පිට සක්වල යනා ආවාද? උල්කාපාත වැ‍ටුනද?

2012 දෙසැම්බර් පිට  සක්වල  යනා ආවාද?උල්කාපාත  වැ‍ටුනද?



මේ දිනවල හිරු බැස යාමෙන් අනතුරුව බටහිර අහස් ගැබ තුළ ධනු තාරකා රටාව පසුබිම් කරගනිමින් සුළු මොහොතකට අඟහරු ග්‍රහයා දිස්වනු ඇත. එමෙන්ම රාත්‍රී 7.00 පමණ නැගෙනහිර ක්ෂිතිජය දෙසින් බ්‍රහස්පති ග්‍රහයා නිරීක්ෂණය කළ හැකි අතර රාත්‍රිය කෙමෙන් කෙමෙන් ගෙවී යන විට බ්‍රහස්පති ග්‍රහයාද අහස් ගැබ ඉහළට ගමන් කරනු ඇත. මේ මස උදය කාලයේදී හිරු නැඟීමට ප්‍රථම ගිණිකොන දිග ක්ෂිතිජය අසල අහසේ බුධ ග්‍රහයා ,සිකුරු ග්‍රහයා හා සෙනසුරු ග්‍රහයා නිරීක්ෂණය කළ හැක. තවද දෙසැම්බර් මස 3වන දින බ්‍රහස්පතී ග්‍රහයා පෘථිවියට ඉතාමත් ආසන්න වන අතර ඉතා දීප්තිමත්ව දිස්වනුඇත.මෙම අවස්ථාව බ්‍රහස්පතී ග්‍රහයා නිරීක්ෂණයට හා ඡායාරුපගත කිරීමට මහගු අවස්ථාවකි.

අතීත ග්‍රීක විශ්වාස වලට අනුව එන Medusaගේ හිස අතින් ගෙන සිටින Perseusගේ තරු රටාවද දෙසැම්බර් අහස අලංකාර කරනු ඇත.ආලෝක වර්ෂ 1400ක් පමණ දුරින් පිහිටි M34 නම් විවෘත තරුකා පොකුරද මෙම තරු රටාව තුළ පිහිටා ඇත.මෙය පියවි ඇසින් සහ දූරදක්නයක ආධාරයෙන් නිරීක්ෂණය කළ හැක.එමෙන්ම තම අහංකාරකම සහ අධිමානය නිසා දඬුවම් ලෙස තම සිංහාසනයටම බැඳ තැබූ Cassiopeia රැජින දක්වන තරු රටාවද අහස් ගැබ නිරීක්ෂණය කළ හැක. "M" හෝ "W" අකුරු ආකාරයට පිහිටා ඇති හෙයින් මෙය හඳුනා ගැනීම වඩාත් පහසු වේ. මෙම තරු රටාව තුළම Eta Cassiopeia නම් සුන්දර හා විචිත්‍රවත් වූ ද්විත්ව තරුකාව පිහිටා ඇත. දුරදක්නයක් හො කුඩා දුරදක්නයක් ආධාරයෙන් මෙහි රන්වන් හා නීල පැහැයන් වඩාත් පැහැදිලිව නිරීක්ෂණය කළ හැක.එමෙන්ම Cassiopeiaහිම පිහිටා ඇති M103, විවෘත තරු පොකුරක් වන අතර මෙහි පිහිටා ඇති රක්ත වර්ණයෙන් යුතු තාරුකාවද, දුරදක්නයකින් නිරීක්ෂණයේදී දැකිය හැකි අවාන් හැඩයද මෙය හඳුනාගැනීම වඩාත් උපකරී වනු ඇත.Perseus හා Cassiopeia අතර තරු පොකුරු යුගලක් නිරික්ෂණය කළ හැකි අතර මේවා දුර දක්නයකින් පහසුවෙන් දැකිය හැක.
දෙසැම්බර් මස මැද සමයේදී Geminids උල්කාපාත වර්ෂාව අහස් ගැබ අලංකෘත කරනු ඇති අතර දෙසැම්බර් 13 හා 14 අතර කාල සීමාවේදී දීප්තිමත් හා වේගවත් වූ උල්කාපාත අහස් ගැබ තුළ දිස්වනු ඇත. මධ්‍යම රාත්‍රියෙන් පසු මිථුන රාශියේ සිට ඈතට මේවා ගමන් කරනු ඇති අතර පැයකට උල්කාපාත 60ක් පමණ දිස්වනු ඇත.

2 ඔබගේ අදහස් දක්වන්න:

samakayawate said...

අගනාම ලිපියකි.ස්තුතියි.
මම සමකය වටේ ලියන නලින්

nayana chamikara said...

පියාබන පීරිසි ලෙස මෙ දවස් වල දකින්නේ මෙවා වෙන්නත් පුලුවන්