙන බවට සොයාගෙන ඇත. ඒ හා සමාන බලපෑමක් සුර්යයා ගෙන් ද ඇති වේ. සුර්යයාගේ ගුරුත්වය පොලව මෙන් 28 ගුණයකි එනමුත් 149,600,000 km දුරින් ඇති නිසා එයින් ඇතිවන්නේ සදේ බලපෑම මෙන් අඩකි .සද පොලව වටා යාමට ගතවන කාලය දවස් විසි අටකි එය චන්ද්‍ර මාසය නම් වේ. මුහුදු ජලය මත පමණක් නොව මිනිස් සිරුර තුල ඇති තරල මෙන් ම හෝමෝන සහ මිනිස් මොලයේ කිරියාකරිත්වයට ද සද බලපායි . දින විසි අටකට වරක් සිදුවන කාන්තාවන්ගේ ආර්තවහරණය මෙයට හොදම නිදසුනයි . පොහොය දවසට මනසේ ක්‍රියාකාරිත්වය වැඩිවන බවට පිළිගැනීමක් ඇත. එලෙසම රුධිර ගමනාගමනය වැඩි වී ලේ කැටි ගැසීම අඩු වේයි විශ්වාසයක් පවතින බැවින් සමහර වෙදදුරන් පොහෝ දින ශල්‍යකරම නොකරති . මෙය බුදු දහමින් තවත් පිලිබිබු වේ. පොහොය දින පින්දහම් කිරීමට යොදාගන්නේ එම නිසාය. එලෙසම මෙලොව පහලවූ උසස්ම මිනිසාගේ තෙමගුල මෙන්ම විශේෂ අවස්තාවන්, පොහොය දින සිදුවීම බොද්ධ සාහිත්‍යයේ ඇතුලත්ය . විදේශීය ජනප්‍රවාද සහ ජනකතාවල පොහොදින විශේෂ බව සදහන් කරයි . සුර්යක් ග්‍රහණය යනු මෙහි උපරිම අවස්ථාවයි . එවිට සූර්යය හා චන්ද්‍රයා එකම රෙඛාවක පිහිටන අතර පොලවේ ගුරුත්වාකර්ශනයට ප්‍රතිවිරුද්ධව ක්‍රියාකරමින්. පොලවේ බලය අඩු කරයි. බයිබලය යක්ෂයා ලෙසද, බුදු දහම මාරයා ලෙසද පොලවේ බලය හදුන්වයි. මරණය යනු මාරයාගෙන් ලබාගත් ණය ය. අප කවදාහෝ මරණය ගෙවා, නැවතත් ණය ලබාගනිමින් ඉපදේ. මනුෂ්‍යයා මනසින් මෙන්ම ශරීරයෙන් ද පොලවට බැදී සිටි. මාරයාගේ බලය දස ආකාරයකින් ක්‍රියාත්මකය. ඒවා පොලවට නොහොත් “බ්මට” බරය, දස බිම්බර මාර සෙනග නමින් හදුන්වන්නේ එයය. දැන් මා ඔබෙන් පැනයක් අසමි. පොහොය දිනක දසබිම්බර මාරසෙනග “පසුවෙන්ම” පැරදිය හැකි වන්නේ ලෝකයේ කුමන ස්ථානයක සිටද ? නැතහොත් කුමන රටේ වැසියෙකුටද ? බුද්ධත්වය නම් වූ එම ශ්‍රෙෂ්ඨ මානසික තත්වයට පහසුවෙන් ම පත් විය හැක්කේ කුමන රටේ වැසියෙකුටද? බොහෝ විද්වතුන් මෙන්ම බුද්ධ දේශනාව අනුව ද , මිනිසා ලොව ඇතිවන්නේ. ඕපපාතිකව නොව පිටසක්වල ආගමනයක් නිසාවෙනි. බුදු වදනේ මෙය ආබස්සර බඹ ලොව ලෙස හදුන්වති. දැන් මම ඔබෙන් තවත් ප්‍රශ්නයක් අසමි. පිටසක්වල ජීවියෙකු හට පෘතුවියට පහසුවෙන් පැමිණිය හැක්කේ හා පිටවිය හැක්කේ ලෝක ගෝලයේ කුමන ස්ථානයෙන් ද ? නොඑසේ නම් කුමන රටින් ද ? ලෝකයේ පලමු ජීවය ඇතිවන්නට පහසු මොන රටේ ද? ලංකාව තුල බාහිර ලෝක හා සම්බධ විය හැකි සක්විති රජවරු මෙන්ම තාක්ෂණයද තිබු බව අපගේ ඉතිහාසය හා පුරා විද්‍යාව කියාපායි . එහි හොදම උදාහරණය වන්නේ අනුරාධපුර රන්මසු උයනේ ඇති තාරකා දොරටු ලාංචනයි. මේ හා සමාන ලාංචන ලොව ඇත්තේ, එකක් ඊජිප්තුවේ හා මැක්සිකෝවේ පමණි. රාවන යනු එවන් සක්විති රජ පරපුරක අවසාන පුරුකය. ලංකාව යනු ඉදිරි අනාගත්දී අඩු ඉන්දන ශක්ති ප්‍රභවයකින් අභ්‍යවකාශයට යා හැකි හොදම ස්ථානය බව දැන් ලෝකයේ සම්මත වී කතාබහ වෙමින් පවතී. අනාගතයේ පමණක් නොව අතීතයෙහි පවා එසේ වන්නට ඇත . උස්සන්ගොඩ යනු එවන් ස්ථානයක් බවට ජනමතයක් පවතී . මෙම තත්වය අයහපත් ආකාරයටද බලපායි. මනසේ ක්‍රියාකාරිත්වය නිසා ගැටුම් වැඩිවීමටද ඉඩ තිබේ. ලෝකයේ වැඩිම මානසික ක්‍රියාකාරී පිරිසක් ඇති ලංකාව, දිවිනසා ගැනීම් වලින් පළමු තැනට පත්වන්නේ එම නිසාය. බුදුන් කොහේ සිටියත් එම ස්ථානයේ දෙවදත්තද සිටියේය. එලෙසම ලාංකිකයන් පාලනය කිරීම අපහසුය. දේශපාලනයේ නිතර ගැටුම් ඇතිවේ, යුධ ඇතිවේ. සුර අසුර, රාම රාවන, ශාක්‍ය කෝලිය, එළාර දුටුගැමුණු ආදී කාලයේ සිට අද දක්වා එය පැවතෙන බව ඕනෑම කෙනෙකුට පෙනී යනු ඇත. ලාංකිකයන් ඇත්තටම දක්ෂ වන්නේ මේ ගුරුත්ව පිහිටුම නිසාය. ලෝකයේ ජනගහන අනුපාතය ගත්කල ලංන්කිකයන් ලොවපුරා ඉහල තනතුරුවල සිටින්නේ එම නිසාය. ලංකාවේ මේ විශේෂ පිහිටුම ගැන, විදේශ වෙබ් අඩවි කිහිපයකම කතාකරනු දක්නට ලැබේ. මනා කලමනාකරණයක් හරහා ලොව දිවුනුම රට බවට මේ රට පත්කිරීමට මෙන්ම, මෙම පිහිටුම නිසා සංචාරකයන් වැඩි කරගැනීමටත් හැකිවෙනු ඇත. කෙසේ වෙතත් ලංකා සංචාරක මණ්ඩලය මේය දන්නා බවක් දක්නට නොලැබුණි. ඔවුන් උනන්දු වන්නේ හනුමන් හා සීතා කෝවිල් ඉදිකර ඉන්දියානු සංචාරකයන් ගෙන්වීම වැනි පසුකාලීනව ප්‍රශ්න ඇතිවන වියාපාරන් කෙරෙහි බව අසන්නට ලැබුණි. අවසාන වශයෙන් තවත් වැදගත් දෙයක් පෙන්වාදෙනු කැමැත්තෙමි. අද ලෝකයේ බෞද්ධ , මුස්ලිම්, හා කතෝලික වශයෙන් ප්‍රධාන ආගම් තුනක් ඇත. මෙම ආගම තුනෙහිම බැතිමතුන් එකට වන්දනා කරන ලොව එකම ස්තානය ඇත්තේ ලංකාවේය, විදේශ පොතපතෙහි මීට වසර දහස් ගණනකට පෙර මහා ඇලෙක්සැන්ඩර් රජු වැදපුදාගත් බව ලියවෙන, ලොව ප්‍රථම මිනිස් වාසය බිහිවූ ස්ථානය ලෙස අන්‍ය ආගමිකයන් අදත් සලකන ස්තානය තියෙන්නේ අප උපන් හෙළබිම තුලය.

Android දුරකතනයේ තත්වය බලන secret code


Android දුරකතනයේ තත්වය බලන secret code


ඔයා අලුතෙන් Android phone එකක් Tab එකක් ගන්න ඉන්නවද ? නැත්තම් ඔයාලග තියෙන්න Android Device එක කොහොමද කියලා බලා ගන්න හොදම විදිය :)



මේ පහත code ගහලා බලන්න

මූලික Codes:
*#*#7780#*#* - මිලදී ගන්නා විට තිබුනු settings(factory restore setting) වලට දුරකතනය පත් කිරීමට භාවිතා කරයි. මෙමගින් Google account settings හා System and application data සහ settings ද ඉවත් වනු ඇත.

*2767*3855# - දුරකතනය Format කිරීම සදහා භාවිතා කරයි. මෙමගින් Internal memory storage එකේ ඇති සියල්ලම සමග සියලුම files and settingsද ඉවත් වනු ඇති අතර firmware එක නැවතත් Install වීම සිදු වනු ඇත.

*#*#4636#*#* - දුරකතනය සහ බැටරිය පිලිබද විස්තර පෙන්වයි.

*#*#273283*255*663282*#*#* - media files (e.g. Images, Sound, Video and Voice memo) backup කිරීම සදහා වන File copy screen එකක් පෙන්වයි.

*#*#197328640#*#* - විවිධ ආකාරයේ tests සිදු කල හැකි සහ settings වෙනස් කල හකි අවස්ථාවකට(service mode) දුරකතනය පත් කිරීමට භාවිතා කරයි.

*#*#7594#*#* - "End call / Power" button එබූ විට වෙනත් options(silent mode, aero plane and power-off) පිලිබදව ඇසීමකින් තොරව කෙලින්ම phone එක power off වෙන ආකාරයට දුරකතනය පත් කෙරේ.

*#*#8255#*#* - G Talk Service Monitor launch කිරීමට භාවිතා කරයි.

*#*#34971539#*#* - camera එක පිලිබද විස්තර පෙන්වයි. මෙහිදි update camera firmware යන option එක තේරීමෙන් වලකින්න.

W-LAN, GPS සහ Bluetooth Test Codes:

*#*#232339#*#* OR *#*#526#*#* OR *#*#528#*#* - W-LAN test (Use “Menu” button to start various tests).

*#*#232338#*#* - WiFi MAC address එක පෙන්වයි

*#*#1472365#*#* - GPS test එකක්.

*#*#1575#*#* - තවත් GPS test එකක්.

*#*#232331#*#* - Bluetooth test එකක්.

*#*#232337#*# - Bluetooth device address එක පෙන්වයි.


විවිධ Factory Tests සදහා Codes:

*#*#0842#*#* - Device test (Vibration test and BackLight test).

*#*#0588#*#* - Proximity sensor test.

*#*#0*#*#* - LCD test.

*#*#2664#*#* - Touch screen test.

*#*#2663#*#* - Touch screen version එක .

*#*#0283#*#* - Packet Loopback.

*#*#0673#*#* OR *#*#0289#*#* - Melody test.

*#*#3264#*#* - RAM version එක.


Firmware version එක පිලිබද විස්තර ලබා ගැනීම සදහා Codes :

*#*#1111#*#* - FTA Software Version.

*#*#2222#*#* - FTA Hardware Version.

*#*#44336#*#* - PDA, Phone, CSC, Build Time, Changelist number.

*#*#4986*2650468#*#* - PDA, Phone, H/W, RFCallDate.

*#*#1234#*#* - PDA and Phone.

windows 7 රහස් පදය software නැතුව hack කරමුද ..?



windows 7 රහස් පදය software නැතුව hack කරමුද ..?


අවශ්‍ය කරන උපකරණ :- බය වෙන්න එපා ලොකු ලොකු මුකුත් උවමනා නැහැ ඕනි කරන්නේ windows7 DVD එකක් විතරයි.. windows7 DVD එකක් නැති කෙනෙක් ඉන්න විදියක් නැහැනේ ;-) ... හරි එහෙමනං දැන් අපි මේක කරන විදිය බලමුකෝ..

මුලින්ම ඔයා ගාව තියන windows7 DVD එක CD Rom එකට දාලා DVD එක boot device එක විදියට දීලා format කරනකොට කරන්න වගේ DVD එක boot
කරගන්නකො... ඊට පස්සේ ඉතින් මෙන්න මේ වගේ තැනකට එයි ...



මෙතන next කරන්න ... ඊට පස්සේ ඒ මෙන්න මේ වගේ window එකක් අන්න එතන වම් අත පැත්තේ යට තියනවා "Repair Your Computer" කියල කොටසක්.. අන්න එතන ක්ලික් කරන්න ....


දැන් ඔයාලට System Recovery Window එක පෙනේවි.. එතනින් window7 කියන එක ක්ලික් කරලා next කරන්න...


දැන් ඔයාලට තවත් window එකක් දිස් වේවි මේ window එකේ පහලට වෙන්න තියනවා "Command Prompt" කියල එකක් අන්න එක ක්ලික් කරන්නකෝ...




ඊට පස්සේ cmd prompt එක දිස් වෙනවා..




ඔන්න දැන් තමයි අපිට වැඩ පටන්ගන්න තියෙන්නේ... පටන් ගමු නේද...

cmd prompt එකේ මේ පහල දාල තියන code එක type කරලා enter කරන්න .

copy C:\windows\system32\sethc.exe C:\

ඊට පස්සේ 1 file<s> copied කියල වැටෙනවා



ඊට පස්සේ ආයෙම පහත සඳහන් code එක ඔතන type කරන්න ..

copy C:\windows\system32\cmd.exe C:\windows\system32\sethc.exe

type කරලා enter කරාම replace කරන්නද කියල msg එකක් පෙනේවි . එකට YES දීලා enter කරන්න..
ඊට පස්සේ ඔයාලට "1 File(s) Copied " කියල වැටිලා තියනවා පෙනේවි....




දැන් ඉතින් ඔන්න පලවෙනි අදියර සහ අමාරුම කොටස ඉවරයි.. දැන් ඉතින් cmd prompt එක close කරලා DVD එක එලියට අරගෙන PC එක restar කරන්න (hard disk එක boot වෙන්න දාල )

දැන් ඉතින් සාමාන්‍ය පරිදි windows loging window එකට ඒවි...

දැන් shift key එක 5ස් පාරක් press කරන්න ..

ඊට පස්සේ අපිට හුරු පුරුදු .. cmd prompt එක මතුවේවි. අන්න එතන පහත සඳහන් code එක ඊට යටින් තියන උපදෙස් අනුව type කරන්න

net user username newpassword

username කියන තැනට ඔයා දැන් LOG වෙලා ඉන්න user account එකේ නම (hack කිරීමට බලාපොරොත්තුවන account එකේ UN එක ) දාන්න

newpassword කියන තැනට ඔබ කැමති ඕනෑම රහස්‍ය පදයක් ඇතුලත් කරන්න ..

ex :-



net user cyberlokaya 12345


දාලා enter කරන්න ;-) ඊට පස්සේ "The Command Completed Successfully " කියලා වැටේවි...

දැන් ඉතින් වැඩි දෙයක් නැහැ cmd prompt එක close කරලා ඔයා අලුතෙන් දුන්නු PW එක ඇතුලත් කරලා log වෙන්න/////...

සදකඩ පහණක කැටයම් ඔපලා

                  සදකඩ පහණක කැටයම් ඔපලා 


සදකඩ පහණ කියන්නේ කලාකරුවෙක් අතින් නිර්මාණය වෙන අපුරු නිර්මාණයක්... මේකේ සදකඩ පහණකට ආරෝපණය කරලා තියෙන්නේ සැමියා නැති, කුඩා දියණියක් සිටින රූමත් කාන්තාවක්...

සදකඩ පහණක කැටයම් ඔපලා පාවෙන දේදුණු ලැගුම් ගනී.....
තනිව සිටින මේ කාන්තාවගේ ඇසුරට මිනිස්සු එනවා. පාවෙන දේදුණු කියලා උපමා කරන්නේ ඒ මිනිස්සුන්ට,

කැලතුන රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියවී...
මේ තහනම් ඇසුරේ කැලතුන රසය ගැන දන්නේ පැමිණෙන මිනිසාත් ගැහැණියත් පමණි.

සදකඩ පහණ කොපමණ අනගි නිර්මාණයක් උනත් ඒක පයට පෑගෙනවා,
ඒ වගේම මේ කාන්තාව කොච්චර ලස්සන උනත් සමාජයේ ගැරහුමට ලක් වෙනවා


යුගයෙන් යුගයට නොමියෙන දහනක දිවියක පදනම මතු වෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙනයනවා සියුමැලි කැකුලක් මැල වෙද්දී....
මේ විදියට දිගින් දිගටම මිනිසුන් ඇසුරුකරන මේ කාන්තාව ගණිකාවක් බවට පත් වෙනවා.. එතකොට ගැහැණියගේ දරුවා නිවසේ තනි වෙනවා. කැකුලකට උපමා කරලා තියෙන්නේ ඒ දියණිය,

දහසක් පෙති මත රහසක් සගවා තුඩින් තුඩට ගෙනයන බින්දු...
ඇයව ඇසුරු කරන මිනිස්සු ඇය ගැන තමන්ගේ යාළුවන්ටත් කියනවා.ඇය ගැන ආරංචිය රහසක් විදියට පැතිරෙනවා,

අහසක් ගුගුරා කළුවක් වපුරා ඒ හා මුසුවුණු වැහි බින්දු...
මේ කාන්තාව මේ කටයුත්ත කරන්නේ කැමැත්තෙන් නෙවේ... තම දරුවාගේ ජීවිතය වෙනුවෙන්,

ඈ ගෙන යද්දී නටබුන් අතරින් තවකෙකු ඈ වෙත හද රැන්දූ...
පැමිණෙන පුද්ගලයා අසුරුකරලා ඉවර උන ගමන් ඈ ඇසුරු කරන්න තව පුද්ගලයෙක් එනවා. මේ විදියට ඈට තම ජීවිතය ගැටගහා ගන්න මිනිස්සු රාශියකගේ ආශාවන් පිරිමහන්න වෙනවා,

හදවිල ඉපදුන කැකුලක් නොකලට නටුවෙන් ගලවා ඉවත යවා....
තමන්ගේ රැකියාවෙන් දියණියට සිදුවන අවමානය නැතිකර ගන්න තමන්ගේ දියණියව ඈතකට යවන්න මේ කාන්තාවට සිදු වෙනවා.දියණියට සිදුවන්නේ අකාලයේ අම්මව අතහැරලා යන්න,

මිහිලිය තෙත්කොට ගිලිහුන කදුලක් සත් සමුදුරකට මුහුව ගියා...
මේ කාන්තාව දියණියව වෙන තැනකට යවන්නේ ගොඩක් දුකෙන්.. ඒත ඇයට ඒක තවත් එක දුකක් පමණි,

ඔබට උරුම වූ රිදුනු තැවුණු හද එක්ටැම් මැදුරක කවුරු අරා
රුවන් විමානෙන් පියබා එනතුරු පොපියන හදවත සිටි බලා....
මේ කාන්තාව තමන්ගේ දියණිය ඉගෙනගෙන ලොකු තැනකට ගිහින් තමන්ගේ අම්මව දුක්බර ජිවිතයෙන් මුදව ගන්න එනකන් ඇගිලි ගනිමින් බලන් ඉන්නවා

අහස සූරන මැඳුරු දෙගුණයකින් උස යයිද?

මේ සෝපානය නිසා අහස සූරන මැඳුරු දෙගුණයකින් උස යයිද?

තාක්ෂණයේ පෙරළිකාර නව සොයා ගැනීමක් නිසා අහස් කුස සිසාරා යන මැඳුරු නුදුරු අනාගතයේ දී දැන් මෙන් දෙගුණයක් උසින් තැනීමට හැකි වෙතැයි විද්‍යාඥයන් කියනවා.
මෙයට හේතු වී ඇත්තේ සුපිරි සවි ඇති කාබන් තන්තුවලින් තැනුනු රැහැනක් අලූතින් නිර්මාණය කිරීමට විද්‍යාඥයන්ට හැකි වීමයි.

දැනට මෙවන් උස ඇති විදුලි සෝපානවලට භාවිත කරනු ලබන්නේ වැඩිම සවිමත් බවත් ඇති වානේ කේබලයි. ඒ කේබලවල ශක්තිය අනුව උපරිම උස දැන් ඉදි කරන ගොඩනැගිලි ලබා තියෙනවා.

දැනට භාවිතයේ පවතින කේබලයට වඩා බොහෝ සේ සවිමත් මේ නව කේබලය නිර්මාණය කිරීමේ ගෞරවය හිමි කර ගෙන ඇත්තේ පින්ලන්ත සෝපාන නිෂ්පාදන ආයතනයක් වූ කෝන් (Kone) සමාගමයි. මේ නව කේබලය නිසා විදුලි සෝපානයක් එකවරම කිලෝමීටරයක් ඉහළට එසවිය හැකියි. එය අද ඇති ලොව උසම ගොඩනැගිල්ල වූ මීටර 828ක් (අඩි 2,716ක්) උස ඩුබායිහී බර්ජ් ඛලීෆාවට වඩා උසයි.

 
කාබන් තන්තු රැහැන් නිපදෙව්වාට පසු සැතැපුමකට වැඩි උසැති ගොඩනැගිලි ඉදි කිරීමේ සිහිනය සැබෑ වනු ඇති. එය දැනට භාවිත කෙරෙන වානේ කේබලවලට වඩා සැහැල්ලූයි. ඒත් සෝපානයක් වැඩි උසකට ඔසවන්න එයට පුළුවන්.

අනාගත ලෝකයේ ජනගහනය වැඩි වී ගෙන යන ආකාරය අනුව බිම් ප‍්‍රමාණය ප‍්‍රමාණවත් නො වන නිසා ජීවත් වීම සඳහා තව තවත් අහස උසට විහිදෙන ගොඩනැගිලි තනනවා හැරෙන්නට වෙනත් විකල්පයක් නැති බව දැන් පැහැදිලියි.

ඇමෙරිකාවේ චිකාගෝ නගරයේ ස්ථාපිත කර ඇති උස් ගොඩනැගිලි හා නාගරික ජනාවාස පරිසරය පිළිබඳ ජගත් සංවිධානයේ (Council for Tall Buildings and Urban Habitat) නිර්මාතෘ හා එහි විධායක අධ්‍යක්ෂ ඇන්තනි වුඞ් පවසන හැටියට මේ නව නිපැයුම ගැන විශේෂ අවධානයක් යොමු කර තියෙනවා. ඔහු කියන්නේ මෙහෙමයි: ‘මේ නව කාබන් තන්තු රැහැන නිසා මෙතෙක් උස් ගොඩනැගිලිවලට පැවති සීමාවන් ඉවත් යන බවයි. තනි සෝපානයක් වැඩිම උසක් ගෙන යාමට අවශ්‍ය වානේ රැහැන්වල බර පිළිබඳ ගැටලූව විසඳෙන බවයි.

‘මේ නව රැහැන්වල ඇති සැහැල්ලූ බව නිසා තව තවත් වැඩි උසක් ඇති ගොඩනැගිලි තනා වැඩි වන නාගරික ජනගහනයේ අවශ්‍යතා සපුරා ලීමට අපට හැකි වේවි. ඒ සියල්ලට ම වඩා මගේ සිත් ගත්තේ මේ අල්ට‍්‍රාරෝප් (UltraRope) නම් රැහැනේ ඇති කාර්යක්ෂමතාවයි’ ඔහු වැඩි දුරටත් කියනවා.

උස් ගොඩනැගිලි තනන වාස්තු විද්‍යාඥයන්ට වදයක් වෙලා තිබුණේ මේ සෝපාන උස් පහත් කිරීමට යොදා ගන්නා වානේ කේබලවල ඇති විශාල බර දැරිය නොහැකි වීමයි. ඒ සඳහා විශාල ශක්තියක් සැපයීමට විදුලි බලය විශාල ප‍්‍රමාණයක් අවශ්‍ය වුණා.

මේ කෝන් ආයතනය විසින් නිපදවා ඇති නව අල්ට‍්‍රාරෝප් නම් කාබන් තන්තු රැහැන වානේ කේබලවලට වඩා ශක්තියෙන් වැඩියි. ඒ වගේ ම විශාල ලෙස බරින් අඩුයි. පැරණි වානේ කේබලයට වඩා මේ නව කාබන් රැහැන සියයට 90ක් බරින් අඩුයි.

කෝන් ආයතනයේ නිෂ්පාදන අධ්‍යක්ෂ ජොහැන්නස් ඞී යොන් මේ නව රැුහැන ගැන කියන්නේ මෙහෙමයි: ‘අප පෙර භාවිත කළ මීටර 400ක වානේ කේබල කට්ටලයක් ටොන් 19ක් විතර බවයි. ඒත් එම ප‍්‍රමාණයටම දිග නව කාබන් රැහැන් කට්ටලයක් බරින් ටොන් 10ක් විතරයි වෙන්නේ.’

එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තුවලට අනුව 2050 වන විට මේ ලෝකයේ වෙසෙන 10 දෙනකුගෙන් 7 දෙනකු ජීවත් වනු ඇත්තේ අහස උසට ඉදිවන ගොඩනැගිලිවල බවයි.

අහස් කුස සිසාරන ගොඩනැගිලිවල ස්වරූපය වෙනස් කරන නව රැහැන හඳුන්වා දීම.

 
මෙය කේබල ලෝකයේ විප්ලවයක්. මේ කේබල මගින් වෙනදා නොතිබූ උසකට සෝපාන එසවීමට ඇති හැකියාව නිසා පමණක් නොව මෙය වැඩි බලයක් හා වැඩි ද්‍රව්‍යමය කාර්යක්ෂමතාවක් ඇති එකක් මෙවැන්නකින් අනාගතයේ ගත හැකි ප‍්‍රයෝජන අනන්තයි.

 
ලොව උසම ගොඩනැගිල්ල ලෙස තවමත් වැජඹෙන ඩුබායිහී බර්ජ් ඛාලිෆා (Burj Khalifa) උසින් අඩි 2,716ක්. 1931 ඉදිකළ දා සිට දසක ගණනාවක් උසම ගොනැගිල්ල ලෙස සලකනු ලැබූ ඇමෙරිකාවේ එම්පයර් ස්ටේට්හී උස අඩි 1,250ක්. මේ නව කාබන් තන්තු රැහැන නිසා මේවා අනාගතයේ ඉදි කෙරෙන ගොඩනැගිලි ඉදිරියේ කුරුමිට්ටන් වනු ඇති.


 
මේ පැරණි ක‍්‍රමයේ සෝපානවල තිබූ වානේ කේබල වෙනුවට අනාගතයේ දී කාබන් තන්තුවලින් තැනුනු රැහැන් යොදනු ඇති. ඒවා වානේ කේබලවලට වඩා බරින් අඩු නිසා සෝපාන වඩාත් ඉහළට එසවිය හැකියි. ඒවා කි‍්‍රයා කරවීමට වැය වන ශක්තිය ද සෑහෙන්නට අඩුයි.

 
අනාගතයේ අහස් රේඛාව මේ නව තාක්ෂණ දියුණුව නිසා උස් ගොඩනැගිලිවලින් පිරී යාවි. අඩි 650කට (මීටර 200කට) වැඩි උසක් ඇති ගොඩනැගිලි 600කට වැඩි ගණනක් නුදුරේ දීම ඉදි වෙන බවයි, දැන් කියවෙන්නෙ.

 
එලීෂා ඕටිස් තමයි 1853 දී ඇමෙරිකාවේ නිව්යෝක් නගරයේ පැවති ලෝක ප‍්‍රදර්ශනයේ දී මුල්වරට මේ ආරක්ෂිත සෝපානය ලොවට හඳුන්වා දුන්නේ. ඉන් වසර හතරකට පසු ඔහුගේ සමාගම ඕටිස් සෝපාන තනන්නට පටන් ගත්තා. එහි මුල් ම මගී සෝපානය සවි කළේ නිව්යෝක් නගරයේ මෑන්හැට්න් වෙළඳ සැලෙහි සවි කරනු ලැබුවා. පඩි නැඟීම ගැන වද නොවී උස් ගොඩනැගිලි තනන්නට මිනිසුන් පෙලඹුණේ එයින් පසුවයි.

හිමාලයේ ‘ඩ්‍රෝපා’ පාෂාණ අබිරහස

හිමාලයේ ‘ඩ්‍රෝපා’ පාෂාණ අබිරහස : නොවිසඳුණු අබිරහස්

1938 වසරේ චීන පුරාවිද්‍යා මහාචාර්ය චී පූ තෙයි සිසුන් පිරිසක් සමඟ විශේෂ ගවේෂණ චාරිකාවක යෙදුණා. මොවුන් ගවේෂණය කළේ හිමාලය කඳුකරයයි. ගවේෂණය ආරම්භ කරද්දී කිසිවෙක් දැන සිටියේ නැහැ ඔවුන්ට අපූරු සොයා ගැනීමක් කරන්න හැකියාව ලැබේවි කියලා. ඒ සොයා ගැනීම දැන් විද්‍යාවට අභියෝගයක් වෙලා. එය පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් ගැන පාදක කරගත් තර්ක විතර්ක අතරේ වඩාත් කතාබහට ලක්වූ මාතෘකාවක් බවට පත් වුණා. එය තවමත් නොවිසඳුණු අබිරහසක්. එය හැඳින්වෙන්නේ ‘අබිරහස් ඩ්‍රෝපා පාෂාණ’ Mysterious Dropa Stones කියලයි.



මහාචාර්යවරයා සිසුන් පිරිසක් කැටුව හිමාල කඳුකරයට ගියේ එහි ඇති සුප‍්‍රකට ලෙන් ගැන අධ්‍යයනය කරන්නයි. එකිනෙකට යා වූ මේ ලෙන් පිහිටා ඇත්තේ ‘බයංකාර උලා’ BayanKara-Ula නම් කඳුවළල්ලෙයි. අද මේ ලෙන් හරිම ප‍්‍රසිද්ධයි. ඒත් එදා මේ ගැන වැඩි දෙනෙකු දැන ගෙන සිටියේ නැහැ. ඒ ගැන උනන්දුවක් දැක්වුවේ පුරාවිද්‍යාඥයන් විතරයි. මේ ගවේෂණ කණ්ඩායම ඒ ලෙන්වලට ඇතුළු වෙද්දී ම, ඔවුන් ඒවායේ සුන්දරත්වයෙන් උද්දාමයට පත් වුණා.

එහි සුන්දරත්වය අත්විඳිමින් ටිකෙන් ටික අඳුරු ගුහා තුළට යද්දී හිටිහැටියේ එක් ගුහාවක තිබී සොහොනක් හමුවුණා. ඔවුන් කිසිවෙක් මෙවැන්නක් අපේක්ෂා කළේ නැහැ. විමසිලිමත් වූ ඔවුන් දුටුවා එහි සොහොන් වළවල් කිහිපයක් ඇති බව. ඒවා නිර්මාණය කළේ කවරකු වුවත් ඒවා ඉතා නිවැරදිව එක පෙළට සිටින සේ තනා තිබීම ගැන ගවේෂණ පිරිස පුදුම වුණා.

ඒ සොහොන් ගැබ් පිරික්සද්දී ඒවායේ මළ සිරුරු තැන්පත් කර ඇති බව ඔවුන් දුටුවා. ඒවායින් ඉතිරිව තිබුණේ අස්ථි විතරයි. බැලූ බැල්මට ඒවා මිනිස් අස්ථි ලෙස පෙනුනත් හොඳින් පිරික්සද්දී ඔවුනට තේරුණා ඒවා සාමාන්‍ය මිනිස් අස්ථි නො වන බව. ඒ අස්ථිවල ලක්ෂණ සාමාන්‍ය මිනිසුන්ගේ අස්ථිවලට වඩා වෙනස් වුණා. හැම හිස්කබලක්ම ප‍්‍රමාණයෙන් සාමාන්‍ය මනුෂ්‍ය හිස්කබලකට වඩා විශාල වූ අතර සිරුරු ප‍්‍රමාණයෙන් කුඩා ඒවා වුණා. පාදවල සහ අත්වල අස්ථි ඉතා සිහින්. ගවේෂණ කණ්ඩායම එම අවස්ථාවේදී සිතුවේ මේ අස්ථි හිමාල අඩවියේ ජීවත් වූ වෙනස් විධියේ මනුෂ්‍ය විශේෂයකට අයත් වෙන්න ඇතැයි කියලයි.


අස්ථි දිගින් දිගට ම පිරික්සද්දී ඒ අයට හමුවුණා, තවත් අමුතු දෙයක්, ඒ ලෙන ඇතුළෙන්. එක් සිසුවෙක් දුටුවා සාමාන්‍ය ප‍්‍රමාණයට වඩා විශාල රවුම් පාෂාණයක්. අනෙක් සිසුන්ටත් එවැනිම තවත් රවුම් පාෂාණ හමුවුණා. ගවේෂණ කණ්ඩායමට හමුවුණු පළමු පාෂාණ තැටියේ විෂ්කම්භය අඟල් නවයක්. ඝනකම අඟලක්. පාෂාණ තැටියේ මැද ඉතා නිවැරදි සමානුපාතික විදියට සිදුරක් කපා තිබුණා. එම සිදුරේ විෂ්කම්භය අඟලක්. මේ පාෂාණ තැටිවල සර්පිලාකාර රූ රටා කොටා තිබුණා. ඒවා රූපාක්ෂර විශේෂයක්. ඒ කියන්නේ සන්නිවේදනයට යොදා ගත් පැරණි සංකේත.

එදා ගවේෂණ කණ්ඩායම විතරක් නොවේ, පසුව විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්, විද්වතුන් යනාදී කවුරු කවුරුත් උත්සාහ ගත්තා ඩ්‍රෝපා තැටිවල ලියා ඇති කියවන්න. ඒත් හරිගියේ නැහැ. ඩ්‍රෝපා රූපාක්ෂරවලට යම්තාක් දුරට ආලෝකයක් වැටුණේ ඊට දසක දෙකකට පමණ පසුවයි. 1962 වසරේදි මේ රූපාක්ෂරවලින් කියැවෙන දේ අපට තේරෙන බසකට පරිවර්තනය කරන්න චීන විද්‍යාඥයකු සමත් වුණා. ඔහු ආචාර්ය සුම් උම් නුයි. පාෂාණ තැටිවල ඉතිහාසය ඔහු තේරුම් ගත්තා. ඔහු ඒ ගැන පුදුමයෙන් පුදුමයට පත්වුණා. ඔහු හුඟක් උනන්දු වුණා රූපාක්ෂරවලින් කියන්නේ කුමක්දැයි වටහා ගන්න. ඒත් ඒක ලොකු අභියෝගයක් වුණා. ඊට හේතුව එම රූපාක්ෂර කිසිම විධියකින් අපේ පොත්පත්වල හෝ අප දන්නා වෙනත් භාෂාවක හෝ නොතිබීමයි. ඒ විතරක් නොවේ, එම අක්ෂර ඉතා කුඩායි. ඒවා කියවන්න අණ්වීක්ෂයක් අවශ්‍ය වුණා. ඒවා තැටියේ කොටා තිබුණේ සර්පිලාකාරව කිසියම් රටාවකට අනුවයි.

ආචාර්ය සුම් නුම් නුයි, ඩ්‍රෝපා තැටි පරීක්ෂාවට ලක් කළා. ඔහු ඒවායේ කොටා ඇති රූපාක්ෂරවලින් කියැවෙන දේ එසේත් නැතිනම් ඒවායේ සටහන් වී තිබුණු පණිවුඩ පරිවර්තනය කළා. මේ පාෂාණ අවුරුදු 12,000 ක් පැරණි බව ඒ වන විට තහවුරු වී තිබුණා. ඔහු පරිවර්තනය කළ පණිවුඩය එතරම් පැරණි යුගයකට ගැළපෙන්නේ කොහොමදැයි ඔහු පුදුම වුණා. රූපාක්ෂරවලින් කියැවුණේ අපූරු පිටසක්වළ කතාවක්. විශ්වයේ වෙනත් ලොවකින් ආ ගවේෂණ යානයක් අනතුරට පත් වෙලා හිමාල කඳුකරයේ ‘බයංකාර උලා’ ප‍්‍රදේශයට කඩා වැටුණා. තැටිවල සඳහන් වන විධියට යානයේ සිටි ජීවීන් සාමකාමීයි. ඒත් ඒ කාලයේ එම පළාතේ ජීවත් වූ ‘හන්’ නමැති ගෝති‍්‍රකයන්ට ඔවුන්ව වටහා ගැනීමට නොහැකි වුණා. හන් ගෝති‍්‍රකයන් මුලින් සිතුවේ පිටසක්වළයන් ඔවුන්ගේ සතුරන් කියලයි. ඒ නිසා පිටසක්වළින් පැමිණි ඒ අමුත්තන් කීප දෙනෙකු ම ඔවුන් විසින් මරා දමනු ලැබුවා.

ඩ්‍රෝපා ජීවීන් කෙසේ හෝ හස්ත සංඥා මගින් ‘හන්’ ගෝති‍්‍රකයන්ට කියා දුන්නා ඔවුන් සතුරන් නොවන බව. කල් ගතවෙද්දී හන් ගෝති‍්‍රකයන් විශ්වාස කළා, ඩ්‍රෝපාවරුන් සතුරන් නොවන බව. ඔවුන්ගෙන් නපුරක් සිදු නොවන බව. කඩා වැටුණු යානය හදා ගෙන ආපහු ඔවුන් ආ ලෝකයට යාමට නොහැකි වීම ඩ්‍රෝපාවරුන්ට ගැටලූවක් වුණා. මේ ඩ්‍රෝපාවරුන් කුරුමිට්ටන් පිරිසක්. ඔවුන් ‘හන්’ ගෝති‍්‍රකයන් සමඟ සාමයෙන් ජීවත් වුණා. ඔවුන් හා විවාහ වුණා. මේ ගෝත‍්‍ර දෙකෙන් පැවැත එන්නන් යැයි සැලකෙන ගෝති‍්‍රක පිරිසක් හිමාල කඳුකරයේ ජීවත් වෙතැයි විශ්වාස කරන අය අදත් ඉන්නවා. මේ ගෝති‍්‍රකයන් ප‍්‍රමාණයෙන් අඩි 4 1/2 ක් පමණ වෙනවා. වැඩුණු අයකුගේ බර රාත්තල් 60 ක්. මොවුන්ගේ මුතුන් මිත්තන් ඩ්‍රෝපාවරුන්ද? ඒක දැනගන්න අපට කවදාවත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසයි ‘ඩ්‍රෝපා’ පාෂාණ ලෝකයේ ඇති නොවිසඳුණු අබිරහස් ඉහළින් තියෙන්නේ.


හිමාලයේ දී හමු වූ මේ පාෂාණ ‘ඩ්‍රෝපා’ කියා හැඳින්වුණේ අතීතයේ ඩ්‍රෝපා නම් කුඩා ගෝති‍්‍රක පිරිසක් එම ප‍්‍රදේශයේ ජීවත් වූ නිසයි. ඇත්තටම ඩ්‍රෝපා කියන්නේ කවුරුන්ද? ඩ්‍රෝපා Dropa ගෝති‍්‍රකයන්, ‘ඩ්‍රොක් පා’, ‘ඞ්සෝපා’ Dropas, Drok-pa or Dzopa කියා ද හැඳින්වෙනවා. ඔවුන් ගැන විවිධ මත පළ වී තිබෙනවා. සමහරුන් කියන විධියට ඩ්‍රෝපා යනු පිටසක්වළින් ආ කුරුමිටි ජීවීන් විශේෂයක්. ඔවුන් වසර 12,000 කට කලින් චීන-ටිබෙට් දේශසීමාවට ගොඩ බැස තිබෙනවා. ඒත් මේ බව සියයට සියයක්ම ඔප්පු කරන්න සාක්ෂි තවමත් නැහැ. ඇති එකම සාක්ෂිය තමා අසාමාන්‍ය මළ සිරුරු සහ ‘ඩ්‍රෝපා පාෂාණ තැටි’. මෙය විසඳීමේ අභියෝගය විද්‍යාඥයන් ඉදිරියේ තියෙනවා. ඒත් ඇතැම් විද්‍යාඥයන් නම් කියන්නේ මේ සියල්ල ලොකුම ලොකු බොරුවක් විය හැකි බවයි.

Apple iphone 5s ස්මාර්ට්ෆෝනය, ජුනි මසදී හදුන්වා දෙනු ඇති බවට කටකතාවක්



අන්තර්ජාලයේ පැතිරයන නවතම කටකතාවකට අනුව කියවෙන්නේ මීලග පරම්පරාවේ Apple iPhone device එක, එනම් iPhone 5S smartphone එක මෙම වසරේ ජුනි මස 20 වැනිදා හදුන්වා දෙනු ඇති බවත්, ජුලි මාසය තුලදී එය වෙළදපලට නිකුත් කරනු ලබන බවයි. මේ බව වාර්තාකර තිබෙන්නේ ජපන් ජාතික වෙබ් අඩවියක් වන Macotakara වෙබ් අඩවිය විසිනුයි. ඒ වගේම iPhone 5S එකට අමතරව මෙම වසර තුල හදුන්වා දෙනු ඇතැයි අපේක්ෂා කරන, මිළ අඩු iPhone device එක, ප්‍රදාන වශයෙන් චීනය හා ඉන්දියාව වැනි රටවල් ඉලක්ක කරගනිමින් නිකුත් කෙරෙනු ඇති බව තවදුරටත් මෙම වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

මීට අමතරව, Apple සමාගම සිය මීලග iPhone 5S smartphone එක මෙම වසරේ ජුනි හා ජූලි මාසයන් අතර තුරදී හදුන්වා දෙනු ඇතැයි තවත් බොහොමයක් වෙබ් අඩවි වාර්තා කර තිබෙනවා. කොහොම නමුත් මේ සම්බන්දයෙන් කිසිදු නිළ ප්‍රකාශයක් Apple සමාගම විසින් තවමත් සිදු කර නැහැ

ලොව වෙසෙන ශක්තිමත්ම ජීවියා

න්‍යෂ්ටික පිපුරුමකට වුවද මුහුණදී නොමැරී ජීවත්විය හැකි සත්වයෙකු ලෙස අප බොහෝ දෙනකු විසින් හඳුනාගෙන සිටින්නේ කැර‍පොත්තන් පමණක් වුවද, න්‍යෂ්ටික පිපුරුමක් මතු නොව ලෝක විනාශයකට වුවද මුහුණදී ඉදිරියටද ජීවත්විය හැකි ලොව වෙසෙන ශක්තිමත් ජීවියා ලෙස අවිවාදයෙන් සැලකෙනුයේ ‘ටාඩිග්‍රේඩ්’ නොහොත් ‘දිය වලසාය’. වලසෙක් ලෙස හැඳින්වුවද මොහු ප්‍රමාණයෙන් මිලිමීටර් එකක පමණ විශාලත්වයකින් යුතු පියවි ඇසට පැහැදිලිව දැකගත නොහැකි සරල ජීවියෙකි.

ලූබැල්මට කිසිදු සිත් ඇදගන්නාසුලු පෙනුමකින් තොර ඛණ්ඩිකා සහිත ශරීරයකට උරුමකම් කියන ‘ටාඩිග්‍රේඩ්’ විශේෂ නවසියයකට අධික සංඛ්‍යාවක් ලෝකයේ උසැතිම කඳුමුදුනේ සිට මුහුදේ ගැඹුරුම අගාධය දක්වාවූ සෑම අස්සක් මුල්ලක් නෑරම ව්‍යාප්තව සිටින්නෝය. සැකෙවින් කිවහොත් ලෝකයේ ඕනෑම ස්ථානයක, ඕනෑම පරිසර තත්ත්වයක් යටතේ ජීවත්වීමේ හැකියාව මොවුන් සතුය.ප්‍රමාණයෙන් ක්ෂුද්‍ර වුවද මොවුන් සතු දරාගැනීමේ හැකියාව ඇත්තෙන්ම මවිත කරවනසුලුය.
උණු වතුරෙන් තම්බා, ජලය මිදෙන උෂ්ණත්වයද ඉක්මවා අධිශීතකොට යළිත් වියළා විකිරණයන්ටද ලක් කළද එකී සියලු උපද්‍රවයන්ට සාර්ථක ලෙස මුහුණදී තවත් වසර දෙසීයක කාලයක් ජීවත්වීමට තරම්
දිය වලසුන් ශක්තිමත්ය. -4570Cක තරම් පහළ උෂ්ණත්වයක්ද 3570C වැනි ඉතා ඉහළ උෂ්ණත්වයක්ද දරාගනිමින් ජීවත්වීමට සමත් මොවුහු ග්‍රේ 10-20 (‘ග්‍රේ’ යනු විකිරණ ප්‍රමාණය මැනීමට භාවිත කරන අන්තර්ජාතික ඒකකයයි) වූ විකිරණ ප්‍රමාණයකට ලක්වීමෙන් ලොව බුද්ධිමත් සත්වයා වන මිනිසා මියයත්දී ග්‍රේ (gray) පන්දහස් හත්සියයක්වූ විකිරණ කදම්බයකට වුවද ලක්වී නොමැරී ජීවත්වීමට තරම් සුවිශේෂී හැකියාවකින් යුතු දිය වලසෙකු හට ආහාර හෝ ජලය හෝ නොමැතිව වසර දහයක් වුවද ජීවත් වීමේ හැකියාව ඇති බව කියැවේ. කිසිදු ජීවියෙකුට ජීවත්විය නොහැකි ලෙසට සැලකෙන අභ්‍යවකාශයේ වුවද කිසිදු අපහසුවකින් තොරව ජීවත්වීමට හැකි දිය වලසුන් සැබැවින්ම ජීවී ලොවේ තවත් එක් ආශ්චර්යයක් නොවන්නේ දැයි සිතා බැලීම වටී.

අන්තර්ජාලය අඩපන කල ලොව විශාලම සයිබර් ප්‍රහාරයේ තතු

ලොව අන්තර්ජාලය අඩපන කල ලොව විශාලම සයිබර් ප්‍රහාරයේ තතු


පසුගිය දවස්වල අන්තර්ජාලය වේගයනම් හරිම අඩු වෙලා තිබුනා..
බොහෝ දෙනාට එහේම වෙන්න ඇති...
දන්නවද??? හේතුව මෙතෙක් කාලෙකට එල්ල වුන විශාලම සයිබර් ප්‍රහාරය වගේ ම අන්තර්ජාලයේ පිටකොන්ද ලෙස සැලකෙන කේබල ජාලය ඊජිප්තුව අසලදී කපා දැමිමට උත්සහා කිරීමලු..
අන්තර්ජාලය භාවිතාකරන්නන් හැටියට ඒ ගැන සොයා බැලිය යුතුයි කියලා හිතුන හින්දා ඒ ගැන තොරතුරු ටිකක් ඔබ වෙත ගෙන එන්න තමා මේ බලාපොරොත්තුව..
තොරතුරු හා ජයාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි..


නෙදර්ලන්තයේ වනගත ප්‍රදේශයක 1955 ශිතල යුධ සමයේ නේටෝවට අයිතිව තිබු අණදෙන මුලස්ථානයක් ලෙස වු බංකරයක සිට(1996 දී වර්ග අඩි 175,000 ඉඩකඩ සහිත වු අඩි 15 පලල කොන්ක්‍රීට් සහිත වු මෙම බංකරය දත්ත මධ්‍යස්ථානයක් ලෙස විකුණා දමන ලදි.) පසුගිය දා ලෝකයේම අන්තර්ජාලය යම් තාක් දුරකට අඩපණ කරන්නට හැකර්කරුවන් කටයුතු කරන ලදි.




1990 පසුව ඇරඹු DDOS (එක විට පරිගණක සිය දහස් ගණනකින් එකම වෙබ් අඩවියකට ඇතුල්වීමට උත්සහ දරා එම වෙබ් අඩවියේ තදබදය වැඩි කොට වෙබ් අඩවිය විසන්දි කිරිම) ලෙස හදුන්වන ක්‍රමයෙන් මේ හැකින් ප්‍රහාරය එල්ල කොට තිබුනේ අන්තර්ජාලය සමඟ කටයුතු කරන සමාගම් දෙකක වු සටනක හේතු නිසයි.


ප්‍රහාරය එල්ල කලායි සැලකෙන Cyberbunker සමාගම පෙනිසිටින්නේ අන්තර්ජාලයේ වෙබ් අඩවි පවත්වා ගෙන යාමට ඉඩකඩ ලබාදෙන (Hosting) සමාගමක් ලෙසයි. එහි මුලස්ථානය නෙදර්ලන්තයේ Kloetinge පිහිටා ඇත.




ප්‍රහාරයට ලක්වී ඇත්තේ ඊ මේල් හරහා යවනු ලබන වැඩකට නැති (Spam) ආකාරයේ ලිපි අන්තර්ජාලය හරහා යවන සමාගම් එලෙස නොකිරීමට අන්තර්ජාලයේදී තහනම් කරවන එහේත් කිසිදු ලාභ අරමුනකින් තොරව කටයුතු කරන ලන්ඩනයේ හා ජීනිවා නුවර තම මුලස්ථානයන් පිහිටවා ඇති ලොව වටා සර්වර් පරිගණක 80 වැඩි ප්‍රමාණයක් ඇති Spamhaus සමාගමට එරෙහිවයි.




ඒ ඔවුන් විසින් Cyberbunker සමාගමද එවැනි ඊ මේල් මගින් කරනු ලබන (Spam) කටයුතු අන්තර්ජාලයේ නවතා දැමීම(Block) සමඟයි.


DNS Changer වෛරසය ගැන දැනුවත් වෙමු - ආරක්ෂා වෙමු..


එය ලොව මෙතෙක් එල්ල වු විශාලම සියබර් ප්‍රහාරයයි..
බොහෝ දෙනා එය හදුන්වන්නේ සයිබර් යුද්ධයකදී එල්ලවු න්‍යෂ්ඨික බෝම්බයක් ලෙසයි.
මක්නිසාද යත් එය මෑත කාලයේ එල්ල වු සයිබර් ප්‍රහාර මෙන් 5ගුණයක විශාලත්වයෙන් යුතු වීමයි.මේ වන විට රටවල් පහකට අයත් සයිබර් ප්‍රහාර පිලිබඳ පිහිටුවා ඇති පොලිස් බලකායන් පරීක්ෂන කටයුතු කරයි.
එමගින් අන්තර්ජාලය හරහා සිදුකරන බැංකු කටයුතු අඩාල වී තිබුනි.
පැවසෙන ආකාරයට Cyberbunker විසින් මෙම ප්‍රහාරයට නැගෙනහිර යුරෝපය,රුසියාවේ කණ්ඩායම්ද එකතු කරගෙන ඇති බවයි.


සාමාන්‍ය DDOS ප්‍රහාරයකට තත්පරයට ගිගාබයිට් 50 ක ප්‍රමාණයක දත්ත ගලා යාමක් සිදුකරත් (50 Gbps) මේ ප්‍රහාරයේදී තත්පරයට ගිගාබයිට් 300 ක ප්‍රමාණයක් ඇවිත් ඇත...
එය මීට පෙර විශාලම ප්‍රහාරය වුයේ 2010 දී Arbor Networks සමාගමට එල්ලවු ගිගාබයිට් 100 ක ප්‍රමාණයක් වු සයිබර් ප්‍රහාරයයි.. මෙය ඒ ආකාරයේ තුන්ගුණයකි.

ලොව කළඹන සයිබර් හැකින් ප්‍රහාර -

සිද්ධිය එසේ වෙද්දී ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ Mediterranean port city අසල මුහුදේදී මසුන් අල්ලන බෝට්ටුවක සිටි කිමිදුම්කරුවන් තිදෙනෙකු ඊජිප්තු වෙරලආරක්ෂකයින් විසින් අත්අඩංගුවට ගෙන තිබුනේ අන්තර්ජාලය ලොව පුරා ගෙන එහි පිටකොන්ද ලෙස සලකන මුලු දිග කි.මී.18800 ක් SEA-ME-WE 4 නම් වු කේබල පද්ධතියට හානි සිදුකිරීම යන චෝදනාවටයි.





අන්තර්ජාලය 90% ටත් වඩා අපට ලැබෙන්නේ ලොව වටා විහිදුනු විශාල කේබල ජාලයකින්..  ඒ ගැන විස්තර දැනගන්න මෙතනින් යමු....

ඊජිප්තු ටෙලිකෝම් සමාගමට අයිතිව තිබු එය ඊජිප්තුව අසලින් ආසියාව, උතුරු අප්‍රිකාව, ඉතාලිය , ප්‍රංශය ආදි රටවල් සම්බන්ද කරමින් ඇදී යන බව දැක්වේ..


කේබලයට සිදුවු හානිය වාර්තා නොවනත් ඊජිප්තුව උතුරු ඇමරිකාව, ඉන්දියාව පාකිස්ථානය වැනි රටවල වගේම ලංකාවේත් අන්තර්ජාලය මන්දගාමී වී තිබුනි.


මෙච්චර දේවල් අපිට දෙන අන්තර්ජාලෙටත් මෙහේම කරන එකනේ වැඩේ කියන්නේ නේද??



රාමා පිට සක්‌වල ජීවියෙක්‌ද?

රාවණා පරාජය කළ රාමා පිට සක්‌වල ජීවියෙක්‌ද? Raama raju pitasakwala jeewiyekda?



ශ්‍රී ලංකාවේ රාවණා රජු සමග යුද වැදි රාවණා රජු ඝාතනය කළ රාම කුමරු උතුරු ඉන්දියාවෙන් පැමිණි ක්‍ෂත්‍රියෙක්‌ නොව සුපිරි ග්‍රහලෝකයක්‌වූ පරනිම්මිත වසවර්ති දෙව් ලොව සිට මනු ලොව ආක්‍රමණය කළ මාර දිව්‍ය පුත්‍රයා යෑයි එක්‌ පැවිදි පඬි හිමි රුවනක්‌ දිගු කලකට පෙර මා සමග පවසා ඇත. එම නාහිමි දැනට අපවත් වී වදාළ ඇති බැවින් එම ශ්‍රේෂ්ඨ පඬිවරයාගේ නම මෙහි සඳහන් නොකරමි.

බෞද්ධාගමේ මාර දිව්‍ය පුත්‍රයා ලෙස හැඳින්වෙන්නේ අන් කිසිවෙක්‌ නොව අද පිට හින්දු බැතිමතුන් රාම නමින් හඳුන්වන පිට සක්‌වල යුද විරුවා බවට සැක නැත.

කිසිදු මිනිසෙක්‌ අතින් සිය මරණය සිදු කළ නොහැකි ලෙස මහා බ්‍රහ්මයාගෙන් වර ලබා ඇති රාවණා රජතුමා උතුරු ඉන්දියාවේ අයෝධ්‍යාහි රාමගෙන් මරණය ලැබූ බැව් පැවැසීම පරස්‌පර විරෝධී කතාවකි.

රාවණා රජතුමා දෙව් ලොවට ගොස්‌ දෙව්වරුන් පරාජය කළ බවත්, දෙවිවරුන්ගේ ප්‍රධානියාවූ ඉන්ද්‍ර රාවණාගේ පුත් මේඝනාද විසින් සිරභාරයට ගත් බැවින් එදා සිට මේඝනාද ඉන්ද්‍රජිත් ලෙස අපර නාමයෙන් හැඳින්වූ බවත් රාමායන කාව්‍යයේ විස්‌තර කර ඇත. රාවණා රජතුමා ග්‍රහ ලෝකවල ජීවීන්ට තදබල තර්ජනයක්‌ වූ බැව් රාමායනය කියයි.

එම නිසා රාම කුමරුන්ගේ ආක්‍රමණය පිටසක්‌වල ජීවීන්ගේ කුමන්ත්‍රණයක්‌ ලෙස උපකල්පනය කළ හැක.

මේ අනුව විමසා බලනවිට රාවණා රජුට විරුද්ධව අප රට ආක්‍රමණය කළේ ඉන්දියානුවෙක්‌ නොව පිටසක්‌වල ජීවියෙක්‌වූ මාර දිව්‍ය පුත්‍රයා ලෙස හඳුනාගෙන ඇත. රාමා සමග පැමිණි හමුදාව වඳුරු හමුදාවක්‌ ලෙස රාමායනය සඳහන් කරන්නේ එම මිනිසුන් වඳුරන් වැනි මිටි සිරුරින් යුක්‌ත නිසාය.

රාම - රාවණා මහා සංග්‍රාමයේදී දෙව් ලොව දෙවිවරුන්ගේ රාමාට සහාය ලැබුණ බැව් රාමායනය පවසයි. එය සත්‍යයක්‌ නම් රාවණා රජු ඝාතනයට පත් කළ රාමා ඉන්දියානුවෙක්‌ නොව පිට සක්‌වල සිට පැමිණි සටන් කාමියෙක්‌ නොවේද? පිට සක්‌වල ජීවියෙක්‌වූ රාමාට මිනිස්‌ වෙසක්‌ දීම පිණිස උතුරු ඉන්දියාවේ දස රථ රජු සහ පරපුර රාමායනයට මහත්a ආයාසයෙන් සම්බන්ධ කර ඇති බැව් රාමායනය බුද්ධිමත් ලෙස විමර්ශනය කරන විට අවබෝධ වනු සැක නැත.

මෙම මහා සංග්‍රාමයේදී රාම කුමරුගේ හමුදාව වානර හමුදාවක්‌ ලෙස වාල්මිකී හඳුන්වාදී ඇත. වාල්මිකී සෘෂිවරයා රාමායනයේ වානර හමුදාව ලෙස හඳුන්වා තිබෙන්නේ වඳුරන් වැනි මිටි මිනිසුන්ගේ හමුදාව විය හැක. පිට සක්‌වල ඇතැම් ග්‍රහලෝකවල මිටි මිනිසුන් සිටින බැව් වත්මන් පර්යේෂණවලදී හෙළිවී ඇත.

මාර දිව්‍යරාජයාගේ නාමය අනිත් අතට පෙරළා රාම නාමය සකස්‌ කර ගෙන ඇත. මේ අනුව සළකා බලන විට ශ්‍රී ලංකාවේ සිදුවුණු රාම රාවණා යුද්ධය පිට සක්‌වලින් පැමිණි රණවිරුවකුගේ සටනක්‌ මිස ඉන්දියානුවෙකුගේ වීරක්‍රියාවක්‌ නොවන බැව් කිවයුතුය.

දැනට ශ්‍රී ලංකාවේ ශේෂවී තිබෙන "නිට්‌ටෑවා" එම වානර හමුදාවේ මෙහි රැඳුන කිහිපදෙනකුගෙන් පැවතෙන බවත් ඔවුන්ට පෘථිවියේ දේශගුණ ඔරොත්තු නොදෙන බැවින් නිට්‌ටෑවා සදහටම වඳවී ඇති බවත් ජුලියස්‌ කැබරේ කියයි. (NITTEWA THE WILD BEAST, PP
26)

රාම - රාවණා යුද්ධයෙන් ලංකාවේදී ජය ලැබූ රාම කුමරු එම ජයග්‍රහණය සෙල් ලිපියකින් සහතික නොකළේ මන්ද යනු තවත් ප්‍රශ්නයකි.

පිට සක්‌වලින් පැමිණි කිසිම පුද්ගලයෙක්‌ පෘථිවියේ සෙල් ලිපි පිහිටුවා නැත. රාම කුමරු දෙවියෙක්‌ යෑයි හින්දූන් පුන පුනා පවසන්නේද ඔහු මනුෂ්‍යයෙක්‌ නොවූ බැවිනි. එය සත්‍යයකි.

ශ්‍රී ලංකාවේ රාවණා රජු පරාජය වූවේ මනුෂ්‍යයෙකුට නොව පිටසක්‌වලින් පැමිණි මාර දිව්‍ය පුත්‍රයාටය.

දුක හිතෙනවා නම් කියවල බලන්න එපා

දුක හිතෙනවා  නම් කියවල බලන්න එපා 


ජීවිතේ හමුවුන හොදම ගුරුතුමිය මෙය වසර ගණනාවකට පෙර පාසලක පහළ පන්තියක ගුරුවරියක් මුහුන දුන් සිද්ධියකි. ඇය 5 වසර පන්ති භාර ගුරුතුමිය වූ අතර නව වසරේ ඇගේ නව පන්තිය ඉදිරියට පැමිනි ඇය ගුරුවරුන් පොදුවේ පවසන බොරුවක් ළමුන් හා පැවසූවාය.එනම් ඇය පන්තියේ ළමුන් සියලු දෙනාටම එක හා සමානව ආදරය කරන බවත් ඔවුන් සියලු දෙනා ඇයට එක හා සමාන බවත්ය...

ඇගේ මෙම වැකිය බොරුවක් වීමට ආසන්නතම හේතුව වූයේ පන්තියේ ඉදිරිපස පේලියේ වාඩි වී සිටි ටෙඩී නම් කුඩා පිරිමි දරුවාය.. සෑම දිනකම තම සිරුරට වඩා විශාල වූ අපිරිසිදු ඇදුම් හැද පාසලට පැමිනෙන ඔහු අසලින් සැර දහඩිය ගදක් පිටවූයේ ඔහු දිනපතා ස්නානය නොකරන නිසා විය යුතුය.. ඔහුට මිතුරන් සිටියේ නැත. විවේක කාලයේ අනෙක් දරුවන් ක්‍රීඩා කරන විට ටෙඩී සිටියේ හුදකලාව බලා ගත් වන බලාගෙනය..ගුරුතුමියගේ සිතේ මුලින් ඔහු පිලිබද මද නොරිස්සුමක් පමනක් තිබුන නමුත් කල් යාමේදී එය වර්ධනය වූ අතර අවසානයේ ටෙඩී පිලිබද සියුම් වෛරයක් දක්වා එය වැඩි දියුණු විය. ඔහුගේ විභාග ප්‍රශ්ණ පත්‍ර පරීක්‍ෂා කිරීම ඇය මහත් උනන් දුවෙන් සිදු කල අතර රතු පෑනකින් ඔහුගේ වැරදි උත්තර විශාල කතිරයකින් කපා ප්‍රශ්ණ පත්‍රයට ඉහලින් විශාල" "F" අකුරක් දැමීමෙන් ඇයට සියුම් සතුටක් දැනුනි.

පන්තියේ සෑම සිසුවෙකුගේම අතීත වාර්තා පරීක්‍ෂා කිරීම පාසලේ නීතියක් වූවත් ගුරුතුමිය සිතා මතාම ටෙඩීගේ වාර්තාව වාර්තා ගොන්නේ පහලටම දැම්මේ ඔහු සමග පැවති වෛරය නිසාමයි. නමුත් අවසානයේ ඇය ටෙඩීගේ වාර්තා පරීක්‍ෂා කල විට ඇය විශ්මයට පත් විය.

ටෙඩීගේ පලමු වසරේ ගුරුවරිය ඔහු පිලිබදව තබා තිබුනේ මේ ආකාරයේ සටහනක්

"නිතරම සිනාමුසුව ඉන්න ටෙඩී අති දක්‍ෂ සිසුවෙක්. තමන්ට පැවරෙන වැඩ කොටස හොදින් පිරිසිදුව නිම කරන ඔහු ඉතාම යහපත් ගතිගුණ සහිත ළමයෙක්,ඔහු වැනි සිසුවෙක් පන්තියේ සිටීම සතුටට කරුණක්"

දෙවන වසරේ ගුරුතුමියගේ සටහන මේ ආකාරයි

"ටෙඩී විශිෂ්ඨ සිසුවෙකි.පන්තියේ අනෙක් ළමුන් අතර ඔහු කැපී පෙනෙයි,අනෙක් සිසුන් ටෙඩීට බෙහෙවින් ප්‍රිය නමුත් වසරේ අවසාන භාගයේදී මවගේ රෝගී තත්වය නිසා ඔහු බෙහෙවින් කම්පාවට පත් වී ඇති බව පෙනී යයි"

තෙවන වසරේ ගුරුතුමියගේ සටහන මෙසේයි

"ඔහුගේ මවගේ මරණය ඔහුට විශාල බලපෑමක් එල්ල කර ඇති අතර සාමාන්‍ය තත්වයට පැමිනීමට ඔහු විශල ලෙස උත්සාහ කලත් ඔහුගේ පියාගෙන් ඊට සහායක් නොමති බව පෙනී යයි. මෙම තත්වයට ඉක්මන් පිලියමක් නොයෙදුවහොත් ඔහුගේ අධ්‍යාපනය කඩාකප්පල් විය හැකි බව මගේ හැගීමයි.

හතර වසරේ ගුරුතුමියගේ සටහන මේ ආකාරයි

"පාසල් කටයුතු පිලිබදව ඔහුගේ උනන්දුව අවම අතර බොහෝ විට පන්ති කාමරයේදී නිදා ගනී.බොහෝ විට හුදකලාව සිටින අතර යහලුවන් නොමැත"

ටෙඩීගේ අතීත වාර්තා කියැවූ ගුරුතුමියට ඔහුගේ තත්වය වැටහුනු අතර ඇයට ඇය පිලිබදව දැනුනේ විශාල ලැජ්ජාවකි.ඒ මුල් පාසල් වාරයේ අවසන් දිනය අතර ඔහුගේ අතීත වාර්තා කියැවීමට මෙතරම් පමා වීම පිලිබදව ඇය පසු තැවුනි.

පාසලේ සම්ප්‍රදායට අනූව මුල් පාසල් වාරයේ අවසන් දිණයේ සෑම සිසුවෙකුම පන්ති භාර ගුරුතුමියට කුඩා ත්‍යාගයක් පරිත්‍යාග කල යුතු අතර ටෙඩී ඇයට පර්ත්‍යාග කල ත්‍යාගය දුටු ඇගේ සිතේ ඔහු පිලිබදව හට ගත් ශෝකය තවත් වැඩි විය..අනෙක් සෑම සිසුවෙක්ම ඉතා ලක්‍ෂණ දවටන කොල වලින් ත්‍යාග ඔතා විසිතුරු ලෙස ඒවා සකසා තිබූ නමුත් ටෙඩීගේ ත්‍යාගය අවලක්‍ෂණ ලෙස ඔතා තිබුනේ රළු බ්‍රවුන් පේපර් කවරයකිනි.

අනෙක් සිසුන් ඉදිරියේ ඇය ටෙඩීගේ පාර්සලය විවෘත කල අතර එහි වූ පරණ තාලයේ ඇට මාලය සහ අඩක් හිස් වූ සුවද විලවුන් බෝතලය දුටු සමහර සිසුන් සිනා සුනේ ටෙඩීට සරදම් කිරීමටයි.ගුරුතුමිය සිසුන් ගේ සිනහව වැලැක්වූයේ ඇට මාලය ඉතා ලස්සන බව පවසා එය පැලදීමෙනි.සුවද විලවුන් ස්වල්පයක් ගල්වා ගැනීමටත් ඇය අමතක කලේ නැත. එය ඇය ජීවිතයේ ලද හොදම ත්‍යාගය බව ඇය පන්තිය ඉදිරියේ පැවසීය.

පාසල අවසානයේ අනෙක් සිසුන් පිට වූ පසු ගුරුතුමිය ලගට පැමිනි ටෙඩී සිහින් ස්වරයෙන් මෙසේ පැවසීය.

"අද මිස් ලග අපේ අම්මාගේ සුවද එන්නේ..."

ඔහු පරිත්‍යාග කර තිබුනේ ඔහුගේ මව පාවිච්චි කරමින් සිටි සුවද විලවුන් කුප්පියක් බව ඇයට වැටහුනේ ඒ මොහොතේයි.

එදින පටන් ගුරුතුමිය ටෙඩීට විශේෂ අවධානයක් යොමු කල අතර මදින් මද ඔහුගේ සුපුරුදු දක්‍ෂතා මතු වන ආකාරයක් පෙනුනි.ඇය ඔහුව වඩ වඩා ධෛර්යමත් කරන විට ඔහුගේ හැකියාවන් වඩ වඩා ඔප මට්ටම් වූ අතර වසර අවසානය වන විට පන්තියේ සිටි දක්‍ෂතම සිසුන් ගෙන් අයෙක් වීමට ටෙඩී සමත් වුනා.

වසර අවසානයේ ඔවුන් වෙන් වූ නමුත් තවත් වසරක් අවසානයේ ඇයට ටෙඩීගෙන් ලැබුනු ලිපියක සටහන්ව තිබුනේ ඔහුගේ ජීවිතයේ ඔහුට හමු වූ හොදම ගුරුතුමිය ඇය බවයි.

තවත් වසර කීපයකින් ඔහු එවා තිබූ තවත් ලිපියකින් ඔහු පවසා තිබුනේ පාසල් අධ්‍යාපනය අවසන් බවයි.ජීවිතයේ ඔහුට හමු වූ හොදම ගුරුතුමිය ඇය බව සටහන් කිරීමටත් ඔහු අමතක කර තිබුනේ නෑ.

කාලය වේගයෙන් ගෙවී ගිය අතර තවත් වසර කීපයකින් ඇයට ඔහුගෙන් තවත් ලිපියක් ලැබුනා,ඔහු දැන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන බව එහි සටහන් කර තිබූ අතර සුපුරුදු ලෙස තවමත් ජීවිතයේ ඔහුට හමු වූ හොදම ගුරුවරිය ඇය බව සදහන් කිරීමටත් ඔහු අමතක කර තිබුනේ නෑ.

තවත් වසර කීපයකින් ඔහුගෙන් තවත් ලිපියක් ලැබුනා.මේ වන විට ඔහු විද්‍යාවේදී උපාධිය අවසන් කර තිබූ අතර තව දුරටත් අධ්‍යාපනය සිදු කරන බව ඔහු දන්වා තිබුනා.
"මගේ ජීවිතේ මට හමුවුන හොදම ගුරුතුමිය ඔබයි" කියා සටහන් කරන්නටත් ඔහු අමතක කලේ නෑ.

තවත් වසර ගණනාවකින් ලැබුනු ලිපියකින් ඔහු දන්වා තිබුනේ ඔහුට හමු වූ ජීවන සහකාරිය පිලිබදවයි,
"මම ඊළග මාසේ ඇයව විවාහ කර ගන්නවා. මගේ තාත්තා ගිය අවුරුද්දේ මිය ගියා. ඔහු මිය යන්න කලින් මගෙන් ඉල්ලා සිටියා විවාහ දිනයේ මගේ දෙමව්පියන් වෙනුවට ඔබව සහභාගි කර ගන්නා ලෙස. මිස් එනවා නේද? මට ජීවිතේ හමු වුන හොද්ම ගුරුතුමිය ඔබයි"
මේ වන විට ඔහු ආචාර්ය ටෙඩී.

ගුරුතුමිය විවාහයට සහභාගි වූ අතර පස් වන වසරේදී ටෙඩී ඇයට තෑගි කල ඉතා පරණ ඇට මාලය පැලදීමටත් ඒ සුවද විලවුන් ගැල්වීමටත් ඇය අමතක කලේ නෑ.ඔහුට වැටහුනේ තම මව පැමින සිටින බවක්,ඇයව වැලද ගත් ඔහු ඇගේ කනට කර මෙසේ මිමිනුවා,

"පස් වෙනි පන්තියේදී මගේ ජීවිතය වෙනස් කලාට ඔබට ගොඩක් ස්තූතියි මිස්...එදා මම අම්මගේ පරණ ඇට මාලෙයි පාවිච්චි කරපු සුවද විලවුන් බෝතලෙයි තෑගි දීපු වෙලාවේ ඒවා පන්තිය ඉස්සරහ අගය කරලා මම වැදගත් පුද්ගලයෙක් බව මට වටහල දුන්නට ඔබට ස්තූතියි, එදා තමා මගේ ජීවිතයේ වැදගත්ම දවස...
ඔබයි මගේ ජීවිතේ මට හමුවුන හොදම ගුරුතුමිය""