කඩා වැටුනු යානාවලින් ලැබුණු පිටසක්වල තාක්ෂණය කෝ?

අරුම පුදුම දේවල් බලා ගැනිමට සැරි සරන්න .සයිබර් ලොකයේ

අභ්‍යවකාශයේදී විදුලිය නිපදවා පොලොවට සම්ප්‍රේශණය කිරීමට සැරසේ

අරුම පුදුම දේවල් බලා ගැනිමට සැරි සරන්න .සයිබර් ලොකයේ

Screens දෙකක් සහිත device එකකට Samsung patent අයිතිය ලබා ගනී

අරුම පුදුම දේවල් බලා ගැනිමට සැරි සරන්න .සයිබර් ලොකයේ

පිටසක්වල ජීවීන් හා යානා පිලිබඳ අමෙරිකානු රජයේ මෙහෙයුම්

අරුම පුදුම දේවල් බලා ගැනිමට සැරි සරන්න .සයිබර් ලොකයේ

රෂ්මෝර් කන්දේ සිටින්නේ කවුරුන්ද


රෂ්මෝර් කන්දේ සිටින්නේ කවුරුන්ද????

ඔබ ඇමරිකා එක්සත් ජනපදය පිළිබදව කියවනවිට හෝ ඒ පිළිබදව නිමවා ඇති වීඩියෝ දර්ශන නරඹන විට සුවිශාල ගල්කුලක නිර්මාණය කොට ඇති මිනිස් මුහුණු හතරක් දැක තිබේද?


මේවා තියෙන්නේ එරට දකුණු ඩකෝටාවේ නිරිතදිග දිශාවටවන්නටයි. මේ මිනිස් මුහුණු හතරේ හිමිකරුවන්නම්, එ‍රට ජනපතිවරුන් වූ George Washington, Thomas Jefferson, Theodore Roosevelt, සහ Abraham Lincoln යන අයගේ. මෙය ඇමරිකාවේ ජාතික සිහිවටනයක් වන අතර ලොව තිබෙන විශාලතම මූර්ති කිහිපයකින් එකක් වන අතරම එක මුහුණක උස තට්ටු හයක ගොඩනැගිල්ලක උසට සමාන බවද කියවේ. ඒ කියන්නේ මීටර් 20 ක් නැත්නම් අඩි 60 ක් විතර උසයි.
කව්ද මේ මූර්ති හැදුවේ?
1925 දී ඇමරිකාවේ ආණ්ඩුවට උවමනාවුනා ඔවුන‍්ට සිටි ‍ශ්‍රේෂ්ඨ ජනාධිපතිවරු හතර දෙනෙකු වෙනුවෙන් සිහිවටනයක් ගොඩනැංවීමට. මේක ඇත්තටම ඔවුන්ට යෝජනා කරල තියෙන්නේ එරට ඉතිහාසඥයකුවන Doane Robinsonවිසින්. ඒ 1920 මුල් භාගයේදී. ඒ ඔවුන්ගේ රට බිහිවෙලා වසර 150 ක් වීම සැමරීම සදහා. මෙම කාර්යය පැවරුනේ එ‍රට මූර්ති ශිල්පියෙක් වූ Gutzon Borglum හටයි. ඔහු සිය ‍යෝද ප්‍රතිමා ගොඩනැංවීමට තො‍්රා ගත්තේ සුවිශාල ගල් කුලක් වන හෙක්ටයාර් 517 ක් නැත්නම් අක්කර 1278ක් වසා ගෙන සිටිරෂ්මෝර් කන්දයි (Mount Rushmore).


ප්‍රතිමා නෙලීමට පෙර 1925 දී රෂ්‍මෝර් කන්ද දිස්වී ඇති අයුරු
මෙය නිර්මාණය කිරීම 1927 දී ඇරඹු අතර නිමවීම සදහා වසර 14 ක් ගතවිය.
කොහොමද ඒ අය මේක කලේ?
මෙම ප්‍රතිමා සෑදීමට දායක වූ අය ඒ සදහා ඩයිනමයිට්, jackhammers, නියන් ආදිය යොදාගෙන තිබේ. ඔවුන් මෙය නිම‍වීමෙදී ගල් ටොන් 450,000 ක් පමණ පුපුරවා ඉවත් කරලත් තියෙනවා. මේ වැඩබිමේ වැඩකිරීම නම් අනුතුරුදායක දෙයක් වූ බව තමයි කියන්නේ. මොකද ඔවුන්ට පොළව මට්‍ටමේ සිටි අඩි සිය ගණනක් උසින් ඉදල තමයි මේක කරන්න සිදුවෙලා තියෙන්නේ. කොහොමවුනත් මේක හදපු 1927 සිට 1941 දක්වා කාලය තුල 400 දෙනෙකුපමන සම්බන්ධවෙලා තිබුන බවද කියන්න ඕන.


මේ මුහුනු මෙම පර්වතයේ මතුකරල තියෙන්නේ මෙන්න මේ අනුපිළිවලට; මුලින්ම George Washington ගේ දෙවනුව Thomas Jefferson ගේද, තෙවනුවAbraham Lincoln සහ අවසානයේ Theodore Roosevelt ජනාධිපතිතුමාගේද වන ලෙසයි.


ඒවගේම ඕනෑකමින්ම කියන්න ඕන මේ නිකම්ම ආවටගියාට හදපු ප්‍රතිමා නොවන බව. මුහුනේ මුල් හැඩය මතුකරගත්තට පස්සේ ඒක බොහොම කලාත්මක විදියට සුමට කරල මුහුනේ ඉරියව් ආදිය ස්වභාවික විදියට ගොඩනංවන්න සෑහෙන මහන්සි වෙලා තියෙනවා. මේ පහල රූපයේ බලන්නLincoln ජනාධිපතිතුමාගේ ඇස ඉර එළිය වැටුනම දි‍ලිසෙන විදියට ඔවුන් ගොඩනංවාගෙන යන ආකාරය.


නමුත් අවසානවන්ත විදියට මේ නිර්මාණකාර්යයේ නියමුවා වුන Gutzon Borglumට නම් තමන්ගේ නිර්මාණය මුලුමනින්ම දැකගැනීමේ භාග්‍ය අහිමිවෙලා තියෙනවා මොකද Roosevelt ගේ මුහුනේ වැඩකටයුතු අවසන්වීමට පෙරාතුවම ඔහු අභාවප්‍රාප්තවීම නිසා. ඊටපස්සේ මෙම කාර්යය ඉෂ්ඨසිද්ද කරල තියෙන්නේBorglum පුතා වන Lincoln විසින්. Borglum ජීවතුන් අතර සිටියනම් මෙම නිර්මාණය තවත් අලංකාරවත් වෙනවා නිසැකයි. මොකද ඔහුගේ අදහස නම් තිබිල තියෙන්නේ මෙම මූර්තිවල උඩුකයම, ඒ කියන්නේ ඉඟටිය දක්වාම නෙලන්නයි. ඒත් ඔහුගේ අභාවයත් සමග ඒ මුල් අදහස යටයන්නැති කියල තමයි හිතන්න වෙන්නේ.


Gutzon Borglum ජීවතුන් අතර සිටියා නම් බොහෝවිට මේ ආකාරයට ප්‍රතිමා දිස් වේවි.


බොහෝදෙනෙක් නොදන්නා රහසක්
මේ කියන්න හදන දේ බොහෝ දෙනෙක් නොදන්නා දෙයක්. ඒ තමයි ගල් ගුහාවක් නිර්මාණය කොට තිබෙනවා Lincoln ජනාධිපති තුමාගේ හිසේ පිටුපසට වන්නට. මේ දැන් පෙන්වන රූපයේ ඒ ගල් ගුහාවේ දොරටුව හොදට පේන්න තියෙනවා. මේ ගල් ගුහාව හදුන්වන්නේ Hall of Records ලෙසයි.



මෙන්න දැන් කියන්නම් මේ ගැන වැ‍ඩි විස්තර. මෙම නිර්මාණ කාර්යයේ මුල් සැලැස්මට අනුව මෙහි නිර්මාණකරු වෙච්ච Gutzon Borglum ට උවමනාවෙලා තියෙනවා ඇමරිකාවේ ඉතිහාසයේ කැපී පෙනෙන සිදුවීම් නමයක් ඇතුලත් ශිලා ලේඛණයක් මෙම ජනාධිපතිවරුන්ට අමතරව මෙහි නිර්මාණය කරන්න. ඔහු සිතල තියෙන්නේ ජනාධිපතිවරුන්ට පැත්තකින් අඩි 80 ක් පළලටත්, අඩි 100 ක් උසටත් මෙය තනන්නයි. කොහොමඋනත් මෙය සාර්ථකවෙන අදහසක්නොවන ව පෙනිල තියෙන්නේ එය සාදන තැන සිට මිනිසුන් සිටින තැනට මෙහි අකුරු නොපෙනෙනබව පසුව පෙනීගිය නිසාය.


නමුත් Borglum තමන්ගේ අදහස වෙනස් විදියකට හරි කරන්න ඕන කියල මුල් සැලැස්මේ ජනාධිපති පිලිරූ තිබෙන තැන්ද වෙනස් කරල තියෙනවා. ඒ කියන්නේ Jefferson සහ Lincoln අයගේ රූප ඔය දැන් තියෙන තැන්වල නෙමේලු මුල් සැලැසුමේ නම් තිබුනේ. ඒ එක්කම මේ කියන ගල් ගුහාව ඔහු සාදන්න අදහස් කරල තියෙනවා. ඒකට තියපු නම තමයි Hall of Records.


1938 දී වැඩ අරඹපු මෙම ගල් ගුහාවේ දොරටුවේ උස අඩි 20 ක්ද, පළල අඩි 12 ක් ද වෙනවා. ඒවගේම Borglum හිතල තියෙනවා මේකට කැපී පෙනෙන පඩි පෙලක්ද පහල සිට ඉහලට නගින්න දාන්න ඕන කියල. ඒකියන්නේ ගලින් නිමවපු පඩි 800 ක් විතර. ඒ වගේම මේ Hall of Records තුල ඇමරිකාවේ ව්‍යවස්ථාව සහ එරට නිදහස් ප්‍රකාශයද (the Constitution of the United States and the Declaration of Independence) තබන්න ඔහු අදහස් කරගෙන ඉදල තියෙනවා.



මේ ගල් ගුහාව හදන වැඩේනම් පිලිම හදන තරම් ලේසි වෙලා නැහැ. ඉතාමත් අසීරු කටයුත්තක් වූ මෙහි නිරතුරුවම කළුගල් සෑරීමට ගන්නා උපකරණ වල කටු මොටවීමට කල්වූ අතර වැඩෙහි නිරතවන්නන් කළුගල් විදීමේදී ඇතිවන දුහුවිල්ලේන් නැහැවී සිටි බව කියනවා. කොහොමහරි අඩි 70 ක් විතර ඇතුලට මෙය සාරගෙන ගොස් ඇති අතර ඒ අතර ප්‍රධාන කාර්යය වන ප්‍රතිමා නෙලීමද සිද්දකරගෙන ගොස් ඇත.



නමුත් මේ කාලවකවානුව ‍වනවිට දෙවන ලෝක යුද්දය ඇරඹුන අතර ඇමරිකාවටද අනපේක්‍ෂිත ලෙස එයට සම්බන්දවන්නට වූ අතර මෙම කාරණානිසා අදාල නිර්මාණයට හා අනෙකුත් කාර්යයන්ට මුදල් ලැබීමද බොහෝසෙයින් අඩුවන්නට විය.


එහෙත් යුද්ධය අවසන් වූ පසු මෙම තත්වය වෙනස් වනු ඇතැයි ට Borglum අපේක්‍ෂා කල අතර ගුහාවේ තව දුරටත් අලංකරන කටයුතු සිදුකල අතර මෙහි තැන්පත් කිරීමට නියමිත ශිලා ලේඛන භාෂා කිහිපයකින් කාමර කිහිපයකම තැබීමටද බලාපොරොත්තුවිය.


නමුත් අවාසනාවකට වාගේ කටයුතු සිද්දවෙන්නවූයේ Borglum ට හිතකර නොවන ලෙසකට වූ අතර 1941 මාර්තු මාසයේ චිකාගෝවෙදී කෙරුන සුළු සැත්කමකදී නොසිතූ ලෙස ඔහු මිය ගිය අතර ඉතිරි වැඩ කටයුතු මෙම ලිපියේ මුලින්ද කියූ පරිදි ඔහුගේ පුතාට පැවරුනා. මුදල් ප්‍රතිපාදන ප්‍රමාණවත් වූයේ එම වසරේ වසන්ත ඍතුව දක්වා පමණක් වූ අතර එම වසරේ ඔක්තෝබර් 31 වන දින මෙම ව්‍යාපෘතිය නවතා දැමූ අතර ප්‍රළිමද කඩිනමින් නිමවන ලදි. Borglum ගේ පුතාද යුද්ධයෙන් පසු කටයුතු යහපත්වේ යයි සිතූ අතර සිය පියාගේ බලාපොරොත්තුවක් වූ Hall of Records සාදානිමකිරීමට ඉන්පසු හැකිවෙතයි ඔහු සිතුවා.


කෙසේ නමුත් Borglum පවුලේ මෙම සිහිනය වසර කිහිපයක්ම සාක්‍ෂාත්කරගැනීමට හැකි සෑම උත්සායක්ම දැරීය.කෙසේවෙතත් 1998 දී එරට උද්‍යාන පද්දතියේ අනුග්‍රහයද ඇතිව ඔවුන්ට මෙය යම් තාක් දුරකට සඵල කරගැනීමට හැකිවූ අතර ශිලාලේඛන කෙසේ වෙතත් ටයිටේනියම් vault තුල තැබූ තේක්ක ලීයෙන් නිමැවුන පෙට්ටියක් තුල පෝසිලේන් පිඟන් මැටි වලින් නිමැමුන ලේඛන දහසයක් තැන්පත් කරන ලදි. මේවායේ ඇමරිකාවේ ව්‍යවස්ථාව සහ එරට නිදහස් ප්‍රකාශයට අමතරව එරට ඉතිහාසය, මොන කරුන නිසාද මෙම රෂ්මෝර් පිළ්‍රම ගොඩනැගුවේ, කොහොමද ඒවා ගොඩ නැගුවේ සහ මෙම ජනාධිපතිවරුන් පිළිබදව වෙනවෙනම තොරතුරුද ඇතුලත්කොට තිබේ.



“Into this room the records of what our people aspired to and what they have accomplished should be collected and preserved, and on the walls of this room should be cut the literal records of the conception of our republic, its successful creation, the record of its westward movement to the Pacific, its presidents, how the memorial was built and, frankly. Why.” Gutzon Borglum.


නැවතත් සුපුරුදු කතාවට එමු...


ඒ වගේම රාත්‍රියේදීත් මෙය දර්ශනීයව දැකබලාගන්න පුළුවන් විදියට ආලෝකමත් කරල තියෙන බවත් කියන්න ඕන. ඒ කාලේ මේ මූර්ති හදන්න ඇමරිකානු ඩොලර් මිලියනයක් ක් පමණ වැයවූ බවද අවධාරනයෙන් කියන්න වෙනවා.


අවසාන වශයෙන් කියන්න ඕන මේ ප්‍රතිමා අතරට තව ප්‍රතිමා කිහිපයක්ද එකතු කරන්න යෝජනා වෙලා තිබුන බව. ඒවා නම් ජනාධිපතිවරුන්වූ John.F.Kenady සහ Ronald Reagan ගේත් සුප්‍රසිද්ධ ගායකයකුවූ Elvis Presley ගේ. නමුත් එම‍ යෝජනාව ප්‍රතික්‍ෂේපවී තිබෙනවා.













අවසාන වශයෙන් කියන්න ඕන මෙම රෂ්මෝර් කන්දේ ප්‍රතිමා බලා කියා ගන්නේ ඇමරිකාවේ ජාතික උද්‍යාන සේවය විසින්.

වසර දෙදහස් ගණනකින් මෙපිට ආගමික ශාස්තෘවරයෙකු බිහිනොවී ඇත්තේ ඇයි?


වසර දෙදහස් ගණනකින් මෙපිට ආගමික ශාස්තෘවරයෙකු බිහිනොවී ඇත්තේ ඇයි?

සන්සන්දනාත්මක ලිපියක් ලියන්නට සිතුනා ආගමික කරුණු සම්බන්ධයෙන්‍. මාතෘකාවේ දැක්වූ අයුරින්ම ගතවූ වසර දෙදහස් ගණනක් ඇතුලත අවිහිංසාව, මිනිසුන්ගේ සිතට ශාන්තිය, සැනසුම ගෙන දෙන්නට පුළුවන් ආගමික ශාස්තෘවරයෙකු බිහිනොවූයේ මන්ද? යන්න මෙම ලිපියේ කතුවර අදහසක් හැටියට පළකරන බව පැවසීමට කැමැත්තෙමි. මෙම ලිපිය සදහා සන්සන්දනාත්මකව විග්‍රහ කිරීම යොදා ගන්නේ මීට වසර 2600 කට පමණ පෙරාතුව වැඩවාසය කළ බුදුරජාණන් වහන්සේ සහ ලෝකයේ වැඩිම දෙනෙකු දැනට අදහන ආගම හා බුදු දහම හා යම් ආකාරයකට ගැලපෙන අදහස් කිහිපයක් හෝ තිබෙන කිතු දහම ලෝකයට ගෙන දුන් වසර 2012 කට පෙර වැඩ විසූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිබදවයි. (වෙනත් ආගම් මේ ‍සදහා යොදා නොගන්තේ, මූලාරම්භයේ පටන් භිෂණනයෙන්, රුධිර‍යෙන් විමුක්තිය සොයන්නාවූ ආගම් පිළිබදව කතා කිරීමත් අනවශ්‍ය ගැටළු උත්පාදනයට හේතුවිය හැකි බැවිනි)


බුදුන් වහන්සේ මෙන්ම ජේසුස් වහන්සේ මෙලොව ජීවත්වන කාලයේ සමාජ වටපිටාව විවිද හැලහැප්පීම් වලට ලක්වෙමින් තිබූ බව අප දන්නා කරුණකි. බුදුන් වහන්සේ වැඩ වාසය කළ භාරතය කොටස් ගණනකට බෙදී සොලොස් මහා ජනපද ලෙස හැදින්වුන අතර ඒ අතරින් රාජ්‍ය කිහිපයක් හැරුන ‍‍කොට අනෙක් ඒවා කුඩා රාජ්‍ය බව සදහන්ය. එම රාජ්‍යයන්ගේ පැවතුනේ එකකට එකක් වෙනස් පාලන ක්‍රමයන් වන්නට ඇති අතර විවිද ආගම් අද මෙන්ම එදා, අදටත් වැඩියෙන් ඉන්දියාව තුල ති‍බුන බව නොරහසකි. ‍ජේසුස් වහන්සේ වාසය කළ පාලාත් ප්‍රධාන වශයෙන් රෝමන්වරු පාලනය කළ අතර පසු කලෙක එනම් ක්‍රි.ව. 306 - 337 අතර කාලයේ රෝමයේ අධිරාජ්‍යයා වූකොන්ස්ටන්ටයින් ආධිරාජ්‍යා විසින් රෝම අධිරාජ්‍යයේ එකම ආගම බවට කිතු දහම පත්කරන තුරු විවිදාකාර දෙවිවරුන් විවිද කරුණු අරඹයා අදහන්නට ඇත. ඒ අනුව බැළු කල උන්වහන්සේලා දෙදෙනාම වාසය කල රාජ්‍යයන් ආගමික අතින් ව්‍යාකූලත්වයක් තිබෙන්නට ඇති බව පෙනේ.


පුරාණ භාරතයේ මෙන්ම අද පවා කුළ ‍භේදය ඉතා දැඩිව ඉන්දියාව තුල ක්‍රියාත්මක බව පැවසෙන අතර එදා තත්ත්වය අදටත් වඩා වැඩි වූවා මිස අඩුවන්නට නම් ඉඩක් නොමැති බවද පිළිගන්නට සිදුවේ. බමුණන් විශ්වාස කළා මෙන්ම සමාජය පිළිගත් ආකාරයෙන්ද බමුණන් එකළ සිටි ශ්‍රේෂ්ඨතමයන් විය. එය හිට්ලර්ගේ ආර්ය සංකල්පය මෙන් යයි පැවසුවාට වරදක් නැත. ඔවුන් පහළම කුල පාගාගෙන සිටි අතර, පහළම කුල වල ජනයා මෙන්ම කාන්තාවන්ටද අත්ව තිබුනේ ඉතාම දුඛිත ඉරණමකි.
(ජාතිවාදය සහ සමාජ ස්තරායණ - http://www.buddhistculture.net/buddhist-social-philosophypart5.html)


ජේසුස් වහන්සේ වාසය කළ පළාතද කුල භේදය කෙසේවෙතත් ඇතිනැති පරතරය, වහල් වෙළදාම ආදිය පැවතුන අතර උන් වහන්සේගේ උපත ගැන සැලකීමේදීද එතුමා ගවලෙනක් තුළ උත්පත්කිය ලැබීම තුලින්ම එතුමා පවා පීඩිත පන්තියට අයත් අයෙකු ලෙස සැලකිය හැකිය. බුදුන් වහනසේගේ ජීවිතය ඊට වඩා වෙනස් එකක් විය. එතුමා එකළ භාරතයේ කුඩා රාජ්‍යයක රජෙකුගේ පුත් කුමරු විය. එතුමාගේ මව කුඩා කලදීම මිය ගියත් රාජ සම්පත් වලින් එතුමාට අඩුවක් නොවූ බව බුද්ධ චරිතය පිළිබදව කරුණු හැදෑරීමේදී පෙනීයන්නකි. තවද තරුණ ව‍යසේ සෑහෙන්න කලයක් යන තුරු එතුමා දුක පිළිබදව නොදැන සිටියහ. සතර පෙර නිමිත වලින් මහල්ලෙක්, ලෙඩෙක්, මළකදක් යනාදිය දැකිමෙන් එතුමාට සංසාරය ගැන කළකිරුන අතර ගිහි ජීවිතයේදී දුක් නොවිද සිටි නිසා සහ සසරින් එතරවීමට හැකියාවක් දුකෙන් පුළුවන්ද යන්න සොයා බැලීමට සය වසරක්ම අනන්ත දුක් විද අත්හදා බැලීමටද සිදුවිය.


ජේසුස් වහන්සේ කිතු දහම ලොවට හදුන්වාදුන්නද එතුමා වැඩ විසූ කෙටි කාලය තුල රාජ්‍ය අනුග්‍රහය සහිත ගරු බුහුමන් ලැබීමට තරම් භාග්‍ය සම්පන්න නොවූවත් එතුමාගේ ආගම පසුකළෙක භාරගත් අයට නම් ආගමේ නාමයෙන් සැප සම්පත්, ගරුබුහුමන් ලබා ගැනීමේ අවස්ථාව හිමිවූයේය.


උන්වහන්සේලා දෙදෙනාටම පොදුවූ කරුණක් නම් ආගම ප්‍රචාරයට විරුද්ධව සතුරන් සිටීමයි. තීර්තකයන්, විවිදාකර බමුණන්, කාන්තාවන් පමණක් නොව දෙව්දත් තෙරුන් වැනි බුදු දහම තුලම මහණදම් පිරූ අයගෙන්ද සතුරු උපද්‍රව ඇතිවිය. ජේසුස් වහන්සේටද විවිදාකර සතුරන් වූ අතර ඔවුන් බොහෝමයක් අන්‍යාගමික නායකයන් වූ අතර කිතු දහම ව්‍යාප්තව වනු දැකීම ඔවුන්ට නොරිසි විය. එසේම එතුමා පාවා දීමට මුල් වූ ජුදාස්ද එතුමාගේ අනුගාමිකයෙකු විය.


මෙම උතුම් ශාස්තෘන්වහන්සේලා දෙදෙනාගේම තවත් පොදු කාරණයක් වූයේ අන්‍යයන්නට මෛත්‍රී කිරීමට නැතහොත් ප්‍රේම කිරීමට දේශනා කිරීමයි. එකළ මානව හිමිකම්, උතුම් මනුශ්‍ය ගුණාංගයන් පිළිබදව බහුතරයකට වගේවගක් නොවීය.ප්‍රභූන් හැරුන කොට සාමාන්‍ය මිනිසුන් සහ සතුන් අතර වෙනසක් සමාජයට නොවීය. යමෙකු වරදකරුවෙකු ලෙස සැක කිරීමත් අතීතයේ අභාග්‍ය සම්පන්නවිය. මිනිසුන්ට ප්‍රසිද්ධියේ අමානුශික ආකාරයෙන් දැඩි දඩුවම් දුන් ඒ සමයේ බුදුන් වහන්සේ සහ ජේසුස් වහන්සේ වැනි අය සැබැවින්ම වෙනස් මිනිසුන් වූහ. එකළ ප්‍රසිද්ධියේ මරණ දඩුවම නැරඹීමත් මිනිසුන්ට විනෝද ජනකවිය. වරදකරුවාට උපරිම වේදනාව දැනෙන අයුරින් දිය හැකි ලොකුම දඩුවම් ලබා දීම කාගේත් අභිලාශය විය.
අතිබිහිසුණු, තෲර මරණීය දණ්ඩන ක්‍රම

එවන් වූ සමාජයක මිනිසුන්ට මෛත්‍රී කළ, ප්‍රේම කළ මෙවන් මිනිසුන් අනෙක් මිනිසුන්ට වඩා වෙනස් වූ බව එකල මිනිසුන්ද විශ්වාස කළහ.ඔවුන්ව පූජනීයත්වයෙන් සැලකූහ.

කාන්තාවන් සම්බන්ධයෙන්ද මෙම ශාස්තෘවරුන් වාසය කළ කාලයේ තිබුනේ යහපත් ආකල්පයක් නොවේ. ඉන්දියාවේ එකළ කාන්තාවක් උදෑසන දැකීමත් අසුභ ලෙස සැලකූ බව සදහන් වන අතර ඉහල ප්‍රභූන් හැරුන කොට අනෙක් කාන්තාවන්ට උරුමව තිබුනේ දුකයි. ඔවුන් කුඩා වියේ පියාගේ රුකවරණයේ වාසය කළ යුතු අතර තරුණ වියේදී තම සැමියාගේ අනසක යටතේ විසිය යුතු විය. යම් හෙයකින් තම සැමියා තමන්ට පෙර මියගියහොත් සිය පිරිමි දරුවන් යටතේ සිටිය යුතුවිය. එසේම ඇතැම් කාන්තාවන්ට සිය ස්වාමියා තමන්ට පෙර මිය ගිය විට ඔහු සමග දරසෑයේ දැවී අළු වෙන්නටත් සිදුවිය. මෙම "සතිපූජාව" ගරු ගාම්භීරත්වයෙන් සදහන්වුවද කාන්තාව කැමැත්තෙන් මෙයට ඉදිරිපත් වනවාට වඩා බලහත්කාරයෙන් දරසෑයට නංවා ඇය වේදනාවෙන් විලාප දෙමින් සිටියදී එයින් පැනයන්නට නොහැකි ලෙස ආදාහනය සිදුකරන "දිව්‍ය පුත්‍රයන්" දිගු උණබට වැනි දෑ යොදාගෙන තද කරගෙන සිටිමින් පණ පිටින් ආදාහන වී ගෞරවනීය තත්ත්වයකට බලහත්කාරකමින්ම පත් කරන ලදි.

ජේසුස් වහන්සේ විසූ රටේදිත් තත්ත්වය වෙනස් මුහුණුවරකින් සමාන බවක් ගත්තේය. වැරදීමකින් හෝ කාන්තාවක් වැරදි කළේ නම් ගල් ගසා මරා දැමීම අමානුශික අයුරින් සිදුවිය.
පුරාණ සිංහල රජ දවස දෙතිස් වද හා නූතන මරණ දඩුවම් ක්‍රම ගැන ලුහුඬින්

උන්වහන්සේලා මෙලොවින් සමුගත් පසුවද ලෝකය මුළුමනින්ම යහපත් ස්ථානයක් නොවූවත් අඩුම තරමින් විවිද ආගම් අදහමින් ඇතැම් විට සත්ත්ව බිලිපූජා ආදිය සිදුකරමින් සිදුකල අකුසල කර්මයන්වත් මෙම ආගම් දෙකේ ඉගැන්වෙන අන්‍යයන්ට මෛත්‍රිය හා ප්‍රේමය ත්‍යාග කිරීම මුල් කරගනිමින් අඩුවිය. මේ අයුරින් එදා පැවති තත්ත්වයට වඩා වෙනස් තත්ත්වයක් උදා කළ නිසා සහ එම ආගම් ඇතිවූ රටවල කෙසේවෙතත් පසුකළෙක වෙනත් රටක හෝ ශක්තිමත්ව ස්ථාපිතවූ නිසා අළුත් ආගමකට හෝ අළුත් ශාස්තෘවරයෙකුට ලැබෙන ඉඩකඩ අවම විය. ඉන්පසුව එම ආගම් වල සෙවනේ විවිද හැකියාවන් ඇති යයි පවසමින් විවිද සමයන්හිදී විවිද පුද්ගලයන් ඉස්මතුවූවත් එම ආගමින් ලැබූ ආභෂය නිසා නිවැරදි දැක්මක් අවබෝදයක් ඇති මිනිසුන් කිහිපදෙනෙකු හෝ සිටි නිසා ව්‍යාජ ශාන්තුවරයන්ට, සෝවාන්, සංකෘදාගාමී හා කල්පගණන් පෙරුම් නොපුරා බුදු බව ලැබූවන්ට වැඩි දුරක් යාමට නොහැකිවිය.


උපුටා ගත්තේ 7සමුදුරෙන්

“කිඳුරියෝ”


“කිඳුරියෝ” මේ වචනය අපිට ඇහෙන කොටම මතකෙට එන්නේ බාගෙට නිරුවත් මාළුවෙකුගේ වගේ වරලක් තියෙන කාන්තාවක් නේ.මේ දිය කිඳුරියන් ගැන ලොකයේ ගොඩක් තැන් වලින් තොරතුරු වාර්තා වෙනවා.කැරිබියන් ‍ෆිල්ම්ස් සෙට් එක බලපු කෙනෙකුට නම් කියනකොටම කිදුරියෙක් මතක් වෙයි.ඒ වගේ මේ කිඳුරියෝ ගැන ගොඩක් ‍ෆිල්ම්සුත් ඇවිල්ලා තියෙනවා.මේ ඒ කිඳුරියෝ ගැන තොරතුරු ටිකක්……


කෙසේ හෝ කිදුරන් පිලිබද ක්‍රිස්තු පූර්ව 5000 තරම් ඈත යුගයකට දිවෙන වාර්තාවන් පවතී.පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් අනුව බැබිලෝනියන් ශිෂ්ටාචාරයෙහි කල කැනීම් වලින් ඔවුන් වන්දනාමාන කල ඔවෙන්නෙසී නම් දෙවියෙකු පිළිබද චිත්‍රයක් ගල් කැටයමකින් හමුවිය.මෙම දෙවියාගේ සිරුරේ ඉහළ කොටස මිනිසෙකුගේ සිරුරට සමානවන අතර පහළ කොටස මාලුවෙකුගේ වල්ගයට සමාන වේ.මෙම ගල් කැටයම දිව්‍යමය බලය පිලිබද පූජනීය සංකේතයක් ලෙස සැලකූ බව පෙනීයයි. සමහර තොරතුරු අනුව ඔවෙන්නොසී අරාබි ජනප්‍රවාදවල නිරන්තර හමුවන දෙවියෙකු වන අතර ඈත අතීතයේ සිට මෙම කිදුරු දෙවියන් වන්දනාවට පාත්‍රවී ඇත.පැරීසියේ ලොවුරේ කෞතුකාගරයේ තවදුරටත් අතීත ලෝකය ඕවෙන්නෙසී පුද පුජාවලට ලක්කල බවට සාක්ෂි පවතී.බයිබලයේ සඳහන් තොරතුරු අනුව ‘ඩාගන් ‘ නම් දෙවියන් මාලු වල්ගයක් සහිත බවත් උසස් දිව්‍ය බලයක් සහිතවූ බව සදහන්ය.මහජලගැලීම සිදුවූ කාලයට පසුව ශතවර්ෂ ගණනාවකට පසුව කිදුරන්ට මෙම දිව්‍යමය බලය ආරෝපණය කරන ලදී.
දියකිඳුරන් පැවතීම පිළිබද විශ්වාසය අභියෝගයකට ලක්වුවද,සාගර විශේෂඥයන් මෙම අදහස පිලිබද ධනාත්මකව සිතන්නේ කිඳුරන් සාගරයේ ගැඹුරු පත්ලෙහි ජීවත්වීමට ඇති ඉඩකඩත් සමගය.මෙහිදී ඔවුන් කිඳුරන් සාගර මතුපිටට පැමිණ සිටිනවා යන්න පිළිගැනීමට සුදානම් නොමැති උවත් මොවුන් ගැඹුරු සාගර පතුලෙහි යම් තැනක ජීවත් වීමේ හැකියාව බැහැරනොකරයි.නමුත් අනපේක්ෂිත ලෙස සාගර මතුපිටට පැමිණීමෙදී යම් යම් පුදගලයන්ට දර්ශනයවී නැවත නොපෙනී යාහැක.විද්‍යාත්මක පර්යේෂණවලට අනුව අවසන් නිගමනය පැහැදිලිය.එය නීර්ණය වන්නේ සාමාන්‍ය විද්‍යාත්මක පර්යේෂණවලින් ඔබ්බට යමින් නොවේ.නමුත්මෙම මුහුදු සත්වයා වන දියකිඳුරා සජීවි සත්වයෙකු ලෙස සිටීමට ඇති ඉඩකඩ ඉතා වැඩිය.මිනිසා ස්පර්ශ කර නැති ලෝකයේ බොහෝ ප්‍රදේශවල ආගන්තුක සතුන් සහ පැලෑටි විවිධාකාරව පුළුල්ව තිබීමට ඇති හැකියාව සමගින් සාගර පත්ල පිළිබඳ තවමත් කෙරී ඇති හැකියාව සමගින්ද මෙම මුහුදු සත්වයා ජීවත්ව සිටීමට වැඩි අවස්තාවක් පවතී.මානව විද්‍යඥයන් වුවද කිඳුරන් සමඟ එකතු වන්නේ මුල් යුගයේ මිනිසා වෙරලාසන්නව ජීවත්වීමට සංක්‍රමණය වී සාගර පතුලට කිමිදී නව විශේෂවල ආහර හා පැලෑටි සොයමින් ජීවත් වූ බව සැලකේ.ශතවර්ෂ ගණනක් ජීවත්වනවට මෙම ක්‍රියාව නිසා තම සිරුර අනුවර්තනය වී එහි කායික වෙනසක් සිදුවු බව සැලකේ.මෙහිදී මිනිසා මාළු මිනිසෙකු බවට ක්‍රමිකව රූපකාය වෙනස් වු බවට මානව විද්‍යාඥයන්ගේ අධ්‍යයනවලින් පෙනී යන්නේ ජීව විද්‍යත්මක පරිණමය ඔස්සේ සත්වයන්ගේ වෙනස්වීම සිදුවන නිසාය.කිඳුරන්ද මේ හා සමානව මුල් යුගයේ මිනිසුන් සාගර ජලයේ ජීවත්වීමට පරිණමය වීමක් සේ සැලකේ.


මේ කිඳුරන් ඇසින්දු‍ටු අවස්තාද වාර්තා නොවෙනවාම නොවේ.මේ එවැනි අවස්තා කිහිපයක්.
එංගලන්ත්යේ යෝක්ෂයර් ප්‍රාන්තයේ ඉංජිනේරුවෙක් වන පීටර් එඩ්වඩ්සන් තම සහයක කාර්ල් ලුඩ්සන් සමග සයුරේ යාත්‍රා කරමින් සිටියේ අවට දූපත්වල හුණුගල පිළිබඳ පර්යේෂණ කිරීමටය.එදින කදිම දිනයක් වූ අතර ඔවුන් දූපත්කට පෙනෙන මානයට සමීප වූ මොහොතේ පීටර් දුපත අසල ගල්පරයක වාඩිවී සිටින කිසියම් සත්වයෙකු දු‍ටුවේය. සමීපවන මොහොතේම ඔවුන් දු‍ටුවේ අඩනිරුවත් යුවතියකගේ උඩුකය සහිත රුවකි.ඔවුන් ක්ෂණිකව ඒ කිඳුරියක් ලෙස නිගමනය කල අතර ඇය වාඩිගෙන සිටි ගල්පරය අසලට ගිය අතර ඒ මොහොතේම ඇය ඔවුන් දෙස මොහොතක් බලා ක්ෂණිකව ගැඹුරු සාගර දියට පැන අතුරුදහන් වූවාය.මිනිත්තු කිහිපයක් ඇයගේ දුඹුරුවන් හිසකෙස් කළඹ සයුරු දියේ පාවෙමින් තිබු අතර ඇයගේ වරල සයුරෙන් මතුව පෙනින.ඇය නිල්වන් සයුරු දියේ කිමිදෙමින් සිටියාය.අනතුරුව ඇය අතුරුදහන් වූ නිසාම පීටර් මෙම ප්‍රදේශය පරික්ෂාවට ලක් කලේය. මෙම අපූරු දසුන ඔහුගේ මිතුරාද දැක තිබූ අතර එය 1933 දී ප්‍රාදේශීය පුවත්පත් එය වාර්තා කලේය.නමුත් පාඨකයින් එය විශ්වාසනීත්වයෙන් පිලි ගත්තේ නැත.පීටර් හෙලිකර ඇත්තේ තමන් දු‍ටුවේ මාලු කොරපොතු වලින් ආවරණය වූ සිරිරක් සහිත කාන්තාවකගේ මෘදුභාවයෙන් තොර තරමක විරූප මුහුණක් සහිත කිඳුරියක් බවයි.සත්වයාගේ හදිසි සන්ත්‍රාසය ඔවුන්ට ඉතිරි කර ගියේ පුදුමයකි.එය මිනිත්තු තුනක් ඇතුලත දු‍ටු කින්දුරියගේ ස්වභාවය හැඩරුව නිවැරදිව විස්තර කිරීම අසීරු වන්න සේම සම්පූර්ණ පින්තූරය ගොඩනඟා ගැනීමට අවස්තාවක්ද නොවේ.සාමාන්‍ය සිදුවීමකට වඩා ඔබ්බට යන අරුම පුදුමයක් නිසා මෙය වඩාත් තහවුරු වේ.කෙසේ වුවත් පීටර් පවසන්නේ සත්වයා ගල්පරය මත තම සිරුර දිගාකරමින් සිටියදී කලබලයට පත්ව වරලෙහි ආධාරයෙන් හිස ඉදිරියට යොමුකරගෙන ජලයට පැනගත් බවයි.එසේම කිඳුරියගේ මුහුණ ප‍ටු බවත් ඉදිරියට නෙරා ඇවිත් දෑස් රවුම් හැඩයකින් යුක්ත වුයේ මාළු දෑස් සිහියට නංවමිනේ.තවදුරටත් කිඳුරිගේ සිරුර පුරා අප්‍රසන්න විශාල ලප තිබු බව පීටර්ගේ සහයකයාද දැක තිබේ.
ස්කොට්ලන්තයේ විලියම් මුර්නව් පාසැල් ගුරුවරයෙකු වන අතර ඔහුද වෙරලෙහි ගල්පරයක වැතිර සිටි කිදුරියක් දැක ඇත.ඔහුගේ පුද්ගලික තොරතුරු අනුව සෑම සැන්දැවකම සැන්ඩි සයිඩ් බොක්කෙහි ඔහු ඇවිද යන්නේ එහි වටපිටවේ සුන්දරත්වය සේම නොඉඳුල් වෙරල තීරය නිසාය.එලෙස ඇවිද යන එක සැදෑවක ඔහු බොක්කෙහි ඉහල කොටසට යාමට ඉඩ ලැබී තිබුනි.මුර්නව් හදිසියේ දු‍ටුවේ සයුරේ එයට ආසන්න ගල්තලාවක දුඹුරුවන් හිසකෙස් සහිත ප්‍රසන්න කාන්තාවක් වාඩ්වී සිටින අයුරුයි.ටයිම්ස් සගරාව කරන ලද සම්මුඛ සාක්ච්ඡාවකදී ඔහු තමන් දු‍ටු දසුනට අදාල සුවිශේෂි ඡායාරූපක්ද ලබාදී තිබුනි.ඔහු මෙම අවස්තාවෙදි මෙම දසුන තනිවම නැරඹුවා නොවේ .එහෙත් වෙරලේ සිටි සමහර පුද්ගලයන්ගේ අවධානය එදෙස යොමු නොවූවා විය හැක.එහි වෙරලෙහි සිටි පුද්ගලයන් කලබලයට පත්ව වතුරට පැන්නේ තමන්ට ජීවිතයේ ප්‍රථමවතාවට කිඳුරෙක් බලාගැනීමට තිබූ අවස්ථාව මගහරිමිනි. ටයිම්ස් සඟරාව පවසා සිටියේ මෙම කලාපයේ සයුර කිඳුරන්ට කදිම ස්ථානයක් සේ කිවහැක්කේ සයුර භයානක ලෙස ගැඹුරකින් යුතුසේම වෙරලට සමීපව අති විශාල ගල්පර ප්‍රමාණයක් තිබීමය.ප්‍රබල රල පහරවල් ඒවයෙහි නිරන්තරයෙන් ගැටෙන්නේය.යමෙකුට කිඳුරන් සැගවයන ඉසවුව දැන ගැනීමට නොහැකි වන්නේ ඒ නිසාවෙනි.


රොබර්ට් .එස්. පෙස්කර් නම් එංගලන්ත ජාතිකයා කිඳුරියන් දු‍ටු තවත් පුද්ගලයෙකි.තමන් සයුරේ පිහිනමින් සිටින විට කෝර්න්වේල් මුහුදු වෙරලේ නොගැඹුරු මුහුදේදී 1825 දී මෙය සිදුවී තිබේ.ඔහු විස්තර කරන ආකරයට තමන් සයුරේ පිහිනමින් සිටින විට රබර් කුට්ටියක් වැනි සීතල යමක් තම පාදයේ ගැටෙනු ඔහුට දැනිනි.තැති ගැන්මට ලක්වු පෙස්කර් ආපසු හැරී බලද්දී දු‍ටුවේ සුන්දර යුවතියක් තමන් වැලඳ ගැනීමට මෙන් ලංවන ආකාරයයි.පැහැදිලිවම මිහිරි නලාහඩකින් නාදකරමින් සිටියද ඇගේ දෙතොල් වැසී ඇති ආකාරය ඔහුට දක්නට ලැබුනි.ගලා එන සංගීතරාවය මොහොතට වුවත් ඔහුගේ සිරුර ඇගේ අත්වලින් වෙලීයනුඔහුට දැනින.එහෙත් තවත් මොහොතකදිගල්පරයක් සමීපයට පැමිණි පසු ඔහු පුදුමයට පත්කරමින් ඇය ජලය අතර නොපෙනී ගියාය.පසුව ඇය සැගවී ගිය ස්ථානය හෝ ඉවතට ගිය ප්‍රදේශය සෙවීමට උත්සාහ කලත් ගල්පර කොරල්පර හැරෙන්නට කිසිත් නොවීය.
කෙසේ නමුත් අපූර්ව සොයාගැනීමක් සදහා 1981දී දායක වී තිබුනේ සෞදි ධීවරයන් පිරිසකි.ධීවරයන් විශ්වාස කල නොහැකි ලෙස බලා සිටින්නේ මානව දෙපා සහිත අසාමාන්‍ය මාළුවෙක් දෙසය.එම මාළුවා වෙරලට පා වී තිබුනේය.භයානක අනතුරකි පසු දෙපා සුවකල නොහැකි ලෙස කැඩී තිබුනී.සෞදි අරාබියේ සාගර ජීවි විශේෂඥයන් මෙම මාළුවා ගැන විශේෂ අවධානය යොමු කලේ මාළුවගේ බද කොටස මාළුවකුගේ ස්වරූපයත් පහල වරල් කොටස මානව පාදයන්ගෙන් යුතුවීමත් නිසාය.ඔවුන්තම පරීක්ෂණ කටයුතු නිමාකලේ ජනප්‍රිය මතයක් වන කිඳුරියක් ලෙසිනි.වෙරලට ගසාගෙන පැමිනීමට පැය කිහිපයකට පෙර මාරාන්තික අනතුරක් නිසා මියගොස් ඇතිබවට කරුණු දක්වා තිබුනි.ජපන් හා සෞදි පුවත්පත්වල මෙම පුවත සිරස්තලයක් විය.කිඳුරු මාළුවගේ මෙම තොරතුරුවලින් අනාවරණය වූයේ ගැඹුරු මුහුදේදී නාවික නිලදාරින් ඇයව අල්ලා ගැනීමට මාළු කොකු භාවිතා කිරීම නිසා මෙලෙස පාද අහිමිව මිය යාමට සිදුවු බවයි.මෙයින් පැහැදිලිවම පෙනීයන්නේ කිඳුරිය පලා යෑමට තැත්කිරීමේදී බිලිකොකු නිසා කොන්දේ මාරන්තික තුවාලයක් වූ බවයි.සෞදි අරාබියේ මාධ්‍ය විවෘතවම සෞදි බලධාරීනට චෝදනා කලේ මෙම කිඳුරියගේ සිරුර ‍රැකගැනීමට සාගර ජීවී කෞතුකාගාරයක් නැතිවීම සම්බන්ධවයි.එය එසේ තිබුනා නම් ඉදිරි ගවේෂණ හා පරික්ෂණවලට කදිම අවස්ථාවක් වන බවයි.කෙසේ වුවත් මෙම පුදුමාකාර මිනිස් මාළුවා දැක ගැනීමට විශාල පිරිසක් පැමිනීම නිසා එය දිගුකලක්ම නරක්වෙවී තිබිණි.මේ නිසා වැදගත් පර්යේෂණ අවස්ථාවන් ගිලීහී ගියේය.නාවික බලධාරින් මෙම සත්වයා අල්ලාගැනීමට උත්සහාකලේ කොතැනදීද යන්න වාර්තා කර නොතිබුනි.මෙවන් බොහෝ අවස්ථාවන් වලදී බොහේ නාවිකයන් ඒ පිලිබද වාර්තා නොකරන නිසා බොහෝ අපුර්ව තොරතුරු අහිමි වී යයි.


නාවික්යෙකු වන හෙන්රි හඩ්සන් වරෙක දු‍ටුවේ ලස්සන යුවතියක් තම නෞකාව සමීපයෙන් පිහිනන ආකාරයයි.නෞකාවේ සිටි සියලුදෙනාටම මෙය අරුමයක් වූයේ හැන්දෑ යාමේ ගැඹුරු මුහුදේ ආධාරකවලින් තොරව කාන්තාවකට පිහිනීම නිසාය.නාවිකයන් හොදින් දැනසිටියේ අඳුර එක්වන මේ මොහොතේ අත්දැකීම් බහුල පිහිනුම් ශුරයෙකු වුවද ප්‍රචණ්ඩ සයුරට බහින්නේ නැති බවයි.එහිදී කාන්තාවක් මෙවැන්නට යොමු නොවෙන බව ඔවුන්ට සිහිවිය.ඔවුන් ක්ෂණිකව ඇය මුහුදු සත්වයෙකු බව වටහාගෙන දැලක් එලුවත් ඇය පි‍ටුපසට පැන ගැඹුරු ජලයෙහි කිමිදි ගියේ ඇයගේ මාලු වරල ප්‍රකට කරමිනි.මේ සිදුවීම සිදුවුනේ 1608දීය.
කෙසේවුවත් දිය කිඳුරියන් සිටිනවා යන්න විශ්වාස කිරීම නොකිරීම තමන් සතු කාර්ය්‍යයක්.මගේ අදහස නම් සමහර විට ගැඹුරු මුහුදු පත්ලේ සමහරවිට දිය කිඳුරියෝ ඉන්නවා වෙන්න පුලුවන් කියන එකයි.ඔයාලගෙත් අදහස් දක්වලා යන්න.

You Tube Downloader (උඹේ බටේ)


You Tube Downloader (උඹේ බටේ)




You Tube Downloader ගැන :- අදනම් කාලෙකට පස්සේ තමයි Software එකක් දෙන්නේ.හැමෝම දන්න කියන Software එකක් .ඒත් සමහර අයනම් තාමත් You Tube එකෙන් Videos බාන්න IDM (Internet Download Manager ) ම පාවිච්චි කරනවා ඇති.ඇත්තටම IDM කියන්නෙත් අපි කරදර ගොඩක් විඳලා දාගන්න Software එකක්නේ.අපි කරදර විඳලා දාගන්නේ IDM එකෙන් File එකක් Download වෙන්න යන වෙලාව සාපේක්ෂව අඩු නිසානෙ.
අපේ මාතෘකාව You Tube සම්බන්ධ නිසා අපි බලමු IDM වලට වඩා You Tube Downloader හොඳ වෙන්නෙ ඇයි කියලා.අපි You Tube Video එකක් Download කරනකොට අපිට අවශ්‍ය ආකාරයට Quality එක සකස්කර ගැනීමේ හැකියාවක් මේ You Tube Downloader වල තියෙනවා.ඒ වගේම විශේෂ දෙයක් තමයි අපේ video මේ Software එක හරහාම Convert කරගන්නත් පහසුවක් සැලසීම.ඒකත් හොඳයි අපේ I pod,I phone,PSP වගේ ඒවා පාවිච්චි කරන අයට.මොකද මේ Software එකෙන් අපේ video විශේෂයෙන්ම I pod,I phone,PSP වගේ ඒවට ගැලපෙන File Format වලට පහසුවෙන් Convert කරන්න පුළුවන්.ඒ වගේම ඔය සද්දෙ අඩු You Tube Video වල සද්දෙ වැඩිකරලා Convert කරන්නත් මේ Software එකෙන් පුළුවන්.තව ඔය Download කරපු You Tube Video Play කරන්නත් මේ Software එක හරහා පුළුවන්.ඔයාලත් පහල තියෙන  බොත්තම ඔබලා 
Download කරගෙන බලන්න.    

බූරුවකු සොයා දුන් රන් නිම්නය : විස්මිත සොයා ගැනීම්


බූරුවකු සොයා දුන් රන් නිම්නය : විස්මිත සොයා ගැනීම්


බහාරියා ඔඑසිස් හී ‘රන් මමියේ නිම්නය’ (Valleys of the Golden Mummy) ලෙස සලකනු ලබන පිරමීඩ තැනූවන්ගේ සොහොන් බිමෙහි වැඩ කළ පුරාවිද්‍යා රැකවලකු වූ අබ්දුල් මිගෝඞ් ඒ බිම හරහා පලා ගිය සිය බූරුවා අල්ලා ගන්නට ඌ පසුපස දිව ගියේය. බූරුවා දිය සිඳී ගිය අඳුරු වගුරකට වැටුණේය. ඌ ගලවා ගන්නට ඔහු ඒ අඳුරු වගුරට බැස්සේය. ඒ වළෙන් ඔබ්බෙහි වූයේ කෙටි උමඟකි. එය වැටී තිබුණේ මෙතෙක් සොයා නොගත් සොහොන් ගැබකටය. හදිසියේ ම ඔහුට දැක ගන්නට ලැබුණේ රනින් දිළිසෙන ඇතුළු ගැබකි. එහි පිරී තිබුණේ රනින් ආවරණය කළ මමී ය. වහා ගොඩට ආ ඔහු ඒ බව තම උසස් නිලධාරිනට දැන්වීය.

මිසරයේ පුරාවිද්‍යා සුපී‍්‍රම් කවුන්සලයේ මහ ලේකම් වූ ආචාර්ය සාහි හවාස් (Zahi Hawass) එහි ගියේ ඒ අනුවය. "1996 මාර්තු 2 වැනිදා, මට කිසිදාක අමතක නොවන දිනයක්. ඒ ආරංචිය ලැබෙන වෙලාවෙ මම හිටියෙ ගිසාවල, පිරමීඩ ඉදි කළ අයගේ සොහොන් ගැබක කැණීම් අධීක්ෂණය කරමින්. එදා සවස මම ඒ මහා පිරමීඩ ඉදි කිරීමට හවුල් වූ අයකුගේ ඇටසැකිල්ලක් පිරිසිදු කරමින් හිටියා. හදිසියේ ම මගේ සහායක මන්සූර් බොරේක් මා වෙත ආවා. ඔහුගේ මුහුණේ තිබුණේ විස්මයට පත් වූ බවක්. අලූත් විස්මිත සොයා ගැනීමක් ගැන දැනුම් දෙන්න, ඈෂ්රි ෂේකර් පැමිණ ඇති බව කීවා. ඔහු පුරාවිද්‍යා සුපී‍්‍රම් කවුන්සලයේ බහාරියා ඔඑසිස් කාර්යාලයේ අධ්‍යක්ෂවරයායි. මා මුලින් හිතුවේ මන්සූර් මට විහිළුවක් කරනවා කියලයි. ඒත් ඈෂ්රිගේ මුහුණ දුටු මට එහි ඇති බැරෑරුම්කම් අවබෝධ වුණා. ඔහු කීවා පුරාවිද්‍යා රැකවලකු වූ අබ්දුල් මිගෝඞ් සිය බූරුවා සොයා යද්දී ඔහුට පොළොවේ සිදුරක් හමු වුණු බව. ඒ සිදුරෙන් එබී බැලූ ඔහුට රනින් දිළිසෙන යමක් ඒ ඇතුළෙන් දැක ගන්නට ලැබී ඇති ඔහු මට දැනුම් දුන්නා. මා වහාම එහි ගියා.”



”එක් සොහොනක සිවිලිම සිදුරු වී හිරු රැස් ඒ සොහොන තුළට වැටෙමින් තිබුණා. මම ඒ ඇතුළට ගිහින් ගිහින් බැලූවා. හිරු රැස් නිසා මට දැක ගත හැකි වූයේ රත්තරන් විතරයි.” හවාස් ඒ සිද්ධිය පුවත්පත්වලට විස්තර කළේ එසේය.

තමා එක්වර ම දුටු දෙයින් විස්මයට පත් හවාස් ආපසු ගියේ මිසරයේ මෙතෙක් නොවූ විරූ දැවැන්ත ගවේෂණය අරඹනු පිණිස කටයුතු පිළියෙල කරන්නටය. මේ අති විශිෂ්ට සොයා ගැනීම හා ඒවා සුරැකී තිබුණු ආකාරය ඔහුගේ මිතුරු පුරාවිද්‍යාඥයන් මවිත කරවනසුලූ විය. සුප‍්‍රකට ටුටන්කාමන්ගේ සොහොන වැනි පැරණි සොහොන් රාශියක් එහි විය. එහි කොටසක් කොල්ලකරුවන්ගේ ග‍්‍රහණයට හසුවී තිබුණ ද සෙසු කොටස ඉන් වසර 2000කට පෙර ඒවා මුද්‍රා තැබූ අයුරින් ම සුරැකිව තිබුණේය. ඒ කාලයේ මිසරයත් මැදපෙරදිගත් රෝම අධිරාජ්‍යයේ කොටසක්ව තිබුණේය.

බහාරියාහී ඇති සොහොන් බිම් වැඩි හරියක් අයත් වන්නේ යුග දෙකකටය. එකක් කි‍්‍ර.පූ. 6 වන සියවසේ පැවති 26 වන රාජ වංශයට අයත් කාලයටය. එකල මේ නගරය වැදගත් වෙළෙඳ හා කෘෂිකාර්මික මධ්‍යස්ථානයක් වූ මුල් යුගය විය. අනෙක කි‍්‍ර.ව. 1 වන 2 වන සියවස්වලට අයත් විය. ඒ මිසරය රෝමයේ පාලනයට යටත් වූ සමය විය.



මෙහි ශේෂව තිබූ මමි සිව් ආකාරයකින් සුරක්ෂිත කර තිබුණේය. එක් වර්ගයක මමියක් තුනී රන් පටලයකින් ආවරණය කර තිබුණේය. තවත් මමියක් මිනිස් ප‍්‍රමාණයට ලිනන් හා ප්ලාස්ටර යොදා තැනූ වෙස් මුහුණක් ඇති මමි පියනකින් ආවරණය කර තිබුණේය. ඒ ආවරණය වැසෙන සේ අයිසිස්, ඔසයිරිස්, හෝරස් හා අනුබිස් යන දෙවිවරුන්ගේ හා දෙව්වන්ගේ රූප පින්තාරු කර තිබුණේය. අනිකුත් ඒවා බොහොමයක් පිඟන් මැටිවලින් තැනූ මිනිස් මුහුණක් සහිත මිනිස් රුවට සමාන බහලූ තුළ තැන්පත් කර තිබිණ. ස්වල්පයක් පමණක් ලිනන් රෙදිවලින් ඔතා තිබුණේය. වළලූ, සුර, වැලපෙන කතුන්ගේ පිළිම, පිඟන් මැට්ටෙන් තැනූ යාත‍්‍රා, සතුටට හා කාමයට අනුග‍්‍රහය දක්වන වාමන දේවතාවකු වූ බෙස්ගේ කුඩා පිළිම ආදිය මේ සිරුරු සමඟ තැන්පත් තිබුණි
.

ලෝක වාර්තාවක්! මරියානා අගාධයට තනිවම ගිය ප‍්‍රථම මිනිසා!


චිත‍්‍රපට අධ්‍යක්ෂ ජේම්ස් කැමරන්ගෙන් ලෝක වාර්තාවක්! මරියානා අගාධයට තනිවම ගිය ප‍්‍රථම මිනිසා!

මිනිස්සු 500කට වැඩි ගණනක් උඩු ගුවනට මේ වන විට ගිහින් තියෙනවා. ඒ අතරින් 12 දෙනකු සඳ මත ඇවිදලත් තියෙනවා. ඒත් මුහුදු යට ගැඹුරු ම තැනට ගිහිල්ලා තියෙන්නේ තුන් දෙනෙක් විතරයි. 1960 ජනවාරි 23 වැනිදා දෙදෙනෙක් මුල්වරට ගැඹුරු ම තැන වූ මරියානා අගාධයට ගියා. මුලින් ම ඒ අඳුරු තැන පියවි ඇසින් දැක ගත්තේ ප‍්‍රංශ ජාතික ගවේෂකයකු වූ යාකුස් පිකාඞ් හා නාවික ලූතිනන් ඩොන් වොල්ෂ් යන දෙදෙනායි. ඔවුන් එහි ගියේ ඒ ගමන සඳහා තැනූ විශේෂ කුමුදුවකින්. එය හැඳින් වුණේ ටී‍්‍රස්ට් බැතිස්කැප් කියලයි. ඒ මීට අවුරුදු 52කට ඉස්සර.




පසුගියදා ජේම්ස් කැමරන් චිත‍්‍රපට අධ්‍යක්ෂවරයා ලෝකයේ ගැඹුරුම සාගර පත්ලට කිමිඳෙන්න සූදානම් වන හැටි අප පෙන්නුවා ඔබට මතක ඇති. ඔහු ඒ ගමන 2012 මාර්තු 23 දා සාර්ථකව නිම කළා. පැය හයක් මුහුදු පත්ලේ රැඳී සිටියා. ඒ ගමන් ඔහු ලෝක වාර්තාවක් ද පිහිටෙව්වා. මරියානා ආගාධයට ‘තනිව ම කිමිඳුණු මිනිසා’ වීමෙන්. මීට කලින් එවන් ගමනක යෙදුණේ දෙදෙනෙක්.



ජේම්ස් කැමරන් මේ ගමන ගැන කියන්නේ මේ වගේ අදහසක්: ”මා හැම තිස්සෙම සාගරයේ ගැඹුරුම තැනට කිමිදෙන්නට හීන දැක්කා. මට ඒක ළමා කාලයේ පටන් පැවතුන හීනයක්. එරවස්ට් ශිඛරය තරණය කරනවා වගේ ආසාවක්. පසුව සාගරයේ ගැඹුරු තැන්වල ගවේෂණය කිරීම ගැන අධ්‍යයනය කරද්දී මේ ආසාව සැබෑවක් කර ගන්න මා තුළ අධිෂ්ඨානයක් ඇති වුණා. ඒ නිසා ම මා සැබෑ ජීවිතයේ දී ම ගවේෂකයෙක් වුණා. මේ සෙවීමේ ආසාව ඇති වුණේ වාර්තා තියන්න ඇති ඕනෑකමක් නිසා නෙවෙයි, සියලූ ම විද්‍යාවන් හා ගවේෂණයන් සඳහා මිනිසා පොලඹවන බලවේගය වූ කුතුහලය නිසයි.



”මේ ගැඹුරු අගාධ ගැන අපේ දැනුම කෙතරම් අල්ප දැයි කීවොත් මා දැන සිටියා ඒ අගාධයකට ගියොත් කිසිදාක මිනිසා නොදුටු දේ මට දැක ගන්න ලැබෙන බව. මේ වන විට මේ මිහිපිට තිබුණෙ නෑ අඩි 36,000ක් වූ ඒ සම්පූර්ණ ගැඹුරට ම කිමිඳිය හැකි කුමුදුවක්. ඒ නිසා මගේ ඒ සිහිනය සැබෑ කර ගැනීමට හැකි එක ම මග හැටියට මට පෙනුනේ දැනට පවතින කිසිදු කුමුදුවකට සමාන නොවන එකක් තැනීම බවයි. අප විසින් මීට පෙර කරන ලද ගවේෂණ හතක දී අපේ ම ගැඹුරු මුහුදේ කිමිදුම් යානා තැනීමෙන් හා ඒවා මෙහෙයවීමෙන් හා කැමරා, ආලෝක පද්ධති හැසිර වීමෙන් ලත් අත්දැකීම් නිසා මා තුළ විශ්වාසයක් ගොඩනැගී තිබුණා.



”මේ සඳහා රජයේ විශාල අරමුදල් වැය නොකර කුඩා ව්‍යවසායකයන් කීප දෙනකු හවුල් ගෙන කරන්න මා කල්පනා කළා. සත් අවුරුද්දක් ගත වුණා, මේ සඳහා අවශ්‍ය වූ විශේෂ කිමිඳුම් යානය සැලසුම් කරල නිපදවන්න. අපේ මුහුදු ගවේෂණ හැම එකකින් ම අපට අත්දැකීම් ලැබුණා. ඒ හැම දෙයක් ම මේ යානය වැඩි දියුණු කරන්න අපි යෙදෙව්වා.”

කැමරන් මරියානා අගාධයට ගෙන ගිය යානය නම් කර තියෙන්නේ ‘ඞීප්සී චලෙන්ජර්’ කියායි. ”මා අපූරු දේ දැක්කා. අඟලකට රාත්තල් 16,000ක වායු පීඩනයක් යටතේ පතුලට ගිය මේ ගමන කිසිදාක අමතක නොවන එකක්. ඒ පීඩනය යටතේ මා ගිය යානය අඟල් තුනක් ඇතුළට හැකුළුණා. යට ඉන්න ජීවීන් පැහැයෙන් සුදුයි. සමහර සතුන්ට ඇස් පවා නැහැ. සමහර මසුන්ගේ සිරුරු ජෛවප‍්‍රතිදීප්තියක් සහිතයි. ඒ කියන්නෙ සිරුරෙන් ආලෝකයක් විහිදෙනවා. මරියානා අගාධය ඇමරිකාවේ ග‍්‍රෑන්ඞ් කැනියොන් වගේ 50ස් ගුණයක් විතර විශාලයි. එහි ගැඹුරු තැන තමා චැලෙන්ජර් ඞීප් කියන්නේ. එතැනට ගියාම මට දැනුනේ පුදුම හුදෙකලා බවක්. හරියට පිටසක්වළ වෙනම ග‍්‍රහ ලෝකයකට තනිවම ගියා වාගේ. LED ආලෝක ධාරාවලින් යම්තම් අවට දැක ගන්න ලැබුණා. අතිසූක්ෂම ස්ටීරිෆෝනික් කැමරාවලින් මා දුටු දේ කැමරාවට නැඟුවා” කැමරන් කියනවා. අනාගතයේ ඔහු දුටු දේ අපටත් දැක ගන්නට ලැබේවි.

මේ ගමනෙන් පස්සේ ජේම්ස් කැමරන් මුලින් ම කළේ නවසීලන්තයෙන් තවත් විශාල ඉඩමක් මිල දී ගැනීමයි. තමන් දැනටමත් ජීවත්වන නිවාසයට අමතරව පසුගිය ජනවාරියේ හෙක්ටයාර 250ක කිරි ගොවිපළක් මිල දී ගත් ඔහු දැන් දකුණු වයිරරපායි ප‍්‍රදේශයෙන් තවත් හෙක්ටයාර 817ක ඉඩමක් තමයි, ඔහු පවුම් ලක්ෂ තුනහමාරකට මිලයට ගත්තේ. ඉදිරියේ දී ලෝක සිනමාව අදාළ නිර්මාණ ගැන සිත යොදවන්නේ එහි සිට කියලයි ඔහු කියන්නේ
.

ඇන්ටාර්ක්ටිකාවේ මුහුද යටින් සුදු කකුළු විශේෂයක්!


ඇන්ටාර්ක්ටිකාවේ මුහුද යටින් සුදු කකුළු විශේෂයක්!

ඇන්ටාර්ක්ටිකාව අසල මුහුද යට ඇති යමහල් සිදුරු ඇසුරු කොට වෙසෙන නව කකුළු විශේෂයක් ගැන වාර්තාවක්, මේ. මේ සත්ව විශේෂය විද්‍යාඥයන් විසින් නිරීක්ෂණය කර කැමරාවට නගා තියෙන්නේ පළමු වන වතාවටයි. මුලූමනින් ම සුදු පැහැති සිරුරක් ඇති මේ කකුළු විශේෂය ජීවත් වන්නේ එක්තරා බැක්ටීරියා විශේෂයක් ආහාරයට ගෙනයි. ඒ බැක්ටීරියාව වැඩෙන්නේ එහි සාගර පත්ලෙහි ඇති ද්‍රවතාප hydrothermal සිදුරුවලින් නිකුත් වෙන ඛනිජ ද්‍රව්‍යවලින්.




විද්‍යාඥයන්ට හමුවෙලා තියෙනවා, අප මෙතෙක් නුදුටු අමුතු සත්ව විශේෂ ගණනාවක් මේ ඉසව්වෙදි. මේ සතුන් වෙන සතුන් මෙන් නිතර ම එහා මෙහා යන්නේ නෑ. බොහෝ විට එක තැන රැඳිලායි ජීවත් වෙන්නෙ. මේ අලූතින් හඳුනා ගෙන ඇති සුදු කකුළු විශේෂයත් ඒ වගෙයි. තවමත් විද්‍යාත්මකව නමක් යොදා නැති මේ කකුළු විශේෂය දැනට හඳුන්වන්නේ නව ‘යෙටී ක්රෑබ්’ yeti crab විශේෂයක් කියලයි. ඔවුන්ගේ බඩයට ප‍්‍රදේශය ලෝමවලින් ගහණයි. ඔවුන් අපේ කකුළුවන්ට බොහෝ සමානයි.

වීඩියෝ තාක්ෂණයේ නව උපාංග හා උපක‍්‍රම බිහිවීම නිසයි, අප ද කිසිදාක නොගිය සාගර පත්ලේ ගැඹුරු ඉසව්වකට ගිහින්, ඔවුන් එකා මත එකා නැඟ එකට ගුළි වී සිටින, මේ රූප පෙළ ඔබට ඉදිරිපත් කරන්න විද්‍යාඥයන්ට හැකි වෙලා තියෙන්නෙ.



අඩි 7,800කට වඩා ගැඹුරු සාගර පත්ලේ අඳුරේ ජීවත් වන බොහෝ මුහුදු සතුන් වර්ණ රහිතයි.
මේ සාගර ජීව විද්‍යා පර්යේෂකයන් කණ්ඩායම ඔවුන්ගේ මේ නිරීක්ෂණයන් විද්‍යා පර්යේෂණ නිබන්ධන පළ කෙරෙන ‘පබ්ලික් ලයිබ‍්‍රරි ඔෆ් සයන්ස් ජීව විද්‍යා PLoS Biology සඟරාවේ පළ වී ඇතැයි ‘නැෂනල් ජ්‍යොග‍්‍රෆි’ නාලිකාවේ සඳහන් වෙනවා.

මේ යෙටී ක්රෑබ් පිරිමි සතා ගැහැනු සතාට වැඩිය විශාලයි. ඌ මුහුදු පත්ලේ වා සිදුරුවලට වඩාත් ළංව හිඳිමින් වැඩිපුර බැක්ටීරියාවන් ආහාරයට ගන්නා නිසයි.

බිත්තර දැමීමට ආසන්න කකුළු මව ජලයේ වඩාත් සිසිල් ඉසවුවකට යනවා. ඒ ඇගේ උදරයේ ඇලී ඇති කලලයන්ගේ ආරක්ෂාව සඳහායි. පර්යේෂකයන් කියන්නේ මේ ඇන්ටාර්ක්ටික් වා සිදුරු අවට ඇති ජලයේ උණුසුම නිවර්තන කලාපීයට සාගර ජලයේ උණුසුමට සමාන බවයි.

මේ ප‍්‍රදේශයේ දී ඔවුන්ට හමුවුණු සතුන් අතර කේතුකාකාරව ගල්පරවලට ඇලී සිටින ඛණ්ඩාවාරකයන් හෙවත් බෙලි ඇණයන් විශේෂයෙන් කැපී පෙනුණා. ඒ වගේ ම ඔවුන්ට දැක ගන්න ලැබුණා, වර්ණ රහිත බූවල්ලෙක්. මේ ගවේෂණ කණ්ඩායමට හමු වූ ඉතා දුර්ලභ දසුනක්. අඩි දෙකක් පමණ දිග මේ බූවල්ලා, මුහුදු පත්ලේ එහා මෙහා යමින් සිටිය දී කැමරාවට නැගිය හැකි වුණා.

මේ සීතල අධික ජලය රැඳි සාගර පත්ලෙහි කළු දුමාරය නිකුත් කරන යමහල් වා කවුළු තියෙනවා. පොළෝ ගැබ තුළින් නිකුත් වන ඒවා නිසා ඒ සිදුරු අවට ජලය උණුසුම් වෙනවා පමණක් නොවෙයි, ඛනිජ ද්‍රව්‍යවලින් ද පිරී යනවා. ඒ සිදුරු අසල උණුසුම ෆැරන්හයිට් අංශක 720ක් තරම් ඉහළයි. ඒ උණුසුම අවට පරිසරයේ ජලය රත් කරන්නට උදවු වෙන නිසා මේ නව සොයා ගැනීමක් වන කකුළු විශේෂය ඇතුළු සතුන් ගණනාවකට ජීවත් වීමට සුදුසු පරිසරයක් ඇති කෙරෙනවා. මෙහි ජලයේ බහුලව ඇති ඛනිජ ද්‍රව්‍ය නිසා වැඩෙන බැක්ටීරියාවන් ආහාරයට ගැනීමෙන් තමයි, මේ පරිසරයේ ඉන්නා සතුන් ජීවත් වෙන්නෙ.

මේ විඩියෝ ගත කිරීම් කර ඇත්තේ දකුණු ඇමරිකාවේ උතුරු කෙළවරේ සිට නැගෙනහිරට 3200නප (සැතැපුම් 2000)ක් දුරින් පිහිටි නැගෙනහිර ස්කෝටියා හෙල් වැටියේ ස්ථාන දෙකකදීයි.

මෙවැනි තැන්වලට යන්න විද්‍යාඥයන් පුල පුලා බලා සිටියා. ඒත් මේ වන තෙක් ඊට හැකියාවක් තිබුණෙ නැහැ. මෙවැනි තැන්වලට යන්න, මෙවැනි තැන්වල කැමරා ගත කිරීම් කරන්න අවස්ථාව උදා වෙලා තියෙන්නේ අභ්‍යවකාශ තාක්ෂණයෙන් අප ලද දායාදයන් වූ නව තාක්ෂණය නිසයි

ඇමරිකාව අනාගත ආක්‍රමණ සැළසුම් කරයි!


ඇමරිකාව අනාගත ආක්‍රමණ සැළසුම් කරයි!


පසුගිය අගෝස්තු 15දිනෙන් ආරම්භවූ සතිය තුල අමෙරිකාවේ පෙන්සිල්වේනියා ආරක්ශක විද්‍යාලයේ යුධ සැළසුම්කරණය පිලිබඳව සම්මන්ත්‍රණයක් පැවැත්වූවා. අමෙරිකානු ත්‍රිවිද හමුදා නිළධාරීන්, ආරක්ශක දෙපාර්තමේන්තු නිළධාරීන්, යුධ තාක්ශණය පිලිබඳ පර්යේෂණ පවත්වන විද්‍යාඥයින් හා යුධ සැළසුම් විශේෂඥයින් රැසක් සහභාගී වූ මෙම සම්මන්ත්‍රණයේ අරමුණවූයේ අමෙරිකාව වෙත විදෙස් රටවල් වලින් එල්ලවන අනාගත තර්ජන මැඩ පවත්වාගැනීම උදෙසා එම රටවල් ආක්‍රමණය කරන්නට සිදුවුවහොත්, අමෙරිකානු හමුදාවල ජීවිත හානිය අවම කරගෙන එම අරමුණ ඉටුකර ගන්නේ කෙසේදැයි සළකා බැලීමයි.

තෝරාගත් ඇමරිකානු මාධ්‍ය ආයතන කිහිපයකට මෙම වැඩමුළුවට ආරාධනා කොට තිබුණු අතර එයට සහභාගීවූ WIRED සඟරාව පවසන ආකාරයට නුදුරු අනාගත යුද්ධයකදී අමෙරිකානු හමුදාව සතුවන නවතම තාක්ශණ කිහිපයක් තෝරාගෙන එම තාක්ශණයන් විවිධ යුධමය අවස්ථාවලදී ප්‍රයෝජනයට ගත හැකි ආකාරය ඉතා ගැඹුරින් සාක්ච්ඡාකල බව පවසනවා. මෙහිදී සළකා බැලුනු නවතම තාක්ශණයන් අතර


ඩ්‍රෝන යානා
ලේසර් වැනි directed energy ආයුධ
මිනිස් සෙබළුන්ගේ ජවය වැඩිකරන යාන්ත්‍රික පිටසැකිළි (mechanical exoskeletons)- -
ත්‍රිමාණ මුද්‍රණ තාක්ශණය (3D Printing)

ඇතුලත්. මෙම තාක්ශණයන් කොතරම් නුදුරු අනාගතයේදී කොතරම් දියුණු කරගත හැකිදැයි එකඟතාවයකට පැමිණිපසු, වැඩමුළුව War Games නැමති ආකෘතියට අනුව අමෙරිකාවට තර්ජනයක් විය හැකි විවිධ යුධමය අවස්ථා කිහිපයකදී මෙම තාක්ශණවලින් කුමණ තාක්ශණයන් ප්‍රයෝජනවත්වේදැයි සළකා බැලුනා.

මෙහිදී සළකා බැලුනු යුධමය අවස්ථා අතර;


War Game #1 : සතුරු නගරයක් අත්පත් කරගැනීමේ රොබෝ ඩ්‍රෝන යුද්ධය


තව වසර 12කින් පමණ, එනම් වසර 2025 වනවිට අමරිකානු ප්‍රහාරක ඩ්‍රෝන තාක්ශණය අතිශයින්ම වැඩි දියුණු වී ඇතැයි වැඩමුළුවට සහභාගී වූ බොහෝ විද්වතුන් හා යුධ විශේෂඥයින් එකඟවූ අතර, ඒ අනුව 2025 වනවිට සතුරු රටක්/නගරයක් ආක්‍රමණය කිරීම මුළුමනින්ම රෝබෝ ඩ්‍රෝන යානා මගින් ඉටු කරගැනීමට හැකිවෙතැයි අමෙරිකානු යුධ සැළසුම් විශේෂඥයින් බලාපොරොත්තුවෙනවා. ඒ අනුව ඉරාකයේ ෆලූජා වැනි නගර අල්කයිඩාවෙන් අත්පත්කර ගැනීමට වැයකල අතිමහත් අමෙරිකානු ජීවත ප්‍රමාණය, අනාගතයේ එවැනි ආක්‍රමණවලදී රැක ගැනීමට හැකිවෙනවා.


මෙවැනි ඩ්‍රෝන ආක්‍රමණයක්, ප්‍රහාර රැළි (waves of attack) කිහිපයකින් සමන්විත විය යුතුබව වැඩමුලුවේදී සාකච්ඡා වී තිබෙනවා.පලමු ප්‍රහාර රැල්ල දැන් වැඩි දියුණු කෙරෙමින් පවතින X-47B වැනි සන්නද්ධ ඩ්‍රෝන භාවිතාවෙන් සිදුවන අතර, එමගින් සතුරු රටේ ගුවන් හමුදාව හා ගුවන් ආරක්ශක පද්ධතිය මුළුමනින්ම විනාශකොට දැමීමට බලාපොරොත්තු වෙනවා.





දෙවැනි ඩ්‍රෝන රැල්ල ග්ලෝබල් හෝක්, ෆැන්ටම් අයි වැනි ඔත්තුසෙවීම ඩ්‍රෝනවලින් සමන්විත වන අතර, එම ඩ්‍රෝන සතුරු අහසේ ඉතා ඉහලින් බොහෝ කාළයක් රැඳී සිටිමින් සතුරු හමුදා ඛන්ඩ හා මිසයිල බැටරි, සන්නද්ධ රථ, කාළතුවක්කු රඳවා ඇති ස්ථාන පිලිබඳ දත්ත යුධ මෙහෙයුම් කරුවන් හට සපයනු ඇති.





ඔත්තු බලන ග්ලෝබල් හෝක් යානා වලින් සතුරු බලමුළුවල තොරතුරු ගලාඑත්ම, තුන්වන ඩ්‍රෝන රැල්ල දියත්වන අතර X-47B හා Sea Ghost වැනි සන්නද්ධ යානා, ග්ලෝබල් හෝක් ඩ්‍රෝනවලින් ලැබෙන දත්ත ඔස්සේ ඉලක්ක සොයාගෙන සතුරු බලඇණි හා ඔවුන්ගේ සන්නද්ධ රථ, යුධ ටැංකි, කාළතුවක්කු, සන්නිවේදන මධ‍යස්ථාන වනසනු ඇත.


අමරිකානු ඩ්‍රෝන ප්‍රහාරය එතකින් නොනවතින අතර, ප්‍රහාරක ඩ්‍රෝන නොකඩවා පහරදෙද්දී සතරවන ඩ්‍රෝන රැල්ලද ප්‍රහාරය අරඹනු ඇත. මෙම ඩ්‍රෝන, දැනට පර්යේෂණ මට්ටමේ පවතින මයික්‍රෝ-ඩ්‍රෝන වර්ගයට අයත වනු ඇති බව යුධ විශේෂඥයින් පවසයි. තණකොල පෙත්තෙක් වැනි කුඩා කෘමිසතෙකුගේ ප්‍රමාණයට සමානවන මෙම මයික්‍රෝ-ඩ්‍රෝන ලක්ශ ගණනින් සතුරු නගරය වෙත මුදා හැරෙන අතර එම ඩ්‍රෝන යානා සතුරු සෙබලුන් හට නිර්වින්දන බෙහෙත් අඩංගු තුඩු (darts) විදීමේ සිට ඔවුන්ගේ රථවාහන වලට ටයර කා දැමීම වැනි ක්‍රියා මෙන්ම සතුරු සෙබලුන් සිටිනා බංකර තුලට රිංගා කුඩා බෝම්බ පුපුරුවා ගන්නා සියදිවි හානි කරගන්නා ඩ්‍රෝනද (suicide drones) විය හැකි බව පවසනවා. අමරිකානු පාබල හමුදාව නගරයට ඇතුලු වනු අත්තේ සතුරු හමුදා සම්පූර්ණයෙන්ම හෙම්බත්ව යටත්වෙන්නට එකඟවූ විට පමණකි.



War Game #2 : සතුරු නාවික හමුදාවක් මුහුදේ අතරමං කල හැකි EMP Kill Switch

අනාගතයේදී චීනය, රුසියාව වැනි දැවැන්ත නාවික බලයක් සහිත සතුරෙකු සමග නාවික සටනක් කරන්නට අමෙරිකානු නාවික හමුදාවට සිදුවුවහොත්, මහා ජීවිත හා සම්පත් විනාශයකින් තොරව සතුරු නාවික හමුදාවේ ප්‍රහාරක මෙන්ම යාත්‍රා හැකියාවද ශුන්‍යකල හැකි EMP තාක්ශණක් මෙම යුධ සැළසුමේදී සාකච්ඡා වූවා.


මෙහිදී මයික්‍රෝ-තරංග ආධාරයෙන් සතුරු නෞකාවල ඉලෙක්ට්‍රොනික හා විදුලි උපකරණ අඩපණකල හැකි ඩ්‍රෝන භාවිතා කලහැකි බවට උපකල්පණය කෙරුණා. මෙම ඩ්‍රෝන මගින් නිකුත් කරන EMP තරංග සතුරු නාවිකයින්ගේ ජීවිත හානි නොකොට ඔවුන්ගේ නෞකා මුහුදේ අතරමං කරනු ඇතැයි විශ්වාස කෙරුනා. ඊට අමතරව සතුරු නෞකා ගමන්මාර්ග වල දමා තිබෙන මුහුදු බෝම්බ මගින්ද සාම්ප්‍රදායික මුහුදු බෝම්බ වලින් සිදුකරන පිපුරුම් වෙනුවට ප්‍රභල EMP තරංග නිකුත් කොට එමගින්ද නෞකා අඩපණ කෙරෙනු ඇතැයි සැළකුනා. ඊටත් අමතරව බලසම්පන්න EMP තරංග නිකුතකල හැකි සබ්මැරීන මගින්ද සතුරු නෞකා අඩපණ කිරීම සැළසුම් කරුවන්ගේ අරමුණ වූව.


එහෙත් මෙහිදී මෙම සැළසුමට විරුද්ධ මත ප්‍රකාශ කල විශේශඥයින් පැවසූයේ අමෙරිකානු යුධ යාත්‍රා තරමටම අධි තාක්ශණික ඉලෙක්ට්‍රොනික උපකරණ වල නොයැපෙන චීන හා රුසියානු නාවික හමුදාවලට මෙම EMP තරංග ප්‍රහාර එතරම් බලපෑමක් ඇති නොකරනු බවයි.
War Game #3 : ජීව විද්‍යාත්මක අවි නිපදවන සතුරු රාජ්‍යයක/ත්‍රස්ත කණ්ඩායමක ජීව විද්‍යාත්මක අවි වැඩසටහන පරිගණක වෛරස හා ජීවී වෛරස මගින් අවුල්කොට දැමීම.

ඉරානයට එහෙරිව යෙදැවූ ස්ටක්ස්නෙට් වෛරසය වැනි පරිගණක වෛරස මගින් සතුරු රාජ්‍යයේ පර්යේශණ වැඩසටහන් අවුල් කොට දැමීම එක් සැළසුමක්. ඊට සමගාමීව ජීව විද්‍යාත්මක අවි වලට පාදක වන බැක්ටීරියාවට ආසාදනය වී ඒවා විනාශකල හැකි වෛරස නිපදවීමේ තාක්ශණයන් වැඩි දියුණු වෙමින් පවතින බව පැවසූ සැළසුම් කරුවන්, එම වෛරස සතුරු රාජ්‍යයේ ජීවවිද්‍යාත්මක අවි නිපදවීමට ගන්නා බැක්ටීරියා තොග වලට ඇතුළු කිරීමෙන් ඒවා විනාශකල හැකි බවට පැවසුනා. එහෙත් මෙවැනි වෛරස සතුරු බැක්ටීරියා තොගවලට ඇතුලු කරන්නේ කෙසේද යන්නට නිශ්චිත සැළසුමක් වැඩමුළුවට සහභාගී වූ විශේශඥයින් හට නොතුබූ බව පැවසෙනවා.

අන්ධ කාන්තාවකට පෙනීම ලබාදෙයි


ලොව ප්‍රථම bionic ඇස අන්ධ කාන්තාවකට පෙනීම ලබාදෙයි

BIONIC


Bionic යනු ස්වභාවධර්මයේ නිර්මාණ අනුකරණය කරමින් විවිධ ඉන්ජිනේරු නිර්මාණ කිරීමයි. බයොනික් යන යෙදුම ලොව හඳුන්වාදුන්නේ ජැක් ස්ටීල් නම් වෛද්‍යවරයායි. අමරිකානු ගුවන්හමුදාව වෙනුවෙන් පර්යේෂණ වල යෙදුනු ඔහු, 1958දී සිය පර්යේෂණ විස්තර කිරීම සඳහා බයොනික් යන නාමය භාවිතා කල අතර 1960දී එය නිළවශයෙන් විද්‍යා ශබ්දකෝශයට එකතුවිය.


BIONIC IN FICTION


බයොනික් වදන ලොව ජනප්‍රිය වූයේ 1974වසරේදී එලිදැක්වුනු "Six Million Dollar Man" නම් රූපවාහිනී විද්‍යා ප්‍රබන්ධ කථාමාලාව මගිනි. ඇමරිකාවේ ABC නාලිකාව මගින් විකාශය කරන ලද මෙය, 1980-1982 කාලය තුලදී, එකල TV Sri Lanka ලෙස හැඳින්වුනු (දැන් ITN) රූපවාහිනී චැනලය මගින් ශ්‍රී ලංකාවේ විකාශණය කරන ලදී.

සික්ස් මිලියන් ඩොලර් මෑන් කාතාමාලාවේ කතා නායකයා ස්ටීව් ඔස්ටින් නම් අමෙරිකානු ගුවන් හමුදාවේ ගගනගාමියෙකි. පර්යේශණ මට්ටමේ පැවති කුඩා ශටල් යානයකින් අභ්‍යවකාශයට යන ඔහු නැවත පෘථිවිය බලා පැමිනෙද්දි යානය අණතුරට පත්වීමෙන් දැඩිලෙස තුවාල ලබයි. මරණාසන්නව සිටින ස්ටීව් හට අමෙරිකානු රහස් ඔත්තු සේවයක් වන Office of Scientific Intelligence මගින් ඔහුගේ විනාශවී ගිය සිරුරු කොටස් වලට බයොනික් කොටස් බද්ධකොට ඔහුගේ ජීවිතය රැක ගන්නා අතර ස්ටීව් එම රහස් ඔත්තුසේවයේ ඒජන්තයෙකු බවට පත්වේ. කථානායක ස්ටීව් හට Six Million Dollar Man යන නම පට බැඳුනේ ඔහුට බයොනික් අවයව ලබාදීමේ මුලුවියදම අමෙරිකානු ඩොලර් මිලියන 6ක් වූ බැවිනි (අද ඩොලර් වටිනාකමින් මිලියන 31ක් පමණ )



දකුණු අත, පාද යුගල හා වම් ඇස වෙනුවට බයොනික් අංගෝපාංග බද්ධ කරන ලද අතර මෙම උපාංග මගින් ඔහුට සුපිරි ශක්තියක් ලබාදේ. බයොනික් පාද නිසා පැයට කිලෝමීටර් 100ක වේගයෙන් දිව යාමේ හැකියාව ලැබෙන අතර, බයොනික් දකුණතහි ශක්තිය බුල්ඩෝසරයක ශක්තියට සමානවේ. වම් බයොනික් ඇස 20:1 zoom බලයක් ඇති ඩිජිටල් කැමරාවකින් සමන්විතය. එමනිසා බොහෝ දුර සිදුවෙනදේ බලාගැනීමේ හැකියාව ඔහුට ඇත.


අතිශයින්ම ජනප්‍රියවුනු මෙය කථාංග 99ක් දක්වා විහිදුනු අතර රූපවාහිනී චිත්‍රපට (made for TV movies) 6ක්ද ඒ අනුසාරයෙනු නිපදැවුනු අතර ඊට අනුබද්ධ The Bionic Woman නම් වැඩසටහන් මාලාවක්ද නිමැවිනි. එයද ඉතා ජනප්‍රිය වූ බැවින් Bionic Woman, Six Million Dollar Man චරිත දෙකම එක් කල රූපවාහිනී චිත්‍රපට කිහිපයක්ද බිහිවිය.


Bionic eye from Bionics Institute





ඔස්ට්‍රේලියාවේ බයොනික්ස් ඉන්ස්ටිටියුට් නම් පර්යේෂණායතනයේ විද්‍යාඥයින් විසින් බයොනික් ඇසක් සාර්ථකව බද්ධ කොට ඇත. සම්පූර්ණයෙන්ම අන්ධව සිටි කාන්තාවකට, මේ බයෝනික් ඇස නිසා දැන් යම් තරමකට ආලෝකය පිලිබඳව සංවේදනය දැනෙන අතර යම් තරමකට හැඩයන් හඳුනාගැනීමේ හැකියාව ලැබී ඇත. බයොනික් ඇස බද්ධ කිරීමේ ශළ්‍යකර්මයෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක්වූ ඇය...


"කුමක් අපේක්ශා කරන්නදැයි මට සිතාගන්නවත් හැකියාවක් තිබුනේ නෑ, ඒත් දෑස් විවර කර මඳවේලාවකින් මට දිස්නයක් මෙන් යමක් පෙනුනා....ඒක හිතාගන්නටත් බැරි තරමේ අපූර්ව අත්දැකීමක්....."


බයොනික් ඇස ක්‍රියාකරන්නේ මෙහෙමයි





ඇස් කුහරයට බද්ධකල අක්ශිගෝලය තුල ඇති කැමරාව, දර්ශනයේ ඩිජිටල් අනුරුවක් මයික්‍රෝප්‍රොසෙසරයට යවන අතර, එය මගින් එම ඩිජිටල් අනුරුව දෘෂ්ටිවිතානයට සංවේදී විද්‍යුත් සංඥා බවට හරවයි. එම සංඥා සියුම් වයරයක් මගින් දෘශ්ඨිවිතානය වෙත ගෙනයයි. මෙම රෝගියාගේ දෘශ්ඨිවිතානය ආවේනික රෝගී තත්වයක් නිසා විනාශව ගොස් ඇති අතර දෘශ්ඨිවිතානය වෙනුවට බද්ධකොට ඇති උපාංගය මගින් මයික්‍රෝප්‍රොසෙසරයෙන් ලැබෙන සංඥා ලබාගෙන ප්‍රකාශ ස්නායුව (optical nerve) උත්තේජනය කරන අතර, ප්‍රකාශ ස්නායුවෙන් ලැබෙන සංඥා මගින් රූපය හඳුනාගනී.


දැනට බද්ධකොට ඇති කැමරාව මෙන්ම ප්‍රකාශ ස්නායුව උත්තේජනය කරන ඉලෙක්ට්‍රොනික උපාංගයද ඉතා සීමිත දත්ත ප්‍රමාණයක් ගෙනයාහැකි ඒවා වන අතර, අනාගතයේදී වඩා ප්‍රභල කැමරා, හා වඩා වැඩි ධාරිතාවයකින් යුතු කෘත්‍රිම දෘශ්ඨිවිතාන මගින් වඩා පැහැදිලි පෙනුමක් ලබාදීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තුවේ.

කොහොමද mp3 කියන ෆයිල් එකකට Tag එකක් ඇතුලත් කරගන්නේ


Jet Audio

අද මම කියන්නේ කොහොමද
Jet Audio කියන මෘදුකාංගය භාවිත කරලා *.mp3 කියන ෆයිල් එකකට Tag එකක් ඇතුලත් කරගන්නේ කියලා. මේකට මම පාවිච්චි කරන්නේ ජෙට් ඕඩියෝ වුනත් තවත් මේ වගේ Tags එකතු කරන්න පුළුවන් මෘදුකාංග MP3 tag makers වගේ සෙවුමක් පාවිච්චි කරලා ගූගල් වලින් හොයාගන්න පුළුවන්. හැබැයි මේ වැඩේ එක කොන්දේසියක් නම් තියනවා. ඒක තමයි මේකට අපි පාවිච්චි කරන සිංදුව Mp3,WMA කියන ෆයිල් එකක් වෙන්න ඕනි. මේක ලොකු ප්‍රශ්ණයක්නම් වෙන එකක් නෑ. මොකද අපි ගාව තියන ගොඩක් සින්දු තියෙන්නේ මේ ෆයිල් ෆෝමැට් එකෙන්.





හරි මුලින්ම Jet Audio පරිගණකයට ඇතුලත් (Install) කරගන්න ඕනේ. මම ඒක මේ බ්ලොග් එකේ ලියන්නේ නෑ. මොකද මම හිතනවා ඔය හැම දෙනාටම ඒක පහසුවෙන් කරගන්න පුළුවන් කියලා. ඊට පස්සේ අපිට අවශ්‍ය වන සිංදුවේ Lyrics හා Tags හොයාගන්න ඕනේ. මම මේකට පාවිච්චි කරන්නේ Justine Biber ගේ Never say never ගීතය. මම මේකේ Lyrics දැනට Notepad එකෙන් ටෙක්ස්ට් ෆයිල් එකක් විදිහට සුරැකුම් කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ වගේ English Lyrics අන්තර්ජාලය හරහා හොයාගන්න පුළුවනි. ඒ වගේම සිංදුවේ තවත් විස්තර ටිකකුත් මම හොයා ගත්තා.

දැන් තමා වැඩේ පටන් ගන්නේ. මුලින්ම අවශ්‍ය MP3 ෆයිල් එක මත Right Click කරන්න. දැන් Right Click context menu එකේ සටහන්ව තියෙන Jet Audio කියන තැනින් Edit Tag කියන විධානය තෝරන්න. එවිට මේ ආකාරයේ කුඩා මෘදුකාංගයක් විවෘත වේවි.


දැන් මේ මෘදුකාංගයේ පෙන්වලා තියන තැන්වලට මට අවශ්‍ය දේවල් ඇතුලත් කරගන්නවා.
Title:- ගීතයේ නම (උදා-Never Say Never)
Artist:- ගීතයේ ගායකයා (උදා-Justine Biber)
Album:- ගීතය අඩංගු ඇල්බමය (උදා-My Worlds Acoustic)
Year:- ගීතය නිදහස් කල වසර (උදා-2011)
Track:- ගීතය මෙම ඇල්බමයේ කීවන ගීතයද යන වග
Comment:- ගීතය සම්භන්ධ වෙනත් විස්තර (උදා-www.beemp3.com)
Genre:- ගීතයට අදාල ප්‍රභේදය (උදා-Pop)






මෙම විස්තර ඇතුලත් කල පසු මම මීළගට තවත් සංකීර්ණ අවස්ථාවක් වන Lyric කියන Tab එක සක්‍රීය කරනවා. එවිට එය මේ අයුරින් දිස් වේවි.


දැන් මම සුරැකුම් කර තබා තිබූ Lyrics මෙහි ඇති කොටසට පිටපත් කරනවා.


දැන් අපිට තවත් වැඩක් කරන්න පුළුවන්. මේක පොඩි ඇඩ් එකක්. මෙහි තියන Run Lyric Maker කියන බොත්තම මගින් Lyric Maker සක්‍රීය කර ගන්න


එවිට එය මේ අකාරයෙන් දිස් වේවි.

දැන් නම් ඉතින් නියෙන්නේ මැනුවල් වැඩක්. සිංදුව මෙතනට පිටපත් කර ගන්න. ඊට පස්සේ සිංදුවේ වාක්‍ය අතරට හිස් පේලියක් බැගින් එකතු කරන්න. තේරුනේ නෑ නේද. ඒක කරන්නේ මේ විදියට.



දැන් මේ කන්ට්‍රෝල් වලින් සිංදුව play කරන්න. එත් එක්කම සිංදුවේ යන කොටසට අදාල වාක්‍ය තියෙන Line එක වෙනස් වෙනවානම් F9 ඔබලා Time Code එකක් ඇතුලත් කරගන්න.



මේක ටිකක් පුරුදුවෙන්න උවමනා වැඩක්. ටික දවසකින් හුරු වෙයි සිංදුව පටන් ගන්නකොටම Time Code එක ඇතුලත් කරන්න.


හරි. මේක අවසන් වුනාම සේව් කරගන්න.


දැන් ආපහු ඒ වින්ඩෝ එක ක්ලෝස් කරලා Tag Edit එකට එන්න. ඊට පස්සේ අවසන් Tab එක වන Picture ටැබ් එකට යන්න. දැන් කොහෙන් හරි ගායකයාගේ හරි සිංදුවේ හරි රූපයක් හොයලා දෙන්න. අත්‍යාවශ්‍යම නෑ හැබැයි අපේ ෆයිනල් අවුට් එකට හොදයි.


දැන් මේක Apply කරලා Save කර ගන්න.


දැන් සිංදුව Jet Audio එකෙන් Play කරලා බලන්නකේ.

නියමයි නේද. සිංදුව අනුව Tag එක පෙන්නනවා.

කෙදිනකවත් බීමත්ව රිය පදවන්න එපා!!!





මම ඒ වෙලාවේ සාප්පු සංකීර්ණයේ අරමුණක් නැතිව ඇවිද යමින් හිටියේ.හදිසියේම මම දැක්කා එක් සාප්පුවක මුදල් අයකැමිවරයෙක් වයස අවුරුදු 5ක් හෝ 6ක් පමන වෙන පිරිමි දරුවෙක් සමග කතා කරමින් සිටින ආකාරය.මුදල් අයකැමිවරයා කුඩා පිරිමි දරුවට මෙහෙම කියනවා,

"සමාවෙන්න බබෝ...ඔයා ලග තියන සල්ලි මේ බෝනික්කව ගන්න මදි"

මෙවෙලේ හදිසියේම මගේ පැත්තට හැරුණු පිරිමි ළමයා

"අංකල් බලන්නකෝ මගේ ලග තියන සල්ලි අර බෝනික්කව ගන්න මදිද කියලා" මගෙන් ඇහුවා.

ඔහුගේ අතේ තිබුනු සල්ලි ගැනලා බලපු මම මෙහෙම කිව්වා

"ඒ අංකල් කියපු දේ හරි බබෝ ඔයා ලග මේ බෝනික්කව ගන්න සල්ලි නෑ"

මම කියපු දේ අහපු දරුවගේ මූන දුකින් මැලවුනත් අතේ තිබුනු බෝනික්කව අත්නොහැරිය ඔහු මගේ දිහාත් සාප්පුවේ මුදල් අයකැමිවරයා දිහාත් මාරුවෙන් මාරුවට අසරණ විදියට බැලුවා.අවසානයේ දරුවාට කිට්ටු වුන මම ඔහුගෙන් ඇහුවේ මේ බෝනික්කව මිලදී අරගෙන දෙන්න බලාපොරොත්තු වෙන්නේ කාටද කියලයි.

"මේ මගේ නංගි ගොඩාක්ම ආස කරපු බෝනික්කා...එයා හැමදාම මේ බෝනික්කව ඕනේ කියලා අම්මට කරදර කරනවා...මට මේ බෝනික්කව එයාගේ උපන් දිනේට තෑගි කරන්න ඕනේ" පිරිමි දරුවා දිගටම කතා කලා

"මට මේ බෝනික්කව අම්මට දෙන්න ඕනේ,එතකොට අම්මා එහාට ගිහාම මේ බෝනික්කව නංගිට දෙන්න පුලුවනි"මෙහෙම කියනකොට ඔහුගේ මුහුන දුකින් මැලවුනා

"මගේ නංගි දිව්‍යලෝකෙ ගිහිල්ලා ඉන්නේ...තාත්තා කිව්වා අම්මත් ලගදිම දිව්‍යලෝකේ යනවා කියලා.ඉතින් මම මේ බෝනික්කව අම්මට දුන්නොත් අම්මා නංගිට ගිහින් දේවි"

මගේ හදවත මොහොතකට නැවතුනා,පිරිමි දරුවා දිගටම කතා කලා.

"මම තාත්තට කිව්වා අම්මට දැන්ම දිව්‍යලෝකේ යන්න එපා කියන්න කියලා,ඒ නිසා මම බෝනික්කව අරගෙන එනකම් අම්මා බලාගෙන ඉදීවි "

ඉන්පසු කලිසම් සාක්කුවට අතදමා ඡායාරූපයක් ගත් ඔහු එය මට පෙන්නුවා,එම ඡායාරූපය ඔහුගේම එකක්.

"මම අම්මට මේ ෆොටෝ එකත් ගෙනියන්න දෙනවා,එතකොට නංගිට කවදාවත් මාව අමතක වෙන එකක් නෑ. මම අම්මට ගොඩක් ආදරෙයි,මම කැමති නෑ අම්මා මාව දාලා දිව්‍යලෝකේ යනවට,ඒත් තාත්තා කියනවා නංගි ලගට අම්මා ඉක්මනටම යන්න ඕනේ කියලා" පැවසූ ඔහු යලිත් දුක්බර ඇස් වලින් බෝනික්කා දිහා බලාගෙන හිටියා.

ඉක්මනින් මගේ පසුම්බියෙන් බෝනික්කා මිලදී ගැනීමට අවශ්‍ය මුදල් අතට ගත් මම

"අපි ආපහු ඔයා ලග තියන සල්ලි ගැනලා බලමු බබෝ සමහර විට කලින් අපට වැරදුනාද දන්නේ නෑනේ" පැවසුවා

"හා අංකල්...මම හිතන්නේ මගේ ලග තියන සල්ලි ඇති "පැවසූ ඔහු එම මුදල් මට ලබා දුන් අතර ඔහුට නොදැනෙන ලෙස මගේ මුදල් එයට එකතු කිරීමට මම වගබලා ගත්තා. නැවතත් එම මුදල් ඔහුත් සමග ගැන්න විට එහි අවශ්‍ය කරන ප්‍රමානයටත් වඩා මුදල් තිබූ අතර ඒ බව දුටු ඔහු සතුටින් ඉපිලුනා.

"මට දැන් අම්මට සුදු රෝස මලකුත් ගන්න පුලුවනි...අම්මා ගොඩාක් ආසයි සුදු රෝස වලට" පැවසූ ඔහු බෝනික්කා මිලදී ගෙන අසල තිබූ මල් අලෙවි සැලක් වෙත ගියා.

මද වේලාවකින් මම යලිත් නිවස බලා පිටත් වූ අතර මොහොතකටවත් මගේ මතකය ඒ කුඩා පිරිමි දරුවාගෙන් මිදුනේ නෑ. හදිසියේම මගේ මතකයට පැමිනියේ දින දෙකකට කලින් ප්‍රාදේශීය පුවත්පතක පල වූ පුවතක්.එහි සදහන් වූයේ බීමත් රියදුරෙකුගේ ට්‍රක් රියක හැපී අනතුරට පත් වූ තරුණ මවක් සහ ඇගේ කුඩා දියණිය පිලිබද පුවතක්,අනතුර සිදු වූ ස්ථානයේදීම කුඩා දියණිය මියගොස් සිටි අතර තරුණ මව අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කර තිබුනා. පුවත්පතේ සදහන් වූ ආකාරයට ඒ වන විට ඇය ජීවත් වුනේ යන්ත්‍ර ආධාරයෙන්. ඔවුන් කුඩා පිරිමි දරුවාගේ මව සහ සොයුරිය වීමට බොහෝ සෙයින් ඉඩ ඇති බව මට වැටහුනා.

තවත් දින දෙක තුනක් ගෙවී ගියා. කුඩා පිරිමි දරුවා සම්බන්ධ තවත් පුවතක් පත්‍රයේ පල වී තිබුනා,එහි සදහන් වී තිබුනේ පිරිමි දරුවාගේ මවගේ අභාවය පිලිබද දුක්බර පුවතයි. ඒ දුටු මට ඇගේ අවමගුලට සහභාගී නොවී සිටීමට නොහැකි වුනා,සුදු රෝස මල් කලබක් රැගෙන මම එයට සහභාගී වුනා.

ඇගේ දේහය මිනී පෙට්ටියක තැන්පත් කර තිබූ අතර ඇයගේ පපුව මත සුදු රෝස මලක් තිබුනා,මිනී පෙට්ටියේ පසෙකින් තිබුනේ කුඩා පිරිමි දරුවා තම සොයුරිය වෙනුවෙන් මිලදී ගත් බෝනික්කා සහ ඔහුගේ ඡායාරූපයයි. කදුලු පිරුනු දෙනෙතින් මම එම ස්ථානයෙන් පිට වූ අතර එම කුඩා පිරිමි දරුවා ජීවිතය පිලිබද වූ මගේ දැක්ම සම්පූර්ණයෙන්ම වෙනස් කරවීමට හේතු වූවා.

තම මව සහ කුඩා සොයුරිය වෙනුවෙන් ඔහු තුල වූ අප්‍රමාන සෙනෙහස අද වන තෙක් මට සිතා ගැනීමට අපහසුයි. නමුත් එක් ක්‍ෂණයකින් බීමත් රියෙදුරෙකු ඒ සියල්ල ඔහුගෙන් උදුරාගෙන තිබෙනවා.

කෙදිනකවත් බීමත්ව රිය පදවන්න එපා!!!

නාසි ආචාරය ප්‍රතික්‍ෂේප කරමින්


නාසි ආචාරය ප්‍රතික්‍ෂේප කරමින් 





මෙය වසර 1936 ජූනි මස 13 වන දා ජර්මනියේ නගරයක් වන හැම්බර්ග්( Hamburg) හිදී ගත් ඡායාරූපයකි.
නාසි හමුදා විසින් අළුතින් ඉදි කල නෞකාවක් දියත් කරන අවස්ථාවක් වන මෙහිදී රැස්ව සිටින මිනිසුන් සියළු දෙනා හිට්ලර් වෙත නාසි ආචාරය (Nazi salute) පුද කරන විට එක් මිනිසෙකු පමනක් එය ප්‍රතික්‍ෂේප කරමින් දෑත් බැඳගෙන සැහැල්ලු ඉරියව්වෙන් සිටින ආකාරය මෙම ඡායාරූපයේ සටහන්ව ඇත.

එම මිනිසාගේ නම ඕගස්ට් ලෑන්ඩ්මෙසර් (August Landmesser) නම් වේ. ඔහු නාසි පාලනයට විරුද්ධ අයෙක් විය. නාසි පාලකයන් සහ ඔහු අතර ඒ වන විටත් ආරවුල් පැවති අතර ඒවාට හේතු වූයේ 1935 වසරේදී ඔහු යුදෙව් ජාතික කාන්තාවකගේ අතිනත ගැනීමයි. ඒ හේතුවෙන් ඔහුට බරපතල වැඩ සහිත වසර දෙකක කම්කරු කාලයක දඩුවමක්ද පනවා තිබුනි.


ඔහු පිලිබදව වැඩි විස්තර ඉතිහාසයේ සටහන්ව නැති අතර ඔහු දියණියන් දෙදෙනෙකුගේ පියෙකු බව පමනක් සටහන්ව ඇත .

එක් ලිපියක සටහන්ව ඇත්තේ ඔහුගේ එක් දියණියක් 1991 වසරේ ජර්මානු පුවත්පතක පල වූ තිබූ මෙම ඡායාරූපය අහම්බෙන් දැක එහි සිටි තම පියාව හදුනාගත් බවයි.එම මොහොත ඇයට කෙතරම් අභිමානවත් මොහොතක් වන්නට ඇතිද?