වුරුදු 148ක් පැරණි ලෝකයේ ප්‍රථම යුධ සබ්මැරීනය


C.S.S Hunley : අවුරුදු 148ක් පැරණි ලෝකයේ ප්‍රථම යුධ සබ්මැරීනය


කාලය : 1864 පෙබරවාරි 17
ස්ථානය : අමෙරිකා එක්සත් ජනපදයේ (එවකට අමෙරිකානු කොන්ෆෙඩරේට් ජනපද ) දකුණු කැරොලයිනාවේ
චාල්ස්ටන් වරාය.



ඒ අමෙරිකානු සිවිල් යුද්ධය දරුණුව ඇවිලෙමින් තිබුණු සමයයි. අමෙරිකා එකසත් ජනපදයේ කාර්මීකරණය වූ උතුරු ජනපද ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයා යටතේද, අමෙරිකා එක්සත් ජනපදයෙන් වෙන්ව අමෙරිකානු කෙන්ෆෙඩරේට් ජනපද යනුවෙන් රාජ්‍යයක්

ප්‍රකාශයට පත්කරගත් ජනපද එකොලහක් ඔවුන් තෝරා පත්කරගත් ජෙෆර්සන් ඩේවිඩ් නම් ජනාධිපතිවරයා යටතේද සටන් වදිමින් සිටියේය. කොන්ෆෙඩරේට ජනපද කෘෂිකාර්මික ජනපද වූ අතර ඔවුන් වහලුන් සේවයේ තබාගැනීම තම අයිතියක් ලෙස සලකාගෙන සිටි අතර වහල් මෙහෙය අහෝසිකිරීමට ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයා යටතේ එක්සත් ජනපද රජය ගනිමින් තිබුණු පියවර දකුණු ජනපද වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත්කරගෙන වෙන්වීමට ප්‍රධාන හේතුවක් විය.

1861 ඇරඹි සිවිල් යුද්ධය 1864 වනවිට දකුණේ කොන්ෆෙඩරේට් රාජ්‍යයන්හට අවාසිදායක වෙමින් පැවතින. ඒබ්‍රහම් ලින්කන්ගේ නායකත්වයෙන් එක්සත් ජනපද හමුදා කොන්ෆෙඩරේට් හමුදා මර්මස්ථාන විනාශකරමින් කොන්ෆෙඩරේට් ජනපද රාජ්‍යයේ හදවත වන වර්ජීනියා ප්‍රාන්තයේ රිච්මන්ඩ් නගරයද වටකොට වාඩිලාගෙන සිටියහ.

කොන්ෆෙඩරේටයේ සාමාජිකයෙකු වූ දකුණු කැරොලයිනාවේ චාල්ස්ටන් වරාය යුධමය වශයෙන් මෙන්ම ආර්ථිකමය වශයෙන්ද කොන්ෆෙඩරේට රජයට වැදගත් වූ අතර 1864 වනවිට ලින්කන්ගේ ෆෙඩරල් නාවික හමුදාව චාල්ස්ටන් වරාය වටකරගෙන කොන්ෆෙඩරේට හමුදාවන්ට මුහුදින් ආහාරපාන හා වෙඩි බෙහෙත් සැපයුම නවතාගෙන සිටියේය.



හන්ලි යුධ සබ්මැරීනය දියත් කිරීමට පෙර
ලොව ප්‍රථම යුධ සබ්මැරීනය වූ සී.එස්.එස් හන්ලි සටනට අවතීර්න වන්නේ ඔයවැනි අවස්ථාවකයි. හන්ලි සබ්මැරීනයේ නිර්මාතෲවරයා වන්නේ හොරේස් හන්ලි නම් ධනවත් නාවික ඉන්ජිනේරුවෙකි. 1861 වසරේ කොන්ෆෙඩරේට් රාජ්‍යයේ ඇලබාමා ප්‍රාන්තයේ මෝබිල් නගරයේදී නිර්මාණය කොට නිශ්පාදනය කරන ලද හන්ලි සබ්මැරීනය දුම්රිය මගින් දකුණු කැරොලයිනාවේ චාල්ස්ටන් නගරයට ගෙන යන ලද්දේ චාල්ස්ටන් වරාය වටකොටගෙන සිටින ෆෙඩරල් යුධ නැව් ගිල්වා දැමීමේ අරමුණින්.



1863 වසරේ අඳින ලද හන්ලි සබ්මැරීනයේ ඇතුලත රුපසටහන්


නාවිකයින් අටදෙනෙකු ගෙනයා හැකිලෙස සකස්කොට තිබුණු හන්ලි සබ්මැරීනය බලගැන්වුනේ අතින් කරකවන අවරපෙත්තක් මගිනි (රූප සටහන බලන්න). අටවැනි නාවිකයාගේ රාජකාරිය වුනේ සබ්මැරීනය සුක්කානම ක්‍රියාත්මක කරමින් එය ඉලක්කයෙ වෙත රැගෙන යාමයි.

හොරේශස් හන්ලි කොන්ෆෙඩරේට් නාවික හමුදාවට නිර්මාණය කල සබ්මැරීනය, නවීන යුධ සබ්මැරීන වලට බොහෝසෙයින් සමාන බව යුධ විශේෂඥයින් ප්‍රකාශකරනවා. එයට ජලය කාන්දු නොවන ඇතුලුවීමේ කවුලු දෙකක් (water-tight hatches), කපිතාන් හට අවට පරිසරය නිරීක්ශණය කරහැකි කවුලු වලින් සමන්විත කුඩා පාලන කුළුණු දෙකක් (conning towers), වට ආවරණයක් සහිත ප්‍රචාලන අවරපෙත්තක් (shrouded propellers), මුහුද යටදී සබ්මැරීනය සමබරව තිරස් අතට තබාගන්නට මෙන්ම යාත්‍රාව මුහුද යට ගෙනයාමට හා අවශ්‍ය විට ජල මතුපිටට ගෙන ඒමට සැකසුනු සුලං පිරවූ ටැංකි දෙකක් (ballast tanks) ඇතුලු නවීන සබ්මැරීන වල අඩංගු සියලුම මූලික අංගෝපාංගවලින් සමන්විත වුනා.

ඒ අනුව බලනකල 1860 ගණන්වල ජීවත්වුනු හන්ලි ලොව දක්ශතම සමුද්‍ර ඉංජිනේරුවෙකු වනවා. අවාසනාවකට චාල්ස්ටන් වරායේ පුහුණු කටයුත්තක නිරතවෙමින් සිටියදී වුනු අණතුරකින් සබ්මැරීනය හදිසියේ ගිලී ගිය අතර එය මෙහෙයවමින් සිටි හොරේශස් හන්ලිද දියේගිලී මියගියා. ගිලීගිය සබ්මැරීනය නැවත ගොඩගත් කොන්ෆෙඩරේට් නාවික හමුදාව එය 1864 පෙබරවාරි මස එහි ඓතිහාසික ගමනට සූදානම් කලා.



හන්ලි සබ්මැරීනයේ ග්‍රැෆික් සිතුවමක්. උපුටාගත්තේ http://hunley.org/index.asp
සබ්මැරීනයේ ප්‍රධාන ආයුධය වූයේ සතුරු නෞකාවක ඇමිණිය හැකි ලෙස තැනූ හාපූන් හෙල්ලක අගට සවිකරන ලද විශාල මුහුදු බෝම්බයක්. ප්‍රහාරය එල්ල කිරීම සඳහා නැවියන් සබ්මැරීනය සතුරු නෞකාවේ ගැටෙන ලෙස පැදවිය යුතුයි. සබ්මැරීනයේ හාපූනය නෞකාවේ ගැටුනු විට එය ඇමිණී යන අතර එය තනා තිබුණේ සබ්මැරීනය ආපසු පසුපසට පදවද්දී ගැලවී සතුරු නෞකාවේ ඇමිණී තිබෙන පරිද්දෙන්. බෝම්බය පුපුරුවා හැරීම සඳහා එයට සේවා ලණුවක් මගින් ක්‍රියාත්මක වන ඇටවුමක් සකස් කොට තිබුණු අතර සබ්මැරීනය

ආරක්ශිතව ඈතට ගෙනගොස් බෝම්බය පුපුරවා හැරීමට එම සේවා ලණුව සෑහෙන දිගකින් යුතු එකක් වූවා.

1864 පෙබරවාරි 17 රාත්‍රියේ සිය මෙහෙයුම දියත්කල හන්ලි සබ්මැරීනය චාල්ස්ටන් වරායේ මුවවිට අවහිර කරමින් නැංගුරම්ලාගෙන සිටි ෆෙඩරල් නාවික හමුදාවට අයත් ටොන් 1240 බරැති හූසටොනික් යුධ නෞකාව (USS Housatonic) පුපුරවා හැරියා. කොන්ෆෙඩරේට් හමුදාවේ ලුතිනන්වරයෙකු වුනු ජෝර්ජ් ඩික්සන් හා තවත් නැවියන් සත් දෙනෙකු මෙහෙයුමට සහභාගී වුනා.

රාත්‍රියේ අඳුටත් සමගම ප්‍රහාරය සාර්ථක කරගත් හන්ලි සබ්මැරීනය යුධ ප්‍රහාරයක් එල්ලකොට සතුරු නෞකාවක් ගිල්වා දැමූ ලොව ප්‍රථම යුධ සබ්මැරීනය වනවා. එම ඓතිහාසික සිදුවීමෙන් පසු නැවතත් යුධ සබ්මැරීනයකට සාර්ථකව සතුරු නෞකාවක් ගිල්වා දැමිය හැකිවන්නේ පලමුවන ලෝක සංග්‍රාමයේදී 1914 සැප්තැම්බර් මස ජර්මානු "යූ බෝට්" නම් සබ්මැරීනයක් බ්‍රිතාන්‍ය නාවික හමුදාවට අයත් පාත්ෆයින්ඩර් (HMS Pathfinder) නෞකාව ගිල්වාදැමීමෙන්. එනම් හන්ලී සබ්මැරීන් ප්‍රහාරයෙන් හරියටම වසර 50කට පසුවයි!

ප්‍රහාරයෙන් උද්දාමය පත්වූ කොන්ෆෙඩරේට් හමුදාවන් ජයපැන් බීම සඳහා හන්ලි සබ්මැරීනය නැවත කඳවුරට පැමිණෙන තෙක් බලාසිටියත් එය යලිත් කිසි දිනක ආපසු පැමිණියේ නැතුවා පමණක් නොව එයට සිදුවූයේ කුමක්ද යන්න පවා වසර 100කටත් වඩා අභිරහසක්ව පැවතුනා.1995 වසර වනතෙක්ම හන්ලි සබ්මැරීනයේට සිදුවූයේ කුමක්ද, එය ගිලීගියානම් ඒ කොතැනකද යන්න පවා හඳුනාගත නොහැකිව තිබුණා. 1995 වසරේ චාල්ස්ටන් වරායේ පුරාවිද්‍යා ගවේශණ සිදුකරමින් සිටි කිමිදුම් කරුවන් හා පුරාවිද්‍යාඥයින් කණ්ඩායමකට හන්ලි සබ්මැරීන ප්‍රහාරයට ගොදුරු වූ හුසටොනික් නෞකාව මුහුදු පතුල තුල වැටී තීබූ ස්ථානයට යාර 100 ඈතින් ගිලී ගොස් තිබු හන්ලි සබ්මැරීනයේ නෞකාභංගය (wreck) හමුවුනා.

1995 වසර වනතෙක්ම හන්ලි සබ්මැරීනයේට සිදුවූයේ කුමක්ද, එය ගිලීගියානම් ඒ කොතැනකද යන්න පවා හඳුනාගත නොහැකිව තිබුණා. 1995 වසරේ චාල්ස්ටන් වරායේ පුරාවිද්‍යා ගවේශණ සිදුකරමින් සිටි කිමිදුම් කරුවන් හා පුරාවිද්‍යාඥයින් කණ්ඩායමකට හන්ලි සබ්මැරීන ප්‍රහාරයට ගොදුරු වූ හුසටොනික් නෞකාව මුහුදු පතුල තුල වැටී තීබූ ස්ථානයට යාර 100 ඈතින් ගිලී ගොස් තිබු හන්ලි සබ්මැරීනයේ නෞකාභංගය හමුවුනා. සැබ්මැරීනය එතෙක් කල් සොයාගැනීමට නොහැකිව තිබී ඇත්තේ එය අඩි 10කටත් වඩා ඝණකම රොන්මඩ තට්ටුවකින් වැසී පැවතුනු නිසයි. වසර 2000 අගෝස්තු 8 වැනිදා සංරක්ශණය සඳහා එය මුහුදු පතුලෙන් ගොඩගත් අතර වසර 10ක සංරක්ශණ කටයුතුවලින් පසුව මේ නොබෝදා එය පුරාවිද්‍යා පර්යේශකයින් සඳහා විවර වුනා.

සංරක්ශණය කෙරමින් පවතින් හන්ලි සබ්මැරීනයේ ඡායාරූප.






0 ඔබගේ අදහස් දක්වන්න: