වසර දෙදහස් ගණනකින් මෙපිට ආගමික ශාස්තෘවරයෙකු බිහිනොවී ඇත්තේ ඇයි?


වසර දෙදහස් ගණනකින් මෙපිට ආගමික ශාස්තෘවරයෙකු බිහිනොවී ඇත්තේ ඇයි?

සන්සන්දනාත්මක ලිපියක් ලියන්නට සිතුනා ආගමික කරුණු සම්බන්ධයෙන්‍. මාතෘකාවේ දැක්වූ අයුරින්ම ගතවූ වසර දෙදහස් ගණනක් ඇතුලත අවිහිංසාව, මිනිසුන්ගේ සිතට ශාන්තිය, සැනසුම ගෙන දෙන්නට පුළුවන් ආගමික ශාස්තෘවරයෙකු බිහිනොවූයේ මන්ද? යන්න මෙම ලිපියේ කතුවර අදහසක් හැටියට පළකරන බව පැවසීමට කැමැත්තෙමි. මෙම ලිපිය සදහා සන්සන්දනාත්මකව විග්‍රහ කිරීම යොදා ගන්නේ මීට වසර 2600 කට පමණ පෙරාතුව වැඩවාසය කළ බුදුරජාණන් වහන්සේ සහ ලෝකයේ වැඩිම දෙනෙකු දැනට අදහන ආගම හා බුදු දහම හා යම් ආකාරයකට ගැලපෙන අදහස් කිහිපයක් හෝ තිබෙන කිතු දහම ලෝකයට ගෙන දුන් වසර 2012 කට පෙර වැඩ විසූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිබදවයි. (වෙනත් ආගම් මේ ‍සදහා යොදා නොගන්තේ, මූලාරම්භයේ පටන් භිෂණනයෙන්, රුධිර‍යෙන් විමුක්තිය සොයන්නාවූ ආගම් පිළිබදව කතා කිරීමත් අනවශ්‍ය ගැටළු උත්පාදනයට හේතුවිය හැකි බැවිනි)


බුදුන් වහන්සේ මෙන්ම ජේසුස් වහන්සේ මෙලොව ජීවත්වන කාලයේ සමාජ වටපිටාව විවිද හැලහැප්පීම් වලට ලක්වෙමින් තිබූ බව අප දන්නා කරුණකි. බුදුන් වහන්සේ වැඩ වාසය කළ භාරතය කොටස් ගණනකට බෙදී සොලොස් මහා ජනපද ලෙස හැදින්වුන අතර ඒ අතරින් රාජ්‍ය කිහිපයක් හැරුන ‍‍කොට අනෙක් ඒවා කුඩා රාජ්‍ය බව සදහන්ය. එම රාජ්‍යයන්ගේ පැවතුනේ එකකට එකක් වෙනස් පාලන ක්‍රමයන් වන්නට ඇති අතර විවිද ආගම් අද මෙන්ම එදා, අදටත් වැඩියෙන් ඉන්දියාව තුල ති‍බුන බව නොරහසකි. ‍ජේසුස් වහන්සේ වාසය කළ පාලාත් ප්‍රධාන වශයෙන් රෝමන්වරු පාලනය කළ අතර පසු කලෙක එනම් ක්‍රි.ව. 306 - 337 අතර කාලයේ රෝමයේ අධිරාජ්‍යයා වූකොන්ස්ටන්ටයින් ආධිරාජ්‍යා විසින් රෝම අධිරාජ්‍යයේ එකම ආගම බවට කිතු දහම පත්කරන තුරු විවිදාකාර දෙවිවරුන් විවිද කරුණු අරඹයා අදහන්නට ඇත. ඒ අනුව බැළු කල උන්වහන්සේලා දෙදෙනාම වාසය කල රාජ්‍යයන් ආගමික අතින් ව්‍යාකූලත්වයක් තිබෙන්නට ඇති බව පෙනේ.


පුරාණ භාරතයේ මෙන්ම අද පවා කුළ ‍භේදය ඉතා දැඩිව ඉන්දියාව තුල ක්‍රියාත්මක බව පැවසෙන අතර එදා තත්ත්වය අදටත් වඩා වැඩි වූවා මිස අඩුවන්නට නම් ඉඩක් නොමැති බවද පිළිගන්නට සිදුවේ. බමුණන් විශ්වාස කළා මෙන්ම සමාජය පිළිගත් ආකාරයෙන්ද බමුණන් එකළ සිටි ශ්‍රේෂ්ඨතමයන් විය. එය හිට්ලර්ගේ ආර්ය සංකල්පය මෙන් යයි පැවසුවාට වරදක් නැත. ඔවුන් පහළම කුල පාගාගෙන සිටි අතර, පහළම කුල වල ජනයා මෙන්ම කාන්තාවන්ටද අත්ව තිබුනේ ඉතාම දුඛිත ඉරණමකි.
(ජාතිවාදය සහ සමාජ ස්තරායණ - http://www.buddhistculture.net/buddhist-social-philosophypart5.html)


ජේසුස් වහන්සේ වාසය කළ පළාතද කුල භේදය කෙසේවෙතත් ඇතිනැති පරතරය, වහල් වෙළදාම ආදිය පැවතුන අතර උන් වහන්සේගේ උපත ගැන සැලකීමේදීද එතුමා ගවලෙනක් තුළ උත්පත්කිය ලැබීම තුලින්ම එතුමා පවා පීඩිත පන්තියට අයත් අයෙකු ලෙස සැලකිය හැකිය. බුදුන් වහනසේගේ ජීවිතය ඊට වඩා වෙනස් එකක් විය. එතුමා එකළ භාරතයේ කුඩා රාජ්‍යයක රජෙකුගේ පුත් කුමරු විය. එතුමාගේ මව කුඩා කලදීම මිය ගියත් රාජ සම්පත් වලින් එතුමාට අඩුවක් නොවූ බව බුද්ධ චරිතය පිළිබදව කරුණු හැදෑරීමේදී පෙනීයන්නකි. තවද තරුණ ව‍යසේ සෑහෙන්න කලයක් යන තුරු එතුමා දුක පිළිබදව නොදැන සිටියහ. සතර පෙර නිමිත වලින් මහල්ලෙක්, ලෙඩෙක්, මළකදක් යනාදිය දැකිමෙන් එතුමාට සංසාරය ගැන කළකිරුන අතර ගිහි ජීවිතයේදී දුක් නොවිද සිටි නිසා සහ සසරින් එතරවීමට හැකියාවක් දුකෙන් පුළුවන්ද යන්න සොයා බැලීමට සය වසරක්ම අනන්ත දුක් විද අත්හදා බැලීමටද සිදුවිය.


ජේසුස් වහන්සේ කිතු දහම ලොවට හදුන්වාදුන්නද එතුමා වැඩ විසූ කෙටි කාලය තුල රාජ්‍ය අනුග්‍රහය සහිත ගරු බුහුමන් ලැබීමට තරම් භාග්‍ය සම්පන්න නොවූවත් එතුමාගේ ආගම පසුකළෙක භාරගත් අයට නම් ආගමේ නාමයෙන් සැප සම්පත්, ගරුබුහුමන් ලබා ගැනීමේ අවස්ථාව හිමිවූයේය.


උන්වහන්සේලා දෙදෙනාටම පොදුවූ කරුණක් නම් ආගම ප්‍රචාරයට විරුද්ධව සතුරන් සිටීමයි. තීර්තකයන්, විවිදාකර බමුණන්, කාන්තාවන් පමණක් නොව දෙව්දත් තෙරුන් වැනි බුදු දහම තුලම මහණදම් පිරූ අයගෙන්ද සතුරු උපද්‍රව ඇතිවිය. ජේසුස් වහන්සේටද විවිදාකර සතුරන් වූ අතර ඔවුන් බොහෝමයක් අන්‍යාගමික නායකයන් වූ අතර කිතු දහම ව්‍යාප්තව වනු දැකීම ඔවුන්ට නොරිසි විය. එසේම එතුමා පාවා දීමට මුල් වූ ජුදාස්ද එතුමාගේ අනුගාමිකයෙකු විය.


මෙම උතුම් ශාස්තෘන්වහන්සේලා දෙදෙනාගේම තවත් පොදු කාරණයක් වූයේ අන්‍යයන්නට මෛත්‍රී කිරීමට නැතහොත් ප්‍රේම කිරීමට දේශනා කිරීමයි. එකළ මානව හිමිකම්, උතුම් මනුශ්‍ය ගුණාංගයන් පිළිබදව බහුතරයකට වගේවගක් නොවීය.ප්‍රභූන් හැරුන කොට සාමාන්‍ය මිනිසුන් සහ සතුන් අතර වෙනසක් සමාජයට නොවීය. යමෙකු වරදකරුවෙකු ලෙස සැක කිරීමත් අතීතයේ අභාග්‍ය සම්පන්නවිය. මිනිසුන්ට ප්‍රසිද්ධියේ අමානුශික ආකාරයෙන් දැඩි දඩුවම් දුන් ඒ සමයේ බුදුන් වහන්සේ සහ ජේසුස් වහන්සේ වැනි අය සැබැවින්ම වෙනස් මිනිසුන් වූහ. එකළ ප්‍රසිද්ධියේ මරණ දඩුවම නැරඹීමත් මිනිසුන්ට විනෝද ජනකවිය. වරදකරුවාට උපරිම වේදනාව දැනෙන අයුරින් දිය හැකි ලොකුම දඩුවම් ලබා දීම කාගේත් අභිලාශය විය.
අතිබිහිසුණු, තෲර මරණීය දණ්ඩන ක්‍රම

එවන් වූ සමාජයක මිනිසුන්ට මෛත්‍රී කළ, ප්‍රේම කළ මෙවන් මිනිසුන් අනෙක් මිනිසුන්ට වඩා වෙනස් වූ බව එකල මිනිසුන්ද විශ්වාස කළහ.ඔවුන්ව පූජනීයත්වයෙන් සැලකූහ.

කාන්තාවන් සම්බන්ධයෙන්ද මෙම ශාස්තෘවරුන් වාසය කළ කාලයේ තිබුනේ යහපත් ආකල්පයක් නොවේ. ඉන්දියාවේ එකළ කාන්තාවක් උදෑසන දැකීමත් අසුභ ලෙස සැලකූ බව සදහන් වන අතර ඉහල ප්‍රභූන් හැරුන කොට අනෙක් කාන්තාවන්ට උරුමව තිබුනේ දුකයි. ඔවුන් කුඩා වියේ පියාගේ රුකවරණයේ වාසය කළ යුතු අතර තරුණ වියේදී තම සැමියාගේ අනසක යටතේ විසිය යුතු විය. යම් හෙයකින් තම සැමියා තමන්ට පෙර මියගියහොත් සිය පිරිමි දරුවන් යටතේ සිටිය යුතුවිය. එසේම ඇතැම් කාන්තාවන්ට සිය ස්වාමියා තමන්ට පෙර මිය ගිය විට ඔහු සමග දරසෑයේ දැවී අළු වෙන්නටත් සිදුවිය. මෙම "සතිපූජාව" ගරු ගාම්භීරත්වයෙන් සදහන්වුවද කාන්තාව කැමැත්තෙන් මෙයට ඉදිරිපත් වනවාට වඩා බලහත්කාරයෙන් දරසෑයට නංවා ඇය වේදනාවෙන් විලාප දෙමින් සිටියදී එයින් පැනයන්නට නොහැකි ලෙස ආදාහනය සිදුකරන "දිව්‍ය පුත්‍රයන්" දිගු උණබට වැනි දෑ යොදාගෙන තද කරගෙන සිටිමින් පණ පිටින් ආදාහන වී ගෞරවනීය තත්ත්වයකට බලහත්කාරකමින්ම පත් කරන ලදි.

ජේසුස් වහන්සේ විසූ රටේදිත් තත්ත්වය වෙනස් මුහුණුවරකින් සමාන බවක් ගත්තේය. වැරදීමකින් හෝ කාන්තාවක් වැරදි කළේ නම් ගල් ගසා මරා දැමීම අමානුශික අයුරින් සිදුවිය.
පුරාණ සිංහල රජ දවස දෙතිස් වද හා නූතන මරණ දඩුවම් ක්‍රම ගැන ලුහුඬින්

උන්වහන්සේලා මෙලොවින් සමුගත් පසුවද ලෝකය මුළුමනින්ම යහපත් ස්ථානයක් නොවූවත් අඩුම තරමින් විවිද ආගම් අදහමින් ඇතැම් විට සත්ත්ව බිලිපූජා ආදිය සිදුකරමින් සිදුකල අකුසල කර්මයන්වත් මෙම ආගම් දෙකේ ඉගැන්වෙන අන්‍යයන්ට මෛත්‍රිය හා ප්‍රේමය ත්‍යාග කිරීම මුල් කරගනිමින් අඩුවිය. මේ අයුරින් එදා පැවති තත්ත්වයට වඩා වෙනස් තත්ත්වයක් උදා කළ නිසා සහ එම ආගම් ඇතිවූ රටවල කෙසේවෙතත් පසුකළෙක වෙනත් රටක හෝ ශක්තිමත්ව ස්ථාපිතවූ නිසා අළුත් ආගමකට හෝ අළුත් ශාස්තෘවරයෙකුට ලැබෙන ඉඩකඩ අවම විය. ඉන්පසුව එම ආගම් වල සෙවනේ විවිද හැකියාවන් ඇති යයි පවසමින් විවිද සමයන්හිදී විවිද පුද්ගලයන් ඉස්මතුවූවත් එම ආගමින් ලැබූ ආභෂය නිසා නිවැරදි දැක්මක් අවබෝදයක් ඇති මිනිසුන් කිහිපදෙනෙකු හෝ සිටි නිසා ව්‍යාජ ශාන්තුවරයන්ට, සෝවාන්, සංකෘදාගාමී හා කල්පගණන් පෙරුම් නොපුරා බුදු බව ලැබූවන්ට වැඩි දුරක් යාමට නොහැකිවිය.



උපුටා ගත්තේ 7සමුදුරෙන්

0 ඔබගේ අදහස් දක්වන්න: