Screens දෙකක් සහිත device එකකට Samsung patent අයිතිය ලබා ගනී.









එක එක ආයතන ලබා ගන්නා patent ගැන හෙලි කරන web site එකක් වෙන patentbolt පහුගිය දවසක Samsung ලබා ගත්තු patent එකක් ගැන හෙලි කරලා තිබුනා. Samsung Dual Display Smartphone එකකට patent ගත්තා කියලා තමයි එයාලා කියන්නේ. Hinge එකකින් set වෙලා තියෙන display දෙක දෙපැත්තට නමන්න පුලුවන්ලු. ඒ නිසා මේක portable MP3 player එකක් විදියටත්, එහෙම නැත්තම් PDA එකක් විදියටත්, එහෙම නැත්තම් Smart Phone එකක් විදියටත්, එහෙමත් නැත්තම් tablet එකක් විදියටත් පාවිච්චි කරන්න පුලුවන් වෙයිලු. Mobile TV කියන concept එකකටත් මෙයාලා මේක පාවිච්චි කරන්න යනවලු.

කොහොම උනාත් ඕක දාලා manufacture කරන්න නම් ටිකක් කල් ගත වේවි. පල්ලෙහා තියෙන්නේ මෙකේ prototype එකක් display කරපු වෙලාවක ගත්තු video එකක්. ඔක බැලුවොත් ඔයාලට පෙනේවි නැමුවාම ඒක phone එකක්, දිග ඇරියාම ඒක tablet එකක් කියලා.

0 ඔබගේ අදහස් දක්වන්න: