සක්වළ කැළඹූ පිටසක්වළ අමුත්තෝ
සක්වළ කැළඹූ පිටසක්වළ අමුත්තෝ

අසීමිත වූත්, අනන්ත වූත් මේ මහා විශ්වයේ නිශ්චිතව ම ජීවින් සිටිනවා යැයි දැනට පිළිගනු ලබන්නේ අප වාසස්ථානය වන පෘථිවිය මත පමණි. පෘථිවිය මත හැර වෙනත් ග‍්‍රහලෝක තුළ ද ජීවින් සිටිනවා ද යන්න සොයා බැලීමට මිනිසා යොමු වී සිටින්නේ විශාල වූ ධනස්කන්ධයක් ඒ සඳහා වැය කරමිනි. එතරම් විශාල වූ කැපකිරීමක් කරමින් ඔවුන් ඒ පිළිබඳව සොයා බැලීමට යොමු වී සිටින්නේ පෘථිවිවැසියා විශ්වය තුළ සිටින්නේ තනිව ම ද යන්න සැක සහිත නිසා ය. එම සැකයට ප‍්‍රධානතම හේතුව වී ඇත්තේ ’පියාඹන පීරිසි’ නම් වූ පිටසක්වළ සිට පැමිණෙනවා යයි කියන යානා පිළිබඳව වූ ගුප්ත ආරංචියන් ය. මේ වනවිට ’පියාඹන පීරිසි’ සිය නෙතින් ම දැක ගැනීමට තරම් වාසනාවන්තයෝ මේ පොළෝ තලය මත සිට ඇත. මෙම අත්භූතජනක යානා විශේෂය වර්තමාන සමාජය තුළ කලබලකාරී ස්වභාවයක් ඇති කිරීමට සමත් වී ඇත. මේවායේ පැමිණෙන්නේ පිටසක්වළ ජීවින් ද නැතහොත් මෙය වෙනත් යම්කිසි බලපෑමක්් නිසා දර්ශනය වනවාද යන්න තවමත් ප‍්‍රශ්නයකි.
පීරිසියක් අහසේ පියාසර කරන බව යමෙක් පැවසුවහොත් ඔබ එය විශ්වාස නොකරනු ඇත. එය විශ්වාස කළ නොහැක්කක් වුව ද ’පියාඹන පීරිසි’ නමින් හඳුන්වනු ලබන අහසේ පියාසර කරන පීරිසි වර්ගයක් පිළිබඳව කටකතා විටින් විට වර්තමාන සමාජය තුළ පැතිර යයි. මෙලෙස පියාඹන පීරිසි නමින් අහසේ දර්ශනය වන්නේ මොනවාදැයි යන්න සොයා බැලීම විද්‍යාඥයන් විසින් පර්යේෂණ සිදුකරයි. මේවා පෘථිවියෙන් එපිට ලෝකයක ජීවත්වන ජීවින් විසින් නිර්මාණකරණ ලද ඒවා බවට විශ්වාස කෙරේ. සාමාන්‍යයෙන් පීරිසියක හැඩයට හුරු හැඩයක් ගන්නා නිසාත් අධික වේගයකින් යුතුව අහසේ පියාසර කරන නිසාත් මේවා ’පියාඹන පීරිසි’ ලෙසට හඳුන්වා දී ඇත. ’පියාඹන පීරිසි’ නමින් හඳුන්වනු ලබන මේවා ලෝකයේ විවිධ වූ ප‍්‍රදේශවල ජීවත්වන මිනිසුන්ගේ නෙතට දර්ශනය වී ඇති බවට සාක්ෂි ලැබී ඇත. ශී‍්‍ර ලංකාවේ ද මේවා දර්ශනය වූ බවට වාර්තා ලැබී ඇත.

පියාඹන පීරිසි නමින් හඳුන්වනු ලබන යානා විශේෂය පිළිබඳව වර්තමාන තත්ත්වය එසේ වුවද කටකතා හා ආරංචියන් මත පදනම් වූ මිනිස් සමාජය තුළ මේ පිළිබඳව විවිධ වූ විශ්වාසයන් බිහි විය. පියාඹන පීරිසි වල පැමිණෙන්නේ පිටසක්වළ ජීවින් බවට අයෙක් විශ්වාස කළ අතර අයෙක් එය අසත්‍යයක් බව පැවසුවේ ය. මේ අතර මෙම අදහස් දෙක අතර තනි වූ මිනිසුන් ද මේ සමාජය තුළ අනන්තවත් සිටිති. සමහර අයෙක් තම පෞද්ගලික වාසිය තකා මෙය සත්‍යයක් බව පැවසූහ. එවැනි සිද්ධියක් පිළිබඳ ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාව දෙසින් වාර්තා වේ. එම ප‍්‍රදේශයේ ජීවත් වූ ඇඩම්ස්කි නැමති පුද්ගලයා විසින් පිටසක්වළ යානයකින් පැමිණි ජීවියකු දුටු බවත් තමා ඔහුත් සමග යානාවේ නැගී සෞරග‍්‍රහ මණ්ඩලය තුළ සංචාරය කළ බවත් පැවසීය. ඔහු පැවසූූ සිද්ධිය එසේ වුව ද කල් ගතවත්ම ඔහු කළ ප‍්‍රකාශය අසත්‍ය එකක් බව සොයාගන්නා ලදී. මුළු ලෝකයාටම තම නම ජනපි‍්‍රය කරවා ගැනීමේ අදහසින් මෙය ඉදිරිපත් කරන්නට ඇතැයි සමහරෙක් පවසති.

’අහසේ විටින් විට දර්ශනය වන්නා වූ කුමක්දැයි හඳුන්වා ගැනීමට අපහසු වස්තූන් පියාඹන පීරිසි නම් වේ’.මෙම යානා විශේෂය තම නෙතින් දුටු සමහර පුද්ගලයන් ඒ පිළිබඳව පොලීසියට ද දැනුම් දුන්නේ ය. එමෙන් ම මෙය කුමන ආකාරයක් දැයි තේරුම් ගැනීමට නොහැකි බව ද ඔවුන් පැවසූ අතර ඔවුන් ගේ මෙම කි‍්‍රයා කලාපයන් හා සාක්ෂි අනුව ’කොලරාඩෝ ’ විශ්වවිද්‍යාලය පහත දැක්වෙන ආකාරයේ නිර්වචනයක් පියාඹන පීරිසි සඳහා ලබාදී ඇත.’’සමාජයේ වගකිව යුතු පුද්ගලයන්ට පැමිණිලි කිරීමට තරම් චකිතයක් මිනිස් සිතෙහි ඇති කරමින් මොනවාදැයි තේරුම් ගත නොහැකි. මීට පෙර දැක නොතිබූ යම් වස්තුවක් අහසේ පියාසර කරනු දැකීම පියාඹන පීරිසියකි’’.පියාඹන පීරිසිත් දර්ශනය වන මෙම අත්භූතජනක යානා විශේෂය පොළොව මත සිටි අයට පමණක් ම නොව ගුවන් යානා යොදා ගනිමින් ඉහළ අහසේ ගමන් කරමින් සිටි අයට ද දර්ශනය වී ඇති බව පැවසෙයි. පුදුමය වන්නේ එය නොවේ. සඳ මතට ගිය සඳගාමීන්ට පවා සඳ මත දී එවැනි දර්ශන දැක ගන්නට ලැබුණු බව ඔවුන් පවසා ඇත. රාති‍්‍රය හා දහවල යන දෙකෙහි වෙනසක් නොමැතිව දර්ශනය වන පියාඹන පීරිසි දහවල් කාලයේදී එක් ආකාරයකටත් රාතී‍්‍ර කාලයේදී තවත් ආකාරයකටත් දිස්වන බව ඇසින් දුටුවෝ පැවසූ තොරතුරු අනුව ආනාවරණය වී ඇත. දහවල් කාලයේදී රිදී පැහැයට හුරු පැහැයක් ගත් මේවා රාතී‍්‍ර කාලයේ දී දර්ශනය වී ඇත්තේ කිසියම් දිලිසෙන ආලෝක කදම්බයක් ලෙසිනි. එමෙන් ම ඒවා එකම ප‍්‍රමාණයකින් නොව විවිධ ප‍්‍රමාණයන්ගෙන් යුතුව දිස් වී ඇති බව පැවසෙන අතර දැනට දැක ඇති පියාඹන පීරිසියේ විශාලත්වය මීටර් විස්සක් පමණ වන බව ගණන් බලා තිබේ.
0 ඔබගේ අදහස් දක්වන්න:
Post a Comment